Apr 9, 2013

තේරීම් තරග වලට නාව අයට ග්‍රොන්ප්‍රී තරග අහිමි වේ

ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය  ඊයේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ නිමාවට පත් වූ අතර එම තරගාවලිය නියෝජනය නොකළ,ආසියානු ග්‍රොන්ප්‍රි තරගාවලියට නම් කර තිබෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ග්‍රොන්ප්‍රී තරගාවලිය අහිමි විය හැකි බව මලල ක්‍රීඩා අභ්‍යන්තර මාර්ග ඔස්සේ සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වුණා.මීට මාස ගණනනට පෙර පැවති දක්ෂතා සැළකිල්ලට ගෙන තේරීම් කර තිබෙන නිසා ඔවුන් මෙම තරගාවලයට සහභාගි වී සිය දක්ෂතාවල තත්ත්වය ප්‍රදර්ශණය කළ යුතුව තිබූ බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග එයින් වැළකී සිටීම නිසා අදාළ ස්ථාන වලට මෙම තරගාවලියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් කිරීම වඩා යෝග්‍ය වනු ඇතැයි එම ආරංචි මාර්ග පැහැදිළි කරනවා.
තවමත් නිශ්චිතව තීරණයකට එළැඹ නැති වුව ද,එය කාලෝචිත පියවරක් ලෙස පෙන්වා දෙන එම ආරංචි මාර්ග අනාවරණය කරන තොරතොරු තමන් කිසිදු පැකිලීමකින් තොරව පිළිගන්නා බව පවසන ප්‍රවීන මලල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දරයන් තරගාවලියකට ආසන්න අවස්ථාවේ උපරිම දක්ෂථා දක්වන අයට එම අවසථාව පිරිනැමිය යුතු බව පවසනවා.මලල ක්‍රීඩා බලධාරීන් කිසිදු පැකිලීමකින් තොරව එම තීරණයට පිවිසිය යුතු බව පෙන්වා දෙන යෝගානන්දයන් ආසන්න දිනයක යෙදෙන ග්‍රොන්ප්‍රී තරගාවලිය පෙනි පෙනී කුමන හෝ සෞඛය හේතුවක් මත මේ තරගාවලියෙන් වැළකි සිටින බව යමෙක් පවසයි නම් ඔහු හෝ ඇය තරගාවලියට පෙර ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට මෙන්ම පෙර දක්ෂතා අතර සිටීදැයි යන්න පවා පරික්ෂා කළ යුතුව ඇතැයි පෙන්වා දුන්නා.
www.supirikrida.com

No comments: