පෙරළිකාර ගුවන් හමුදා කණ්ඩායම කුසලාන ලබා ගනිමින් |
පාසල් අංශයේදි මාතලේ විජය විද්‍යාලය සූරතාවය දිනා ගත් අතර බාලිකා සූරතාවය සදහා තියුණු තරගයක් පැවති අතර අවසානයේ සීතාදේවී බාලිකාව සහ පුෂ්පදාන බාලිකාව සම සූරතා හිමි කර ගත්හ.
ක්‍රීඩා සමාජ තරගයේ දී පිරිමි අංශයේ හොදම දැල් රැකීම සදහා ගුවන් හමුදා කණ්ඩායමේ තුසිත් රත්නසිරි ඇගයීමට ලක් වෙද්දී හොදම ක්‍රීඩකයා බවට ගුවන් හමුදා කණ්ඩායමේ තිළිණ පෙරේරා පත් විය.කාන්තා අංශයේදී දක්ෂතම ක්‍රීඩිකාව වූයේ ගුවන් හමුදා කණ්ඩාමේ පෙරළිකාර ජයග්‍රහණය වෙනුවෙන් දැක් වූ සුවිශේෂී දායකත්වය හේතුවෙන් එම කණ්ඩායමේ චතුරිකා ප්‍රේමසිරි ය.දක්ෂතම දැල් රකින්නිය බවට නාවික හමුදාවේ ජීවන්තිකා කීර්තිරත්න පත් විය.බාලක අංහයේ දක්ෂතම දැල් රැකිම වෙනුවෙන් මල්ෂාන් දිසානායක සම්මානයට පාත්‍ර වූ අතර දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වූයේ ජාතික මට්ටමේ තරගාවලියක දී පළමු වරට අවසාන තරගයකට බදුල්ල ධර්මදූත විද්‍යාලය ප්‍රවේශ කරමින් තරගාවලිය පුරා සුවිශේෂී දක්ෂතාවයක් ප්‍රකට කරමින් හොකී කේෂ්ත්‍රයේ ප්‍රබල පාසල් අභිබවා යන්නට රුකුල් දීම වෙනුවෙන් බදුල්ල ධර්මදූත විද්‍යාලයේ විනුර සමන් ය.
බාලිකා අවුරුදු 15 න් පහළ තරගාවලියක්ද මහනුවර බාලිකා කණ්ඩායම් වෙනුවෙන් මෙම තරගාවලියට සමගාමීව සංවිධානය වී තිබූ අතර එහි සූරතාවය දිනා ගන්නට මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාල කණ්ඩායම සමත් විය.අවුරුදු 19 න් පහළ බාලක අංශයේ පලිහ සූරතාවය මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට හිමි වූ අතර බදුන සූරතාවය මාතලේ සහිරා විද්‍යාලයට හිමි විය.පළග සූරතාවය දිනා ගනු ලැබුවේ මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය විසින්ය.
බාලිකා පළිහ සූරතාවය කොළම විශාකා විද්‍යාලයට හිමි වූ අතර බදුන සූරතාවය දිනා ගනු ලැබුවේ පානදුර සුමංගල බාලිකා විද්‍යාල කණ්ඩායමය.කොළඹ යසෝධරා විද්‍යාල කණ්ඩායම පළග සූරතාවය දිනා ගනීමට සමත් විය.බාලක සූරතාවය දිනා ගත් මාතලේ විජය කණ්ඩායම මෙන්ම කාන්තා පළිහ සූරතාවයට හිමි කම් කී කොළඹ විශාකා විද්‍යාල කණ්ඩායම් ද අනුරුද්ධ හේරත් බණ්ඩාර යටතේ පුහුණුව ලැබීම ද තරගාවලියේ විශේෂ සිදුවීමක් ලෙස ගත හැකිය.
ජය සංඛේත ප්‍රදානය මහනුවර මහජන බැංකු විශේෂ ශ්‍රේණි ශාඛාවේ කළමණාකරු සහ මහනුවර පාපන්දු ලීගයේ සභාපති වන කපිල දිසානායක අතින් සිදු විය.
www.supirikrida.com
No comments:
Post a Comment