Apr 7, 2013

සචිත් ගේ හෙල්ල නැවතත් ශ්‍රී ලංකා වාර්තාව සොයා පියඹයි

ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරන සචිත් මධුරංග නැවතත් හෙල්ල වීසි කිරීමේ ජාතික වාර්තාව අලුත් කරමින් මීටර් 78.52 ක දක්ෂතාවයක් දක්වන්නට සමත් වුණා.ඒ 2013 වසරේ ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියට සහභාගි වෙමින්.හෙල්ල වීසි කිරීමේ ඉසව්වේදී දක්ෂතාවයන් දැක්වීම හේතු කොට පින්ලන්තයේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ පුහුණු ආයතනයේ විශේෂ පුහුණුවක් ලද,සචිත්,එම පුහුණුවෙන් පසුව අවස්ථා දෙකකදීම ශ්‍රී ලංකා වාර්තාව ඉක්මවා යාම කැපී පෙනෙනනවා.සචිත් මෙම තරගය ජය ගනිද්දී හිටපු ජාතික වාර්තාලාභියෙකු වන වරුණ ලක්ෂාන් දයාරත්න එම ඉසව්වේ දෙවන ස්ථානයට පත් වෙමින් මීටර් 70.35 ක දක්ෂතාවයක් දැක් වූ අතර වරුණ සිය වෘත්තීය ජීවිතයේ උසස් වීමක් වෙනුවෙන් කාලය වැය කරමින් සිට එම දක්ෂතාවයට පිවිසීමත් මෙම වර්ෂයේ ඉදිරියේ දි මෙම ඉසව්ව තුළ තව දුරටත් දක්ෂතා වර්ධනයක් ඇති වනු ඇතැයි සුභවාදී බලාපොරොත්තු ඇති කිරීමක්.
තරගාවලිය සුගතදාස ක්‍රීඩාංගණයේදී තවත් දින දෙකක් පැවත්වෙන අතර පළමු දිනයේ සචිත් ගේ වාර්තාව අලුත් වීම මෙන්ම කැපී පෙණුන කාරණයක් බවට පත් වූයේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පිටියේ සිටින ප්‍රවීනතම ජවන ක්‍රීඩිකාව හැටියට සැළකෙන ඩීඒ ඉනෝකා සුපුරුදු දක්ෂතා අතරට පිවිසෙමින් ඉකුත් වසරේ තමන් වෙතින් උදුරා ගත් දුර දිවීමේ කිරීටය යළිත් තමන් සතු කර ගනිමින් මීටර් 10,000 ඉසව්ව ජය ගැනීමයි.
www.supirikrida.com

No comments: