ඉංගිරිය ගාමිණි මධ්‍ය විද්‍යාලයේ සංවිධානය කරන ලද 41 වැනි එල්වී ජයවීර අන්තර් පාසල් ආධුනික බොක්සිං තරගාවලියේ සූරතාවය ඉංගිරිය ගාමිනී මධ්‍ය විද්‍යාලය විසින්ම දිනා ගත්තා.දිවයිනේ නමගිය ප්‍රබල බොක්සිං පාසල් සියල්ලම පාහේ නියෝජනය කරන බොක්සිං ක්‍රීඩකයන්ගේ තිඹිරිගෙය ලෙස හැදින්වෙන එල්වී ජයවීර කුසලානය බොක්සිං ක්‍රීඩාවේ එතරම් දිගු ඉතිහාසයක් නැති ගාමිණි මධ්‍ය විද්‍යාලය විසින් දිනා ගැනීම විශේෂ සිදුවීමකි.
පාසල් බොක්සිං සම්මේලනය විසින් සංවිධානය කරන්නට යෙදුණ මෙම තරගාවලියේ අනු සූරතාවය දිනා ගැනීමට ගාමිණී මධ්‍ය විද්‍යාලයේ බොක්සිං පරමාදර්ශය වූ හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යා පීඨය සමත් වූ අතර තෙවන ස්ථානය මහනුවර විද්‍යාර්ථයට හිමි විය.දක්ෂතම ක්‍රීඩකයා ලෙස කිග්‍රෑ 39 - 41 බර පංතියෙන් තරග වැදුණු ඉංගිරිය ගාමිණි මධය විද්‍යාලයේ කේවීඒඑල් එරන්ද තේරී පත් වූ අතර දක්ෂතම පරාජිතයා ලෙස තේරී පත් වූයේ කිග්‍රෑ 33 - 35 බර පංතියෙන් තරග වැදුණු පිළිමතලාව මධ්‍ය විද්‍යාලයේ එස්ජීඒඑස් බණ්ඩාර ය.
www.supirikrida.com

No comments:
Post a Comment