නවදිල්ලි පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පැවත්වෙන විට සුරේෂ් කල්මාඩි එරට ඔලිම්පික් කමිටු සභාපතිවරයා වූ අතර,චෝදනා එල්ල වී තිදෙනාගෙන් සෙසු දෙදෙනා වන ලලිත් බානෙට් සහ වීකේ චර්මා අතරින් ලලිත් ඔලිම්පික් කමිටු ලේකම්වරයා විය.වර්මා පොදු රාජ්‍ය මණ්ඩල තරගාවලියේ උළෙල අධ්‍යක්ෂවරයෙකු කළ කටයුතු කළේය.ඡායාරූපයේ සිටින්නේ ලලිත් බානෙට් (වම) සහ සුරේෂ් කල්මාඩි ය.
මේ තත්ත්වය රටක අයහපත් ක්‍රීඩා පරිපාලනයක් පවතින්නේනම් එය වෙනස් කිරීමට එම ක්‍රීඩාවට අදාළ ජාත්‍යන්තර මව් සංගමයට ඇති මැදිහත් වීමේ හැකියාව පැහැදිළි කරන්නකි.දැනට මෙරට එවැනි ජාතික සහ පාසල් මට්ටමෙන් ක්‍රියාත්මක වන ක්‍රීඩා සංගම් කිහිපයක්ම අප හදුනාගෙන ඇති අතර එම සංගම්වල ක්‍රියාකාරීත්වයන්ට අදාළ දූෂණ සහ අක්‍රමිකතා බොහොමයක් මාධ්‍ය භාවිතාවෙන් මෙන්ම පෞද්ගලිකව ද, හෙළිදරව් කර ඇත.අදාළ වගකිව යුතු අංශ සහ පුද්ගලයන් ද එම තොරතුරු අනුමත කරමින් ප්‍රකාශ කළ ද,තවමත් එම සංගම්වල නිලධාරීන් අක්‍රමිකවත් පරිපාලනයක නියැලෙමින් සිටියි.ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් නිසා එම ක්‍රීඩාවට ජාතික මට්ටමෙන් වන හානිය අවම කිරීමට අදාළ ක්‍රීඩාවන් හී ජාත්‍යන්තර මව් සංගම් දැනුවත් කිරීමේ කාර්යයට සුපිරික්‍රීඩා මැදිහත් වන්නට බලාපොරොත්තු වෙයි.
www.supirikrida.com
No comments:
Post a Comment