ඊ කාණ්ඩයේදී ඉරානය කසකස්තානයට එරෙහිව වට 3 -1 ක් ලෙස ජයගත් අතර,තායිලන්තය ආසියාවේ අංක දෙකට ශ්‍රේණිගතව සිටින දකුණු කොරියාව 3 - 1 ක් ලෙස පරාජය කිරිම සිදු වූ විශාලතම පෙරළිය විය.එෆ් කාන්ඩයේදී ජපානය ඉදිරියේ ඉන්දියාව වට 3 - 0 ක් ලෙස පරාජයට පත් වූ අතර චීනය සහ චීන තායිපේ කණ්ඩායම් අතර තරගයෙන් චීනයට වට 3 - 0 ක ජයක් හිමි විය.එච් කාණ්ඩයේ තරග වල දී ටර්කිමනිස්තානය මොංගෝලියාව වට 3 - 0 කින් පරාජය කළ අතර වියට්නාමය වට 1 - 3 ක් ලෙස ඕස්ට්‍රේලියාවට හැකි විය.
ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ ශ්‍රේනිගත කිරීම් තරග වලට හෙට සිට මුහුණ දීමට සූදානම් අතර 13 වන ස්ථානයේ සිට 16 වන ස්ථානය දක්වා වූ වර්ගීකරණය පිණිස වන තරගයේ පළමු තරගයට හෙට ශ්‍රී ලංකාව මුහුණ දීමට සුදානම් ය.ඒ ටර්කිමනිස්තානය සමගය.
www.supirikrida.com
No comments:
Post a Comment