අවුරුදු 15 න් පහළ තරග වලදී රසිත් හැළඹගේ,කසුන් අමරසේන සහ තිහාන් හේවාගම යන ක්‍රීඩකයන් තිදෙනාම ප්‍රථම වටයේදී නිතරග ජය ලැබුවද රසිත් කොරියාවේ පාක් කියුන්ග් හූන් අතින් ලකුණු 21 - 13 ,21 - 4 ක් ලෙස ද,කසුන් අමරසේන මැලේසියාවේ ලී සී ජියා අතින් ලකුණු 21 -12,21 - 7 ලෙස ද,තිහාන් හේවාගම පිලිපීනයේ මාක් ෂෙලි අතින් ලකුණු 21 -9 සහ 21 -8 ලෙස ද දෙවන වටයේ දී පරාජය ලැබූහ.අවුරුදු 15 න් පහළ බාලිකා තරගවලදී සදුනිකා මුල්ලේගම ලකුණු 21 - 8 සහ 21 - 6 ලෙස චීනයේ චීනයේ ටාන් යූ අතින් පරාජය ලැබුවාය.චීනයේ ජියෝ යූ අතින් සචිති ඉලේපෙරුම ලකුණු 21 - 7 සහ 21 - 10 ලෙස ද පරාජය ලැබුවාය.
අවුරුදු 17 න් පහළ බාලක තරග වලදී බුවනෙක ගුණතිලක ප්‍රථම වටයේ නිතරග ජයක් ලැබුව ද,චීනයේ ලී යුවාන් රැයි අතින් ලකුණු 21 -8 සහ ලකුණු 21 - 15 ක් ලෙස පරාජය ලැබූ අතර චීන ක්‍රීඩකයා ඉදිරියේ එසේ් දස්කම් පෑ බුවනෙක ඊයේ කැපී පෙණුනම ලාංකේය ක්‍රීඩකයා විය.සචින් ඩයස් ද චීනයේ ෂෙන්ග් සිවෙයි අතින් පරාජය ලැබූ අතර එහි ලකුණු තත්ත්වය 21 - 9 සහ 21 - 11 ක් විය.බාලිකා අංශයේදී යස්මිතා දයාරත්නට ප්‍රථම වටයේ නිතරග ජයක් ලැබූ අතර දෙවන වටයේදී ඇය ඉන්දුනීසියාවේ රුසේලි හර්තවන් අතින් ලකුණු 21 - 9 සහ 21 - 6 ක් ලෙස පරාජය ලැබුවාය.ප්‍රථම වටයේ නිතරග ජයක් සමග දෙවන වටයට පිවිසි මධුෂිකා දිල්රුක්ෂි මැලේසියාවේ යැප් රුල් චෙන් අතින් පරාජය වූයේ ලකුණු 21 - 2 සහ 21 - 10 ක් ලෙස ය.ඉන්දියාවේ රුත්විකා ෂෙවානි මුණ ගැසීමට ප්‍රථම වටයේ නිතරග ජයත් සමග පිවිසි ගයත්‍රි හේරත් ට ලකුණු 21 - 11 සහ 21 - 9 පරාජයක් ලැබුවාය.නිල්මි තරු හෙට්ටිආරච්චි ට ඉන්දියාවේ සංජානා සංතෝස් ඉන්දියාවේ 21 - 8 සහ 21 - 10 ලෙස පරාජය ලැබුවාය.
මෙහිදී අවුරුදු 17 න් පහළ බාලිකා තරග වල දී,ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩිකාවව සිටින තිළිනි හෙන්දහේවාට ද සහභාගි වීමේ හැකියාව තිබුණත් ඇය පෞද්ගලික හේතු මත සහභාගීත්වයෙන් වැළකී සිටිය අතර අංක දෙකට සිටින එම වයස් කාණ්ඩයේ ඉන් අනතුරුව දක්ෂතා අතර ඉදිරියෙන් සිටින්නී ඉල්මි වරංගනා බැඩ්මින්ටන් පරිපාලනයේ නොසැළකිල්ල නිසා මෙම තරගාවලියට සහභාගි කර නැත.
www.supirikrida.com
No comments:
Post a Comment