Sep 24, 2012

දෝනි ගේ පිරිවර ඛෙත්තාරාමයේ දී ලගාන් 2 පෙන්වයි

Harbhajan Singh celebrates one of his four wicketsසුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහි ඉන්දීය සටන සංඛේතවත් කරන චිත්‍රපටයක් ලෙස සැළකෙන ලගාන් චිත්‍රපටියේ දි ඉන්දීය තරුණයන් සුදු ජාතිකයන්ට එරෙහිව ක්‍රිකට් තරගයේදී එල්ල කරන ප්‍රහාරය සිහියට නංවමින්,ලෝක කුසලාන 20 / 20 තරගාවලියේදී ඉන්දියාව එංගලන්තයට එරෙහිව ලකුණු 90 ක් අති විශිෂ්ඨ ජයක් ලැබීය.ස්වීය ස්ථානය පිළිබදව ගැටළුවකට මුහුණ දී සිටි ඉන්දීය ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නා වන හර්බජාන් සිය තම හැකියාව මොනවට ප්‍රදර්ශනය කරමින් ලකුණු 12 ට කඩුලු 4 ක් ලබා මෙම ජයග්‍රහණයේ කසකරුවා බවට පත් විය.
කාසියේ වාසිය ලැබූ එංගලන්තය, ආර් ප්‍රේමදාස තණතීරුව පළමුව ලකුණු ලබා ගැනීම සදහා ඉන්දියාවට බාර කළ අතර එහිදී ගෞතම් ගාම්බිර් (45) සහ රෝහිත් ෂර්මා (55) සහ සුපුරුදු පරිදි විරාට් කෝලි (40) එක්ව ඉන්දීය ඉණිම කඩුලු 4 ට ලකුණු 170 ක් දක්වා ඔසවා තැබීමට සමත් වූහ.මෙම අභියෝගයට මුහුණ දීමට පැමිණි එංගලන්ත කණ්ඩායමේ ඇලෙක්ස් හෝල් ලකුණු නොලබා දැවී ගියද සටන අත් නොහරින බවක් ක්‍රේග් කිස්වේටර් විසින් පෙන්නුම් කළද දග පන්දු යවන්නන් හදුන්වා දීමත් සමග සියල්ල වෙනස් විය.විශේෂයෙන් හර්බජාන් සිං ද පියසු චව්ලා ද (13 / 2) එක්ව එංගලන්ත ඉණිම ලකුණු 80 ට සීමා කළේ මේ දක්වා මෙම තරගාවලිය තුළ වාර්තා වූ ඉහළම ජයග්‍රහණය සනිටුහන් කරමින් ය.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට මෙම සබදතාවයෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533281.html
මේ අතර ඊයේ පකිස්තානය සහ නවසීලන්තය අතර පල්ලේකැලේදී පැවති තරගය තියුණු මුහුණුවරක් ගත්ත ද අවසානයේ ලකුණු 13 ක ජයක් පකිස්තානයට ලබා දී තරගාවලියේ අපරාජිත තත්ත්වය අහිමි කර ගන්නට නවසීලන්තයට සිදු විය.නසීර් ජම්ෂේඩ් (56) මෙන්ම මොහොමඩ් හෆීස් (43) ද සියළුම පකිස්තානු පිතිකරුවන් සිය ලකුණු ලබා ගැනීමේ දළ වේගය 100% එපිටින් තබා ගැනීමත් නිසා පකිස්තානයට සිය පන්දු ඕවර 20 කඩුලු 6 ට ලකුණු 177 ක් ලෙස අවසන් කරන්නට හැකි විය.
එයට පිලිතුරු ලබා දීමට පැමිණි නවසිලන්තය හොද සූදානමක් පෙන් වුවද 20 / 20 පිතිකරණයේ වාර්තාගත ඉණිම දියත් කළ බ්‍රෙන්ඩන් මැකලම් අවාසනාවන්ත ලෙස දැවී යාමත් සහීඩ් අජ්මාල් උපක්‍රමශීලීව පන්දු යවමින් තමන්ගෙන් ලබා ගන්නා ලකුණු වල හිලව්වට කඩුලු බිද දමමින් ලකුණු 30 ට කඩුලු 4 ක් බිද දැමීමත් නිසා නවසිලන්ත ඉණිම ලකුණු 164 දී නතර විය.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට ‍පහත සබදතාවය තෙරපීමෙන් ප්‍රවේශවීමට හැකියාව ඇත.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/match/533280.html

www.supirikrida.com

No comments: