Sep 27, 2012

ශෂීකලා ගේ තුන් ඉරියව් වික්‍රමය අස්මාවියා ගේ වේග පන්දුවට යට වේ

 ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා ශෂීකලා සිරිවර්ධන පිත්තෙන් (38) සහ පන්දුවෙන් (17/2) දැක් වූ දස්කම් යටපත් කරමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරගයේ ජය පකිස්තානයට හිමි කර දෙන්නට  පකිස්තානු මද වේග පන්දු යවන ක්‍රීඩිකා අස්මාවියා ඉක්බාල් ගේ (11/4) ගේ දස්කම් මූලික විය.
Shashikala Siriwardene propped up Sri Lanka with 58අස්මාවියා ප්‍රමුඛ පකිස්තානු පන්දු යවන්නියන් ශ්‍රී ලංකා පිතිකාරිණියන් බැද තබා ගනිමින් පන්දු යැවූ අතර ඒ හේතුව නිසාම ශ්‍රී ලංකා ඉණිම ලකුණු 77 ට සීමා විය.ඒ ලකුණු ප්‍රමාණය වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකාරිණියෝ කඩුලු 8 ක් බිද දැමූහ.ලකුණු ප්‍රමාණය පෙණුමෙන් විශාල නොවුණ ද එය රැක ගැනීමට  විශාල සටනක් දියත් කළ ශෂීකලා ඇතුළු කණ්ඩායම පකිස්තානයේ කඩුලු හයක්ම ජයග්‍රහණයට පෙර දවා ගැනීමට සමත් වූහ.නමුත් 18 වන ඕවරයේ 2 වන පන්දුවේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මෙවර 20 / 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු තරගයේදී පරාජිතයන් ලෙස පසු බසින්නට සිදු වූහ.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය තෙරපීමෙන් පිවිසීමට හැකිය.

No comments: