Sep 25, 2012

කළු සැප්තැම්බරයට නිහඩ වීමට ඔබාමාත් එකගයි


ළු සැප්තැම්බරය ලෙස හදුන්වන 1972 මියුනිච් ඔලිම්පික් උළෙලේ දී ක්‍රීඩකයන් 11 දෙනෙකු සහ ජර්මන් පොලිස් නිලධාරියෙකු පලස්තීන ප්‍රහාරයෙන් මිය යාමේ සිද්ධිය වෙනුවෙන් සෑම ඔලිම්පික් උළෙලකදීම විනාඩියක නිහඩතාවයක් පැවත්වීම සදහා ලෝක එකගතාවය දිනා ගැනීම සදහා එහිදි මිය ගිය දෙදෙනෙකුගේ බිරින්දෑවරු වන ඇන්කි ස්පීට්සර් සහ ලානා රොමානෝ ගෙන යන ව්‍යාපාරයට ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා ද සිය එකගතාවය පළ කර ඇත.එය 2016 රියෝද ජැනෙයිරෝ ඔලිම්පික් උළෙලේ සිට සමාරම්භක න්‍යාය පත්‍රයේ අනිවාර්ය අංගයක් කිරීම ඇන්කි ගේ සහ ලානා ගේ අරමුණ වී ඇත.
එම ප්‍රහාරයෙන් 40 වසරක් සපිරෙන මේ වසරේ ඔලිම්පික් තරගාවලියට ද එය ස්මරණය කරමින් විනාඩියක් නිහඩවීම සිදු කරන්නට යෙදුණු අතර එය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපතිවරයාම ප්‍රකාශ කරන්නට යෙදිණ.ජගත් කෙළිබිම ඇසුරේ සිදු වූ දැවැන්තම ඛේදවාචකය ලෙස හැදින්වෙන් මියුනිච් සිදුවීම ස්මරණය කර විනාඩියක නිහඩතාවයක් පැවත්වීම සදහා ඇනිකා සහ ලානා ගෙන යන සටනට මේ වන විට ඔබාමා ගේ සහය මෙන්ම කැනඩාව,බ්‍රිතාන්‍යය,ජර්මණිය,ඉතාලිය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල ද එකගතාවය පළ වී ඇත.
ඡායාරූපයේ දැක්වෙන්නේ අනීකා සහ ලානා විසින් ගෙන එන ලද එම යෝජනාව පිළිබදව ඇනීකා ස්පීට්සර් අදහස් දැක් වූ අවස්ථාවකි.

No comments: