මෙවර 20 / 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට වටය අරඹමින් පැවති පළමු තරගය වූ ශ්‍රී ලංකා - නවසීලන්ත තරගය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තියුණු මුහුණුවරක් ගත් අතර එහිදී ක්‍රියාත්මක වූ සුපිරි ඕවරයේදී පළමුව පන්දුවට පහරදන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 13 ක් ලැබුව ද,නවසිලන්තයට ලබා ගත හැකි වූවේ ලකුණු 7 ක් පමණක් බැවින් ශ්‍රී ලංකාවට ජය හිමි විය.
ලකුණු 174 ක් විශාල ලකුණු සංඛයාවක් වුව ද ඉණිම ඇරඹූ මහේල (44) සහ ඩිල්ෂාන් (76 )ඉතා පහසුවෙන් පන්දුව දකිමින් පහර දෙන්නට වීමේ ප්‍රතිපලය ලෙස 8 වන පන්දු ඕවරයේ දෙවන පන්දුවෙන් මහේල දැවී යන විට ලකුණු පූවරුව 80 ක් ලෙස දිස්විය.නමුත් දග පන්දු යවන්නන්ගේ පැමීණිමත් සමග තරගය කරට කර ක්‍රියාත්මක වූ අතර තරගයේ අවසාන පන්දු දෙකට මුහුණ දීමට ලහිරු තිරිමාන්න සිට ගත්තේ ජයග්‍රහණයට ලකුණු 5 ක් පිටුපසින් ය.අවසාන ඕවරයේ පස්වන පන්දුවට ලහිරු තිරිමාන්න ලකුණු 4 ක් ලබමින් තරගයේ අවසාන පන්දුවේදී ජයග්‍රහණය දක්වා එක ලකුණක් වන තරමට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ලං කළ ද ෆ්‍රෑන්ක්ලීන් සහ රොස් ටේලර් ගේ දායකත්වයෙන් අවසාන පන්දුවේ දී දුවද්දී දැවී යාමකට ලිහිරැ තිරිමාන්න ගොදුරු කර ගැනීමත් සමග ශ්‍රී ලංකා ලකුණු පූවරුවද ලකුණු 174 දීම නැවතිණ.
එහිදී තීරණය කර ගත් අවසාන සුපිරි පන්දු ඕවරය යැවීමේ අවසරය නවසීලන්තය ටිම් සවුතිට පවරා දුන් අතර ඔහු ඉතා හොදින් පන්දු යවමින් අතිරේක ලකුනු 2 ක් සමග ශ්‍රී ලංකා ලකුණු පූවරුව ලකුණු 13 ක් පමණක් බවට පත් කළේය.සංගක්කාර අතින් ගිලීහී ගිය පන්දු දෙක පසෙකින් තැබූ විට නවසීලන්තය ට එරෙහිව ඉතා හොදින් පන්දු යවමින් ලසිත් මාලිංග කැපී පෙණින.සුපිරි පන්දු ඕවරයේදී සුවිශේෂී මෙහෙවරක් දියත් කළ ඔහු ලකුණු 32 ට කඩුලු 2 ක් දවා ගත්තේය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/match/533284.html මෙම සබදතාවය තෙරපමින් තවත් දැනුවත් වීමේ අවශ්‍යයතාවයක් ලබා දී ඇති බවද පාඨක ඔබට අවබෝධය හිමි වේවා යැයි අප අප ප්‍රාර්ථනා කරන්නෙමු .
www.supirikrida.com
No comments:
Post a Comment