Sep 28, 2012

කණිටු පිහාටු මල් කැකුළු දස්කම් පිපෙයි කොළඹ තැන තැන


ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය 42 වන වරට පවත්වන්නට නියමිත ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය සීමාසහිත සැම්සන් සහ පුත්‍ර සමාගමේ AVI අනුග්‍රහයෙන් ඔක්තෝමබර් 2 දා ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ත ක්‍රීඩා සංකීරණයේදී පෙ.ව.9.00 ට ඇරඹිමට නියමිතය.අවුරුදු 11 න් පහළ,13 න් පහළ,15 න් පහළ අවුරුදු 17 න් පහළ සහ 19 න් පහළ ලෙස වයස් ඛාණ්ඩ 4 ක් යටතේ බාලක සහ බාලිකා ලෙස ක්‍රියාත්මක වන මෙම තරගාවලියේ වයස 11 න් පහළ සහ 13 න් පහළ තරග ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ත ක්‍රීඩා සංකිරණයේද,15 න් තරග කොළඹ ඩීඑස් සේනානායක විදයාලීය ක්‍රීඩා සංකීරණයේ ද සහ අවුරුදු 17 න් පහළ සහ 19 න් පහළ තරග කොළඹ රාජකීය විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩා සංකීරණයේද ක්‍රියාත්මක වීමට නියමිතය.
ක්‍රීඩා උපකරණ සහ පාවහන් සම්බන්ධයෙන් කීර්තිමත් නාමයක්දිනා සිටින ඩීඑස්අයි නිෂ්පාදන ජාලය සමග වෙළද පොළට එන AVI  අනුග්‍රහයෙන් 2 දා ඇරඹෙන මෙම තරගාවලිය ඔක්තෝමබර් 8 දා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.
www.supirikrida.com

No comments: