එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට හේතු සාධක ලෙස ගත හැකි ආකාරයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින විශේෂඥ එක්දින පන්දු යවන්නෙකු වන නුවන් කුලසේකර පළමු තරගයේදීම ආබාධයට ලක්විය.මේ වන විට කුමාර සංගක්කාරට ද ආබාධ මත විවේකය ලබන්නට සිදු වී ඇත.මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකා තේරීම් කමිටුවෙන් යම් කොළ එළියක් ප්‍රසන්න ජයවර්ධන වෙත දැල් වී තිබෙන බවක් වාර්තා වුව ද කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් ඒ කෙරෙහි දැක් වූ නොකැමැත්ත මත ප්‍රසන්න ට ඒ අවස්ථාව අප්‍රසන්න ලෙස මග හරී ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් හේතු දක්වන පරිනත ක්‍රීඩකයෙකුට ප්‍රසන්න ගේ අවශ්‍යයතාවය පතුරු ගසමින් චන්දිමාල් වරදක් නොකළ බව පෙන්වමින් ඔහුගේ ක්‍රිකට් දැණුමේ පරිනත බව පෙන්වා දීමට හැකි වුව ද,ප්‍රසන්න කඩුල්ල පිටුපස සිටින විට සහ චන්දිමාල් සිටින විට එය පිතිකරුවා ගේ මානසිකත්වයට බලපාන ආකාරය දෙයාකාර බව නොදන්නා කමට හෝ අපි සිතන්නේමු.විශේෂයෙන් සිය පාද චලන ඉතා හොදින් නඩත්තු කරන කෝලි සහ රයිනා වැනි ක්‍රීඩකයන් ඉදිරියට ඇදී ඒමේදී ප්‍රසන්න සිටින විට සහ චන්දිමාල් සිටින විට දෙයාකාර මානසිකත්වයක් දරනු ඇත.එය පිතිකරුවා ගේ විශ්වසනීයත්වය ට සෘජුව බලපෑමක් කළ හැකි තත්ත්වයකි.
කෙසේ හෝ ශ්‍රී ලංකාවේ තරග වදින විට විදෙස් කණ්ඩායම් පවා වැඩිපුර දග පන්දු යවන්නන් ගැන සිතන තත්ත්වයක් තිබුණ ද,නායක මහේල කලෙක සිටිම ශ්‍රී ලංකා තණතිලි තුළ ත් වැඩි වේග පන්දු යවන්නන් පිරිසක් අත්හදා බැලීමට පෙළඹෙන තත්ත්වයක් දැක ගත හැකිය.පිතිකරනයේ වැඩි ප්‍රවනතාවක් දක්වන ක්‍රීඩකයන්ට අවස්ථා දෙමින් තුන් ඉරියව් ක්‍රීඩකයන් ප්‍රයෝජනයට ගැනීමද,මහේල අමතක කර දැමූ අයුරක් දකින්නට ඇති අතර විශේෂයෙන් ඩිල්ෂාන්ගෙන් නායකත්වය ලබා ගන්නා තුරු සංගක්කාර යටතේ ද මුරලි සිටිය දී පවා පන්දු යවන්නෙකු ලෙස කැපී පෙණුනු ඩිල්ෂාන් ගේ පන්දු යැවීමේ හැකියාව මහේල සහ මුලින්ම අමතක කර දමා තිබීම කණගාටුදායක තත්ත්වයකි.
කෙසේ හෝ මේ සියළු තත්ත්වයන්ට මුහුණ දෙමින් පරාජයේ විශාලත්වය අවම කර ගැනීමට අද ලැබෙන අවසාන අවස්ථාව මහේල ඇතුළු පිරිස ප්‍රයෝජනයට නොගෙන අත හරිනු ඇතැයි අපි නොසිතන්නෙමු.
www.supirikrida.com
No comments:
Post a Comment