Jul 30, 2012

සබරගමුවෙන් වයඹට අභියෝගයක්

ලක්ෂාන්
ලක්ෂානි
ඡායාරුප -කසුන් විරාජ්
ඩීඑස්අයි පාසල් වොලිබෝල් තරගාවලියේ මෙවර ජයග්‍රහණයන් පිළිබදව සැළකිළිමත් වෙද්දී වෙනදාට දකින වයඹ ඒකාධිකරය දකින්නට නොලැබෙන අතර මෙවර ඒ හා සමානවම සිය ආධිපත්‍යය විහිදුවමින් සබරගමුවද කැපී පෙනෙන දස්කම් දැක්වීය.අවුරුදු 12න් පහල මිනි වොලිබෝල් තරගාවලියේ සූරතා දෙකම  සබරගමුවට හිමි වූ අතර එහිදී ගලපිටමඩ වලගම්බා මහා විද්‍යාලය එහි බාලක සූරතාව දිනා ගනිද්දී බාලිකා සූරතාවය රක්වාන රත්නාලෝක මහා විදයාලය විසින් දිනා ගත්තේය.අවුරුදු 14 න් පහළ බාලිකා සූරතාවය ද කොබ්බැවෙල කීර්තිරත්න මහා විද්‍යාලය විසින් දිනා ගත් අතර අවුරුදු 16 න් පහළ බාලිකා සූරතාවය දිනා ගත්තේද ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලය විසිනි.ඒ අනුව සූරතාවයන් හතරකට සබරගමුව හිමිකම් කියද්දී රුවන් වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයද තෙවන ස්ථාන දෙකකට ද හිමිකම් කියමින් මෙවර තරගාවලියේ සබරගමුව ආධිපත්‍යය තහවුරු කළේය.
පාසලක් ලෙස ගත් විට සුපුරුදු පරිදි මාදම්ප සේනානායකය ඉදිරියෙන් සිටිය අතර ඔවුන් තරගාවලියේ ප්‍රදානම සූරතාවය වන අවුරුදු 18 න් පහළ බාලක සූරතාවය ට අමතුව 14 න් පහළ සහ 16 න් පහළ බාලක සූරතා ද අවුරුදු 16 න් පහළ බාලිකා තෙවන ස්ථානය ද දිනා ගනිමින් කැපී පෙණින.අනුරාධ පුවරසන්කුලම විද්‍යාලය ද අවුරුදු 12න් පහළ බාලිකා සහ අවුරුදු 14 න් පහළ බාලිකා අනු සුරතා දෙකක් දිනා ගැනීම කැපී පෙණින.වසරින් වසර තරගාවලියේ තරගකාරීත්වය ඉහළ යාම නිසා යම් යම් පාසල් වල ඒකාධිකාරය බිද වැටීමක් සිදු වන බව පැහැදිලිව පෙනෙන්නට ඇති අතර ඒ නිසා විද්‍යාල වලින් අවසානය දක්වා පැමිණිය හැකි කණ්ඩායම් ප්‍රමාණය සීමාසහිත වෙමින් පවතිනු දැකිය හැකිය.සාමාන්‍යයෙන් මාදම්ප සේනානායක සහ නාත්තණ්ඩිය ධම්මිස්සර විද්‍යාල වල බාලිකා සහ බාලක වොලිබෝල් කන්ඩායම් දෙවර්ගයම සාමාන්‍යයෙන් අවසාන තරග වල සිටීම පැහැදිළිව දැකිය හැකි නමුත් මෙවර එම විද්‍යාල දෙකෙන්ම කිසිදු බාලිකා කණ්ඩායමක් අවසාන තරග වලට පිවිසියේ නැත.සේනානායකයට බාලිකා අංශයේ තෙවන ස්ථානයක්  ධම්මිස්සරයට තෙවැනි ස්ථානයක් පමණක් හිමි වූ අතර ධම්මිස්සරයට බාලක අංශයෙන්ද හිමි වූයේ එක් අනු සූරතාවයක් පමණි.
සේනානායක විද්‍යාලය
ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය
දවිසමර විද්‍යාලය ද එවැනි ම කීර්තිමත් ඉතිහාසයක් ඇති පාසලක් වුව ද ඔවුන්ට ද අවුරුදු 14 න් පහළ බාලක සූරතාවය හැරෙන්නට වෙනත් කිසිදු සුරතාවයක් හිමි නොවීම කැපී පෙණින.ඊට හේතුව මහත් කැපවීමෙන් පුහුණුවීම් මෙහෙයවන පුහුණුකරුවන්ගේ දුර්වලතාවයක් නොවන අතර තරගකාරීත්වය ඉහළයාම සහ වොලිබෝල් ව්‍යාප්තියේ වර්ධනය නිසා විශාල කණ්ඩායම් ප්‍රමාණයක් සූරයන් බවට පත් කිරීමට ඇති හැකියාව ක්ෂය වෙමින් පැවතීමය.ඒ තත්ත්වය විද්‍යාලවල පුහුණුකරුවන්ගේ දුර්වලතාවයක් ලෙස හැදින්වීමට යාමට වඩා වොලිබෝල් ව්‍යාප්තියේ සහ තරගකාරීත්වය ප්‍රවර්ධනයට ඩීඑස්අයි වොලිබෝල් තරගාවලිය දක්වා ඇති දායකත්වය පිළිබදව සතුටට පත්විය හැකි කරුණකි.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ මාදම්ප සේනානාක විද්‍යාලයේ නදිප ලක්ෂාන් ‍පැහැදිලිවම අනාගතයට වටිනා සම්පතක් බව තහවුරු කළ ක්‍රීඩා රටාවක් ප්‍රදර්නය කළේය.ප්‍රහාරයේදී මෙන්ම පන්දු පිරිනැමීමේදී ද ඔහු ගේ ප්‍රවේගකාරීත්වය තදින් කැපි පෙණුන අතර එම ප්‍රහාර සහ පිරිනැමීම් ගොඩ ගැනීමේ දී ධම්මමිස්සරය දැක් වූ දුර්වලතාවය සේනානායක ජයග්‍රහණයේ ප්‍රධානතම අඩිතාලම විය.තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව අවුරුදු 18 න් පහළ බාලිකා අනු සූරතාවය දිනූ තොඩුවාව ශාන්ත අන්තෝනි විද්‍යාලයේ දිල්කා ලක්ෂානි විසින් දිනා ගත්තාය.ඇයද සමස්ත ශාන්ත අන්තෝනිය වෙමින් ප්‍රහාරයෙන්,පන්දු ගොඩ ගැනීමෙන්,පිරිනැමීමෙන් ආදි සියළු ඉරියව් වලින් දක්ෂතා දක්වමින් පෑ හපන්කම අනාගතය පිළිබද සුභවාදී බලාපොරොත්තු පහළ කරන්නකි.ඇයගේ දක්ෂතා නිසාම අත්දැකීම් සහිත ආනමඩුව මධය විද්‍යාලයට එරෙහි අවසාන තරගය වට පහක් දක්වා ඇදී ගිය අතර මෙවර තරගාවලියේ වට පහක් පැවති එකම අවසාන තරගය ද එය විය.
ලාංකේය වොලිබෝලයේ චීවර ලකුණ පුස්සැල්ලේ පඥ්ඥාසේකර හිමි
 රත්නාලෝක සිසුවියන්ට උපදෙස් දෙමින්
ශ්‍රී ලංකාවේ විවිධ ක්‍රීඩාවන් හී විශිෂ්ඨයන් නිර්මාණය කරන ලද පාසලක් බවට ප්‍රකට වෙන්නප්පුව ජෝෂප්වාස් කළකට පසුව යළි වොලිබෝල් පිටියට සූරයන් ලෙස ප්‍රවේශ වෙමින් අවුරුදු 16 න් පහළ සූරතාවය දිනා ගැනීම කැපී පෙණින.
පහත ඇති google සබදතාවය තෙරපීමෙන් තරගාවලියේ සූරතා බෙදී ගිය අයුරු මෙන්ම විශිෂ්ඨ දක්ෂතා දක්වන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබද තොරතුරු ලබා ගැනීමට  හැකියාව ඇත
.https://docs.google.com/file/d/1GTosbbKbQi5VAxX7DuJZwB_lEaAlxfuNmBaezUjmpmIUAUeFglC8EgsO45Mg/edit?pli=1 

www.supirikrida.com

No comments: