Jul 30, 2012

තිලිනි පැරදෙයි හේෂාන් ට අවසාන වටය අහිමි වෙයි

මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩිකා තිලිනි ජයසිංහ  තමා සහභාගි වූ පළමු තරගයේදී තායිලන්ත ක්‍රීඩිකා ඉන්ටනොක් රචනොක් ඉදිරියේ පරාජය ලැබුවාය.ප්‍රථම වටයේදී තායිලන්ත ක්‍රීඩිකාවට එරෙහිව ලකුණු 13 ක් ලබා ගන්නට තිළිණිට හැකි වූ නමුත් දෙවන තරග වටයේදී රචනොක් සිය රිද්මයට පිවිසෙමින් තිළිණි ලකුණු 5 ක් ලබා ගනිද්දී තරගය අවසන් කරන්නට සමත් විය.විශේෂත්වය වන්නේ තිළිනි ට මෙම තරගාවලිය සදහා සහභාගි වීමට මාවත විවර කරන්නට බැඩ්මින්ටන් බලධාරීන් විසින් වෙනත් ක්‍රීඩිකාව‍කගෙන් උදුරා ලබා දුන් ඌබර් සහ තෝමස් කුසලාන තරගාවලියේ දී ද තිළිණි පරාජය වූයේ ද මෙම තායිලන්ත ක්‍රීඩිකාව වෙතින්ය.එහි දී පරාජය වුව ද එම තරගයට සහභාගි වීමෙන් තිළිණි ලද 1373 ක ප්‍රසාද ලකුණු ප්‍රමාණය මේ වන විට ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම් වල මුල් දස දෙනාට පිවිසීමට අපොහොසත් මට්ටමක සිටින තිළිණිට මෙවර ඔලිම්පික් තරගාවලිය නියෝජනයට බෙහෙවින් පිටුවහල් විය.
ම් අතර හේෂාන් උනම්බුව මීටර් 100 පසුපස ආර මූලික තරගයට ඊයේ ඉදිරිපත් වූ අතර එහි දි සිය මූලික තරගයේ දෙවන ස්ථානය ලබා ගත්තේය.තත්පර 57.94 ක කාලයක් වාර්තා කරමින් දෙවන ස්ථානය දිනා ගත්තද හේෂාන් ගේ කාලය ඊ ළග වටයට ප්‍රවේශ වීමට තරම් ඉහළ මට්ටමක් නොතිබිණ.
www.supirikrida.com

No comments: