Jun 29, 2012

ඩී කොටසේ සූරතාවය ජාතික තරුණ සේවා සභාවට


රාජ්‍ය සේවා ක්‍රිකට් සූරතාවලියේ ඩී කොටසේ සූරතාවය දිනා ගන්නට ජාතික තරුණ සේවා සභාව සමත් වුණා,කොළඹ සෞඛ්‍ය සේවා  ක්‍රීඩා පිටියේ පැවති එහි අවසාන තරගයේදී   සෞඛ්‍ය දෙපාර්තමේන්තු කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 8 ක තියුණු ජයක් අත් කර ගැනීමට ජාතික තරුණ සේවා කණ්ඩායම මෙහිදී සමත් වුණා.
පන්දු ඕවර් 40 ට සීමා වූ මෙම තරගයේදී නුවන් රොෂාන් පන්දු 67 දී ලබා ගත් ප්‍රවේගකාරී ලකුනු 86 නිසා ජාතික තරුණ සේවා සභාවට සිය පන්දුවාර 40 කඩුලු 7 ට ලකුණු 256 ක් ලෙස නිමා කිරීමට හැකි වූ අතර ප්‍රතිවාදී සෞඛය දෙපාර්තමේන්තු කණ්ඩායම ඊට එරෙහිව හොද පිළිතුරක් දුන්න ද,ජාතික තරුණ සේවා සභා කණ්ඩායමේ දක්ෂ පන්දු රැකීම ඉදිරියේ දුවද්දී දැවීයාම් තුනක්ම වාර්තා වූ නිසා අවසානයේ ලකුණු 8 ක තියුණු පරාජයකින් සූරතාවය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යංශයට තිබූ බලාපොරොත්තු වියැකී ගියා.


                 

No comments: