ලකුණු පූවරුවේ වැරදි දත්ත ද,නුවන් ප්‍රදීප් සිය ජ්‍යෙෂ්ඨ පිතිකරුවා වෙනුවෙන් කළ යුතු ගෞරවය තේරුම් නොගැනීම නිසා ද සංගක්කාරට අහිමි වූ එම ද්විත්ව ශතකය එවැනි ශතක ගණනාවක් වටිනා ඉණිමක් වූ අතර කෙසේ හෝ එම ඉණිමේ පලදායී බව වඩාත් ඉස්මතු කළ නුවන් කුලසේකර ක්‍රීඩාගාරය දෙසට හැර වූ පකිස්තානු පිතිකරු පෙරහැරට දෙවන දිනය නිමාවන විට පස් දෙනෙකු එක් වී තිබිණ.ඊයේ සුපිරි ක්‍රීඩා ප්‍රකාශ කළ අයුරෙන්ම ක්‍රියාත්මක වූ කුලසේකර ලකුණු 15 ට කඩුලු 2 ක් දවා ගනිද්දී සුරාජ් රන්දිව් පකිස්තානයේ ප්‍රබලතම හිසරදය බවට පත් වෙමින් ලකුණු 5 ට කඩුලු 2 ක් හිමිකර ගත්තේය.රංගන හේරත් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.
පහත දැක්වෙන්නේ තරගයේ ලකුණු විස්තරයට ප්‍රවේශ වීමට ඇති සබදතාවය යි.http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2012/engine/current/match/562444.html
www.supirikrida.com
No comments:
Post a Comment