තරගාවලියේ
බාලක සහය දිවීම් සූරතාවය මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයට හිමි වූ අතර බාලිකා සහය
දිවීමේ සූරතාවය හිමි වූයේ මහනුවර මහමායා බාලිකා විද්‍යාලයට ය.තරග උළෙල ආශ්‍රීතව ක්‍රියාත්මක
වූ අර්ධ මැරතන් බාලක තරගයේ සූරතාවය හොරණ තක්ෂිලා විද්‍යාලයේ කසුන් අකිරංගට හිමි
විය.බාලිකා අර්ධ මැරතන් තරගයේ ජයග්‍රාහිකාව වීමට කටුගස්තොට ශ්‍රී රාහුල ජාතික
පාසලේ මිලිනා කුමාරි සෙනවිරත්නට ය.
තරගාවලියේ
අවුරුදු 12න් පහළ බාලක සූරතාවය ජෙනින්ග්ස් ජාත්‍යන්තර පාසලට හිමි වූ අතර එම වයස්
කාණ්ඩයේ බාලිකා සූරතාවය හිමි වූයේ මීගමුව දකුණ ජාත්‍යන්තර පාසලය.අවුරුදු 13 න් පහළ
බාලක සූරතාවයට හිමිකම් කියන්නට කොළඹ ශාන්ත බෙනඩික්ට් විදයාලය සමත් වූ අතර එම වයස්
කාණ්ඩයේ බාලිකා සූරතාවය කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයට හිමිවිය.අවුරුදු 14 න්
පහළ බාලක සූරතාවය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට හිමි වූ අතර අවුරුදු 14 පහළ
බාලිකා සූරතාවය කොළඹ කාන්තා විද්‍යාලයට හිමි විය.අවුරුදු 15 න් පහළ බාලක සූරතාවය
දිනා ගන්නට මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලය සමත් වූ අතර බාලිකා සූරතාවය කුරුණැගල
මලියදේව බාලිකා විද්‍යාලයට හිමි විය
සමාප්ත සමාචාර
උත්සවයේ ත්‍යාග ප්‍රදානෝත්සවය සදහා පොල් සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර,රත්නපුර
පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රත්නපුර දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන සභාවේ සභාපති ජානක
වක්කුඹුර,නෙස්ට්ලේ සමාගම වෙනුවෙන් එහි ක්‍රියාකාරකම් කටයුතු කළමණාකරු සජීව වික්‍රමසිංහ
සහ මයිලෝ ලාංඡන කළමණාකරු චින්තක දිසානායක ද පාසල් මලල ක්‍රීඩා සංගමය වෙනුවෙන්
එහි සභාපති උපාලි අමරතුංග,ලේකම් සුසන්ත ප්‍රනාන්දු,භාණ්ඩාගාරික
ජයලාල් රත්නසූරිය සහ උප සභාපති රිචඩ් සේපාල පෙරේරා එක් වූ අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා
සංගමය නියෝජනය කරමින් එහි උප සභාපති ටී.එම් දේවේන්ද්‍ර ද එක් වූහ.
No comments:
Post a Comment