පැවති තරග තුනේදීම සාර්ථක වූ තරිදු කෞශාල් ගේ පිට දග
පන්දුවට හෙට ඉන්දියාව අතර පැවත්වෙන තරගයේදී ත් විශාල කාර්ය භාරයක් පැවරෙනු
නිසැකය.මේ වන විට තරගාවලියේ කැපී පෙනෙනම පන්දු යවන්නා බවට පත් වෙමින් ශ්‍රී ලංකාව
ජය ගත් මූලික වටයේ තරග තුනේදීම කඩුලු ලබා ගන්නා අතරේම පිතිකරුවන්ගේ ලකුණු යන්ත්‍ර
අක්‍රීය කිරීමට ද සමත් වූ තරිදු,රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ සිසුවෙකි.
එසේම තරගාවලිය අරඹමින් අගනා අර්ධ ශතකයක් රැස් කළ පබසර
වඩුගේ ඉන් අනතුරුව කණ්ඩායමේ දකින්නට නොසිටි අතර ඉතිරි තරග දෙකේදී ම සාර්ථක වූ
සදුන් වීරක්කොඩි ද හෙට තරගයේදී අනිවාර්යෙන් සාර්ථක විය යුතුය.තවමත් ලකුණු අතර
නොමැති පිතිකරුවන් අවසාන පූර්ව තරගයේදී දැඩි සංයමයකින් ඉණිම් ගොඩ නැගීම කළ යුතු
අතර එය එසේ වන්නේ නම් තරිදු කෞෂාල් ප්‍රමුඛ හ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණිය මේ
දක්වා රැගෙන ආ සාර්ථකත්වය රැක ගනිමින් හ්‍රී ලංකාව අවසාන තරගයට ප්‍රවේශ කිරීමට
අවශ්‍යය කාරිය කර දෙනු ඇත.
No comments:
Post a Comment