Apr 25, 2012

අනුරාධ ගැන අපේ මැදිහත්වීමට ‘ලංකා සිටිසන්’ සැළකිල්ල


කුමක් හෝ සිදු වූ පසු එයට අයිතිකරුවන් වැහි වහින බව අපි දනිමු.ඇතැම් විට අතීතය අමතක වීමේ රෝගය බරපතල විදිහට දැකිය හැකි ශ්‍රී ලංකාව වැනි රටක යමක් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන් පෙරළා දමා වෙනත් පුද්ගලයන් ඒ කීර්තිය පොරවා ගැනීම සාමාන්‍ය සිදුවීමකි.අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ ගේ ලන්ඩන් මැරතන් තරගයෙන් ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනිමත් එවැනිම සිදුවිමක් වන්නේය.
කුරේ වෙනුවෙන් බොහෝ කාලයක සිට අප වෙබ් අඩවිය පෙනී සිටියේය.ඔහුට හ්‍රී ලංකාවට නැවත පැමිණීමට තිබූ අපහසුතාවයන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ද එවකට මලල ක්‍රීඩා පරිපාලනයේ නිලධාරීන්ට පෞද්ගලිකව කරුණු පෙන්වා දෙමින් කුරේ යළිත් ලාංකේය ධජය යටතට ගෙන ඒමට වෙහෙස දැරූවන් අතර අප කළ භූමිකාව පිළිබද ඒ නිලධාරීන් සහතික ඉදිරිපත් කිරීමට මැලි නොවනු ඇත.
ගියවර ලන්ඩන් ඔලිම්පික් උළෙලට කුරේ ට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වීමට අවකාශයක් නොතිබි අතර අප එහිදී කුරේ ගේ දක්ෂතාවය අගයමින් සහ ඔහු ගැන සවිස්තරාත්මක කරුණු ඉදිරිපත් කිරීමක් ද කළෙමු.නමුත් කුරේ නැවත ලංකාව වෙනුවෙන් දිවීමේ භාග්‍යය ලද විට එය සදහා අපේ මැදිහත්වීමක් තිබි බවක් කියන්නට අප උත්සාහ නොකළද,අපේ භාවිතාවන් ගැන සැළකිල්ලෙන් සිටි ලංකා සිටිසන් අපේ පළමු මැදිහත් වීමේ සිටම තොරතුරු ඇතුළත් කරමින් ලිපියක් ඉදිරිපත් කර ඇත.
සාමාන්‍යයෙන් සියල්ල ඉක්මණින් අමතක කර දමා වළ දමන සංස්කාතියක තවත් මාධ්‍යයක් අගය කිරීමට වෙනත් මාධ්‍යයක් ඉදිරිපත් වීම දුර්ලභ වපසරියක දුලබ ආදර්ශයක් සැපයීම පිළිබදව අපි ලංකා සිටිසන් වෙත අපේ කෘතඥතාවය පිළිගන්වමු.
අදාල ප්‍රවෘත්තිය