Dec 24, 2011

තිලිණිත් පරාදයි

චෙන්නායි හී ක්‍රියාත්මක යොනෙක්ස් සන්රයිස් සයිඩ් මූඩි අනුස්මරණ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ දී  ඉන්දුනීසියානු ක්‍රීඩිකා ෆ්‍රැන්සිස්කා රතනසාරි තරගයට සහභාගි නොවීම නිසා නිතරග ජයක් ලබමින් දෙවන වටයට පිවිසි තිළිණි ජයසිංහ ඊයේ (22)  දෙවන වටයේ දී ඉන්දුනීසියාවේ ම ඩේසි හාරි අතින් පරාජයට පක් වූවා.
ඩේසි හා තිළිණි අතර තරගය විනාඩ 18 ට සීමා වී තිබුණු අතර ලකුණු තත්ත්වය 21 – 8 ක් සහ 21 – 8 ක් වූවා.මෙම තරගාවලියේ කාන්තා අංශයේ තරගකාරි වටයට සෘජුවම ප්‍රවේශ වීමට අවස්ථාව ලැබුණේ තිළිණිට පමණක් වූ අතර එම වටයට සුදුසුකම් ලබා ගැනීමට පැවති තරග සදහා මුහුණ දුන් අචිණි රත්නසිරි සහ උපුලි සමන්තිකා සුදුසුකම් ලැබීමේ වටයේදී ම පරාජයට පත් වුණා.
අචිණි සහ උපුලි සහභාගි වූ යුගල තරගයේ දී ඉන්දියාවේ අපර්ණා බාලන් සහ සිකී රෙඩ්ඩි ඔවුන් දෙදෙනාව පරාජය කළේ ලකුණු 21 – 15 ක් සහ 21 – 09 ක් ලෙසයි.මේ තරගාවලිය සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වීමට චන්ද්‍රිකා ද සිල්වා සම කසුන් මධුශංක ද ඉල්ලීම් කර තිබුණත් ඔවුන් අවසාන මොහොතේදී තරගාවලියෙන් ඉවත් වි තිබෙනවා.

No comments: