Dec 24, 2011

නිලූක,චන්ද්රි්කා,අචිනි සහ උපුලි යුරෝපීය තරග බිමට




නව වසරේ දී  යුරෝපයේ පැවත්වෙන ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලි දෙකක් සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිලූක කරුණාරත්න,චන්ද්‍රිකා ද සිල්වා,අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා සහභාගි වීමට නියමිත බව බැඩ්මින්ටන් පරිපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අතරින් නිලූක කරුණාරත්න එස්තෝනියාවේ ටාලින් හී දී ජනවාරි 12 සිට 15 දක්වා පැවත්වෙන ජාත්‍යන්තර තරගාවලියට සහභාගි වීමට නියමිත අතර ජනවාරි 19 සිට 22 දා දක්වා ස්වීඩනයේ ස්ටොක්හෝම් හී පැවත්වෙන ස්වීඩන් ජාත්‍යන්තර අභියෝගතා තරගාවලියට නිලූකට අමතරව චන්ද්‍රිකා ද සිල්වා,අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා ද සහභාගි වීමට නියමිතව ඇත.
මේ වන විට මැක්ලරන්ස් ආයතනයේ මොබිල් වෙළද ලාංඡන නියෝජිතයා ලෙස කටයුතු කරන නිලූක කරුණාරත්න එම ආයතනයේ අනුග්‍රහය යටතේ පසුගිව මාස දෙක තුළ පැවති යුරෝපයේ සහ ඇමරිකාවේ ක්‍රියාත්මක වූ තරගාවලි දෙකකින් අනතුරුව ජගත් ශ්‍රේණිගත කිරීම් වල ‍78 වන ස්ථානය දක්වා පෙරට පැමිණ ඇත.එළැඹෙන ලන්ඩන් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබන ක්‍රීඩකයන් 38 දෙනා අතරට පැමිණීම සදහා තව දුරටත් ශ්‍රේණිගත කිරීම්වල පෙරට පැමිණීම සදහා නිලූකට මෙම තරගාවලිය මහත් පිටුවහලක් වනු නිසැකය.

No comments: