නාවික හමුදාවේ සේවය කරන ගල්කිරියාගම වෙසෙන සනත් බණ්ඩාර අඩුම වේලාවකින් වැඩිම ටී ෂර්ට් ප්‍රමාණයක් ඇද ගිනස් වාර්තාවක් තැබිමට කොළඹ හයිඩ්පාක් දී ඊයේ ( 22) සමත් විය.විනාඩි 48 තත්පර 03 ක දී ටී ෂර්ට් 257 ක් ඇදීමෙන් මෙම වාර්තාව තැබීමට සනත් බණ්ඩාරට හැකිවිය.මීට පෙර මෙම වාර්තාව තබා තිබුණේ කොරියාවේ චෙයොන් ක්යෑන්ග් ටොං ක්යෝ වන අතර ඔහු විසින් පැය 1: 41 තුළ ටී ෂර්ට් 252 ක් ඇදීමෙන් එම වාර්තාව තබා තිබිණ.
ජාත්‍යන්තර ගිනස් ආයතනයේ අනුමැතිය ඇතිව එහි ලියාපදිංචි වී අදාළ හදුනාගැණීමේ අංකය ද ලබා ගැනීමෙන් අනතුරුව කරන්නට යෙදුණ මෙම ගිනස් වාර්තාව අධීක්ෂනය සහ නිරීක්ෂණය කිරීමේ ප්‍රධානියා ලෙස ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් අර්ජුන ද සිල්වා කටයුතු කළේය.විනිශ්චය මණ්ඩලය තෝරා ගැනීමේ දී එහි සංයුතිය ද ජාත්‍යන්තර ගිනස් ආයතනයේ සම්මතය ආරක්ෂාවන පරිදි සිදු කළ අතර ඒ අනුව මහාචාර්ය අර්ජුන ද සිල්වා නායකත්වය දැරූ විනිසුරු මඩුල්ලේ ප්‍රධාන කාල ගණක නිලධාරී ලෙස ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ අනුමැතිය ලත් ප්‍රධාන විනිසුරුවෙකු වන සේන සිරමාන්න කටයුතු කළ අතර ඔහු හා එක්වූ කාල ගණක නිලධාරී උපාලි පෙරේරා ද මලල ක්‍රීඩා සංගමයේ අනුමැතිය ලත් විනිසුරුවරයෙකි.
ඊට අමතරව පුවත්පත් සංස්කාරකවරයෙකුට ගිනස් වාර්තා පරීක්ෂන මණ්ඩලයේ කටයුතු කිරිමට ඇති නිල හිමිකම භාවිතා කරමින් සුපිරික්‍රීඩා ඩොට් කොම් වෙබ් පුවත් පතේ සංස්කාරක නිශ්මං රණසිංහ ද ඊට එක්විය.
වාර්තාව පිහිටවීම සදහා පූර්ණ අනුග්‍රාහකතවය දැක්විම මහවැලි අධිකාරිය විසින් සිදු කර ගෙන තිබිණි.
No comments:
Post a Comment