Nov 16, 2013

ලංකාව සහ ලංකාවේ ආත්ම ගෞරවය අතර තරගය අද

වසීලන්ත කණ්ඩායම බංගලාදේශයේදී එක්දින තරගාවලිය පරාජය වුණේ 3 - 0 ක් ලෙසයි.3 - 0 ක් වීම නිසාම එය අත් වැරද්දක් නොවන බව පැහැදිළියි.ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පහළම තැන සිටින බංගලාදේශයේ පහර කෑමෙන් තුවාල සිදු වූ නවසීල්නතය ඊ ළගට ආවෙ ලංකාවට.ලෝක සුරතාවයක් සහ ලෝක අනු සූරතා දෙකක් දිනා සිටින,එමෙන්ම වර්ථමානයේත් ලෝක අනු සූරයා ලෙස සිටින ශ්‍රී ලංකාව මුණ ගැසීමටයි.ඒ ගමනේ අවසාන ප්‍රතිපලය ලෙස දකින්නට තිබුණෙ ලිලිපුට් ප්‍රහාරයකට ලක් වි සිටි නවසීලන්තය ගලවර් කෙනෙක් ළග ඇඹරී ඇද වී සිටිනු දැකීම වුණත් දෙවන තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ අඥානවන්ත පන්දු යැවීම මෙන්ම නායකයාගේ අදූරදර්ශී තීරණයත් නිසා ශ්‍රී ලංකාවේ කීර්තිය නවසීල්තය ඉදිරියේ ඇද වී ඇඹරී ගියා.දැන් ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් චිත්‍රයේ කටු සටහන වෙනස් වෙලා.එහි පෝෂණිය ලක්ෂණ ඇකිලිලා මන්ද පෝෂිත පෙණුමක් ඇවිත්.ඒක එක තරගයක් තුළ සිදු විය හැකියි.ලංකාවට වඩා හැම අතින්ම පහළ මට්ටමක සිටින බංගලාදේශය ඉදිරියේ 3 - 0 ක පරාජයක් ලැබූ නවසීලන්තය ඉදිරියේ අප ලැබූ පරාජය තුළින් ඒ වගේ පණිවිඩයක් කියැවෙනවා.බංගලාදේශයට පැරදුණ විට අපෝ බංගලාදේශයටත් පැරදුණානෙ කියල සාමාන්‍ය ක්‍රිකට් ලෝලින් පසුතැවෙනවා.දැන් බංගලිටත් පැරදුණු නවසීල්නතයට පැරදුණානෙ කියල කියන කොට ඒ වේදනාවෙ බර වැඩි වෙනව.


ක්‍රිකට් කියන්නෙ ක්‍රිකට් ආයතනයෙ සහ පිට්ටනියෙ ඉන්න කිප දෙනාගෙ ගේම් එකක් නෙමෙයි.මේ රටේ ජනතාවගෙ.ඒත් ජනතාවට වගකියන ආයතනයක් වෙනුවට ජනතාවට කරන දේවල් ඉවසා සිටිමට බල කරන හිට්ලර් සිස්ටම් එකකින් ලංකාවෙ ක්‍රිකට් ගේම් එකේ ගේම් ගොඩක් වෙනවා.දැන් බලන්න අද දඹුල්ලට පැමිණ තිබෙන තරගය.දඹුල්ල ක්‍රීඩාංගණය ලංකාවෙ දේශගුණික තත්ත්වයන් හ සංසන්දනය කරද්දි වැඩි පුරම තරග පැවත්විය හැකි දේශගුණික වාතාවරණය ඇති ක්‍රීඩාංගණය හැටියට බොහෝ අයගෙ අවධානය යොමු වුණා.ඒත් පරිපාලන කඹ ඇදිල්ල මත දඹුල්ල වැසී යන තත්ත්වයේ තිබුණෙ.එහෙම ක්‍රීඩාංගණයක් නැති ගාණට තමයි ක්‍රිකට් ආයතනය හැසිරුණේ.දැන් ආපහු දඹුල්ලට තරගයක් ඇවිත්.ඒකත් මොන ගේම් එකක් හින්ද ආව ද කියල කියන්න දන්නෙ නැහැ.ඒක ඉදිරියෙදි බලා ගන්න පුළුවන් දර්ශනයක්.කෙහොම හරි අද බංගලියොත් ගැහැව්ව නවසීලන්තයෙන් කෑවා කියල පශ්චාත්තාප වෙන ක්‍රිකට් ලෝලීන්ගේ වේදනාව දෙගුණ තෙගුණ එක වළක්වන්න අද තරගය ජය ගෙන තරගාවලි ජය සම කිරීමේ වගකීම ශ්‍රී ලංකා  ක්‍රිකට්  ර්‍ක්‍රීඩකයන් අතට පත් වී තිබෙනවා.අද දවසේ වැඩිම අවධානයක් යොමු වන‍්නේ මේ වගකීමට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන්නෙ කොහොමද කියන එක දැන ගන්නයි.එය පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයන්ගෙ හමුවේ සිදුවීම් වලටත් වඩා ජනතා ආකර්ශනයට ලක් වීම නිශ්චිතයි.
www.supirikrida.com

Nov 15, 2013

හොංකොං වලට එරෙහි වෙන ඉතාලියට ලංකාවේ හතකගේ සහය

ලෝක කුසලාන 20 - 20 තරගාවලියට ටෙස්ට් නොවන රටවලින් සුදුසුකම් ලබන කණ්ඩායම් කවරේද යන්න නිර්ණය කිරීම සදහා පවත්වන සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ අද අබුඩාබි හී දී  හොංකොං සහ ඉතාලිය අතර තරගය පැවත්වෙන අතර මෙහි දී ඉතාලි සංචිතයට ලාංකේය ක්‍රීඩකයන් හත් දෙනෙක් ඇතුළත් වීම අපූරු සිදු වීමක් ලෙස ගත හැකිය.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ යුරොපීය කසලාන පළමු කොටස ජය ගනිමින් මෙම තරගාවලියට සහභාගි වන ඉතාලි කණ්ඩායමට ලාංකිකයන් වන ගයාශාන් මුණසිංහ,දිනිදු මාරගේ,ඩිලාන් ප්‍රනාන්දු,මධුර ප්‍රනාන්දු,තරිදු ප්‍රනාන්දු සහ රෝයි පෙරේරා යන ක්‍රීඩකයෝ අයත් වෙති.මෙම ක්‍රීඩකයන් තරගාවලියට සහභාගි වීමට පෙර ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බෙනට් කුරේ හමු වීමට ද ක්‍රියා කර ඇත.ඡායාරූපයේ දැක්වෙන්නේ යුරෝපීය කුසලාන පළමු කොටස ජයගත් ඉතාලි කණ්ඩායමයි.
www.supirikrida.com

ආසියානු යොවුන් බොක්සිං සූරතාවලියේ සංචිතය නොවැම්බර් 28 ඇරඹේ

ලැඹෙන 2014 වසරේ ජනවාරි 24 - සිට 31 දක්වා තායිලන්තයේ බැංකොක් නුවරදී ක්‍රියාත්මක වීමට නියමිත ආසියානු යොවුන් බොක්සිං සූරතාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක සංචිතය නොවැම්බර් 28 දා සිට ක්‍රියාත්මක කරන බව බොක්සිං සංගමයේ ලේකම් මහේෂ් දහනායක පවසයි.මහේෂ් පෙන්වා දෙන පරිදි ලාංකේය බොක්සිං ක්‍රීඩාවේ අනාගතයට පලදායි අයුරෙන් බොක්සිං ක්‍රීඩාව මෙහෙයවීමට මෙම තරගාවලිය ඉතා වැදගත් බැවින් තෙමසකට ආසන්න කාලයක් ක්‍රීඩකයන් සංචිත ගත කර අවශ්‍යය පහසුකම් ලබා දීම කෙරෙහි බොක්සිං සම්මේලනයේ අවධානය යොමු වී ඇත.
අදාළ සංචිතයට ක්‍රීඩකයන් තෝරා ගැනීම සදහා වන තරග නොවැම්බර් 23 - 25 දක්වා කොළම රාජකීය විද්‍යාලයේදි සිදු කරන අතර මෙම තේරිම් තරග සදහා ඉදිරිපත් විය හැක්කේ 1996 හෝ 1997 වසරවල ඉපැදි,අවුරුදු 16 හෝ අවරුදු 17 වන ක්‍රීඩකයන්ට පමණි.එසේම එම ක්‍රීඩකයන් සියල්ලම ස්ටබ්ස් කුසලාන,ජාතික කණිෂ්ඨ බොක්සිං සූරතාවලිය,යොවුන් මෙන්ම කණිෂ්ඨ සහ පාසල් බොක්සිං සූරතාවලියට තරග වැදි ක්‍රීඩකයන් අතරින් එම තරග වල රන් සහ රිදී පදක්කම් දිනූ ක්‍රීඩකයන් පමණක් ද විය යුතුය.

Nov 13, 2013

නවසීලන්තය යළි ජය මාවතට රංගනගෙන් අසාර්ථක රංගනයක්

Tom Latham looks to get in position බංගලාදේශය ඉදිරියේ අන්ත පරාජයකට මුහුණ දී අසරණව සිටි නවසීලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දු ඕවර් 23 දී ලකුණු 198 ක් ලබා ගැනීම සදහා එල්ල වූ අසීරු ඉලක්කය ජය ගනිමින් නැවත ජය මාවතට පිවිසීමට සමත් විය.නවසීල්නතය වෙනුවෙන් එම වගකීම ඉටු කිරිමට පෙරමුණ ගත් ආරම්භක පිතිකරු ටොම් ලේතම් පන්දු 68 දි ලකුණු 86 ක් ලබා ගත් අතර අසීරු ඉලක්කය හඹා යමින් සිටි නවසීලන්තය කඩුලු 4 ක් දැවි ලකුනු 68 ක් ලබා සිටියදී පිටියේ එක් වූ ටොම් සහ ලුක් රොන්චි පන්දු ඕවර් 9.3 ක් තුළ ලකුණු 93 ක සබදතාවයක් පවත්වමින් එල්ල කළ දරුණු ප්‍රහාරය නිසා නවසීල්නතයට ජය මාවතට පිවිසීමට පහසු විය.රොන්චි පන්දු 26 දී  ලබා ගත් ලකුණු 49 මෙන්ම අවසාන මොහොතේද නේදන් මැකලම් පන්දු 9 දි ලබා ගත් ලබා ගත් ලකුණු 32 ත් ජයග්‍රහණයේ පදනම බවට පත් විය.
ලේතම් සහ රොන්චි පිටියෙන් ඉවත්වීමෙන් ඉනික්බිති මාලිංග සහ කුලසේකර තරගය නැවත ශ්‍රී ලංකාව දෙසට හැර වූ නමුත් ඒ වන විට දග පන්දු යවන්නන්ට සහයක් නොදැක් වූ තණතීරුවේ අවසාන පන්දු ඕවරය යැවීම සදහා  ඇන්ජලෝ මැතිව්ස්ට මද වේග පන්දු යවන්නෙක් නොවිණ.ඒ නිසා ඒ වන විටත් දරුණු ප්‍රහාරයකට ලක් වි සිටි රංගනට අවසාන ඕවරයේ ලකුණු 20 ක් රැක ගැනීම සදහා පන්දුව ලබා දුන් අතර රංගන අතිශයින් අසාර්ථක පන්දු යැවීමක නියැලුණේ එම ඕවරය තුළ නේදන් මැකලම් ට හයේ පහර තුනකට සහ හතරේ පහරකට අවස්ථාව ලබා දෙමින් එම පන්දු ඕවරය තුළ නවසීලන්තයට ලකුණු 25 ක් ලබා ගැනීමට ඉඩ - කඩ සාදා දෙමින්ය.
මැතිව්ස් අවසාන පන්දු ඕවරය වන විට වේග පන්දු යවන්නෙක් ඉතිරි කර නොගෙන සිටියා පමණක් නොව දග කැවීමට වඩා වේගයෙන් පන්දුව යොමු කළ හැකි ඩිල්ෂාන් සහ සචිත්‍ර වෙනුවට ඒ අවස්ථාවේදි රංගන තෝරා ගැනීම ද යම්කිසි ආකාරයකින් ශ්‍රි ලංකාවට ජය ගැනීමට තිබූ මාවතක් වසා දැමීමකි.නමුත් ප්‍රහාරාත්මක ඉණිමක් දියත් කළ නවසීල්නතයෙන් තරගය උදුරා ගැනීමට ඒ වන විට පිටියේ තැන්පත් වි නොසිටි අලුත් පිතිකරුවන්ට එරෙහිව තර්ජනයක් එල්ල කිරිමට සිය හොදම දග පන්දු යවන්නා ලෙස විරුදාවලි දිනා සිටින රංගන යොදා ගැනීම මැතිව්ස්ගේ කල්පනාවේ හැටියට වැරදිද ද නැත.නමුත් සිය නායකයාගේ විහ්වාසයට අනුව රංගනයේ නොයෙදි රංගන සිය පා ඉන්න දෙසට ගොස් පන්දු පිට ඉන්න දෙසට යොමු කරන්නට සැරසෙන නේදන් මැකලම්ට ඊට අවශ්‍යය පහසුකම ලැබෙන  පරිදි පන්දුව යොමු කරනු දකින්නට ලැබිණ.එසේම පන්දුව පතිකරුවාට ප්‍රහාරයකට සුදුසු සීමාවේ පතිත කිරීමේ වරදද නිරන්තරයෙන්ම රංගන අතින් සිදු විය.කුලසේකර අතිශයින් තීරණාත්මක පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 38 ට කඩුලු 4 ක් දවා ගනිමින් තරගය ශ්‍රී ලංකාව දෙසට හැරවීමට විහාල ප්‍රයත්නයක් ගත් අතර ලසිත් මාලිංග ද තීරනාත්මක මොහොතේ මනා සංයමයකින් යුතුව පන්දු යවමින් නවසීල්නත පිතිකරුවන්ගේ ලකුණු යන්ත්‍ර වලට අගුල් දැමීමට සමත් විය. 
කාසියේ වාසිය ලැබු ශ්‍රී ලංකාව ඩක්වර්ත් ලුවිස් න්‍යාය ඉදිරියේ නවසීල්නතයට ලකුණු 138 ක ඉලක්කයක් ලබා දෙන්නට පෙර පන්දු ඕවර් 23 දි කඩුලු එකකට ලකුණු 138 ක් ලැබීය.නැවතත් දිමුත් කරුනාරත්න ලද අවස්ථාව අපතේ හැරිය අතර නමුත් සුපුරුදු පරිදි සංගක්කාර සහ ඩිල්ෂාන් දෙවන කඩුල්ලට නොදැවුණු ලකුණු 126 ක සබදතාවයක් එක් කළේය.සංගක්කාර ලකුණු 71 ක් පන්දු 59 කින් ලබා නොදැවී සිටි අතර ඉණිමේ නැංගුරම වීමට සැරසි ඩිල්ෂාන් පන්දු 72 දි නොදැවී ලකුණු 55 ක් ලබා සිටියේය.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවය භාවිතා කර පිවිසිය හැකිය.

Nov 12, 2013

දකුණු ආසියාවේ යොවුන් සහය දිවීමේ කිරීටය අභියෝගයකින් තොරව ලංකාවට

න්දියාවේ රංචි හී පිහිටි බිර්සා මුණ්ඩා ක්‍රීඩා සංකීර්ණයේදී පැවත්වෙන දෙවන දකුණු ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියේ දෙවන දිනයේ පැවති සහය දිවීමේ තරග හතරම සිය අණසකට යටත් කර ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.මීටර් 100 සහය දිවීමේ බාලක තරගය තත්පර 41.42 දී නිමා කළ කළුතර මහා විද්‍යාලයේ හිමාෂ ඒෂාන්,රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ සමිත් ලක්මාල්,කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ මලික් ඛාන් සහ කොළම නාලන්දා විද්‍යාලයේ ඩී සචින්තන එම ඉසව්වේ රන් පදක්කම ලංකාවට දිනා දුන් අතර එම බාලිකා ඉසව්වේදී පානදුර සුමංගල බාලිකාවේ සාරංගි සිල්වා,මහනුවර උසස් බාලිකාවේ චලනි දිසානායක,කොළඹ කාන්තා විද්‍යාලයේ ශලිනි එලිසබෙත් ප්‍රනාන්දු සහ කෑගල්ල සාන්ත ජෝෂප් බාලිකාවේ රුමේෂිකා කුමාරි රත්නායක යන ක්‍රිඩිකාවන් රන් පදක්කම සදහා සුදුසුකම් ලැබුවේ තත්පර 47.31 ක දක්ෂතාවයක් දක්වමින්ය.
මීටර් 400 බාලක සහය තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ගත් වූයේ විනාඩි 3:15.46 ක් පමණි.එම ජයග්‍රහණය සදහා මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ විනුර ලක්මාල්,හොරණ තක්ෂිලා විද්‍යාලයේ ලහිරු ප්‍රසංජිත් සහ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ හර්ෂ චතුරංග සමග මීටර් 100 සහය තරගය නිමා වී පැය භාගයක් ඇතුළත තවත් රන් පදක්කමකට දායක වූ රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ සමිත් ලක්මාල් ඇතුළත් වූහ.මීටර් 400 බාලිකා සහය තරගයේදී රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ වත්සලා කුමාරි,වලල ඒ රත්නායකයේ කාන්චනා කුමාරි,කතළුව විද්‍යාලයේ නිර්මලී මධුශිකා සහ කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකාවේ ශිවන්ති කුමාරි රත්නායක විය.
එසේම ශ්‍රී ලංකාවේ නවතම කඩුළු පැනීමේ බලාපොරොත්තුව වන සුපුන් විරාජ් රන්දෙණිය නැවත වරක්  මීටර් 110 කඩුළු ඉසව්වේ දක්ෂතාවය තත්පර 14 න් මෙපිටට ගෙන එමින් දස්කම් දැක් වු අතර ඔහු එම ඉසව්ව ජය ගැනීමට තත්පර 13.64 ක කාලයක් ගත කළ අතර රත්නපුර කුමාර විද්‍යාලයේ මලින් උදය කුමාර ඔහු පසු පසින් ඉද තත්පර 14,41 ක දක්ෂතාවයක් සමගින් එහි දෙවන ස්ථානය දිනා ගැනීමද කැපී පෙණින.කාන්තා කවපෙත්ත වීසි කිරීමේ ඉසව්ව මීටර් 41.65 ක දක්ෂතාවයක් සමග ශ්‍රී ලංකාවට දිනා ගැනීමට අපහසු රන් පදක්කමක් දිනා දීමට කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ අමන්ති සිලිවා සමත් විය.පානදුර ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ පූර්නිමා ජයමාලි බාලිකා උස පැනීමේ රන් පදක්කම දිනා ගත්තේ මීටර් 1.68 ක උසක් වාර්තා කරමින්ය.ශ්‍රී ලංකාවේ කෙටි දුර දිවීමේ අනාගතය භාර ගැනීමට සූදානමින් සිටින කළුතර විද්‍යාලයේ හිමාෂ ඒෂාන් මීටර් 200 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ තත්පර 21.44 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින්ය.
ඒ අනුව හිමාෂ ඒෂාන් සහය දිවිමේ බාලක රන් පදක්කම් දෙකකට දායක වූ සමිත් ලක්මාල් මෙන්ම රන් පදක්කම් දෙකක උරුමක්කාරයෙක් වූ අතර බාලිකා අංශයේදී ශිවන්ති කුමාරි රත්නායක ද මීටර් 400 සහ එම සහය දිවීමේ රන් පදක්කම් යුගලයට හිමිකම් කිවාය. තරගයේ දෙවන සහ අවසාන දිනය වූ අද ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඉහළ නංවමින්,පැවති තරග ඉසව් 16 න් 8 කම රන් පදක්කම්   දිනා ගෙන ඉන්දියාව සමග සම තත්ත්වයේ සිටින්නට ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රීඩිකාවො සමත් වුහ.අවසාන දිනයේ ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමට රිදී පදක්කම් ද 3 ක් හිමි විය.මීටර් 110 කඩුලු ඉසව්වේදී මලින් උදය කුමාර ට අමතරව,ශ්‍රී ලංකාවට මීටර් 7.26 ක දක්ෂතාවයක් දක්වමින් දුර පැනීමේ රිදී පදක්කම දිනා දෙන්නට විනුර ලක්මාල් ට හැකි වු අතර,බාලිකා මීටර් 800 ඉසව්ව විනාඩි 2:8.12 දී නිමා කළ නදීශා රත්නායක ද එම රිදි පදක්කම්වල හිමිකාරයෝ වූහ.
බාලිකා දුර පැනිමේ තරගයේදී මිටර් 5.36 ක දක්ෂතාවයක් දැක් වු සාරංගි සිල්වා එම ඉසව්වේ ලෝකඩ පදක්කම්ලාභිණිය වූවාය.විනාඩි 4:02.57 කින් බාලක පිරිමි මීටර් 1500 නිමා කළ ඉෂාර හේමන්ත එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය.හිමාෂ රන් පදක්කම දිනා ගත් මීටර් 200 ඉසව්වෙ ජයග්‍රාහි පූවරුව මතට ගොඩ වැදීමට මලික් ඛාන් ද සුදුසුකම් ලබා ගත් අතර ඔහු තත්පර 21.69 ක දක්ෂතාවයක් දැක් වූ ඔහුට ජය සංඛේත ප්‍රදානයේදි ලෝකඩ පදක්කමට හිමි ස්ථානය වෙනුවෙන් සිහ ධජය ඉහළට ඔසවා තැබීමේ හැකියාව ලැබිණ.මීටර් 200 බාලිකා ඉසව්වේ ලෝකඩ පදක්කමද ශ්‍රී ලංකාවට හිමි වූ අතර තත්පර 25.23 කින් එම ඉසව්ව අවසන් කළ රුමේශිකා කුමාරි රත්නායක එම පදක්කමේ උරුමක්කාරිය වුවාය.
මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ දී ලෝකඩ පදක්කම දිනා ගත්තේ ශ්‍රි ලංකාවේ ප්‍රමෝද අබේසිංහ යි.ඔහු එම පදක්කම වෙනුවෙන් වැය කළ කාලය විනාඩි 11:00.26 ක් විය.මීටර් 110 කඩුලු ඉසව්වේ රිදි පදක්කම දිනූ මලින් උදය කුමාර මීටර් 7.14 ක දක්ෂතාවයක් දක්වමින් එහි ලෝකඩ පදක්කමකට හිමිකම් කියූ අතර,මීටර් 44.84 ක දක්ෂතාවයක් දැක් වූ අශේන් ජයවර්ධන ශ්‍රී ලංකාවට කවපෙත්ත ඉසව්වේදී ලෝකඩ පදක්කම දිනා දුන්නේය.ඉරේෂානි රාජසිංහ මීටර් 100 කඩුලු ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීම වෙනුවෙන් තත්පර 15.26 ක් වාර්තා කළාය.
තරගාවලියේ අවසාන පදක්කම් සටහන නිර්නයේදී ඉන්දියාව රන් පදක්කම් 20 ක් සහ ශ්‍රී ලංකාව රන් පදක්කම් 10 ක් දිනා සිටි අතර අන් කිසිදු දකුණු ආසියාතික රටකට රන් පදක්කම් දිනා ගැනීමට ඉන්දියාවෙන් සහ ලංකාවෙන් ඉඩ නොලැබීම දකුණු ආසියාතික මලල ක්‍රීඩාවේ අනාගත චිත්‍රයේ ඒකාධිකාරය පේනනුම් කිරීමක් බදුය.නමුත් ශ්‍රී ලංකාව දෙවන තැනට ඇද දමන ඉන්දියාව ශ්‍රී ලංකාව මෙන් දෙගුණයක් රන් පදක්කම් දිනීමද දෙරට අතර ඇති ක්‍රීඩාවේ පරතරය කියා පෑමක් බැවින් අප ද ඉන්දියාවට සමීප වීමටනම් බොහෝ වෙහෙසක් දැරිය යුතු වන බව පැහැදිළි කරන්නේය.
රිදී පදක්කම් ප්‍රමාණයද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රන් පදක්කම් බෙදී ගිය ආකාරයටම බෙදී ගොස් තිබූ අතර එහිදී ද සෙසු රටවලට කිසිදු රිදී පදක්කමක් හිමි වී නොතිබිණ.ලෝකඩ පදක්කම් බෙදි යාමේදී ශ්‍රී ලංකාව ඉන්දියාව අභිබවා සිටි අතර ශ්‍රී ලංකාවට පදක්කම 14 ක් සහ ඉන්දියාවට රන් පදක්කම් 12 ක් හිමි වි තිබිණ බංගලාදේශයට ලෝකඩ පදක්කම් 3 ක් සහ .පකිස්තානයට එක් ලෝකඩ පදක්කමක් හිමි වි තිබිණ.
පිරිමි තරග අංශයේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 4 ක් සහ බාලිකා අංශයේදී රන් පදක්කම් 6 ක් හිමි වූ අතර  රිදී පදක්කම් බෙදී යාමේ දී බාලක අංශයෙන් රිදී පදක්කම් 6 ක් සහ බාලිකා අංශයෙන් රිදී පදක්කම් 4 ක් හිමි විය. 
ලෝකඩ පදක්කම් බෙදී යාමේදී බාලක අංශයෙන් ඉන්දියාවට පදක්කම් 5 ක් හිමි වී තිබූ අතර ශ්‍රී ලංකාවට පදක්කම් 8 ක් ද බංගලාදේශය සහ පකිස්තානය අතර පදක්කම බැගින් ද හිමි වී තිබිණ.බාලිකා අංශයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පිළිවෙලින් ලෝකඩ පදක්කම් හයක් සහ හතක් ලෙස ය.


මේජර් ජෙනරාල් පාලිතගේ මවගේ අවසන් කටයුතු 14 දා පානදුරේ දී

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයෙක් වන මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුගේ මව වන  ජී නන්දාවති ප්‍රනාන්දු විශ්‍රාමලත් ගුරු මාතාව අභාවප්‍රාප්ත වූයෙන් එතුමියගේ අවසන් කටයුතු නොවැම්බර් 14 දින පානදුර නල්ලූරුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.අවුරුදු 98 ආයු වළදා දිවියෙන් සමුගත් ඒ මාතාවගේ දේහය දැනට අංක 114,දිග්බැද්ද පාර,නල්ලූරුව, පානදුර යන ලිපිනයේ තැන්පත් කර ඇති අතර අවමංගල කටයුතු පිලිබද වැඩි තොරතොරු දැන ගැනීමට මලල ක්‍රීඩා සංගමයේ උප සභාපති ජිඑල්එස් පෙරේරාව දුරකථන අංක 0712 604 379 යටතේ සම්බන්ධ කර ගැනීමේ හැකියාව ඇත.

ශිවන්ති සහ විදුශිකා රත්තරන්

Saba Nayakan ගේ තොරතොරු වාර්තාකරණය ඇසුරෙන්

ඉන්දියාවේ රාංචි හී බිර්සා මුණ්ඩා ක්‍රිඩා සංකීරණයේදී ඇරඹි දෙවන දකුණු ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේදී පළමු දිනයේ පැවති ඉසව් 14 ක් අතරෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක් දිනා ගැනිමට අවස්ථාව උදාවිය.ඉන් පළමු රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නේ ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 සූරිය බවට පත් වූ ශිවන්තිකා රත්නායකය.තත්පර 56.87 නි මීටර් 400 අවසන් කළ ඇය ආසියානු තරගාවලියේදී මෙන්ම මෙම තරගාවලියේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ මලල ක්‍රීඩාකණ්ඩායමේ නායිකාව වන්නීය.කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ක්‍රීඩිකාවක වන ඇය දිනා දුන් රන් පදක්කමට අමතරව මීගමුව නිවස්ටඩ් බාලිකා විද්‍යාලයෙන් මෙම තරගාවලියට එක් වි සිටින විදූෂා  ලක්ෂානි බාලිකා තුන් පිම්ම ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නාය.ඒ මීටර් 12.68 ක දක්ෂතාවයක් දක්වමින්ය.
ශිවන්ති මීටර් 400 ප්‍රථම ස්ථානය දිනා ගනිද්දී ඇය සමග තියුණු තරගයක නිරත වූ ශ්‍රී ලංකාවේ මීටර් 40 ඉසව්වේ අලුත්ම බලාපොරොත්තුව බවට පත් වී සිටින කතළුව විද්‍යාලයේ නිර්මලී මධුශිකා තත්පර 57.01 දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගත්තාය.තිළින කරුණාරත්න බාලක උස පැනිම ඉසව්ව රිදී පදක්කමක් දිනා අවසන් කළ ද,එහි ප්‍රථම ස්ථානය දිනූ ශ්‍රීනාත් මොහාන් සමග කරට කර තරගයක නියැලෙමින් මීටර් 2.06 ක දක්ෂතාවයක් දක්වමින් සම උසක් වාර්තා කිරීමට සමත් වූ අතර එම උස තරණය කිරීමේදී ශ්‍රීනාත් පළමු උතසාහයෙන් සහ තිළිණ දෙවන උත්සාහයේදී සාර්ථක කර ගැනීම හේතුවෙන් තිළිණට දෙවන ස්ථානයෙන් සෑහෙන්නට සිදු විය.
බාලිකා හෙල්ල වීසි කිරීමේ ඉසව්වේ දී චාමිකා ගුණරත්න මීටර් 40.94 ක දක්ෂතාවයක් දක්වමින් ශ්‍රී ලංකාවට රිදි පදක්කමක් දිනා දුන්නාය.එසේම බාලක තුන් පිම්ම ඉසව්වේදී එන් කරුණාසිංහ වාර්තා කළ මීටර් 15.41 ක දක්ෂතාවයට රිදී පදක්කමක් හිමි වූ අතර ලාවස් ලිවින්ග්ස්ටෝන් මීටර් 61.07 ක දක්ෂතාවයක් දක්වමින් බාලක හෙල්ල වීසි කිරීමේ රිදි පදක්කම දිනා ගැනීමට සමත් විය.බාලිකා යගුලිය වීසි කිරීමේ ඉසව්වේ දී අමන්ති ද සිල්වා දෙවන ස්ථානය දිකා ගනිමින් ශ්‍රී ලංකාවට රිදි පදක්කම දිනා දුන්නේ මීටර් 11.96 ක දක්ෂතාවයක් දක්වමින්ය.මීටර් 800 ඉසව්වේදි විනාඩි 1:54.08 ක දක්ෂතාවයක් දැක් වූ කුපුන් කුෂාන්ත බාලක අංශයෙන් ශ්‍රී ලංකාවේ රිදී පදක්කම් සංඛයාව වැඩි කර ගැනීමට සහය වු අතර ඒ අනුව ඊයේ දිනයේදි ශ්‍රී ලංකාවට හිමි වූ සමස්ත රිදී පදක්කම් ප්‍රමාණය හයක් විය.
ඊට අමතරව ශ්‍රී ලංකාවට මීටර් 400 බාලක ඉසව්වේදී ලෝකඩ පදක්කමක් හිමි වු අතර එය හර්ෂ චතුරංග පීරිස් තත්පර 48.53 ක දක්ෂතාවයක් දක්වමින් දිනා ගන්නට සමත් විය.මීටර් 100 ඉසව්වේදී හිමාෂ ඒෂාන් ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ තත්පර 10.64 ක දක්ෂතාවයක් දක්වමින්ය.බාලිකා මිටර් 1500 ඉසව්ව විනාඩි 4:52.46 න් නිමා කළ මහීෂා කුමාරි වීරසිංහ ලෝකඩ පදක්කම දිනා ගත්තාය.රුමේෂිකා කුමාරි රත්නායක තත්පර 12.23 කින් එම ඉසව්ව නිමා කරමින් ද ලෝකඩ පදක්කමක් දිනා ගත් අතර මීටර් 500 බාලක තරගය විනාඩි 15:57;56 න් නිමා කළ ධනුෂ්ක මධුරංග ට ද හිමි වූයේ ලෝකඩ පදක්කමක්ය.බාලක යගුලිය ඉසව්ව මීටර් 15.62 ක දක්ෂතාවයක් දැක් වූ සංජුන සුමනවීරට ද ලෝකඩ පදක්කමක් හිමි විය.ඒ අනුව පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකාවේ ලෝකඩ පදක්කම් එකතුව හයක් වූ අතර පැවති ඉසව් 14 න් ශ්‍රී ලංකාව දිනූ රන් පදක්කම් දෙක හැරෙන්නට ඉන්දියාව අන් කිසිදු රටකට රන් නාමය ආරූට කර ගන්නට අවස්ථාව ලබා නොදුන් අතර ඒ අනුව ඉන්දියාව පළමු දිනයේම රන් පදක්කම් 12 ක් සමග පදක්කම් සටහනේ සමීප විය නොහැකි පරතරයක් තබා ගන්නට සමත් වී සිටියි.
www.supirikrida.com