Jan 26, 2013

බේස්බෝල් ක්‍රීඩාවේ ක්‍රීඩා පිටි වෙනුවට සොහොන්පිටි සොයා දීමේ උත්සාහයක්

වසරකටත් අධික කාලයක් ජාතික තරගාවලිය පවත්වා ලීග් තරගාවලියට කාලය කා දැමූ ශ්‍රී ලංකා බේස්බෝල් පරිපාලනය,ලීග් තරගාවලිය පැවත්වීමේ දින නිකුත් කර 28 දා ට වසරක් සපිරෙන නමුත් අද (26) සහ (27 ) පැවත්වීමට නියමිතව තිබූ අවසාන පූර්ව තරග සදහා ක්‍රීඩා සමාජ සදහා ක්‍රීඩා පිටි ලබා දීමට අපොහොසත්ව සිටියි.මේ තත්ත්වයෙන් මිදී තරග පැවත්වීම සදහා ක්‍රීඩා පිටියක් සොයා ගනිමින් තරගය පැවත්වීමට උත්සාහ කළ ක්‍රීඩා සමාජ දෙකකට එම තරගය සදහා විනිසුරුවන් ලබා නොදෙමින් තවත් නින්දිත ක්‍රියාවක යෙදෙන්නට බේස්බෝල් පරිපාලනය ක්‍රියා කර ඇත.
වසරක පමණ කාලයක සිට මෙම දින දෙක තුළ තරග පැවත්වීමට කාලය සකසා ගෙන සිටිය දී,විනිසුරුවන් සහභාගි නොවීම සහ එයට විනිසුරුවන් වෙන් කර නොතබා ගැනීම පිළිබදව වගකීම ද බේස්බෝල් පරිපාලනයටම හිමි විය යුතුය.මේ මොහොතේ ජාතික තරගාවලියේ දිගුවක් ලෙස පැවත්වෙන ලීග් තරගාවලියේ දී බේස්බෝල් පරිපාලනය ගනු ලැබූ හාස්‍යජනක තීරණයක් හේතුවෙන් ජාතික තරගාවලියේ දී වෙනත් කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයන් මෙම තරගාවලියේදී තවත් ක්‍රීඩා සමාජ වලට ක්‍රීඩා කරනු දක්නට ලැබිණ.මේ තත්ත්වය මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ද අවධානයට ලක් වී තිබෙන කරුණකි.
මෙවැනි අසාධාරණ ක්‍රියා පසුපස සිටින බේස්බෝල් පරිපාලනයේ එක් නිලධාරියෙකු මේ වන විට බලසම්පන්න චරිත වල නම ඈදා ගනිමින් විවිධ පාර්ශවයන් වලින් ඊට එරෙහිව නැගෙන විරෝධතා මැඩ පැවත්වීමට උත්සාහයක් ගනිමින් සිටින බව ද සැළ වේ.පරිපාලනයේ ක්‍රියා වලට නාමල් රාජපක්ෂ මංත්‍රීවරයාගේ සියළු ආශිර්වාදය හිමිවන බව කියමින් ඊට එරෙහිව නැග එන බලවේගවල ආවේගය මැඩ පවත්වන හෙතෙම යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ඇතැම් ක්‍රීඩකයන්ට එරෙහිව ක්‍රියා කිරීමට ගෝඨාභය රාජපක්ෂයන්ගේ ආශිර්වාදය ලබා ගන්නා බවට අනතුරු අගවමින් සිටියි.
මේ අතර දරුණුම තත්ත්වය ඇති වී තිබෙන්නේ මෙම පුද්ගලයා ක්‍රීඩා පිටි සෙවීම වෙනුවට ඊට එරෙහිව අදහස් දක්වන්නන් සදහා සොහොන්පිටි සෙවීම සිය කාර්යය බවට පත් කර ගෙන තිබීමය.බේස්බෝල්  පරිපාලනයට සම්බන්ධ හිටපු සුපිරිතම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වන ව්‍යාපාරිකයෙකුගේ මැර හමුදාවක් මගින් මෙම කාර්යය කරන බවට විරුද්ධවාදීන්ට පණිවිඩ යැවීම මෙන්ම මධ්‍යස්තව සිටින පුද්ගලයන්ට එම මැරයන් මගින් ආරක්ෂාව ලබා දිය හැකි බව කියමින් ඔවුන් විරුද්ධව මත පළ කිරීමට ඇති ඉඩ වැළක්වීම අලුත්ම සංදර්ශනය වී ඇත.බොහෝ විට එම ව්‍යපාරිකයා රටේ ප්‍රබලතම දේශපාලනඥයෙකුගේ ඥාතියෙකුද බව පවසමින් කරන මේ බිය වැද්දීම් පිළිබදව මීට පෙර නම් සදහන් පුද්ගලයන් මෙන්ම එම ව්‍යාපාරිකයාද නොදන්නවා විය හැකි අතර ඇතැම් විට ඔහු ගේ පවුල් පසුබිම හා සසදද්දී එවැනි මැර හමුදාවන් සමග සබදතා ඇති පුද්ගලයෙකු ලෙස සිතීමට ද අපහසු බව ඒ පිළිබදව කරුණු පැහැදිළි කරන බේස්බෝල් ක්ෂ්ත්‍රයේම පිරිසක් පවසති.
නමුත් මේ වන විට මේ සම්බන්ධයෙන් මරණ තර්ජන එල්ල වූ ඇතැම් පිරිස් සිය ආත්ම ආරක්ෂාව පතා ඒ පිළිබදව පොලිසියේ සටහන් තැබීමට පියවර ගනිමින් සිටින බව ද වාර්තා වේ.
www.supirikrida.com

උතුරු - නැගෙනහිරෙන් ක්‍රීඩා ඇමතිට තිළිණයක්

Ian Daniel
ජනමාධ්‍ය මගින් පෙන්වා දීමෙන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් කරන්නට යෙදුණ කරුණු විමසීමට අනුව පළාත් තරග සදහා ඇතුළත් කළ නව ක්‍රීඩකයන් අතරින් උතුරු නැගෙනහිර කණ්ඩායමට ඇතුළත් කරන ලද ක්‍රීඩකයන් තමන්ට අවස්ථාව ලද පළමු මොහොතේම දස්කම් අතරට පිවිස උතුරු - නැගනහිර කණ්ඩායමට තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා දීමට සමත් විය.මේ දක්වා අපරාජිතව සිටි වයඹ කණ්ඩායමට කඩුලු 7 ක පරාජයක් ළගා කර දෙමින් වයඹ කණ්ඩායමට මේ නිසා තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගැනීමට හැකිවිය.

තේරීම් කමිටුව විසින් හදුනාගත හැකි හේතුවකින් තොරව තරග කිහිපයකට යොදවා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බැහැර කරන ලද කෝසල කුලසේකර වයඹ කණ්ඩායම වෙනුවෙන් ලකුණු 104 ක් ලබමින් තමන් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස යොදා ගැනීමට ඇති ඉඩ - කඩ පහදා දුන් අතර එම ලකුණු 104 ට වාරු වී හෝ වයඹ කණ්ඩායමට ලකුණු 200 දක්වා යාමට නෙහැකි වූ අතර ඔවුන්ගේ ඉණිම ලකුණු 188 දී නතර විය.
ලකුණු 189 ක් වූ ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට උතුරු - නැගනහිර පිළි වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් තේරීම් කමිටුවේ පළමු තේරීම් වලට ඇතුළත් නොවූ ඉයන් ඩැනියල් (92) සහ පබසර වඩුගේ (25) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක සබදතාවයක් පැවත්වීය.අනතුරුව තරගය නිමා කිරීමේ දී දෙවන කඩුල්ල දැවීමෙන් පසුව පිටියට පිවිස ජයග්‍රහණය වාර්තා වන විට නොදැවී ලකුණු 31 ක් ලබා ගත් සහන් විජේරත්න ද තේරීම් කමිටුවේ පළමු තේරීමේ දී කැපී ගිය ක්‍රීඩකයෙකි.
තරගයේ ලකුණු විස්තරය සදහා මෙම සබදතාවය යොදා ගත හැකිය.
http://www.espncricinfo.com/sri-lanka-domestic-2012/engine/current/match/600414.html

තේරීම් වලට හොටු ගෑණියෙක්!

ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධූරයට පාර්ලිමේන්තු මංත්‍රී සනත් ජයසූරිය කැදවීමේ යෝජනාවක් පවතින බවට මාධය මගින් පළ වන වාර්තාත් සමග ක්‍රිකට් කේෂ්ත්‍රයේ බොහෝ දෙනෙකු එය කැහි ගෑණි දී හොටු ගෑනී ගැනීමකට සමානයි යන පිරුළෙන් හදුන්වන්නට පටන් ගෙන ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සාර්ථක ලෙස මෙහෙය වූ නායකයෙකු මෙන්ම,ශ්‍රී ලංකාව බිහිකළ ප්‍රහාරාත්මක පිතිකරුවන් අතර මුල් තැන පසුවන සුවිශේෂී තුන් ඉරියව් ක්‍රීඩකයෙකුද වන සනත් මේ වන විට දරණ පාර්ලිමේන්තු මංත්‍රී ධූරයත් සමග තේරීම් කමිටුව නොගැලපෙන බව ඒ පිරිසගේ අදහස වී ඇත.
පාර්ලිමේන්තු මංර්‍තිවරයෙකුට වගකීම් වැඩියි,ඒ වගෙ තියෙද්දි තේරීම් කමිටුවෙ වගකීම කරන්න බෑ.මෙතනදි ක්‍රිකට් බලන්න වෙනවා.තෝරනවා කියන්නෙ ලිපි ගොනුවල වැඩ කිරීමක් නොවෙයි යනුවෙන් පවසන එම පිරිස සනත් ක්‍රිකට් පරිපාලනයේ කුමන හෝ තනතුරක් දැරීම පිළිබදව ගැටළුවක් නැති වුව ද,තේරීම් කමිටුවට නම් ඔහු නොගැලපෙන බව පෙන්වා දෙයි.
එසේම තවමත් සනත් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන බව ද පෙන්වා දෙන එම පිරිස් එවැනි වට පිටාවක සනත් පැමිණීම සදාචාරසම්පන්න ක්‍රියාවක් නොවන බව ද පවසති.ක්‍රිකට් වෙනුවෙන් කාලය කැප කළ හැකි වැඩි වගකීමකින් තොර චරිත ක්‍රිකට් කේෂ්ත්‍රයේ සිටියදී සනත් වැනි චරිත තෝරා ගැනීමෙන් ක්‍රිකට් වලට පක්ෂ දේශපාලනික මුහුණුවරක් ඇති වෙන බව ද පවසන එම පිරිස් ශ්‍රී ලංකා ක්‍රිකට් හී යාන්ත්‍රණයට තදින්ම බල පෑ ප්‍රවීන ක්‍රීඩකයන් දෙ‍දෙනෙකුගේ සහ ක්‍රීඩක කළමණාකරුවෙකුගේ දේශපාලන අධිපති ධාරාවෙන් ක්‍රිකට් මිදෙමින් පවතින මොහොතක,සනත් පත් කිරීමට සිතීම ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ගැටළු සමග ජීවත්වීමේ ආශාවක් පවතින්නේදැයි සැක උපදවන බවත් එම පිරිස පවසති.
www.supirikrida.com

Jan 25, 2013

රට වෙනුවෙන් උදව් කළ අයට අසාධාරණයක් නොවිය යුතුයි- දැල් පන්දු මෙහෙයුම භාරගත් කපිතාන් ලක්ෂ්ඹි වික්ටෝරියා

ලාංකේය දැල් පන්දුවේ අර්බූද නිමා කරමින් එය අලුත් මාවතකට යොමු කිරීමේ වගකීම පවරාගත් නව දැල්පන්දු සභාපතිණිය කපිතාන් ලක්ෂ්මි වික්ටෝරියා,පසුගිය ආසියාතික දැල්පන්දු සූරතාවලියේ මේ දක්වා අවසන් නොකර ඇති ගෙීම් සම්බන්ධයෙන් කුමක් කරන්නේද යන්න පිළිබදව විමසූ අවස්ථාවේදී පවසා සිටියේ එම ගෙවීම් ලැබීමට ඇති අය රටේ ක්‍රීඩාවට රටට උදව් කළ අය බැවින් ඔවුන්ට අසාධාරණයක් නොවිය යුතු බවය.හිටපු හමුදා නිලධාරීණියක මෙන්ම වර්ථමානයේ බැංකු කේෂ්ත්‍රයේ විධායක නිලධාරීනියකද වන ඇය තමන් සේවය කරන මහජන බැංකුවෙන් එම තරගාවලියේ අනුග්‍රාහකත්වය සම්බන්ධ මුදල අමාත්‍යංශයට පිරිනමා අවසන් බවත් එම නිසා අමාත්‍යංශය සමග සාකච්ඡා කර එම මුදල පිරිනැමීමට ඉක්මණින් අවශ්‍යය වැඩ කටයුතු සකස් කිරීමට හැකි වෙනු ඇතැයි තමා අපේකෂා කරන බවත් පැවසීය.
සිය ප්‍රතිවාදිනිය ලෙස තරග වැදි ට්‍රික්ෂි නානායක්කාර ජයග්‍රහණය කරේනම් මෙම මුදල් නොගෙවන බව පැවසීම පිළිබදවද අප ඇයගෙන් විමසා සිටි අතර ඇය එහිදී කිසිවෙකු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම යුතු නොවන බව පැහැදිළි කරමින් පැවසූවේ එම මුදල් ගෙවීමට ඇත්තේ අපේ රටේ පැවත් වූ තරගාවලියක් සාර්ථක කර ගන්න අත - හිත දුන් පිරිසකට බව පෙන්වා දුන්නාය.තව දුරටත් රටේ ක්‍රීඩාව වෙනුවෙන් එවැනි අය රැක ගැනීම මෙන්ම දිනා ගැනීමද වගකීමක් බව පෙන්වා දුන් ඇය එම නිසා අදාළ මුදල් පියවීමට අමාත්‍යංශය සමග කතා කර ඉක්මන් පියවර ගැනීමට තමන්ට හැකි වෙනු ඇතැයි විශ්වාසය පළ කළාය.
'මම අම්ම කෙනෙක්,ඒ නිසා ක්‍රීඩා කරන වයසෙ දරුවො මටත් ඉන්නවා.මම ක්‍රීඩිකාවො දිහා බලන්නෙත් දරුවො දිහා බලනවා වගේ.ඒ අයට හොදට සළකනවා වගේම ඒ අය හොද දරුවො කරන්න වැරදි කරන වෙලාවට තරවටු කරන්නත් වෙනවා.' නව දැල් පන්දු සභාපතිණි ලක්ෂ්මි වික්ටෝරියා දැල් පන්දු නිලවරණයෙන් සභාපති පදවියට තේරී පත්වීමෙන් පසුව සුපිරික්‍රීඩා වෙත පැවසුවාය.
පසුගිය කාලයේ විනය පිරිහීම සම්බන්ධයෙන් නිතර ඇසුණු කතා පිළිබදව අප කළ විමසීමක දී එසේ පැවසූ ලක්ෂ්මි,ක්‍රීඩිකාවන්ගේ පමණක් නොව නිලධාරිණියන්ගේ විනය පිළිබදවද තමන් සැළකිලිමත් වන බව පෙන්වා දුන්නාය.
හමුදා නිලධාරිණියක ලෙස විනයානුකූලව කටයුතු කිරීම මෙන්ම බැංකු නිලධාරිණියක ලෙස මහජන සම්බන්ධතා යහපත් ලෙස පවත්වා ගෙන යාමත් පිළිබදව තමන් පරිචයක් ලබා ඇති බව පැවසූ ලක්ෂ්මි වික්ටෝරියා, මේ තත්ත්වය ප්‍රයෝජනයට ගෙන විනයානුකූල,සුහදශීලී කැපවීමෙන් ක්‍රියා කරන පිරිසක් බවට ලාංකේය දැල් පන්දු පරිපාලනය පත්කිරීමට සිය කණ්ඩායමට මග පෙන්වීමට හැකි වෙනු ඇතැයි විශ්වාසය පළ කළාය
ජාතික මට්ටමෙන් වගකීම් දරා නැති එහෙත් පළපුරුදු පිරිසක් මෙම නිල කණ්ඩායමට ඇතුළත් වී ඇති බව පෙනෙයි.කෝට්ටේ දැල් පන්දු ඇකඩමියේ ශ්‍යාමා කුරේ ලේකම් ධූරයට පත් වූ අතර පාසල් දැල් පන්දු සංගමයේ ලේකම් සුධර්මා ජයවර්ධන උප ලේකම් ධූරයට පත් වූවාය.වැඩිම ජන්ද ප්‍රමාණයක් වූ 28 ක් හිමිකර ගත් දිනෙලි පිටිගලආරච්චි භාණ්ඩාගාරික ධූරයට පත් වූ අතර වැඩිම ජන්ද පරතරයක් තබා ජය ගත්තේ ජාත්‍යන්තර සබදතා පිළිබද වගකීම දිනා ගත් පළපුරුදු නිලධාරිණියක වන ඔලිවියා ගමගේය.තරග ලේකම් ධූරය සදහා පත් වූ චම්පා අල්විස් නිලවරණයේ ස්වභාවය පිළිබදව විරෝධය පා ඉල්ලා අස් වූ අතර,ඒ අනුව එම තනතුර බොහෝ විට හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක වන සහ ප්‍රබල පුහුණුකාරියක වන සහය  තරග ලේකම් ධූරයට තරග වැද ජයගත් පීඩීඑම් ප්‍රසාදි පත් වූවාය.
එසේම ආසියානු කුසලානය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙද්දී ආසියානු වෙරළ දැල් පන්දු කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමට අවශ්‍යය මාර්ගෝපදේශණය දුන් පුහුණුකාරිය වූ යමුනා සදමාලි උප සභාපතිණියක ලෙස තේරී පත් වූවාය.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා සබැදි මලල ක්‍රීඩාවේ විශාල කීර්තියක් ඇති පිරිස් මෙවර නිලවරණයේදී පරිපාලනයට සම්බන්ධ වීම ද කැපී පෙණුන තත්ත්වයකි.එ අතරින් ජාතික ක්‍රීඩා උළෙලේ ආරම්භක ආරම්භක තරගාවලියේදී උස පැනීමේ සූරිය වූ මුතුලක්ෂ්මී කොඩිකාර (වර්ථමානයේ හෑගොඩ) ද උප සභාපති තනතුරකට පත් විය.අමරා කුමාරි නානායක්කාර උප භාන්ඩාගාරික ධූරයට පත් විය.යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කළ රූබසිංහම්,රූපා ගුණසේකර සහ පදමා මංගලිකා ද උප සභාපතිවරියෝ වූහ.
තරග ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූ චම්පා අල්විස් මෙන්ම,නිලවරණය නීති විරෝධි බවට හඩ නැගූ සභාපති තරගයෙන් පරාජිත වූ ට්‍රික්ෂි නානායක්කාර ද කරන චෝදනා තදින් ප්‍රතික්ෂේප කළ අධයක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි පවසා සිටියේ ඔවුන් පවසන රාජ්‍ය සේවා සංගමය පමණක් නොව ක්‍රියාකාරී තත්ත්වය සළකන්නේ නම් වැඩි සංගම් පිරිසකට ජන්ද බලය අහිමි විය යුතු බවය.නමුත් එම අක්‍රීය සංගම් ද නැවත පුබුදුවාලීමේ අදහසක් ඇතිව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සියළුම ලියාපදිංචි සංගම් වලට ජන්ද බලය ලබා දීමට කටයුතු කළ බවය.
ජන්දය ප්‍රකාශ කිරීමට ඒ ඒ සංගම් වෙනුවෙන් නම් කරන ලද පිරිස් හිටියා.ඒ අය බොහොම සාවධානව තම ඡන්ද ප්‍රකාශ කිරීමට කටයුතු කළා.ඡන්දය පැවති අවස්ථාවේ ට්‍රික්ෂි නානායක්කාර මහත්මිය ප්‍රකාශයක් කිරීමට නැගී සිටියා.මම ඒ අවස්ථාවේ ජන්ද පැවත්වෙන ස්ථානයක
www.supirikrida.com  

විජේකොන්ට මිලියන භාගයක්

IMG_0319 copy.jpgශ්‍රී ලංකාව බිහිකළ සුපිරිතම මීටර් 1500 ධාවකයා වන චමින්ද ඉන්දික විජේකෝන් ගේ නිවසේ ඉදිකිරීම් කටයුතු සාර්ථක කර ගැනීම සදහා රැපියල් ලක්ෂ පහක මුදල් පරිත්‍යාගයක් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශ්‍ය ගත් තීරණයකට ුනුව එම මුදල ක්‍රීඩා අමාත්‍යවරයා විසින් විජේකොන්ට පිරිනැමීම අමාත්‍ය කාර්යාලයේදී සිදු විය.ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා මෙන්ම විජේකෝන්ගේ පුහුණුකරුද එම අවස්ථාවට එක් වූ අතර ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින්  අදාළ මුදල් පරිත්‍යාගය විජේකෝන් වෙත සිදු කළ අයුරු මේ සමග වන ඡායාරූපයෙන් දැක්වේ.
ලුසෆෝනියා ක්‍රීඩා උළෙල දෙකේදීම මීටර් 1500 ඉසව්වේ රන් පදක්කම දිනූ විජේකෝන්,ආසියාතික මට්ටමෙන්  මීටර් 1500 ඉසව්වෙන් ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් එකම ක්‍රීඩකයාද වන්නේය.වර්ථමාන දක්ණු ආසියාතික මීටර් 1500 සූරයාද වන විජේකෝන් එම ඉසව්ව විනාඩි 3:40 ට අඩු කාළයකින් නිමා කළ එකම සහ පළමු ලාංකේය ක්‍රීඩකයාද වන අතර ඔහුගේ වර්ථමාන ජාතික වාර්තාව වන්නේ විනාඩි 3:39.61 කි.වසර දොළහක් වන විජේකෝන්ගේ මලල ක්‍රීඩා ජීවිතයේ එම කාලය තුළ,බිද දමා ඇති ජාතික වාර්තා ප්‍රමාණය ද 12 කි.
www.supirikrida.com

අලුත් ඇමෙරිකානු කළු කුසුමට අවසාන තරගය අහිමි වේ


 ස්ලෝනි ස්ටෙෆාන්
ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී සුපිරි ඇමෙරිකානු ක්‍රීඩිකා ෂෙරීනා විලියම්ස් 3 - 6, 7 - 5 ක් සහ 6 - 4 ක් ලෙස පරාජය කළ ඇමෙරිකාවේස ස්ලෝනි ස්ටෙෆාන් ගේ අවසාන තරගයට පිවිසීමේ බලාපොරොත්තුව වනසා දැමූ ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා බෙල්රුසියාවේ වික්ටෝරියා අසරෙන්කා ස්ලෝනි ට එරෙහිව ලකුණු  6 - 1 සහ 6 - 4 ක් ලෙස පරාජයට කතා කළාය.ෂෙරීනා පරාජය කරන විට ලොව අංක 29 ට ශ්‍රේණිගතව සිටි ස්ලෝනි එම ජයග්‍රහණයත් සමග ලොව 25 වන ස්ථානය දක්වා ඉහළ පැමිණියා ය.

Li Na
නා ලී 



කාන්තා අවසන් පූර්ව තරග වටයේදී තවත් පෙරළියක් සිදු කළ චීනයේ නා ලී ලොව අංක දෙකට ශ්‍රේනිගතව සිටින රුසියාවේ මාරියා ෂරාපෝවා පරාජය කළාය.6 - 2 සහ 6 - 2 ක් ලෙස පහසුවෙන් ෂරාපෝවා ව පරාජයට පත් කළ ලී,ලොව අංක හයට ශ්‍රේණිගතව සිටින්නීය.ඒ අනුව අවසාන තරගයේදී ලී සහ වික්ටෝරියා තරග වදින අතර පිරිමි අවසන් තරගය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් හී අංක එකට සිටින සර්බියාවේ නොවැක් ඩිජොකොවික් සහ අංක තුනට සිටින බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේ සමග පැවත්වෙනු ඇත.
පිරිමි අංශයේදී කාන්තා අංශයේදී මෙන් පෙරළි විශාල වශයෙන් සිදු නොවූ අතර අවසාන ක්‍රීඩකයන් හතර දෙනා ලෙස ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් හී පළමු ක්‍රීඩකයන් සිව් දෙනා තේරී පත් වූහ.එහිදී සුළු පෙරලියක් පෙන්නුම් කළ මරේ, අංක දෙක ක්‍රීඩක ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් පරාජය කළ අතර අංක හතරට සිටින ස්පාඤ්ඤයේ ඩේවිඩ් ෆෙරර් ඩිජොවික්ට පරාජය විය.

Jan 24, 2013

එල්ලේ යෝෂිතව එල්ලා ගනියි

.

ජාතික එල්ලේ සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස යෝෂිත රාජපක්ෂ පත් වනු ඇති බව එහි වත්මන් සභාපති ආනන්ද හරිෂ්චන්ද්‍ර පවසයි.තමාට වඩා වැඩ කිරීමේ වැඩි ධාරිතාවයක් සහ හැකියාවක් ඇති පුද්ගලයෙකු ලෙස යෝෂිත රාජපක්ෂගේ පැමිණිම එල්ලේ ක්‍රීඩාවේ සුභ සිද්ධිය පිණිස වන ආශිර්වාදයක් වනු ඇති බවට අදහස් දක්වන ආනන්ද තමා ඒ සදහා හදවතින්ම ආශිර්වාද කරන බව ද පැවසීය
මාර්තු 30 පැවත්වීමට නියමිත එම නිලවරණයේදී යෝෂිත රාජපක්ෂ නිතරගයෙන් සභාපති ධූරයට පත්වනු ඇති බවට විශ්වාසය පළ කළ දැඩි උත්සාහයක් ගෙන මේ සදහා ඔහුගේ කැමැත්ත දිනා ‍ගැනීමට ලැබීම,එල්ලේ ක්‍රීඩාව ලද වාසනාවක් බව ද පැවසීය.
ආනන්ද හරිෂ්චන්ද්‍ර මේ පිළීබදව අදහස් දැක්වීම සිදු කළේ,සීදූව කොක්පිට් හෝටල් පරිශ්‍රයේ පැවති,ජාතික මට්ටමේ 40 කාන්තා සහ පිරිමි එල්ලේ තරගාවලිය පිළීබදව දැනුවත් කිරීමෙ මාධ්‍ය හමුවේදීය  දිස්ත්‍රික් සහ පළාත් මට්ටමෙන් ක්‍රියාත්මක වී ජාතික තරගාවලියට ප්‍රවේශ වන මෙම තරගාවලියේ දී පළාත් ජයග්‍රාහකයන්ට රුපියල් 25,000 ක මුදල් ත්‍යාගයක් සහ ක්‍රීඩා ඇදුම් කට්ටල ප්‍රදානය කෙරේ.ජාතික මට්මේදී ජයග්‍රාහකයනට රුපියල් ලක්ෂ තුනක් සහ අනු සූරයනට රුපියල් ලක්ෂ දෙකක් පිරිනැමෙන අතර ජයග්‍රාහීකාවනට මුදලින් රුපියල් ලක්ෂයක් සහ අනු සූරියනට රුපියල් 50,000 ක් පිරිනැමීමට නියමිතය.