Oct 27, 2012

ශ්‍රී ලංකාව අද ඇමෙරිකාව සමග ගැටෙයි

පානයේ පැවත්වෙන ජගත් කණිෂ්ඨ කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලියේදී අද ශ්‍රී ලංකාව ඇමෙරිකාවට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.මීට පෙර චීනයට සහ එංගලන්තයට එරෙහිව පැවති තරග වලදී ශ්‍රී ලංකාව පරාජය වූ අතර මේ වන විට හ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගත් එකම තරග ජය වාර්තා කිරීමට සචින් ඩයස් සමත් වූ අතර ඒ එංගලන්තය සමග පැවති තරගයේදි පිරිමි කේවල තරගයේ ජය ලබමින්ය.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලැබීමට තිබූ ජයග්‍රහණ වැළකී යාමට ශ්‍රී ලංකාවේ පරිපාලනයට නිවැරදි දැක්මක් නොතිබීම හේතුව බව පැහැදිළි වූ අතර මුදල් ඇති 16 දෙනෙකු මෙම තරගාවලියට සහභාගි කරවීම,ජාතික මට්ටමේ ඉදිරියෙන් සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි නොකිරීම,ඒ සදහා නිවැරදි සැළසුමක් නොතිබීම සහ අපිළිවෙල යන කාරණා ද  හේතු ව තිබෙන බව පැහැදිළිය.ක්‍රීඩා අමාත්‍යවරයා ද පවතින පරිපාලනය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල චෝදනා මුඛයෙන් කතා කළ ද,පසුගිය කාලයේ සිදු වූ කිසිදු වරදක් සම්බන්ධයෙන් නමට හෝ පරීක්ෂනයක් නොකිරීමට වග බලා ගනිමින් වත්මන් පරිපාලනය රැකීම අමාත්‍යවරයාගේ වචන හා ක්‍රියාව සම්බන්ධයෙන් සැක උපදවන තත්ත්වයක් ඇති කර ඇත.
ඒ නිසාම දිගින් දිගටම බැඩ්මින්ටන් පරිපාලනය කිසිදු සැකයකින් හෝ බියකින් තොරව සිය ක්‍රියාවලිය වගකීමකින් තොරව කර ගෙන යන්නේ ඒ සම්බන්ධයෙන් විවේචන ඇති සහ ක්‍රීඩාවට ආදරය කරන මාධ්‍යය සහ පුද්ගල පිරිස් හාස්‍යයට සහ උපහාසයට ලක් කරමින්ය.
www.supirikrida.com

බොන්ඩ් ගේ සහයට වාස්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවත්විමට නියමිත ටෙස්ට් තරග දෙකේදී නවසීලන්ත කණ්ඩායමේ ‍පන්දු යැවීමේ සහය පුහුණුකරු ලෙස චමින්ද වාස් යොදා ගෙන ඇත.විශ්‍රාම ගොස් වසර දෙකකින් ජාතික කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරට කැදවීම් ලැබූ ෂෙන්ඩ් බොන්ඩ් ගේ සහය පුහුණුකරු ලෙස චමින්ද වාස් පත් කර ගැනීම තුළින් සිය වමත් වේග පන්දු යවන්නන්ගේ පන්දුව පාලනය දෝලනය වැඩි දියුණුකර ගැනීමට විශාල වාසියක් අත්වනු ඇතැයි නවසීලන්තය බලාපොරොත්තු තබයි.
මුත්තයියා මුරලිදරන්ගෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින තරග වල දී වැඩිම කඩුළු ලබා ගැනීමේ ලේඛණයේ ඉදිරියෙන්ම සිටින වාස් සිය ක්‍රීඩා ජීවිතයෙන් සමුගැනීම සදහා ගෞරවණීය අවස්ථාවක් පවා නොලද ක්‍රීඩකයෙකි.සිය රට වෙනුවෙන් විශාල කැපවීමකින් ක්‍රීඩා කරමින් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කැපී පෙණුන වාස්, අදටත් ක්‍රිකට් ලෝකය හදුන්වන්නේ ශ්‍රී ලංකාව බිහිකළ සුපිරිතම වේග පන්දු යවන්නා සහ ලෝකයේ බිහි වූ විශිෂ්ඨතම පන්දු යවන්නෙකු ලෙස ය.
එවැනි ක්‍රීඩකයෙකුට නිවැරදි ගෞරවනීය සමුගැනීමක් හෝ ලබා දීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පසුව හෝ ඔහු ගේ සේවය ලබා ගැනීම කොරෙහි කල්පනා නොකරන තත්ත්වයක් තුළ නවසීලන්තය ලොව බිහිකළ සුපිරිතම දග පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් වෙනුවෙන් ජයග්‍රහණය පිණිස සැකසි  තණතිලි තුළ සිය වේග පන්දුවෙන් අවස්ථා කිහිපයකදිම මුරලිට වඩා සාර්ථක වන්නට සමත් වෙමින් කැපී පෙණින.අවස්ථානෝචිතව පන්දු යැවීමේ උපක්‍රමශීලී ගුණයෙන් වඩාත් ඉදිරියෙන් සිටි වාස් ක්‍රීඩාව ජාත්‍යන්තර වූ පසුබිමක කොදෙව් මානසික මට්ටමෙන් සිතන්නන්ට ඇණ ගසා සිර කර තැබිය නොහැකි බවට හොද සාක්ෂියක් සැපයීමක් ලෙස නවසීලන්තය සිය සහය වේග පන්දු යවන පුහුණුකරු ලෙස වාස් ව තෝරා ගැනීම හැදින්විය හැකිය.
www.supirikrida.com

වව්නියාවේ මේස පන්දු තරගාවලි දෙකක්

ව්නියාව නගරසභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී නොවැම්බර් 10 සහ 11 යන දෙදින තුළ අබාන්ස් අනුග්‍රහය ඇතිව කණිෂ්ඨ වයස් සීමා මේස පන්දු තරගාවලි දෙකක් පැවත්වීමට කටයුතු යොදා ඇත.ආසියානු සහ ජර්මන් හුවමාරු වැඩ සටහන යටතේ පින්ග්පොන්ග් ඇකඩමිය විසින් මෙහෙයවන මෙම තරගාවලි දෙකේ පළමු වැන්න යාපනය දිස්ත්‍රිත් තරගාවලිය නොවැ්බර් 10 දා පැවත්වේ.මෙම තරගාවලිය සදහා ඉල්ලුම් පත් භාර ගැනීමේ අවසාන දිනය නොවැම්බර් 5 දා වන අතර නොවැම්බර් 10 උදෑසන 7.00 ට තරග සටහන එළි දැක්වීමේ කටයුතු සිදු වීමට නියමිත අතර තරගාවලිය පෙ.ව.8.00 ට ඇරඹීමට නියමිතය.
වව්නියා නගරසභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී නොවැම්බර් 11 දා පැවත්වීමට නියමිතව ඇත්තේ උතුරු නැගෙනහිර පළාත් වයස් සීමා කණිෂ්ඨ තරගාවලියය.එම තරගාවලිය සදහා ද ඇතුළත් වීමේ අවසාන දිනය නොවැම්බර් 5 දා වන අතර 11 දා උදෑසන පෙ.ව.7.00 ට තරගාවලි සටහන එළි දැක්වෙන අතර තරගාවලිය පෙ.ව. 8.00 ට ඇරඹේ.තරගාවලි දෙකටම අවුරුදු 9 න් පහළ,11 න් පහළ,13 න් පහළ,15 න් පහළ,17 න් පහළ සහ 19 න් පහළ ලෙස වයස් ඛාණ්ඩ යටතේ බාලක බාලිකා තරග ඇතුළත් වේ.
www.supirikrida.com

Oct 26, 2012

එංගලන්තය පැරදවීමේ උත්සාහය ව්‍යර්ත වෙති

පානයේ පැවත්වෙන බැඩ්මින්ටන් කණිෂ්ඨ කණ්ඩායම් සූරතාවලියේදී එංගලන්තය පරාජය කිරීමට තිබුණු අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියේ එංගලන්තයට තරග 4 - 1 ක ජයක් හිමි වෙමින් ය.ශ්‍රී ලංකාව වෙනුවෙන් මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ සිසුවෙකු වන සචින් ඩයස් එකම ජයග්‍රහණය ලබා දුන් අතර සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දක්ෂතා දැක්වීමට අපොහොසත් වීම මෙම පරාජයට හේතු විය.
ශ්‍රී ලංකා ජාතික සූරිය වන තිළිණි ප්‍රමෝදිකා හෙන්දහේවා පිළිබදව විශාල බලාපොරොත්තුවකින් පසු වුවද ඇය තියුණු තරගයකින් පසුව එංගලන්තයේ ක්ලෝ බ්‍රිච් අතින් පරාජය වූවාය.ප්‍රථම වටය ලකුණු 21 - 14 ක් ලෙස ජයගත් එංගලන්ත ක්‍රීඩිකාවට තියුණු තරගයක් ලබා දෙමින් පෙරට පැමිණි ශ්‍රී ලංකා ජාතික සූරිය අවසානයේ එම තරග වටය ද 20 - 22 ලෙස පරාජය වීමෙන් ක්ලෝට තරග වට 2 - 0 ක ජයක් හිමි වූවාය.
බැඩ්මින්ටන් පරිපාලනයේ අපිළිවෙල නිසා පළමු මොහොතේම තරගාවලියට මුදල් අනුග්‍රහයක් නොලැබෙන බව කී නිසා ජාතික මට්ටමේ දක්ෂ කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම තරගාවලියට ඉදිරිපත් නොවූ අතර පාසල් සංගමයෙන් නිසි පරිදි දක්ෂ දක්ෂයන්ගේ නම් ලබා නොදිම නිසා ඉල්මි වරංගනා වැනි කණිෂ්ඨ ක්‍රීඩිකාවකට ද මෙම තරගාවලිය අහිමි වූවාය.ඒ ගැන කරුණු පැහැදිළි කළ ජාතික බැඩ්මින්ටන් සංගමයේ පාලිත හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේ ජාතික සංගමයේ ඉල්ලීම පරිදි පාසල් සංගමයේ ලේකම්වරයා විසින් යොමු කරන ලද නාම ලේඛණයේ ඉල්මි වරංගනා ගේ නම නොමැති බව ය.
කෙසේ හෝ මෙම සංචාරයට වැඩිම පිරිසක් සහභාගි කිරීමේ අවස්ථාව ලබනු වෙනුවට දක්ෂයන් කිහිප දෙනෙකු පමණක් සහභාගි කළේ නම් සහ වැඩි පිරිිසකට අවස්ථාව ලබා දෙනු වෙනුවට දක්ෂයන් පමණක් තරග සදහා යෙද වූයේ නම් තරග ජයග්‍රහණයට ද අවස්ථාවක් තිබුණු බව එංගලන්ත තරග ප්‍රතිපල වලින් පැහැදිළි කර ගත හැකිය.
සබදතාවය - http://bwf.tournamentsoftware.com/sport/teammatch.aspx?id=A054CF3F-1362-4F98-B775-49147DA40D16&match=50
එංගලන්තය සිය රටේ ජයග්‍රහණය වෙනුවෙන් මෙම තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු පමණක් සහභාගි කර ඇති අතර එහෙත් රටේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් තරගය සදහා යොදා ගත්තේ පස් දෙනෙකු පමණි.ශ්‍රී ලංකාව තරග නැරඹිමටත් සමග 16 දෙනෙකු ගේ කණ්ඩායමක් සහබාගි කර ඇති අතර සචින්,බුවනෙක,ෂුස්මිතා සහ තිළිණි වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි තරග ප්‍රමාණයකට යෙදවීම වෙනුවට ඔවුන් වැඩි පිරිසකට අවස්ථාව ලබා දීමට යාමෙන් රටට ලබා ගත හැකි ජයග්‍රහණ වළකා ගෙන ඇත.ඒ බව වැඩි දුරටත් පැහැදිළි කර ගැනීමට එහත දක්වා ඇති සබදතාවය ඔස්සේම පරික්ෂා කර එංගලන්තය තරග සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොදවා ඇති ආකාරය විමසා බැලීමට හැකිය.
www.supirikrida.com

ඉණමගට පයින් ගැසූ ලැබ්රෝයි ගේ කතාවට දෙපිටින් යන්න ක්‍රීඩා සමාජ බෙදති

මිගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස අන්තර්ජාතික ක්‍රිකට් තලයට පිවිසීම සදහා සීසීසී ක්‍රීඩා සමාජයේ වාරුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පිවිසි ග්‍රේම් ලැබ්රෝයි අද තරග තීරකයෙකු වන අතර ඔහු ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඔවුන් සීසීසි ක්‍රීඩා සමාජය ඇතුළු ක්‍රීඩා සමාජ කිහිපයක වරප්‍රසාද උල්ලංඝණය වන පරිදි ගෙන ඇති තීරණය සාධාරණ කිරීමේ කතාව කිරීමට ඉදිරිපත් වූයේ නැගපු ඉණිමගට පයින් ගැසූ මිනිහාගේ කතාව සිහිපත් කරමින්ය.
නමුත් අමාත්‍යංශය වෙනුවෙන් පැමිණ සිටි ලේකම්වරයාට ද ක්‍රිකට් ක්‍රීඩාවට සහ ක්‍රීඩා සමාජ වලට හානිය පෙන්වා දෙමින් තර්කාණුකූලව කරුණු දැක්වූ ක්‍රිකට් ක්‍රීඩා සමාජ නියෝජිතයෝ අමාත්‍යංහ ලේකම්වරයා ඇතුව විද්වත් පිරිසට කරුණු පැහැදිලි කිරිමෙන් පසුව සිය යෝජනා ඉදිරිපත් කිරිමට අවස්ථාවක් දිනා ගැනීමට සමත් වූහ.ඒ අනුව ඒ සාකච්ඡාව දෙසැම්බර් 03 දා නැවත සාකච්ඡාවක් පැවත්විමට නියමිතය.
www.supirikrida.com

ලංකා පන්දු රකින්නියෝ නේපාල ජය වළකති

මේ දිනවල ආසියානු 20 / 20 කාන්තා කුසලාන තරගාවලිය චීනයේ ගුවැන්ෂු හී ක්‍රියාත්මක වන අතර එහිදී ශ්‍රී ලංකාව සිය ප්‍රථම තරගයේදී නේපාලය පරදා ලකුණු 20 ක ජයක් ලබා ගැනීමට සමත් විය.කාසියේ වාසිය ලබමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකාරිණියන් අත්දැකීම් අඩු නේපාල පන්දු යවන්නියන් ඉදිරියේ කඩුලු පූජා කරමින් පන්දු ඕවර් 20 තුළ ලකුණු 78 ක් පමණක් ලබා ගත් අතර පස්වන කඩුල්ලට නායිකා ශෂිකලා සිරිවර්ධන සහ ඩිලානි මනෝදරා එක් කළ ලකුණු 26 ක සබදතාවය නොවන්නටනම් ශ්‍රී ලංකාව ඊටත් වඩා අසරණ වන්නට තිබිණ.
රුබීනා චෙට්රි ඉදිරියේ දැඩි අසරණභාවයට පත් ශ්‍රී ලංකා පිතිකාරිණයේ ඇයගේ පන්දු ඕවර් 4 තුළ ලකුණු 7 ට කඩුලු 4 ක් ම පූජා කළහ.නායිකා ශෂිකලා සිරිවර්ධන (23),ඩිලානි මනෝදරා (15) සහ සදමාලි දොලවත්ත (11) පමණක් ඉලක්කම් දෙකේ සීමාවට පිවිසි අතර පන්දු ඕවර් 20 තුළ ශ්‍රී ලංකාව කඩුලු 8 ට ලකුණු 78 ක් රැස් කිරිමට සමත් විය.
පිලිතුරු ඉණිමට පිවිසි නේපාල ක්‍රීඩිකාවෝ සිය අත්දැකීම් මදකම හේතුවෙන් අනවශ්‍යය කළබලයක් පෙන්නුම් කළ අතර එහි ප්‍රතිපලය වූයේ කඩුලු හතරක්ම දුවද්දි දැවී යාම් නිසා නේපාලයට අහිමිවීමය.පන්දු යවන්නියන්ට පන්දු රකින්නියන්ගෙන් ලද සහයෝගය නිසා එකදු නේපාල ක්‍රීඩිකාවකට හෝ ඉලක්කමි දෙකේ සීමාවට පිවිසීමට නොහැකි වූ අතර පන්දු ඕවර් 20 නිමා වන විට කඩුලු නවයක් ලැබී ලබා ගැනිමට හැකි වුයේ ලකුණු 58 ක් පමණි.පිත්තෙන් ලකුණු 23 ක් ද පන්දුවෙන් ලකුණු 8 ට කඩුලු 2 ක් ද දවා ගනිමින් තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දක්ෂතා පෙන් වූ ශෂිකලා සිරිවර්ධන තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වූවාය.තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය තෙරපීමෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/ci/engine/match/584918.html
ශ්‍රී ලංකාව හෙට චීනය සමග තරග වැදීමට නියමිතය.මෙම තරගාවලියට ආසියාවේ ක්‍රිකට් ආධිපත්‍යය දරා සිටින දකුණු ආසියාතික රටවල් වලට අමතරව චීනය සමග තායිලන්තය ද ඉදිරිපත් ව සිටියි.
www.supirikrida.com

ලංකා යෞවනයන්ගෙන් ඉරානයට හොද සටනක්

රානයේ ටෙහෙරාන් නුවර අෂාඩි ක්‍රීඩා සංකීරණයේ පැවත්වෙන ආසියානු යොවුන් බාලක වොලිබෝල් සූරතාවලියේදී ශ්‍රී ලංකාව ඹූලික වටයේ දී වත්මන් සූරතාවය දිනා සිටින ඉරානය ඉදිරියේ වට 3 - 0 ක පරාජයක් ලැබුව ද,හොද සටනක් ලබා දීමට සමත් විය.ආසියානු සූර ඉරානය ප්‍රථම වටය ලකුණු 25 - 22 ක් ලෙස ජයගත් අතර දෙවන වට සහ තෙවන වට ජය ගනු ලැබුවේ ලකුණු 25 - 18 සහ ලකුණු 25 - 18 ක් ලෙස ය.
Mens_Volleyball_gameශ්‍රී ලංකාව මෙම දක්ෂතා සමග වර්ගීකරණ වටයට පිවිසෙන විට යළිත් ප්‍රබල අභියෝගයට යටත් වන අතර කණ්ඩායම් දෙකක් මූලික වටයේ තරග වලදී ශ්‍රී ලංකාව තරග වැදි කාණ්ඩයෙන් ඉවත් වීම හේතුවෙන්ය.ඒ අනුව මොංගෝලියාව සහ කුවේටය ඉවත් වූ බැවින් ශ්‍රී ලංකාවට ඉරනයට පරාජය වී එම කොටසේ අනු සූරයන් වන්නට හැකි වූ අතර ඒ අනුව වර්ගී කරන වයයේ දී යළිත් ඉරානය සහ දකුණු කොරියාව සමග තරග වැදීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත.
වර්ගීකරණ තරග වටයෙන් පසුව ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේ තරග සදහා පිවිසෙන අතර එහිදී මෙම තරගාවලියේ ස්වභාවය අනුව ශ්‍රී ලංකාවට තරගාවලියේ මුල් ස්ථානයක් සදහා තරග වැදීමට දක්ෂතාවයට වඩා තරග කාල සටහනේ ස්වභාවය අනුව ගැටළුව යෙදී ඇත්තේ වාසනාව සම්බන්ධයෙන්ය.
www.supirikrida.com