Oct 6, 2012

සුපිරි ක්‍රීඩා සංස්කාරක 20 / 20 අවසන් තරගය විචාරයට ශ්‍රී ටීවී සමග එක් වෙයි

මෙවර 20 / 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවත්වෙන අවසාන තරගය පිළිබදව සජීවි විස්තර විචාරයට www.supirikrida.com වෙබ් අඩවියේ සංස්කාරක නිශ්මං රණසිංහ එක් වීමට නියමිතය.තරගාවලියේ අවසාන පූර්ව තරගයේ සිට නිල සජීවි විකාශය සම්බන්ධයෙන් ඇති කොන්දේසි උල්ලංඝණය නොකරමින් තරගය පිලිබදව සජිවි තොරතුරු වාර්තා කරණයක නියැලෙන නිශ්මං හෙට අවසන් තරගයේදී ද ශ්‍රී ටීවී සමග එක් වීමට නියමිතය.
රටවල් 150 ට වැඩි සංඛ්‍යාවක ලාංකිකයන් උදෙසා තොරතුරු සම්පාදනයේ ලා වගකීමෙන් හැසිරෙන මාධ්‍ය ජාලයක් වන ශ්‍රී ටී වී මීට පෙර ද අවස්ථා කිහිපයකදීම සිය ක්‍රීඩා වාර්තාකරණයේදී නිශ්මං ගේ සහය ලබා ගෙන ඇත.අන්තර්ජාලය ඔස්සේ මෙම සැටලයිට් චැනලයට සම්බන්ධ වීමට www.justin.tv/sritvlk හරහා ද අවස්ථාව සළසා ගැනීමට හැකියාව ඇත.
www.supirikrida.com

ගේල් ප්‍රමුඛ කොදෙව් පිතිකරුවෝ ඕස්ට්‍රේලියානු බලාපොරොත්තු සංහාරය කරති

The West Indies team dances to celebrate victory over Australiaක්‍රිස් ගේල් ඇතුළු කොදෙව් පිතිකරුවෝ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ බලාපොරොත්තු සියල්ල සුන්නද්දූලි වන ප්‍රහාරයක් එල්ල කරමින් මෙවර 20 / 20 ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායමක් එක් ඉණිමක රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින් කඩුලු 4 ලකුණු 205 ක් ලබා ඕස්ට්‍රේලියාවට ලකුණු 74 ක පරාජයක් අත් කර දුන්නේය.ක්‍රිස්ගේල් පන්දු 41 දී නොදැවී ලකුණු 75 ක් ලබා ගැනීමට සමත් වූයේ කොදෙව් ඉණිමේ නියමුවා වෙමින්ය.ගේල්  හයේ පහර හයක් සහ ඩ්වේන් බ්‍රාවෝ සහ කෙරන් පොලාඩ් හයේ පහර තුන බැගින් ද එල්ල කළ අතර මාලන් සැමුවෙල්ස් හයේ පහර දෙකක් එල්ල කළේය.හයේ පහර 14 ක් සහ හතරේ පහර 13 ක් එල්ල වූ කොදෙව් ප්‍රහාරයෙන් වැඩියම බැට කෑ පන්දු යවන්නා වූයේ ෂේවියර් ඩොරතිය.ඔහු පන්දු ඕවර් 3 ක් තුළ ලකුණු 48 ක් ලබා තිබුණු අතර කොදෙව් ඉණිම නිමා වූ ඕවරයේදී ඩොරතිට එරෙහිව ලකුණු 25 ක් රැස් විණ.
පිලිතුරු ඉණිමට පිවිසි ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තරගාවලිය පුරාම ලකුණු අතර සිටි වොට්සන් මෙන්ම ඔහු සමග හොද ආරම්භක සබදතාවයක් පැවත් වූ ඩේවිඩ් වර්නර් ද ලකුණු 205 පීඩනයෙන් ඇති කර ගත් තැති ගැන්මෙන් අඩු ලකුණු ගණනකට දැවී ගියේය.නමුත් නායක ජෝජ් බේලි පන්දු 29 ක ට ලකුණු 63 ක් ලබා ගත්තේය.එහෙත් ඔහුට සහයට කිසිවෙකු නොවුණු බැවින් ඕස්ට්‍රේලියා ඉණිම ලකුනු 131 ට සීමා විය.
ඒ අනුව දැවැන්ත ලකුණු ප්‍රමාණයක් රැස් කරමින් ප්‍රතිවාදීන්ට විශාල ලකුණු ගණනකින් පරාජය අත් කළ කොදෙව් කණ්ඩායම ලකුණු 139 ක් වැනි ලකුණු ගණනකින් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කර ලත් ශ්‍රී ලංකාව සමග අවසාන තරගයට මුහුණ දීමට නියමිතය.ඒ අනුව අවසාන තරගයේදී කොදෙව් පිතිකරණ ප්‍රචණ්ඩත්වයට එරෙහි ශ්‍රී ලංකා කණ්ඩායමේ උපක්‍රමශීළී පන්දු යැවීමේ සටන ක්‍රියාත්මක වන්නේ කොස්දැයි යන්න නරඹන්නන්ගේ ආනන්දයට හේතු වනවා නිසැකය.
කොදෙව් , ඕස්ට්‍රේලියා තරගයේ ලකුණු විස්තරයා පහත සබදතාවය තෙරපීමෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533297.html

www.supirikrida.com


ක්‍රිකට් මුල් අයිතිකාරයෝ කම්බායෙන් විලි වසා ගනිති


එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව ක්‍රිකට් මුල් අයිතිකාරයෝ වුව ද,මෙවර 20 /20 ලෝක කුසලාන තරගාවලියේ අවසාන තරගයට පිවිසෙන්නට එම කන්ඩායම්  දෙකෙන් එකකටවත් අවස්ථාවක් නොලැබිණි.නමුත් සිය ඓතිහාසික පෞඩත්වය රැක ගනිමින් කාන්තා එංගලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අද පැවත්වෙන කාන්තා 20/20 අවසාන තරගයට තරග වැදීමට නියමිතය.

Julie Hunter finished with 5 for 22
ජූලි හන්ටර් 
ලෝකයේ ක්‍රිකට් ව්‍යප්තිය සිදුවන වේගය කාන්තා ක්‍රීඩාව කෙරෙහි එතරම් බලපෑමක් ඇති නොකිරීමත් අයිසීසී ය වුව ද,කාන්තා ක්‍රිකට් අවර ගණයේ සැළකිල්ලට ලක් කිරිමත් නිසා ක්‍රීඩාවේ වර්ධනය යම් මට්ටමකින් පහත තිබෙන බව පිලිගත යුතුය.එසේම ආසියාකරයේ කාන්තාවට එහි ඇති සම්ප්‍රදායන් විසින් ඇති කරන්නට යෙදෙන බලපෑමද ගත් විට කානිතා ක්‍රීඩාවේ පිබිදීමට යම් බලපෑමක් එල්ල වීම නිසා පිරිමි ක්‍රීඩාවේ දැවැන්තයන්් වන ආසියාකරය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවෙන් තවමත් සිටින්නේ තොටිලි වැට අල්ලන තත්ත්වයකය.
 කෙසේ හෝ වර්ථමානය වන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ යම් පෙරළිකාර කණ්ඩායමක් වෙමින් සීඝ්‍ර වර්ධනයක් පෙන්වමින් සිටින අතර‍ මෙවර අවසාන පූර්ව තරගයේදී ඔවුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු ලබා ගැනීම පහත හෙලුව ද,එය රැක ගෙන ඉදිරියට ඒමට කොදෙව් පිතිකාරිනියන්ගේ වෘත්තීය මට්ටමේ පසුගාමී තත්ත්වය තදින් බලපානු පෙණින.ජුලී හන්ටර් විසින් කොදෙව් පන්දු යවන්නියන් ලබා ගත් වාසිය එංගලන්ත පිතිකාරිනියට ලබා ගැනීමට ඉඩ නොතබා විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ අතර ඇය ලකුණු 22 ට කඩුලු 5 ක් දවා ගත්තේය.තරගයේ ලකුණු සටහනට මෙම සබදතාවය හරහා පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/icc-womens-world-twenty20-2012/engine/current/match/533312.html

www.supirikrida.com

ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන්ට තවත් පරාජයක්

තායිලන්තයේ පැවත්වෙන 16 වන ආසියානු කාන්තා කණිෂ්ඨ යොවුන් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසිලන්තය අතර පැවති තරගයෙන් වට 3 - 0 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.තරගයේ ලකුණු තත්ත්වය ලකුණු 25 - 10 ,26 - 24 සහ 25 -18 ලෙස වාර්තා විය.
මූලික වටයේ තරග වලදී ශ්‍රී ලංකාව දක්වන ලද දස්කම් පදනම් කරගෙන දෙවන වටය ක්‍රියාත්මක වන වන විට ජී කාණ්ඩයට ඇතුළත් කර ඇති අතර ඒ අනුව ජී කාණ්ඩයේ තරග දෙකක් සදහා ශ්‍රී ලංකාව සහභාගි වීමට නියමිත අතර නවසීලන්තය සමග පැවති තරගය එම කාණ්ඩයේ  ශ්‍රී ලංකාව සහභාගි වූ ප්‍රථම තරගය විය.අද දෙවන තරගය ලෙස කුවේට් කණ්ඩායම සමග තරග කිරීමට නියමිත අතර එය අපහසුවකින් තොරව ජය ගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට තිබෙන බව පැහැදිළිය.
අද තරගයෙන් පසුව ශ්‍රී ලංකාවට ශ්‍රේනිගත කිරීමේ තරග සදහා සහභාගි වීමට ලැබෙනු ඇති අතර ශ්‍රී ලංකාව සිටින ජී කාණ්ඩයේ හොංකොං සහ කුවේට් කණ්ඩායම් අතර පැවති තරගය නිමාවට පත් වූයේ 25 - 3,25 - 3 සහ 25 - 5 ක් ලෙස ය.මෙම තරග වටයේ ඊ කාණ්ඩයේ තරග යටතේ තායිලන්තය 3 - 0 ක් ලෙස කසකස්තානයත්,දකුණු කොරියාව 3 - 0 ක් ලෙස ඉරානයත් පරාජයට පත් කිරීමට සමත් විය.එෆ් කාණ්ඩයේ තරග අතරින් චීනය ජපානය වට 3 - 0 ක් ලෙස පරාජය කළ අතර චීන තායිපේ කණ්ඩායම ඉන්දියාව පරාජයට පත් කළේද වට 3 - 0 ක් ලෙස ය.එච් කාණ්ඩයෙන් වියට්නාමය සහ ටර්කිමෙනිස්තානය තරග වැදි අතර එම තරගයේ ජය වට 3 - 0 ක් ලෙස වාර්තා විය.ඕස්ට්‍රේලියාව වට 3 - 1 ක් ලෙස මොංගෝලියාව පරාජයට පත් කළේය.
www.supirikrida.com

ලී-නින් වෙළද සේවා විවෘත බැඩ්මින්ටන් තරග‍ාවලිය ගල්කිස්සේදී

වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය 29 වන වරටත් මෙහෙයවන විවාත බැඩ්මින්ටන් තරගාවලිය ඔක්තෝම්බර් 24 දා සිට 28 දා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩා සංකීරණයේදි පැවත්වීමට නියමිත ය.ශ්‍රී ලංකාවේ ලී -නින් ‍ක්‍රීඩා භාණ්ඩ බෙදාහැරීමේ එකම නියොජිතයන් ලෙස ඩී සැම්සන් සහ පුත්‍ර සමාගම මෙම තරගාවලිය සදහා ලී -නින් වෙළද නාමය යටතේ අනුග්‍රහය දැක්වීම නිසා ජගත් කෙළිබිමේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ භාවිතා වන ඉහළම ක්‍රීඩා භාණ්ඩ නාමයක අනුග්‍රහයක් මෙම තරගාවලියට එකතු වී ඇත.
                                විවෘත තරගාවලිය කාන්තා සහ පිරිමි අංශයේ කේවල සහ යුගල තරග ලෙසත් මිශ්‍ර යුගල තරග ලෙසත් පැවත්වෙන අතර ජ්‍යේෂ්ඨ අංශයේ පිරිමි කේවල සහ යුගල තරග වයස 40 න් ඉහළ තරග ලෙස ක්‍රියාත්මක වන අතර එම කාන්තා කේවල සහ යුගල තරගවල දී  වයස් සීමාව අවුරුදු 35 න් ඉහළ ලෙස දක්වා ඇත.
ප්‍රවීන පිරිමි කේවල සහ යුගල තරග ක්‍රියාත්මක වන්නේ අවුරුදු 50 න් ඉහළ තරග ලෙසයි.
මෙම තරගාවලිය සදහා අයදුම්පත් ඔක්තෝමබර් 12 දා ට ප්‍රථම ලේකම්,වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය,ජයලත් ගොඩනැගිල්ල,අංක 65/1,දෙවන මහළ,නාවල පාර,නුගේගොඩ යන ලිපිනයට යොමු කළ යුතුය.තරගාවලිය සම්බන්ධ වැඩි තොරතුරු වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයේ උප සභාපති රොෂාන් ප්‍රනාන්දු (දුරකථන අංකය -0772 442432) වෙතින් හෝ ලේකම් මෝදිත ජයසේකර දු (දුරකථන අංකය -0714 900631)  වෙතින් දැන ගැනීමට හැකි අතර වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයේ නිල වෙබ් අඩවියෙන්ද (http://www.mercantilebadminton.lk/) ලබා ගැනීමට හැකියාව ඇත.
www.supirikrida.com

Oct 5, 2012

කුසලානයට තට්ටු කරන්නට ලංකාවට තව පොඩ්ඩයි

Sri Lankan fans celebrate their team's victoryමෙවර 20 / 20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වයේ අභිමානය සමග ලෝක කුසලානය දිනා ගැනීමේ අභිමානය ද මුස් කිරීමට හ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දරණ වෑයමේ උච්ච පලය වෙත තවත් පියවරකින් ළගා වන්නට අවසන් පූර්ව තරගයෙන් අති විශිෂ්ඨ ජයක් ලැබූ ශ්‍රී ලංකාවට හැකි විය.තරගයට පෙර සිටම ක්‍රීඩා විචාරකයන් පැවසූ පරිදි තීරනාත්මක කාසියේවාසිය දිනා ගැනිමට මහේල ජයවර්ධන සමත් වීමත් සමග එම තණතීරුවේ ගත හැකිව තිබූ හොදම තීරණය වූ පන්දුවට පහරදිම සදහා තීරණය කළේය.
ආරම්භක පිතිකරුවන් ලෙස ඩිල්ෂාන් සහ මහේල මේ තරගයේදී ද සිය වගකීම ඉටු කළ අතර 11 වන පන්දු ඕවරයේ ලකුණු 63 ක් ව තිබිය දී පළමු කඩුල්ල ලෙස මහේල දැවී ගියේය.ඩිල්ෂාන් පන්දුවට පහර දීමේ අසීරුතා සහිත එම තණතිල්ලේ නැංගුරම් ලා ගනිමින් සෙසු පිතිකරුවන් ට ප්‍රහාරාත්මක වීමට අවශ්‍යය පසුබිම සකස් කරමින් කඩුල්ල රැක ගත් අතර ඔහු 18 වන ඕවරයේ දී ලකුණු 35 ට දැවී යාමෙන් ලකුණ 150 සීමාව පිළිබදව දුටු සිහිනය බොද වී යන්නට පටන් ගත්තේය.නමුත් ඩිල්ෂාන් ගේ කඩුල්ල රැක ගැනීම නිසා පන්දු ඕවර 20 තුළ කඩුලු 4 ක් පමණක් අහිමි කර ගැනීමෙන් සීමා වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 139 ක් ලබා ගත්තේය.
තණතීරුවේ හැසිරීම සමග එම ලකුණු 139 ආරක්ෂා කර ගැනීමට හැකි ශක්තියක් ශ්‍රී ලංකා කණ්ඩායමට තිබෙන බව පැහැදිළිව පෙනෙන්නට තිබුණ ද,කිසිවෙකුට පන්දු යැවීමෙන් හෝ රැකීමෙන් තර්ජනයක් එල්ල කිරීමට ඉඩක් නැති තරමට පකිස්තානු කණ්ඩායම ද ශක්තිමත් පිතිකරණ නාමාවලියකින්  යුතු බැවින් තරගය විවාත ස්වභාවයක් ගෙන තිබිණ.නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් වගකීම ඉටු කිරීම තුළ ත් නිසි පරිදි ඔවුන් ව මෙහෙයවීමෙන් මහේල ජයවර්ධන දැක් වූ අති විශිෂ්ඨ නායකත්වයක් මත ශ්‍රී ලංකාවට ජය ගැනිම අපහසු නොවිණ.විශේෂයෙන් පන්අවසාන දු රැකීමේදී ලසිත් මාලිංග හැරෙන්නට අන් සියළු පන්දු රකින්නන් සිය වගකීම උපරිමයෙන් ඉටු කිරීම අවසාන තරගයට පා තබන ශ්‍රී ලංකාවට විශාල ආශිර්වාදයක් මෙන්ම සැනසිල්ලක් ද වනු නිසැකය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533296.html යන සබදතාවය ඔස්සේ තරගයේ සමස්ත ලකුණු විස්තරයට පිවිසිය හැකිය.
www.supirikrida.com

පාසල් ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් තාරුණ්‍යයට හෙටක් සත්කාර කරයි

මේ රටේ පසුගිය දිනවල පැවති ජාත්‍යන්තර ක්‍රීඩා  ඉසව් වලට මැදිහත් වීමෙන් ලංකාවේ ක්‍රීඩාවන් කෙරෙහි ආධාර අනුග්‍රහ දක්වන ආයතන යම් මූල්‍යමය ගැටළුක සිටිය දී ඒ තත්ත්වය විශාල වශයෙන් අවම කොට නාමල් රාජපක්ෂ මංත්‍රීවරයා සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානය මෙවර සමස්ත ලංකා ක්‍රීඩා උළෙ පැවත්වීම සදහා ලබා දෙන අනුග්‍රහය ඉතා ඉහළින් අගය කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.උදෑසන  කිරි වීදුරුවේ සිට ප්‍රවාහන කටයුතු වල ට ආදිය තාරුණ්‍යයට හෙටක් සංවිධනය දක්වන සහයෝගය ඉතා ඉහළින් අගය කළේය.
කොළම සිට මාතරට විශේෂ දුම්රිය සේවයකින් පිවිසෙන පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්  මාතර නගරයේ සිට බෙලිඅත්ත ඩිඒ රාජපක්ෂ ක්‍රීඩාංගණය ආසන්නයේ සකසා ඇති නවා තැන් පොළවල් වෙත ගෙන යාමට අවශ්‍යය ප්‍රවාහන පහසුකම් සැළසීම ද තාරුණ්‍යයට හෙටක් සංවිධානය මගින් සිදු කර තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.එසේම තරගාවලිය පැවත්වෙන අතර තුර ලැබෙන විවේකයන් හී,සුරියවැව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය,හම්බන්තොට වරාය,මත්තල ගුවන් තොටුපළ ආදිය නරඹිම සදහා පාසල් සිසුන්ට සහ ඔවුන් කැටුව එන ගුරුවරුන්ට නොමිළේ ප්‍රවාහන පහසුකම් සැළසීම ද තාරුණ්‍යය හෙටක් සංවිධානය භාර ගෙන ඇත.
තරගාවලියේ තොරතුරු සජීළුීව වාර්තා කිරීමට සීඑස්එන් රූපවාහිණිය ඉදිරිපත් වී තිබීම නිසා උතුරු නැගෙනහිර ආදී ප්‍රදේශවල සිට ලංකාවේ බොහෝ දුර බැහැර ප්‍රදෙශවල සිටින පිරිසටද,සිය දුවා දරුවන්,සහෝදර සහෝදරියන් ජාතික මට්ටමෙන් තරග වැදීමට තරමට දැක් වූ කුසලතාවයන් නිවසේ සිට නැරඹිමට අවස්ථාව හිමි විමද සමස්ත ලංකා පාසල් තරග උළෙල ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ අත්දැකීමක් වනු ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා,සෙසු මාධය ආයතන ද හැකි පමණින් මේ සදහා දායකත්වය සපයනු ඇති බවට තමා විශවාස කරන බව ද කීවේය.
www.supirikrida.com