Jul 15, 2012

සමන් ජයන්ත සහ තේරීම් කමිටුවේ අන්ධයාගේ තොරණ ගැන ඇමති අවධානයට


ශ්‍රී ලංකාවේ අවසාන වරට පැවති 20 - 20 තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ සමන් ජයන්ත ශ්‍රී ලංකාවේ පැවත්වෙන SLPL 20 - 20 තරගාවලියේ දී කිසිදු කණ්ඩායමකට ඇතුළත් කිරීමට කටයුතු කර නැති අතර මේ පිළිබදව මාධ්‍ය කිහිපයක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීමට කටයුතු කිරීමට සූදානම් බව ද සුපිරික්‍රීඩා වෙත වාර්තා වෙයි.ක්‍රීඩයන් තෝරා ගැනීමට කටයුතු කළ තේරිම් කමිටුවේ නිලධාරීන් මේ සදහා පසුගිය තොරතුරු ගවේශණය කිරීම කෙතරම් නොසැළකිල්ලෙන් කර ඇත්දැයි තේරුම් ගැනීමට එහිදී සමන් ජයන්ත පිළිබදව විමසිමෙදි එම තේරීම් කළ අයෙකු සමන් ජයන්ත අවසානයට පැවති තරගාවලියට ක්‍රීඩා කර ඇත්දැයි විමසීම කදිම උදාහරණයකි.
විශාල මුදල් සංසරණයක් සිදුවන මෙවැනි තරගාවලියක දී ආසන්නම දක්ෂතාවයන් නිරීක්ෂණයේදී ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා පිළිබදව තේරීම් කමිටුව නොදැන සිටීම මෙන්ම නොසළකා සිටීම ද,හාස්‍යයට මෙන්ම සැක උපදවන කරුණකි.මේ සම්බන්ධයෙන් ක්‍රිකට් තරගාවලියේ සංවිධානය මෙන්ම ක්‍රීඩා පරිපාලනයද අවධානය යොමු කිරීම සහ පරීක්ෂණයක් පැවත්වීම අත්‍යවශ්‍යය බව අපගේ මතයයි.
www.supirikrida.com

'YES' සහ සිසු උදාන දැල් පන්දු අවසාන තරග අද නාවලපිටියේ දී

ශ්‍රි ලංකා දැල් පන්දුවට අනුග්‍රහය දැක්විමට මහජන බැංකුව ඉදිරිපත් වීමෙන් ඉක්බිතිව පවත්වනු ලබන පළමු ජාතික මට්ටමේ තරග වන YES අවුරුදු 21 න් පහළ මට්ටමේ අවසාන තරග සහ අවුරුදු 14 න් පහළ සිසු උදාන අවසාන තරග අද නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවත්වේ.ක්‍රීඩාඅමාත්‍ය මහින්දානන්ද  අලුත්ගමගේ ප්‍රධාන ආරාධිතයා ලෙස මෙම අවසාන තරගයන් හී සමාප්ත සමාචාර උත්සවයට සහභාගීවීමට නියමිතය.
අද ජයතිලක ක්‍රීඩාංගණයට මෙහි අවසාන තරග නැරඹීම සදහා විශාල පිරිසක් සහභාගි වනු ඇතැයි දැල් පන්දු පරිපාලනය බලාපොරොත්තු වෙයි.
www.supirikrida.com

සෙන්පති සුදත් මඩුගල්ල යළි පුහුණුකරු සංගමයේ සභාපති පුටුවට

ලල ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සංගමයේ සභාපති ධූරයට යළිත් නිතරගයෙන් සෙන්පති සුදත් මඩුගල්ල තේරී පත්වී සිටින අතර නැවත ලේකම් ධුරය සදහා තේරී පත් වී ඇත්තේ වයිකේ කුලරත්නය.මඩුගල්ල ශ්‍රී ලංකා රතු කරුස සමාජයේ වර්ථමාන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය දරන අතර www.supirikrida.com වෙබ් අඩවිය ආරම්භයේ පටන්ම එහි ගරු අනුශාසකවරයා ලෙස ද කටයුතු කරන්නේය.
මලල ක්‍රීඩා සංගමයේ හිටපු උප සභාපතිවරයෙකුව සිට මේ වසරේ තරග කිරීමෙන් ඉවත් වූ සුදත් මඩුගල්ල ක්‍රීඩකයන්ට ආර්ථික වශයෙන් විශාල පිටුවහලක් වු ශ්‍රී ලංකා රතු කුරුස සමාජ මලල ක්‍රීඩා තරගාවලිය සංවිධානය කිරීමෙහිලා මූලීකත්වය ගෙන කටයුතු කළ පුද්ගලයා වන අතර හෙතෙම දැනට ශ්‍රී ලංකා බෞද්ධ සම්මේලනයේ ලේකම් ධූරය හොබවන අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු ද වෙයි. www.supirikrida.com

සවුදි අරාබියෙන් පළමුවරට කාන්තා ඔලිම්පික් නියෝජනයන්

වුදි අරාබියාව කාන්තා ක්‍රීඩාවන් නොසලකා හරිමින් සවුදි අරාබි කාන්තාවන්ට ඔලිම්පික් නියෝජනය අහිමි කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් දැඩි  කතාබහට ලක් වූ අතර ඒ අනුව ඇති වූ ප්‍රතිපලයක් ලෙස සවුදි අරාබියානු ඔලිම්පික් කමිටුව මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා ක්‍රිඩිකාවන් දෙදෙනෙකු සහභාගි කරන බව තහවුරු කර ඇත.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ආරාධනා මත මෙම අවස්ථාවන් දෙක උදා කරගෙන ඇත්තේ කර ගෙන ඇත්තේ අබ්දූල්රහීම් ශහර්කානි නම් වූ ජූඩෝ කීඩිකාව සහ මේ වන විටත් ඇමෙරිකාවේ පුහුනුව ලබමින් සිටින මැදිදුර සූරියක වන 17 හැවිරිදි ෂාරා අටර් ය.
මෙම සවුදි අරාබියානු කාන්තා සහභාගීත්වය සම්බන්ධයෙන් වාර්තා වන්නට ගත් මුල් මොහොතේ අහ්වාරෝහක ඉසව් ආශ්‍රිතව සවුදි අරාබියා පළමු ඔලිම්පික් සහභාගීත්වය සිදුවනු ඇතැයි ප්‍රකාශ නිකුත් වුව ද මේ වන විට එම ඓතිහාසික අවස්ථාව හිමි වන බව සහතික වී ඇත්තේ ශහර්කානි ට සහ අටර් ට ය

Jul 14, 2012

නොවටින නමුත් ඔබ තරමට රන් කිරුළු - පිදුමකි ඔබට හෙලුවට වැඩියෙන් කදුළු


වුන් සිය දෑතෙන් ජීවිතය මසා ගන්නට පොර බදින්නට තුරුලිය වෙත පැමිණියෝ වෙති.එහෙත් ඒ දැතේ සවිය රටා මැවෙන රෙදි කඩවල් මතට සීමා නොවිණි.සිය බාහු වල ඇති සැගවි ශක්තිය මතු කර ගනිමින් ඔවුන් කර්මාන්ත ශාලා බිත්ති උඩින් සිහ ධජය ගෙන ලොවට පිය මනින සිහිනය සමග රැදුණේ කර්මාන්ත ශාලා බොක්සිං කවය තුළ ය.එසේ රුදුණු දෑතක සවියෙන් සිහිනයේ ඉම දකින්නට ඇති ගැට ලිහමින් සිටින මොහොතක රියදුරෙකුගේ එක් ඇසිල්ලක පමාවෙන් සහ නොසැළකිල්ලෙන් ඒ සිහින යළ උපද්දන්නට බැරි ලෙසම මහ පාරේ තැලී පොඩි වී ගියේය.
එසේ ලාකේය බොක්සිං කවයට අහිමි වූ ඈ නමින් ඉරේෂා අබේවර්ධන නම් විය.එහෙත් ඉරේෂා විසින් ඒ පවුල තුළට කැදවා ආ බොක්සිං සිහින සම්පූර්ණයෙන් ඒ බිත්ති හතරෙන් ඈත් වි නැති බව මෙවර අන්තර් මාධ්‍ය බොක්සිං තරගාවලියේ දී පැහැදිළි විය.සිය සොයුරියගේ අඩි පාරේ යමින් තුරුලිය වෙතත් - ඉන් නොනැවතී බොක්සිං කවය වෙතත් පා තැබූ සොදුරු යුවැත්තිය දුලාරි අබේවර්ධන මෙවර අන්තර් මාධ්‍ය බොක්සිං තරගාවලියේ කිග්‍රෑ 57 බර පංතියේ ජයග්‍රාහිකාව පමණක් නොව තරගාවලියේ අති සූර ක්‍රීඩිකාව ද වූවාය.සිය සොහොයුරියගේ උණුසුම තරම් රන් පදක්කම්,කුසලාන,සහතික නොවටිනා බව දන්නා නමුත් ඈ වෙනුවෙන් හෙලන අප්‍රමාණ කදුළු වලට වඩා මේ ගෞරවය කෙතරම් වටිනා සහෝදර ප්‍රේමයක්දැයි නොහැ‍ගෙන්නේ නැද්ද?
“නොවටින නමුත් ඔබ තරමට රන් කිරුළු -  පිදුමකි ඔබට හෙලුවට වැඩියෙන් කදුළු”ඇය හෙට සිය සොහොයුරියගේ ඡායාරූපය අසළ මෙම උපහාරය තබා නිහඩව මෙසේ සිතනවා ඇත.
දුලාරි ඒ අනුව මෙවර අන්තර් මාධ්‍ය බොක්සිං තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් හෙට ජාතික තලයට පිවිසෙන්නට මග සකසා ගනිද්දී ඇය හමුවේ පරාජයට පත් වූ ශ්‍රි ලංකා නිවික හමුදාවේ ඩබ්ලිව්එන්ඩී ප්‍රනාන්දු මෙවර දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව වූවාය.මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වන්නට යුධ හමුදා රතු කණ්ඩායමේ පීපීඩී පනාගොඩ සමත් වූ අතර දක්ෂතම පරාජිතයා වන්නට සමත් වූයේ එල්එම් සුදුවැලිකන්දය.
තරගාවලියේ දී නාවික හමුදා බොක්සිං කණ්ඩායම විශාල ප්‍රගතියක් පෙන් වූ අතර පොලිස් කණ්ඩායම වෙතින් විශාල පසුබෑමක් දකින්නට තිබීම ද කණගාටුවට කරුණකි.තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස මේජර් ජෙනරාල් රංජිත් සමරතුංග සහභාගි වූ අතර ජය සංඛේත ප්‍රදානය ද ඔහු අතින් සිදුවිය.
ඡායාරූපයේ දැක්වෙන්නේ දුලාරි සහ පනාගොඩය.

  

මිලාන් උසෙන් උසස් දස්කම් පෙන්වයි


ගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ උස පැනීමේ ඉසව්වේ අවසාන තරගයට සුදුසුකම් ලැබූ මධුෂ්ක මිලාන් දිසානායක එම ඉසව්වේදී සිය උපරිම දක්ෂතාවය වාර්තා කරමින් මීටර් 2.17 ක දක්ෂතාවයක් දක්වමින් හත් වන ස්ථානය දිනා ගැනීමට සමත් විය.මීටර් 2.03 න් සිය පිමි ඇරඹූ මිලාන්,මීටර් 2.17 වන සිය උපරිම දක්ෂතාවයට දෙවන පිම්මෙන් පිවිසීමට සමත්විය.
ඔහුට මිටර් 2.21 ඉක්මවා යාමට නොහැකි වූ අතර මෙම අවසාන තරගය සදහා සුදුසුකම් ලබා සිටි ආසියාතික ක්‍රීඩකයින් අතරින් මිලාන් දෙවැනි වූයේ මීටර් 2.21 දමිත්‍රි ක්‍රොයිටර් ට පමණි.ඔහු සිව්වන ස්ථානය දිනා ගත් අතර ප්‍රථම ස්ථාන තුන දිනූ ක්‍රීඩකයන් මීටර් 2.24 ක් තරණය කිරීමට සමත් විය.ඒ අතරින් බල්ගේරියාවේ Andrei Churyla ප්‍රථම ස්ථානය දිනා ගත් අතර දෙවන ස්ථානය ජර්මණියේ Falk Wendrich විසින් දිනා ගත්තේය.තෙවන ස්ථානය බහමාස් හී Ryan Ingraham විසින් දිනා ගත්තේය.
මේ අතර කාන්තා උස පැනීමේ අවසාන තරගයට පිවිසීමට නිමේෂා මධුෂානි සිරිවර්ධන දැරූ උත්සාහය ද ව්‍යර්ථ විය.වැඩි උසකට යාමට අවශ්‍යය ශක්තිය ඉතිරි කර ගැනීම සදහා මීටර් 1.75 කින් සිය පිමි ඇරඹීමට නිමේෂා තීරණය කළද ඇයට ඉක්මවා යාමට ලැබුණේ එම උස පමණි.එයටද සිය තෙවන උත්සාහයෙන් පිවිසි නිමේෂා,සිය මූලික තරගයට ඉදිරිපත් වූ ක්‍රීඩිකාවන් 16 ක් අතරින් 11 වැන්නිය වූවාය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගි වීමට සිටි ඉදුනිල් හේරත් ඩෙංගු රෝගයට ගොදුරු වීම නිසා මෙම තරගාවලියට ඉදිරිපත් නොවුණු බැවින්,මිලාන් ගේ උස පැනීමේ අවසාන තරගයෙන්  පසුව ශ්‍රී ලංකාවේ සහභාගීත්වය අවසන් වන අතර,සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩාකාවන් අතරින් සුපුන් විරාජ් රන්දෙණිය මීටර් 110 කඩුලු මතින් දිවීම තරගයේ නව ජාතික යොවුන් වාර්තාව තත්පර 13.90 දක්වා ගෙන එමින්ද,මිලාන් මධුෂ්ක දිසානායක සිය පෞද්ගලික දක්ෂතාවය මීටර් 2.17 දක්වා වර්ධනය කර ගනිමින්  දැක් වූ දක්ෂතාවය අගය කළ යුතුය.මිලාන් ගේ දක්ෂතාවය ලාංකේය කණිෂ්ඨ උස පැනීමේ ක්‍රීඩක දක්ෂතා අතර දෙවැනි වන්නේ එම ඉසව්වේ කණිෂ්ඨ ජාතික වාර්තාව වන මංජුල කුමාර 2002 දී කින්ග්සටන් හි දී පිහිටුවා ඇති මීටර් 2.18 දක්ෂතාවයට පමණි. 

Jul 13, 2012

නිලූක ට නායකත්වය


මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙල නියෝජනයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දීම සදහා බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න තෝරා ගෙන ඇත.දැනට ඔලිම්පික් තරගාවලිය සදහා සහභාගි වන බැඩ්මින්ටන් ක්‍රීඩකයන් අතරින් 29 වන ස්ථානයේ සිටින නිලූක මේ වන විට පෝලන්තයේ වැඩිදුර පුහුණුව ලබමින් සිටියි.නිලූක ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක් වීමට පෝලන්තයේ සිට ලන්ඩනයට පැමිණීමට නියමිතය.