www.supirikrida.com
Jul 16, 2013
ඛෙත්තාරාම සේවකයාට පහර දුන් පුද්ගලයා පොලිස් අත් අඩංගුවේ
www.supirikrida.com
හිස් ආවරණ වලින් තොරව පවත්වන පළමු ජාතික මට්ටමේ බොක්සිං තරගාවලිය හෙට සුගතදාස පිටියේදී
හෙට සිට 21 වන දා දක්වා පැවත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු බොක්සිං සංගම් සභාපතිවරයෙකු වූ කේවී ධර්මදාස එක් වීමට නියමිත අතර,පළමු වරට හිස් ආවරණ වලින් තොරව පැවත්වෙන තරගාවලිය මෙම තරගාවලිය බැවින් ජයග්‍රහණයන් සම්බන්ධයෙන් විවෘත ස්වභාවයක් ඇති විය හැකි බොක්සිං කේෂ්ත්‍රයේ බොහෝ දෙනාගේ අදහස වී තිබෙනවා.ජාතික මට්ටමෙන් පැවත්වෙන තරග වලදී සූරතා සහ අනු සූරතා ලැබූ දක්ෂයන් රොද බදින තරගාවලියක් වන මෙම තරගාවලියේ පිරිමි අංශයේ තරග වටයක් විනාඩි 3 බැගින් වට 3ට සීමා වන අතර වටයක් විනාඩි 2 බැගින් කාන්තා තරග වට 4 ක් ක්‍රියාත්මක වීමට නියමිතයි.තරගාවලියේ බර පංති සදහා වන නියමිත බර සළකා බැලීම සදහා වන පරික්ෂණය හෙට පෙරවරු 8 සිට 10 දක්වා සුගතදාස පිටියේදී පැවත්වීමට නියමිතව තිබෙනවා.
www.supirikrida.com
ලක් වොලිබෝලය අලුත් විය යුතු බවට අනාවැකි සමග නේපාල සූරතාවය ලංකාව දිනා ගනියි
තරගාවලියේ අති සූර ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ ජනිත් සුරත් සම්මානනීය වූ අතර හොදම පන්දු වළකන්නා ලෙස සම්මානනීය වූයේ හිරන්‍ය කේසලයි.හිරන්‍ය මෙන්ම ලංකාවේ අනාගත වොලිබෝලයට ඉතා වැදගත් නිලංග සංජය හොදම පන්දු සනසන්නා බවට පත් වුණා.හොදම පන්දු පිරිනමන්නා ලෙස ඇගයීමට ලක් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සමීර දිසානායක යි.ඒ වගේම විශේෂ දක්ෂතා ඇගයීමේදී ශ්‍රී ලංකාවට අහිමි වූ එකම ඇගයීම තරගාවලියේ හොදම ලිබරෝ ක්‍රීඩකයා ලෙස මාල දිවයින කණ්ඩායමේ අබ්දුල්ලා ජුනයිඩ් විසින් හිමි කර ගත්තා
මේ තරගාවලියේදීත් නැගී එන මාල දිවයින කණ්ඩායම ශ්‍රී ලංකාවට යම් කිසි තර්ජනයක් දෙමින් ඉතිහාසය හා සසදන විට සමීප ලකුණු පරතරයක් රදවා තබා ගැනීම වොලිබෝල් බලධාරින්ගේ අවධානයට ලක් විය යුතු කරුණක් වෙනවා.එසේම ගෙවුණු මධ්‍යම ආසියාතික උප කලාපීය තරග වලදී ද ඇතැම් ක්‍රීඩකයන් උපයා ගත් ගෞරවයට හානි නොකොට ඔවුන් ගෞරවණීය ආකාරයට සමු ගැන්විය යුතු බව නවක ක්‍රීඩකයන්ගේ ප්‍රවේශයන් සනාත කළ අයුරින්ම මේ තරගාවලියේදී ත් නිලංග සංජය,හිරන්‍ය කේසල වැනි ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉහළ මට්ටමක පැවතීම හරහා අලුත් මුහුණු ලාංකේය වොලිබෝල් පිටියට වැදගත් බව තහවුරු වුණා..
එසේම දකුණු ආසියාවේ ප්‍රබලතම කණ්ඩායම් දෙක වන ඉන්දියාව සහ පකිස්තානය මේ තරගවලියේ දකින්නට නොලැබි අතර ඒ නිසා මේ ජයග්‍රහණය සැබෑ දකුණු ආසියාතික ජයග්‍රහණයක් කර ගැනීමට ඇති මාවත තව දුරටත් විවර කර ගත යුතු වෙනවා.තරගාවලියේ ජය සංඛේත ප්‍රදානයට විශේෂ ආරාධිතයෙකු ලෙස ශ්‍රී ලංකාවේ නේපාල තානාපති ඩබ්එන් සෙනවිරත්නයන් ද එක් ව සිටි අතර එම අවස්තාව ඇමතූ නේපාල ක්‍රීඩා අමාත්‍ය නේපාලය විසින් ආරම්භ කළ මෙම තරගාවලිය එළැඹෙන පෙබරවාරි මස ශ්‍රී ලංකාවේදී සංවිධානය කරන ලෙස ශ්‍රී ලංකා වොලිබෝල් පාළක මණ්ඩල සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරා ගෙන් ඉලලීමක් ද කර සිටියා.
www.supirikrida.com
Jul 15, 2013
යුගලයන්ගේ සූරතාවය HNB දිනා ගනියි
වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය මෙහෙය වූ බැඩ්මින්ටන් යුගල සූරතාවලියේ සමස්ත සූරතාවය HNB විසින් දිනා ගත්තේ අවසාන තරගයේදී මැක්ලරන්ස් කණ්ඩායම 3 - 1 ක් ලෙස පරාජයට පත් කරමින්.ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩා සංකීරණයේදි ජූලි 10 දා සිට 14 දා දක්වා පැවති මෙම තරගාවලියේ තෙවන ස්තානය සම්පත් බැංකු කණ්ඩායම විසින් හිමි කර ගත්තා.
තරගාවලියේ පලිහ සූරතාවය දිනා ගත්තේ නේෂන් ට්‍රස්ට් බැංකු කණ්ඩායමයි.ඔවුන් 3 - 2 ක් ලෙස කොමර්ෂල් බැංකු කණ්ඩායම පරාජයට පත් කළ අතර ජාතික සංවර්දන බැංකු කණ්ඩායම තෙවන ස්ථානයට පත් වුණා.පළග සූරතාවය 3 - 2 ක ජයක් ලැබූ මාස් හෝල්ඩින්ග්ස් කණ්ඩායමට හිමි වූ අතර අනු සූරතාවය හිමි වූවේ ශ්‍රී ලංකාන් කණ්ඩායමටයි.තෙවන ස්ථානය දිනා ගත්තේ ජෝන් කීල්ස් ආයතන කණ්ඩායමයි.
ඕලේනියම් තොරතොරු තාක්ෂණ කණ්ඩායම 3 - 0 ක් ලෙස වර්චුසා පරිගණක ආයතන කණ්ඩායම පරාජයට පත් කරමින් බදුන සූරතාවය හිමි කර ගත් අතර එහි තෙවන ස්ථානය දිනා ගැනීමට එස්එස්එස් හෝල්ඩින්ග්ස් ආයතන කණ්ඩායම සමත් වුණා.වෙළද ආයතන 34 ක කණ්ඩායම් කණ්ඩායම් 42 ක් නියේජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 ට අධික පිරිසක් නියෝජනය කළ මෙම තරගාවලියේදී මැක්ලරන්ස් කණ්ඩායම නියෝජනය කරමින් ජාතික සූරයා වන නිලූක කරුණාරත්න තරග වැදීමත් හිටපු වැඩිම වරක්ජාතික සූරිය වෙමින් වාර්තා තබන ලද චන්ද්‍රිකා ද සිල්වා වැනි ජාතික තලයේ විශිෂ්ඨයන් රැසක් මෙම තරගාවලිය නියෝජනය කිරීමත් නිසා තරගාවලියේ තරගකාරීත්වය ඉහළ මට්ටමක පැවතුණා.
තරගාවලියේ ජය සංඛේත ප්‍රදානයට Dulux ආයතනයේ ප්‍රවර්ධන සේවා සැපයුම් කළමණාකරු හසිත ද අල්විස් සහ DSI ආයතනයේ වෙළද ලාංඡන විධායක දේවින්ද කුලතුංග යන මහත්වරුන් එක් වී සිටියා.

ජනාධිපති කුසලානය වෙස්ලි සතු කර ගනියි
මෙවර පාසල් රග්බි පිටියේ පෙරළිකාර කණ්ඩායම බවට පත් වූ කොළඹ වෙස්ලි විද්‍යාලය ලීග් සූරයන් වූ ධර්මරාජ විද්‍යාලය පරාජය කරමින් ප්‍රතිමළුන් පිටු දැකීමේ තරගාවලියේ අවසාන තරගයට පිවිසි අයුරෙන්ම අවසාන තරගයේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 34 -21 කින් පරාජය කරමින් මෙවර මයිලෝ ජනාධිපති කුසලානයේ හිමිකාරයන් වුණා.ඉතිහාසයේ ප්‍රථම වරට මයිලෝ ජනාධිපති කුසලානයේ හිමිකාරිත්වය ලැබූ වෙස්ලි විදුහලට අවසාන තරගයේදී හමු වූ ත්‍රිත්ව විද්‍යාලය අවසාන තරගයට පිවිසියේ ශාන්ත පීතර විද්‍යාලය පරාජය කරමින්ය.
ලීග් සූරයන් පරාජය කරමින් අවසාන තරගයට පිවිසි වෙස්ලි කණ්ඩායම දැඩි ආත්ම විශ්වාසයකින් තරගය තුළ රැදී සිටි අතර පළමු අර්ධය නිමාවේ ලකුණු 13 - 8 ක් ලෙස ඉදිරියෙන් සිටි ත්‍රිත්ව කණ්ඩායම දෙවන භාගයේදි අභිබවා යමින් ක්‍රීඩා කිරීමට එම විශ්වාසය බෙහෙවින් ඉවහල් විය.කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩා සංකීර්ණ පිටියේ පැවති අවසන් තරගය තුළ වෙස්ලි ක්‍රීඩකයෝ ගෝල් දිණුම් තුනක්,උත්සාහක දිණුමක් සහ දඩුවම් පහරකින් ලකුණු 34 ක් ලබා ගනිද්දී,ත්‍රිත්ව ක්‍රීඩකයන් එක් ගෝල දිණුමක්,උත්සාහක දිණුමක්,දඩුවම් පහරක් සහ ඩ්‍රොප් ගෝලයක් මගින් ලකුණු 21 ක් රැස් කරණු ලැබීය.
ඡායාරූප වලින් දැක්වෙන්නේ වෙස්ලි නායකයා නෙස්ට්ලේ සමාමේ නෝමන් කන්නංගර සහ බන්දුල එගොඩගේ වෙතින් ජයග්‍රාහී කුසලානය ලබා ගත් අයුරු සහ තරගයේ උද්වේගකර අවස්ථාවකි.

Jul 14, 2013
මැතිව්ස් ගේ නායකත්වය වෙනුවට චන්දිමාල් යෙදවීම සැකයි
මෑත කාලයේ චන්දිමාල් ගේ ක්‍රීඩා විලාශය උප නායකත්වයට පමණක් නොව කණ්ඩායමේ ස්ථානයට ද බාධාවක් වෙමින් වැඩෙමින් තිබෙන බව දැකිය හැකි අතර එසේ වුවහොත් නායකත්වයේ වගකීම මහේලට හෝ සංගක්කාරට පැවරීමට ඉඩ තිබෙන අතර ඇතැම් විට සෞඛ්‍යමය තත්ත්වය යහපත් වී පළමු තරගයට ඩිල්ෂාන් ක්‍රීඩා කරන්නේ නම් ඔහු ද ඒ සදහා නම් කිරීමට ඉඩ තිබෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.
www.supirikrida.com
ලෝක යොවුන් සූරතාවලියේ අවසාන තරග වලට ලංකාවේ කිසිවෙකු නැහැ
මේ සමග වන්නේ එහි තරගාවසාන තාක්ෂණික ඡායාරූපය වන අතර එම තරගයේ පස් වැන්නා ලෙස තරගය නිම කළේ සමිත්ය.ඡායාරූපයට අනුව අටවන මං තීරුවේ සිටින ඡායාරූපයේ තෙවැන්නා ලෙස දකින කෙන්යානු ක්‍රීඩකයා තරග නීති උල්ලංඝණය කරමින් තරග වැදි නිසා තරගයෙන් ඉවත් කරන අතර ඒ අනුව පළමු මං තීරුවේ සිටින තරගයේ හය වැන්නා ලෙස ඡායාරුපයේ දකින සමිත් ට තරගයේ පස්වන ස්ථානය හිමි විය.
http://www.iaaf.org/competitions/iaaf-world-youth-championships/8th-iaaf-world-youth-championships-4874/records ඇසුරෙන් නව යොවුන් ලෝක වාර්තා දැක ගැනීමට හැකි අතර තරගාවලියේ මේ වන විට ඉදිරියෙන් සිටින්නේ ජැමෙයිකාව වන අතර දෙවන ස්ථානයේ පසු වන්නේ ඕස්ට්‍රේලියාවය.
www.supirikrida.com
Subscribe to:
Posts (Atom)