May 1, 2013

මනෝජ් ගේ හීන

බේස්බෝල් ක්‍රීඩා සමාජ සදහා බෙදා දීමට ගෙනා ක්‍රීඩා භාණ්ඩ සිය නිවසේ ගොඩ ගසා ගෙන තිබෙනු ඡායාරූපයට නැගීමට සුපිරික්‍රීඩා සම්බන්ධ බවට අපට අහිමි ගෞරවයක් පිරිනැමීමට ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ ලේකම් මනෝජ් ප්‍රනාන්දු දරණ උත්සාහයට ස්තූතිවන්ත වන නමුත් එය අපට අදාළ නොවන ගෞරවයක් බැවින් එය හිමි තැනත්තන් සොයා පිරිනැමීමට කටයුතු කරන මෙන් ගෞරවයෙන් ඉල්ලමි.පසු ගිය කාලයේ එවැනි තොරතුරක් ලැබුණ ද,එවැනි ඡායාරූප ගැනීමකට සහභාගි විය හැකි සෞඛ්‍ය තත්ත්වයක මා නොසිටි බැවින් වැරදීමකින් හෝ එවැනි ඡායාරූපයක් ගැනීමට මට සම්බන්ධ වීමට නොහැකි බව මගේ සමීපතමයන් දන්නා බැවින් ඔබ විසින් ලබා දීමට සූදානම් ඡායාරූප ලබා ගැනීමේ ගෞරවය අනුකම්පා කර හෝ භාර ගැනීමට නොහැකි බව ද දන්වා සිටිමි.
දෙවරක් මධු පානය කිරීමෙන් ඉනික්බිතිව පුද්ගලයන් අවබෝධ කර ගැනීමට ඔබට හැකි ශක්තිය එසේ පානය නොකර දීර්ඝ කාලයක් ඇසුරු කිරීමෙන් හෝ අපට ලබා ගැනීමට නොහැකි වීම අප සම්බන්ධ ඛේදයකි.මධුපානයෙන් තොරව අවස්ථා ගණනාවකදී ඔබ සංගමයේ ජාතික සංවිධායකවරයා ලෙස දිනේෂ් පෙරේරා විසින් කරන පද ඉල්ලීම් අනුවද, ජාතික බේස්බෝල් ක්‍රීඩාව වෙනුවෙන් යම් යම දේ කිරීමට හැකි වූ අතර මේ කිසිවක් ඔබ ජීවිත භාවිතය තුළ ස්වීය රැකියාව පළමු කොට තබා කටයුතු කරනු විනා බේස්බෝල් සිය ජීවිතය කොට සළකා කටයුතු නොකරන නිසා ඔබ නොදන්නා බව සැක නැත.
ගැටළුකාරී අවස්ථාවන්හී ලේකම්වරයා ලෙස ඔබ වෙතට ලිඛිත ඉල්ලීමක් කිරීමේ වගකීම හෝ නොපවරා දිනේෂ් පෙරේරාගේ ඉල්ලීම් සළකා කරන ලද එම කාරණා පිළිබදව ලැයිස්තු ප්‍රදර්ශනයක් අප බලාපොරොත්තු නොවන්නෙමු.ක්‍රීඩකයෙකුගේ අවස්ථාව නිලධාරියෙකුට ලබා දෙමින් අවසාන වරට කරන ලද පකිස්ථාන සංචාරයේදී අප විසින් කරන ලද ඇතැම් විවේචන පිළිබදව මා නිවසටම පැමිණ සාකච්ඡා කළ දිනේෂ් පෙරේරා එහිදී මා පෙන්වා දුන් කරුණු අනුව ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ මහාචාර්්‍ය අර්ජුන සමග සාකච්ඡෘ කර ජාතික බේස්බෝල් ක්‍රීඩකයන් එම ආයතනයේ ලියා පදිංචි කිරීමට පියවර ගත්තතේද මා නිසාය.නමුත් ඒ කරුණ හෝ ක්‍රීඩා සංගමයේ නිල මැදිහත්වීමකින් වෛද්‍ය ආයතනයට දැණුම් දී  ජාතික තලයේ බේස්බෝල් ක්‍රීඩකයන්ට නොමිළේ ප්‍රතිකාර ලබා ගැනීමට හැකි අවස්ථාව හෝ ඔබ විසින් තයම ඉටු කර නැත.
මේ සියල්ල සළකා බැලීමේදී මධුපාන අවස්ථා දෙකකින් පුද්ගලයන් හදුනා ගැනීමට හැකි ඔබේ හැකියාව ඔබ විසින් ඔබව හදුනා ගැනිමටද යොදා ගෙන මිනිසුන් විසින් කළ කී දෑ මතක තබා ගැනීමේ අඩු - පාඩුව සකසා ගැනීමට ඔබට අවස්ථාව උදා වනු ඇත.විදේශවල දියුණු සංස්කෘතික වට පිටාවක ජීවිතය ගත කළ ද,ඇතැම් හූ ග්‍රෝත්‍රික මානසිකත්වයෙන් කටයුතු කිරීම සාමාන්‍ය දෙයකි.ඔවුන් විසින් කරන මොරගෑම් ලොසින්ජරයක් කටේ එබීමෙන් පමණක් වළක්වා ගැනීමට හැකි අතර ඔවුන් පොදු වැරදි පෙන්වා දෙමින් කරනු ලබන අරගල වල යටි පෙළින් කියැවෙන්නේ මට බෙදාපන් යන්නය.
එවැනි යටි පෙළවල් අපේ ක්‍රියාකාරකම් වල නැති අතර 'රටට කරපන් නැත්නම් පළයන්' යන මතය වරප්‍රසාද සහ වරදාන දීමෙන් වෙනස් කළ නොහැකි ස්ථාවරයක අප රදවා‍ ගෙන සිටින්නෙමු!.බී, එවැනි දේ කල්පනා කළ නොහැකි නම් නොබී හෝ එවැන්නක් කල්පනා කිරීම සුදුසු බව අපි විශ්වාස කරන්නෙමු.
www.supirikrida.com


ක්‍රීඩා සංවර්ධනේ අවුරුදු උත්සවයත් ජයටම

ක්‍රීඩාව කරවන තැන හැටියට හදුන්වන්නේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව.එතනින් ගන්න තීරණ සහ ක්‍රියාත්මක කිරීම් තමයි ක්‍රීඩාවේ නැග්මට හෝ බැස්මට හේතු වන්නේ.ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව අලුත් අවුරුද්දට රටේ ක්‍රීඩාව සංවර්ධනය හිත යොදනවා වගේම සිය ආයතනික සේවක සේවිකාවන්ගේ විනෝද ක්‍රීඩා සදහාද අවස්ථාවක් ලබා දීමට අවුරුදු උත්සවයක් සංවිධානය කළා.ඒ අප්‍රේල් 30 දා ටොරිංටන් පිට්ටනියෙදි.ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිල ඡායාරූප ශිල්පියා වන පාලිත ගුණසේන එහිදී අවරුදු උත්සවයෙ කොට්ටා පොර තරගය සිය කැමරා කාචයේ රදවාගත් අවස්ථාවක් මේ සමග දැක්වෙනවා.
www.supirikrida.com

Apr 29, 2013

ආධුනික බොක්සිං තරගාවලියේ සූරයන්ගේ කිරුළු සුමල් ට සහ සුබෝධා ට

ධුනික බොක්සිං සූරතාවලිය ඊයේ සුගතදාස ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වූයේ දක්ෂතම ක්‍රීඩක කිරුළ සුමල් සුපුන් බටවල ට සහ දක්ෂතම ක්‍රීඩිකා කිරුළ සුබෝධා රුවනි හේරත්ට හිමි කර දෙමින්ය.සුපුන් මාස් ලීනියා ක්‍රීඩා සමාජය නියෝජනය කළ අතර සුබෝධා යුධ හමුදා ක්‍රීඩිකාවක් වූවා ය.දක්ෂතම පරාජිත ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කළ ප්‍රදීප් නිශාන්ත රත්නායක තේරී පත් ළුූ අතර දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස නාවික හමුදාව නියෝජනය කළ රුවනි දිල්හානි තේරි පත් වූවාය.
දින පහක් පුරා ක්‍රියාත්මක වූ මෙම තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකා තරගකාරීත්වය දැඩි උණුසුම් තත්ත්වයක පැවති අතර ජාතික මට්ටමේ ප්‍රවේශ දොරටුව වන මෙම තරගාවලිය ජය ගැනීම යනු මේ වසරේ ඉදිරි තරග සදහා තරග කිරීමට අවශ්‍යය පරිසරය සකස් කර ගැනීම බැවින් එම තරගකාරීත්වය දැඩිව දකින්නට ලැබිණ.වර්ථමානයේ සාම්පූර් කදවුර ආශ්‍රිතව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නාවික හමුදා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙවර තරගාවලියේදී ඉහළ දස්කම් ප්‍රදර්ශනය කරමින් කලෙකට පසුව ඉදිරයට පැමිණෙනු දක්නට ලැබුණු අතර එය අනාතගයේ සෙසු බොක්සිං ක්‍රීඩා සමාජ වලට අවධානයෙන් සිටින්නට යැයි කළ අනතුරු හැගවීමක් මෙන්ම ක්‍රීඩාවේ වර්ධනාත්මක පියවරක් පිළිබද බලාපොරොත්තු ඉහළ නැංවීමක් ය.
www.supirikrida.com

Apr 28, 2013

මංගලගේ අවමංගල කටයුතු හෙට

ලාංකේය ක්‍රීඩා කේෂ්ත්‍රයේ ක්‍රීඩකයන්ගේ සමය ලෙස හැදින්වෙන එස්බී දිසානායක සමය පිළිබද විවේචන ඇතත් එම කාලය ලාංකේය ක්‍රීඩාවේ ජයග්‍රහණ සපිරි ක්‍රීඩකයාට යම්කසි ගෞරයණීය ජීවිතයක් සකසා දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු වූ සමයක් ලෙස හැදින්විය හැකිය.නමුත් එස්බී දිසානායක සමය මාධයකරුවන්ට ප්‍රවෘත්ති හිග නොවුණ කාලයක් වූ අතර මල් මෙන්ම ගල් ද අඩු නැතිව එම ක්‍රීඩා පරිපාලනයට එල්ල විණ.
ඒ සමයේ දැඩි ව්‍යාකූල තත්ත්වයන් හමුවේ ජනමාධ්‍යවේදීන් සමග ඉතා මිත්‍රශීලී ගණු- දෙනුවක් පවත්වා ගෙන යමින් මාධ්‍යකරුවගේ භූමිකාව සහ අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්ගේ කාර්යය අතර පරතරය මැනවින් දැන කටයුතු කිරීමට මංගලට හැකිවිය.ඇතැම් මාධ්‍ය ලේකම්වරු අමාත්‍යවරයාගෙන් යම් කිසි ප්‍රකාශයක් ලබා ගැනීම වුව සිය අවසරය ඇතිව කළ යුතු බව සිතන මාධ්‍ය ලේකම්වරු තනතුර ආභරණයක් කර ගෙන කටයුතු කරන අවස්ථා අප දැක ඇතත් මංගල සෑම විටම තනතුරට ආභරණයක් වීමට උත්සාහ කළ අයෙකි.
නිදහසේ ජීවත්වීමට ප්‍රිය කළ පුද්ගලයෙකු වූ මංගල ජනමාධ්‍යවේදීන්ගේ ඉතාමත් හොද මිතුරෙකු වුව අමාත්‍යවරයා ප්‍රයෝජනයට ගනිමින් ජනමාධ්‍ය ඇතුළත තමන්ට පිණුම් ගැසීමට හැකි පිට්ටනියක් තනා ගැනීමට ඔහු කිසි විටෙක උත්සාහ කළේය.ඒ නිසාම ජනමාධය තුළ පුවත් මවන්නෙකු වන එස්බී ගේ දේශපාලන ජීවිතය තුළ සෑම විටකදීම මාධ්‍ය සම්බන්ධිකරණ කටයුතු වල නියැලි මංගල සාමාන්‍ය ජනයා නොදන්නා පුද්ගලයෙකු වූ අතර නමුත් ඔහු අමාත්‍යවරයා වෙනුවෙන් ලබා දිය හැකි මාධ්‍ය ප්‍රචාරණය ලබා දෙමින් එස්බී රටම දන්නා පුද්ගලයෙකු කිරීමට ඇවැසි බොහො දේ කළේය.
ඇතැම් ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ මාධ්‍ය ලේකම්වරු  පිළිබද රූපවාහිණි නාලිකාවක මිත්‍රයෙකු පැවසුවේ අමාත්‍යවරයාගෙන් මාධ්‍ය සාකච්ඡාවක් ලබා ගැනීමට උත්සාහ දැරීම තරම්ම මාධ්‍ය ලේකම්වරු මාධ්‍ය හමුවේ පෙනී සිටීමට උත්සාහ දැරීමට කරන ඉල්ලීම් වලින් ගැලවී සිටීමද දුෂ්කර කාර්යයක් බවය.ඒ අයුරින් බලන කල මංගල දුරකථනය ඔස්සේ හෝ යමක් කියවා ගැනීමට අපහසු මාධය වෙනුවෙන් යම් තොරතුරක් ලබා දීටම අවශ්‍යය නියමිත නිලධාරියාම සම්බන්ධ කර දීමට උත්සාහ දරමින් මාධ්‍යකරුවාගේ වාත්තියට ද වගකීම් සහගත භාවිතාවක් එක් කළ අයෙකි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම පිරිසකගේ දැඩි ප්‍රහාරයකට ලක් ව වරක් ඔත්පලව සිටි මංගල ඒ හේතු කර ගෙන දීර්ඝ කාලීනව සිය සෞඛ්‍යය පිළිබදව පීඩාකාරී තත්ත්වයකට මුහුණ දුන්නේය.අවසාන කාලයේදී ද රෝහල් ගතව සිටි මංගල එස්බී දිසානායකගේ මාධ්‍ය සම්බන්ධීකරණයේ දැවැන්ත භූමිකාවට මිය යන මොහොතේත් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා ලෙස එක් වී සිටියේය.
මංගල ගේ අවසන් කටයුතු හෙට සවස කුරුණෑගල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
www.supirikroda.com

Apr 22, 2013

කුරේ ලන්ඩන් මැරතන් තරගයේ ආසියාවෙන්ම එකට

සුප්‍රකට ලන්ඩන් මැරතන් තරගයේදි දැනට එංගලන්තයේ වෙසෙන අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ එම තරගයට ඉදිරිපත් වූ තරගකරුවන් 35,000 ක් අතරින් ආසියාව නියෝජනය කළ තරගකරුවන් අතරින් ප්‍රථමයා හැටියට තරගය නිමි කිරිමට සමත් විය.සමස්ත තරගයේ 17 වැනියා වු කුරේ වාර්තා කළ කාලය පැය 2:17:53 ක් විය.තරගයේ ජයග්‍රහණය ඉතියෝපියාවේ සෙගායා කෙබෙඩි ට හිමි වූ අතර ඔහු පැය 2:06:04 න් තරගය නිම කිරීමට සමත් විය.කෙන්යාව නියෝජනය කළ මුතායි එමානුවෙල් පැය 2:06:33 න් තරගය නිම කරමින් තරගයේ දෙවන ස්ථානය දිනා ගත් අතර තෙවන ස්ථානය දිනා ගත්තේ ඉතියෝපියාවේ අයලේ අබ්සරෝය.ඔහු පැය 2:06,57 න් තරගය නිම කිරීමට සමත් විය.
කාන්තා අංහයේදී ආසියාතික රටවල් අතර ප්‍රථමයා වූ අකාබා යුකිකා පැය 2:24:43 න් තරගය නිම කර සමස්ත තරගයේ දී තෙවැනි ස්ථානයට පත් වූවාය.කෙන්යාවේ ජෙප්ටු ප්‍රිස්කා කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ පැය 2:20:18 කින් තරගය නිම කරමින්ය.ඇයට දෙවැනි වූ කෙන්යාවේම එඩ්නා කිමිලගාන් පැය 2:21:32 න් තරගය නිම කර සමස්ත තරගයේ තෙවන තැනට පත් වූවාය.
බොස්ටන් මැරතන් තරගයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය නිසා බකිංහැම් මාලිගාව ආසන්නයේ ක්‍රියාත්මක මෙම තරගය දැඩි ආරක්ෂක රැකවරණ මැද්දේ ක්‍රියාත්මක විය.
www.supirikrida.com

Apr 21, 2013

එංගලන්ත බෝල පෙරලෙන්නේ කොහාටද?

ශ්‍රී ලංකාවේ එංගලන්ත ක්‍රිකට් කමිටුව මගින් ශ්‍රී ලංකාවේ පාසල් 134 ‍ක් වෙත බෙදා දීමට ලබා දුන් පන්දු එම පාසල් වෙත නිසියාකාරව නොබෙ‍දුණු බවට තොරතොරු සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වෙනවා.එම පන්දු බෙදා දීම සදහා ලිපි සහ විදුලි පුවත් යවා ඇත්තේ පාසල් නිවාඩු සමයේ බැවින් එම තොරතොර නිවැරදිව සංනිවේදනය නොවීම නිසා සියළු පාසල් මෙම අවස්ථාවට එක් වී නැති බවට තොරතොරු වාර්තා වෙන අතර එසේ නොපැමිණි පාසල් සදහා පන්දු ලබා ගන්නේ කෙසේද යන්න පිළිබදව පාසල් ක්‍රිකට් බලධාරීන්ගෙන් විමසුවද නිසි පිළිතුරක්  නොලද බව ද එම වාර්තා පෙන්වා දෙනවා.
අදාළ ප්‍රවෘත්තිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය සම්බන්ධ නිලධාරී රජිත් ප්‍රනාන්දු විසින් ජනමාධය වෙත යොමු කළ ප්‍රවෘත්තියක් වූ අතර එම නිසාම මේ චෝදනාව සම්බන්ධයෙන් වන ප්‍රවෘත්තියද සුපිරි ක්‍රීඩා හී පළ කිරීමෙන් නොනැවතී එම සම්බන්ධතාවය වෙනම රජිත් වෙත යොමු කිරීමටද පියවර ගන්නවා.ඔහු විසින් මහත්මා ලීලාවෙන් ප්‍රසිද්ධිය ලබා දීම සදහා යොමු කළ එම ප්‍රවෘත්තියට අදාළව යම්කිසි වංචාවක් හෝ අක්‍රමිකතාවයක් සිදු වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු කිරීම මෙන්ම පාසල් ක්‍රිකට් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් දක්වන අදහස් මාධය වෙත යොමු කිරීමද රජිත්ගේ වගකීමක් ලෙස අප විශ්වාස කරනවා.
www.supirikrida.com

ආධුනික බොක්සිං තරගාවලිය දින පහක් පුරා

Yordenis Ugas Daouda Sow of France competes against Yordenis Ugas of Cuba during the men's 60kg semifinal boxing event at the Workers' Indoor Arena on Day 14 of the Beijing 2008 Olympic Games on August 22, 2008 in Beijing, China.පිරිමි සහ කාන්තා ජාතික ආධුනික බොක්සිං තරගාවලිය එළැඹෙන 24 දා සිට 28 දා දක්වා දින පහක් පුරා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවත්වේ.ජාතික තලයට ප්‍රවේශය ලබා ගැනීම පිණිස මග කියන මෙම ජාතික ආධුනික බොක්සිං තරගාවලියේ විනිශ්චය කටයුතු විනිසුරුවන්ගේ සහ තීරකවරුන්ගේ සංගමයේ පූර්ණ සහය ඇතිව නිලධාරීන් 40 ක් පමණ සහභාගීත්වයෙන් සිදු වීමට නියමිතය.
පිරිමි මෙන්ම කාන්තා අංශයෙන් ද බර පංති 10 බැගින් ක්‍රියාත්මක වන අතර තරගාවලියේ ජයග්‍රාහී බොක්සිං කණ්ඩායමට මෙන්ම අනු සූරයන්ටද කුසලාන ප්‍රදානය කිරීමට නියමිතය.
ත්‍රිවිධ හමුදා බොක්සිං කණ්ඩායම් මෙන්ම මාස් පවුලට අයත් බොක්සිං ක්‍රීඩා සමාජ ද,පොලිසීය,ශ්‍රීමත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය , මහනුවර විද්‍යාර්ථ විද්‍යාල කණ්ඩායම් ඇතුළු ක්‍රීඩා සමාජ ගණනාවක් මේ වන විටත් තරගාවලිය නියෝජනය කරන බවට සහතික වී ඇත.
www.supirikrida.com