අදාළ ප්‍රවෘත්තිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය සම්බන්ධ නිලධාරී රජිත් ප්‍රනාන්දු විසින් ජනමාධය වෙත යොමු කළ ප්‍රවෘත්තියක් වූ අතර එම නිසාම මේ චෝදනාව සම්බන්ධයෙන් වන ප්‍රවෘත්තියද සුපිරි ක්‍රීඩා හී පළ කිරීමෙන් නොනැවතී එම සම්බන්ධතාවය වෙනම රජිත් වෙත යොමු කිරීමටද පියවර ගන්නවා.ඔහු විසින් මහත්මා ලීලාවෙන් ප්‍රසිද්ධිය ලබා දීම සදහා යොමු කළ එම ප්‍රවෘත්තියට අදාළව යම්කිසි වංචාවක් හෝ අක්‍රමිකතාවයක් සිදු වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු කිරීම මෙන්ම පාසල් ක්‍රිකට් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් දක්වන අදහස් මාධය වෙත යොමු කිරීමද රජිත්ගේ වගකීමක් ලෙස අප විශ්වාස කරනවා.
www.supirikrida.com
No comments:
Post a Comment