www.supirikrida.com
May 1, 2013
ක්‍රීඩා සංවර්ධනේ අවුරුදු උත්සවයත් ජයටම
www.supirikrida.com
Apr 29, 2013
ආධුනික බොක්සිං තරගාවලියේ සූරයන්ගේ කිරුළු සුමල් ට සහ සුබෝධා ට
ආධුනික බොක්සිං සූරතාවලිය ඊයේ සුගතදාස ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වූයේ දක්ෂතම ක්‍රීඩක කිරුළ සුමල් සුපුන් බටවල ට සහ දක්ෂතම ක්‍රීඩිකා කිරුළ සුබෝධා රුවනි හේරත්ට හිමි කර දෙමින්ය.සුපුන් මාස් ලීනියා ක්‍රීඩා සමාජය නියෝජනය කළ අතර සුබෝධා යුධ හමුදා ක්‍රීඩිකාවක් වූවා ය.දක්ෂතම පරාජිත ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කළ ප්‍රදීප් නිශාන්ත රත්නායක තේරී පත් ළුූ අතර දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස නාවික හමුදාව නියෝජනය කළ රුවනි දිල්හානි තේරි පත් වූවාය.
දින පහක් පුරා ක්‍රියාත්මක වූ මෙම තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකා තරගකාරීත්වය දැඩි උණුසුම් තත්ත්වයක පැවති අතර ජාතික මට්ටමේ ප්‍රවේශ දොරටුව වන මෙම තරගාවලිය ජය ගැනීම යනු මේ වසරේ ඉදිරි තරග සදහා තරග කිරීමට අවශ්‍යය පරිසරය සකස් කර ගැනීම බැවින් එම තරගකාරීත්වය දැඩිව දකින්නට ලැබිණ.වර්ථමානයේ සාම්පූර් කදවුර ආශ්‍රිතව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නාවික හමුදා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙවර තරගාවලියේදී ඉහළ දස්කම් ප්‍රදර්ශනය කරමින් කලෙකට පසුව ඉදිරයට පැමිණෙනු දක්නට ලැබුණු අතර එය අනාතගයේ සෙසු බොක්සිං ක්‍රීඩා සමාජ වලට අවධානයෙන් සිටින්නට යැයි කළ අනතුරු හැගවීමක් මෙන්ම ක්‍රීඩාවේ වර්ධනාත්මක පියවරක් පිළිබද බලාපොරොත්තු ඉහළ නැංවීමක් ය.
www.supirikrida.com
දින පහක් පුරා ක්‍රියාත්මක වූ මෙම තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකා තරගකාරීත්වය දැඩි උණුසුම් තත්ත්වයක පැවති අතර ජාතික මට්ටමේ ප්‍රවේශ දොරටුව වන මෙම තරගාවලිය ජය ගැනීම යනු මේ වසරේ ඉදිරි තරග සදහා තරග කිරීමට අවශ්‍යය පරිසරය සකස් කර ගැනීම බැවින් එම තරගකාරීත්වය දැඩිව දකින්නට ලැබිණ.වර්ථමානයේ සාම්පූර් කදවුර ආශ්‍රිතව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නාවික හමුදා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙවර තරගාවලියේදී ඉහළ දස්කම් ප්‍රදර්ශනය කරමින් කලෙකට පසුව ඉදිරයට පැමිණෙනු දක්නට ලැබුණු අතර එය අනාතගයේ සෙසු බොක්සිං ක්‍රීඩා සමාජ වලට අවධානයෙන් සිටින්නට යැයි කළ අනතුරු හැගවීමක් මෙන්ම ක්‍රීඩාවේ වර්ධනාත්මක පියවරක් පිළිබද බලාපොරොත්තු ඉහළ නැංවීමක් ය.www.supirikrida.com
Apr 28, 2013
මංගලගේ අවමංගල කටයුතු හෙට
ලාංකේය ක්‍රීඩා කේෂ්ත්‍රයේ ක්‍රීඩකයන්ගේ සමය ලෙස හැදින්වෙන එස්බී දිසානායක සමය පිළිබද විවේචන ඇතත් එම කාලය ලාංකේය ක්‍රීඩාවේ ජයග්‍රහණ සපිරි ක්‍රීඩකයාට යම්කසි ගෞරයණීය ජීවිතයක් සකසා දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු වූ සමයක් ලෙස හැදින්විය හැකිය.නමුත් එස්බී දිසානායක සමය මාධයකරුවන්ට ප්රවෘත්ති හිග නොවුණ කාලයක් වූ අතර මල් මෙන්ම ගල් ද අඩු නැතිව එම ක්‍රීඩා පරිපාලනයට එල්ල විණ.ඒ සමයේ දැඩි ව්‍යාකූල තත්ත්වයන් හමුවේ ජනමාධ්‍යවේදීන් සමග ඉතා මිත්‍රශීලී ගණු- දෙනුවක් පවත්වා ගෙන යමින් මාධ්‍යකරුවගේ භූමිකාව සහ අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්ගේ කාර්යය අතර පරතරය මැනවින් දැන කටයුතු කිරීමට මංගලට හැකිවිය.ඇතැම් මාධ්‍ය ලේකම්වරු අමාත්‍යවරයාගෙන් යම් කිසි ප්‍රකාශයක් ලබා ගැනීම වුව සිය අවසරය ඇතිව කළ යුතු බව සිතන මාධ්‍ය ලේකම්වරු තනතුර ආභරණයක් කර ගෙන කටයුතු කරන අවස්ථා අප දැක ඇතත් මංගල සෑම විටම තනතුරට ආභරණයක් වීමට උත්සාහ කළ අයෙකි.
නිදහසේ ජීවත්වීමට ප්‍රිය කළ පුද්ගලයෙකු වූ මංගල ජනමාධ්‍යවේදීන්ගේ ඉතාමත් හොද මිතුරෙකු වුව අමාත්‍යවරයා ප්‍රයෝජනයට ගනිමින් ජනමාධ්‍ය ඇතුළත තමන්ට පිණුම් ගැසීමට හැකි පිට්ටනියක් තනා ගැනීමට ඔහු කිසි විටෙක උත්සාහ කළේය.ඒ නිසාම ජනමාධය තුළ පුවත් මවන්නෙකු වන එස්බී ගේ දේශපාලන ජීවිතය තුළ සෑම විටකදීම මාධ්‍ය සම්බන්ධිකරණ කටයුතු වල නියැලි මංගල සාමාන්‍ය ජනයා නොදන්නා පුද්ගලයෙකු වූ අතර නමුත් ඔහු අමාත්‍යවරයා වෙනුවෙන් ලබා දිය හැකි මාධ්‍ය ප්‍රචාරණය ලබා දෙමින් එස්බී රටම දන්නා පුද්ගලයෙකු කිරීමට ඇවැසි බොහො දේ කළේය.
ඇතැම් ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ මාධ්‍ය ලේකම්වරු පිළිබද රූපවාහිණි නාලිකාවක මිත්‍රයෙකු පැවසුවේ අමාත්‍යවරයාගෙන් මාධ්‍ය සාකච්ඡාවක් ලබා ගැනීමට උත්සාහ දැරීම තරම්ම මාධ්‍ය ලේකම්වරු මාධ්‍ය හමුවේ පෙනී සිටීමට උත්සාහ දැරීමට කරන ඉල්ලීම් වලින් ගැලවී සිටීමද දුෂ්කර කාර්යයක් බවය.ඒ අයුරින් බලන කල මංගල දුරකථනය ඔස්සේ හෝ යමක් කියවා ගැනීමට අපහසු මාධය වෙනුවෙන් යම් තොරතුරක් ලබා දීටම අවශ්‍යය නියමිත නිලධාරියාම සම්බන්ධ කර දීමට උත්සාහ දරමින් මාධ්‍යකරුවාගේ වාත්තියට ද වගකීම් සහගත භාවිතාවක් එක් කළ අයෙකි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම පිරිසකගේ දැඩි ප්‍රහාරයකට ලක් ව වරක් ඔත්පලව සිටි මංගල ඒ හේතු කර ගෙන දීර්ඝ කාලීනව සිය සෞඛ්‍යය පිළිබදව පීඩාකාරී තත්ත්වයකට මුහුණ දුන්නේය.අවසාන කාලයේදී ද රෝහල් ගතව සිටි මංගල එස්බී දිසානායකගේ මාධ්‍ය සම්බන්ධීකරණයේ දැවැන්ත භූමිකාවට මිය යන මොහොතේත් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා ලෙස එක් වී සිටියේය.
මංගල ගේ අවසන් කටයුතු හෙට සවස කුරුණෑගල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
www.supirikroda.com
Apr 22, 2013
කුරේ ලන්ඩන් මැරතන් තරගයේ ආසියාවෙන්ම එකට
කාන්තා අංහයේදී ආසියාතික රටවල් අතර ප්‍රථමයා වූ අකාබා යුකිකා පැය 2:24:43 න් තරගය නිම කර සමස්ත තරගයේ දී තෙවැනි ස්ථානයට පත් වූවාය.කෙන්යාවේ ජෙප්ටු ප්‍රිස්කා කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ පැය 2:20:18 කින් තරගය නිම කරමින්ය.ඇයට දෙවැනි වූ කෙන්යාවේම එඩ්නා කිමිලගාන් පැය 2:21:32 න් තරගය නිම කර සමස්ත තරගයේ තෙවන තැනට පත් වූවාය.
බොස්ටන් මැරතන් තරගයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය නිසා බකිංහැම් මාලිගාව ආසන්නයේ ක්‍රියාත්මක මෙම තරගය දැඩි ආරක්ෂක රැකවරණ මැද්දේ ක්‍රියාත්මක විය.
www.supirikrida.com
Apr 21, 2013
එංගලන්ත බෝල පෙරලෙන්නේ කොහාටද?
අදාළ ප්‍රවෘත්තිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය සම්බන්ධ නිලධාරී රජිත් ප්‍රනාන්දු විසින් ජනමාධය වෙත යොමු කළ ප්‍රවෘත්තියක් වූ අතර එම නිසාම මේ චෝදනාව සම්බන්ධයෙන් වන ප්රවෘත්තියද සුපිරි ක්‍රීඩා හී පළ කිරීමෙන් නොනැවතී එම සම්බන්ධතාවය වෙනම රජිත් වෙත යොමු කිරීමටද පියවර ගන්නවා.ඔහු විසින් මහත්මා ලීලාවෙන් ප්‍රසිද්ධිය ලබා දීම සදහා යොමු කළ එම ප්‍රවෘත්තියට අදාළව යම්කිසි වංචාවක් හෝ අක්‍රමිකතාවයක් සිදු වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු කිරීම මෙන්ම පාසල් ක්‍රිකට් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් දක්වන අදහස් මාධය වෙත යොමු කිරීමද රජිත්ගේ වගකීමක් ලෙස අප විශ්වාස කරනවා.
www.supirikrida.com
ආධුනික බොක්සිං තරගාවලිය දින පහක් පුරා
පිරිමි මෙන්ම කාන්තා අංශයෙන් ද බර පංති 10 බැගින් ක්‍රියාත්මක වන අතර තරගාවලියේ ජයග්‍රාහී බොක්සිං කණ්ඩායමට මෙන්ම අනු සූරයන්ටද කුසලාන ප්රදානය කිරීමට නියමිතය.
ත්‍රිවිධ හමුදා බොක්සිං කණ්ඩායම් මෙන්ම මාස් පවුලට අයත් බොක්සිං ක්‍රීඩා සමාජ ද,පොලිසීය,ශ්‍රීමත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය , මහනුවර විද්‍යාර්ථ විද්‍යාල කණ්ඩායම් ඇතුළු ක්‍රීඩා සමාජ ගණනාවක් මේ වන විටත් තරගාවලිය නියෝජනය කරන බවට සහතික වී ඇත.
www.supirikrida.com
Apr 19, 2013
නුවරඑළියේ දකෂතම ක්‍රීඩකයා ෂන්මුගනාදන්
ඩිෂාන් සණ්මුගනාදන් 2011 වසරේදි අවුරුදු 18 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරමන් ජාතික නියෝජනය ආරම්භ කළ අතර මේ වන විට ජාතික කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර මේ වසරේ ජාතික සූරතාවය සහ ලීග් සූරතාවය දිනූ රණබිම රාජකීය කණ්ඩායම වෙනුවෙන් එම ජයග්‍රහණය සදහා ප්‍රබල දායකත්වයක් ලබා දුන්නා.
www.supirikrida.com
Subscribe to:
Posts (Atom)