Oct 8, 2012

හොදින් වැඩ කළ ද තුටින් නික්ම යන්නට වරම් නැති නායකයා

මාස කිහිපයකට පෙර ජයග්‍රහණය කළුනික බදුව තිබූ හ්‍රී ලංකා කණ්ඩායම පුරුකෙන් පුරුක බැද යළ විජයග්‍රාහී මාවතකට ප්‍රවේශ කළ මහේල ජයවර්ධන මෙවර ශ්‍රී ලංකාවේ පැවති 20 /20 තරගාවලිය අවසානයේ 20 / 20 තරග නායකත්වයෙන් සමු ගන්නා බව කීවේය.ඔහු අසීමිත ලෙස විශ්වාස කළ ලසිත් මාලිංගට එල්ල වූ දැවැන්ත ප්‍රහාරය නිසා ශ්‍රී ලංකාවේ පැවති මෙවර තරගාවලියේදී සිය නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් දිනා දීමට තිබූ අවස්ථාව අහිමි කර ගත් මහේල ජයවර්ධන ගේ සමුගැනීමට හිමිවිය යුතුව තිබූ ප්‍රබෝධව හිමි වුණේ නැත.පසුගිය වකවානුවේ බොහෝ ප්‍රබලයන්ට ශ්‍රී ලංකා කණ්ඩායම හිසරදයක් බවට පත් කළ මහේල සමුගන්නා මොහොතේ ලොව අංක එකට ශ්‍රේණිගතව සිටින 20 / 20 කණ්ඩායමේ නායකයාව සිටියේය.
එතෙක් දුරට කණ්ඩායම ඔසවා තබන්නට මාර්ගෝපදේශනය සැපයූ මහේලට හිමිවිය යුතුව තිබූ ආනන්දජනක සමුගැනීම අහිමිව යෑම ඛේදයක් බව පිළිගත යුතුය.නමුත් මීට පෙර ද ශ්‍රී ලංකාවට නායකත්වය ලබා දෙමින් සුපිරි නායකත්වයක් පෙන්නුම් කර ඇති මහේල ලොව හොදම ක්‍රිකට් නායකයා ලෙස සම්මානයට පවා පාතු වී තිබියදී සමුගත්තේද කදුළු අතරින්මය.ඒ ඔහු සමුගන්නා බව ප්‍රකාශ කළ පකිස්තානු සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කර එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසාය.
ඒ නිසා ශ්‍රී ලංකාව බිහිකළ සුපිරිතම නායකයෙකු බව අවිවාදිත මහේල කදුළු අතරින් වෙන්ව ගියද ඒ කදුළු වල රිදී පැහැය ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ දීප්තිය වෙනුවෙන් නායකත්වය හරහා එකතු කළ අයෙකු ලෙස ඔහු මෙරට ක්‍රිකට් වංශ කතාවේ නොමැකෙන දිප්තිමත් තරුවක්ව වැජඹෙන බව නම් සහතිකය.
www.supirikrida.com

මහේලගේ මාලිංග පිළිබද අසීමිත විශ්වාසයට සැමුවෙල්ගෙන් තදබල ප්‍රහාරයක්

West Indies celebrate their victory, 'Gangnam' styleන්දු යවන්නන්ට ඉතා හිතකරව පැවති ආර් ප්‍රේමදාස තණතිල්ලේ විශ්වාස කළ නොහැකි ප්‍රහාරයක් එල්ල කළ මාලන් සැමුවෙල් මෙන්ම විශ්වාස කළ නොහැකි ප්‍රහාරයකට ලක් වූ ලසිත් මාලිංග ද ශ්‍රී ලංකාවට වඩා වාසිදායක පසුබිමක් තිබූ 20 / 20 ලෝක කුසලානය බටහිර ඉන්දීය කොදෙව් පිළට ප්‍රදානය කරමින් නිමා විණි.පිත්තෙන් දක්වන ලද දක්ෂතා පදනම් කර ගෙන කොදෙව් කණ්ඩායම ද,පන්දුවෙන් දක්වන ලද දක්ෂතා ද පදනම් කරගෙන ශ්‍රී ලංකාව ද අවසාන තරගය සදහා පිවිසි අතර ඒ නිසාම මෙම තරගයේ ඉරණම කෙරෙහි කාසියේ වාසිය ද යම් බලපෑමක් එල්ල කළ හැකි තත්ත්වයක් තරගයට පෙර සිටම දක්නට ලැබිණ.
එවැනි වාතාවරණයක ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධනට කාසියේ වාසිය අහිමි වූ අතර කාසියේ වාසිය දිනූ ඩැරන් සාමි පළමුව පන්දුවට පහර දීමට තිරණය කළේය.නමුත් රිසි සේ සිය දැවැන්ත ප්‍රහාර සදහා යාමට ඇති ඉඩ ප්‍රස්ථාව වළකමින් මුල් ඕවර් කිහිපයේදී මහේල සිය කණ්ඩායම මෙහෙයවමින් ලකුණු පාලනය සහ කඩුලු දවා ගැනීම රැක ගත්තද,කළබලයට පත් නොවුණු ඩියොන් බ්‍රාවෝ (19) සහ මාලන් සැමුවෙල් (78) පන්දු ඕවර් 8 ක් තුළ ලකුණු 59 ක් රැස් කරමින් සිය කඩුලු කඩා වැටීමට ඇණ තැබීමට සමත් විය.14 වන පන්දු ඕවරයේ අවසාන පන්දුවට බ්‍රාවෝ දැවී යන විටත් ලකුණු 73 ක් වු කොදෙව් කණ්ඩායම ලකුණු 120 න් මෙපිට නවතිනු ඇතැයි සිතිය හැකි වුව ද,ඉතිරි වූ කඩුලු ප්‍රමාණයේ වාසිය සමග අත දිග හැර පහර දෙන්නට ගත් සැමුවෙල් හයේ පහර 6 ක් ම එල්ල කරන්නට වූයේ කොදෙව් කණ්ඩායමට පෙනෙන්නට නොතිබි ලකුණු ප්‍රමාණයක් හිමි කර දෙමින්ය.
මහේල මෙම අවස්ථාවේදී හොදින් තරග ආරම්භයේ පන්දු යැවූ ඇන්ජලෝ මැතිව්ස් ගේ පන්දු ඕවර් ප්‍රමාණය නිමා කර තිබුණ අතර,ඒ ආකාරයටම ලකුණු වල ට වැට බැද තිබූ නුවන් කුලසේකර සහ අකිල් ධනංජයගේ පන්දු ඕවර් 4 නිමා නොකර සිය විශ්වාසවන්තයා වූ මාලිංග කොරෙහි වැඩි විශ්වාසයක් දරනු පෙණින.නමුත් සැමුවෙල් වැනි පිතිකරුවෙක්ට ලෝන් ඕන් - සහ ලෝන් ඕෆ් කළාප හරහා දිගු පහර සදහා පිවිසීමට තිබෙන හැකියාව,මහේල ගේ විශ්වාසය පළුදු කළේ මාලිංගගේ පන්දු ඕවර් 4 ට ලකුණු 54 ක් කොදෙව් කණ්ඩායමට එකතු කරමින්ය.සෙසු පන්දු යවන්නන් පන්දු ඕවර් 16 ක් තුළ ලකුණු 83 ක් පමණක් ලබා දෙමින් ලබා ගත් වාසිය මේ නිසා ශ්‍රී ලංකාවට අහිමි ව ගිය අතර විශේෂයෙන් අජන්ත මෙණ්ඩිස් සිය පන්දු ඕවර් 4 තුළ ලකුණු 12 ක් පමණක් ලබා දෙමින් කඩුලු 4 ක් දවා ගනිමින් ඇති කළ පීඩනය කොදෙව් පිතිකරුවන්ගෙන් ඈත් විණි.ඒ නිසාම සුනිල් නරේන් වැනි විශිෂ්ඨ දග පන්දු යවන්නන්ට වාසි දායක පදනමක් ඇති බව පෙනෙන්නට තිබුණු ප්‍රේමදාස තණතීරුවේ ශ්‍රී ලංකාවට සටනක් දීමට හැකි ලකුණු 137 ක් කඩුලු 6 ක් පමණක් දැවී ලබා ගන්නට කොදෙව්වන්ට අවස්ථාව ලැබිණ.
පිළිතුරු ඉනිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ විශාල බලාපොරොත්තුවක් වූ තිලකරත්න ඩිල්ෂාන් ලකුණු නොලබා දැවී යාමත් සමග ලකුණු 137 පිඩනයක් වීමේ කාර්යය ඇරඹිණ.පසුගිය කා‍ලයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් තරගවල දී වැඩි ප්‍රමාණයක ඩිල්ෂාන් ගේ දායකත්වය දක්නට ලැබුණු අතර කාලයක සිට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ජගත් වර්ගීකරණයේ ඉදිරියෙන් සිටි ඩිල්ෂාන් ගේ පන්දු යැවීමේ හැකියාවට ඇණ වැදී ඇති බැවින් මෙම තරගයේ ඔහුගේ දායකත්වය ප්‍රදර්ශණාතිමක පන්දු රැකීම් කිහිපයකට පමණක් සීමා විණ.එම පීඩනය නිසාම ලකුණු වේගය වැඩි කිරීමට අනතුරුදායක පහර සදහා යොමු වීමට ශ්‍රී ලංකා පිතිකරුවන් වෙත පෙළඹිමක් ඇති කළ අතර එහි ප්‍රතිඵලය වූයේ ඇන්ජලෝ මැතිව්ස් වැනි පිතිකරුවෙක් සිය උප නායකත්වයට ද ශරොත්තු නොදෙන අති අපරික්ෂාකාරී ප්‍රහාර සදහා පෙළඹීමය.මහේල පමණක් ලකුණු 33 ක් ලබමින් මුල් පෙළේ පිතිකරුවන් අතරින් කැපී පෙණුන අතර ඔහු ද දැඩි රුචිකත්වයක් ඇති රිවස් ස්විප් පහරකින් දැවී ගියේය.මහේල හැරුණු විට සංගක්කාර ලකුණු 22 ක් ලැබූ අතර තරගයේ අවසාන භාගයේදී ප්‍රචණ්ඩ ප්‍රහාරයක් එල්ල කළ නුවන් කුලසේකර ලකුණු 26 ක් ලැබීය.එම තිදෙනා හැරුණු පසු සෙසු පිතිකරුවන් අතරින් වාර්තා වූ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමට ලසිත් මාලිංග සමත් වූ අතර ඒ ලකුණු 5 කි.ඒ නිසා සිරස් අතා ලියූ දුරකථන අංකයක් සේ දිස්  වූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව මුළු ලකුණු ප්‍රමාණය සම්පූර්ණයෙන්ම අක්‍රිය වූ අතර කොදෙව් කණ්ඩායමට ලකුණු 36 ක ජයක් අත් විණි.
මේ මොහොතේ ලොව සිටින අති විශිෂ්ඨතම පන්දු යවන්නෙකු ලෙස විරුදාවලි ලත් සුනිල් නරේන් ඉතා හොදින් පන්දු යැවූ අතර ඔහු ලැබූ කඩුලු 3 වෙනුවෙන් පන්දු ඕවර් 3.4 ක් වෙනුවෙන් ලබා දී තිබුණේ ලකුණු 9 ක් පමණි.
තරගාවලියේ වැඩිම ලකුණු එකතුවෙන් ඉදිරියෙන් සිටි සහ පන්දු යවන්නන්ගේ කඩුලු දවා ගැනීම අතින් අජන්ත මෙණ්ඩිස්ට පමණක් දෙවැනි වූ ෂේන් වොට්සන් තරගාවලිලියේ වීරයා විය.2වසාන තරගයේ වීරයා සම්බන්ධයෙන් විවාද කරන්නට කාරණයක් නොතිබි අතර නොතිබි ජයක් ජයක් බවට හරවමින් දැවැන්ත ලකුණු 78 ක ඉණිමක් ක්‍රියාත්මක කළ මාලන් සැමුවෙල් තරගාවලියේ වීරයා විය.එසේම ජයග්‍රහණයට අවශ්‍යය පදනම  සකසමින් කොදෙව් නායක ඩැරන් සාමි,නිසි නායකත්වයක් ප්‍රදර්ශනය කළ අතර කණ්ඩායම එක හැගීමකින් වෙලා තබා ගැනීමට ඔහු කළ කැපවීම ප්‍රශස්ත මට්ටමක තිබිණ.
පහත දැක්වෙන්නේ අවසාන තරගයේ ලකුණු පූවරුවට පිවිසිය හැකිය.http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533298.html
www.supirikrida.com

සුපිරි ක්‍රීඩා පෙන්වා දුන් කරුණු පිළිබදව අධ්‍යාපන ලේකම් ගේ විශේෂ අවධානය,පාසල් බැඩ්මින්ටන් සංගමයේ ක්‍රියාකාරීත්වය අත් හිටුවයි

දිගින් දිගටම අකටයුතු කම් එල්ලවන බවට සිදුවන චෝදනා හේතුවෙන් පාසල් බැඩ්මින්ටන් සංගමයේ ක්‍රියාකාරීත්වය අත් හිටුවන්නට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ශාරිරික අධ්‍යාපන සහ ක්‍රීඩා අධ්‍යක්ෂ රෝහණ කරුණාරත්න සුපිරි වෙබ් අඩවියට අදහස් දක්වමින් පැවසීය.අවසාන වශයෙන් අද (ඔක්තෝමබර් 8) නිමාවට පත් වීමට නියමිත ජාතික කණිෂ්ඨ තරගාවලියෙන් පසුව පාසල් සංගමයේ ක්‍රියාකාරීත්වය නැවතෙනු ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම පාසල් සංගමයේ වත්මන් ලේකම්වරයාටත්,හිටපු ලේකම්වරයා නාමිකව ඉවත් වෙමින් පාසල් සංගමය නියෝජනය කරමින් ජාතික සංගමයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරමින් ද,සිය වගකීම අයථා ලෙස යොදා ගැනීම පිළිබදව,නිසි නිත්‍යානුකූලභාවයකින් සහ ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීමෙන් වැළකීම නිසාද,කලෙක පටන් චෝදනා එල්ල වුව ද ඒ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගෙන නොතිබීමත්,මෙවර ජාතික කණිෂ්ඨ තරගාවලියේදී නිසි ක්‍රමවේදයට බැහැරින් කටයුතු කිරිමත් යන කාරණා සැළකිල්ලට ගනිමින් සුපිරි ක්‍රීඩා අධයාපන අමාත්‍යවරයාට මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට ද කරුණු පෙන්වා දීමට කටයුතු කළ අතර එහි දී අමාත්‍යවරයා මෙන්ම අමාත්‍යංශ ලේකම්වරයා ද ශාරිරික අධ්‍යාපන සහ ක්‍රීඩා අධ්‍යක්ෂ රෝහණ කරුණාරත්නයන් ව දැනුවත් කළේ වහාම පරීක්ෂණ අරඹන ලෙසය.මෙහි ප්‍රතිපලයක් ලෙස අමාත්‍යංශ ලේකම්වරයා ගේ උපදෙස් මත එම පරීක්ෂණ සදහා පාසල් බැඩ්මින්ටන් සංගමයේ ක්‍රියාකාරීත්වය ද අත් හිටවීමට ශාරිරික අධයාපන සහ ක්‍රීඩා අධ්‍යක්ෂවරයා කටයුතු කර ඇත.
එසේම ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වන පරිදි,ජාතික බැඩ්මින්ටන් පරිපාලනයේ ක්‍රියාකාරීත්වය ද,ඇණ හිටින තත්ත්වයක් ඉදිරි දින කිහිපය තුළ බලාපොරොත්තු විය හැකිය.දිගින් දිගටම ක්‍රීඩා අමාත්‍යවරයාගේ දෝෂ දර්ශනයට ලක් වුව ද,කුමන හෝ අදිසි බලයකින් මෙන් බලාත්මකව පවතින ජාතික බැඩ්මින්ටන් සංගමය,ක්‍රීඩාවට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ යහපත පිණිස ක්‍රියාත්මක යාන්ත්‍රණයක් වෙනුවට, කිහිප දෙනෙකු ගේ බඩගෝස්තරය වෙනුවෙන් ලඝු වී තිබෙන යාන්ත්‍රණයක් බවට පත් වී ඇත.සැබවින්ම පාසල් සංගමය ද එහි ඕජස් සහ සැරව බොන පණුවෙකු පමණක් ලෙස ක්‍රියාත්මක වන්නක් වීම නිසා ඇති වී තිබෙන අර්බූද විශාල ප්‍රමාණයක් මතු වීමට හේතු ව වී ඇත.ඒ නිසා ප්‍රධාන ධාරාවේ තුවාලයට ප්‍රතිකර්මයක් නැතිව එහි වසා ජීවත්වන ඉහද පනුවන් පිලිබද පමණක් ක්‍රියාත්මක වීම ප්‍රමාණාත්මක ප්‍රතිපල ගෙන දෙන්නක් නොවනු ඇත.
ක්‍රීඩා අමාත්‍යවරයා පෞද්ගලිකවම ජාතික බැඩ්මින්ටන් සංගමයේ දූෂණ සහ අක්‍රමිකතා සොයා බැලීමට මෙන්ම ඒවා වෙනස් කිරීමටත් උත්සාහ කරන තත්ත්වයක් දකින්නට ලැබුණ ද,සෙසු කාර්‍ය මණ්ඩලයෙන් ඒ සදහා අවශ්‍යය කරන විධිමත් සහ කඩිනම් සහය නොලැබෙන බවක් පෙනෙන්නට තිබෙන බවට සුපිරි ක්‍රීඩා වෙත ප්‍රායෝගික අත්දැකීම තිබෙන අතර මේ තත්ත්වයන් පාදක කරගෙන ජාතික සංගම් ක්‍රීඩා අමාත්‍යවරයා අර්බූද ගණනාවක් ඇති කළ යම් නිලධාරින් සංගමයට වද්දෘ නොගන්නා ලෙස කරන ලද ඉල්ලීම් ද නොතකා හරිමින් එවැන්නන් සංගමයේ ප්‍රධාන විධායක තනතුරට කැදවීමට ද සූදානමක් පවතින බව ද සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.
මේ වන විට ක්‍රීඩා අමාත්‍යංශයේ ඇතැම් අය බැඩ්මින්ටන් සංගමය 'ෂේප් එකයි පාරයි සංගමය' ලෙස හදුන්වන්නට පටන්ගෙන ඇත්තේ කුමන වරදක් කරද,අමාත්‍යංශයේ හිත නොරිද්දා දිගින් දිගටම ක්‍රියාකාරිව පවතින බැවින්ය.එසේම බොහෝ නිවුණු පෙණුමක් සහ වාග් විලාශයක් ඇති එම සංගමයේ සබාපතිවරයා ගේ ක්‍රියා කළාපය'වහ දෙන්නෙත් උණු වතුර එක්කයි' යනුවෙන් අර්ථ ගන්වන්නට පටන් ගෙන තිබෙන බව ද සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.
www.supirikrida.com

Oct 7, 2012

කණෙන් රිංගන්න හැදූ පාසල් හොකී සංගමයේ කණෙන් අල්ලන්න අධ්‍යක්ෂකගෙන මෙහෙයුමක්

පාසල් ක්‍රීඩාවේ ප්‍රතිපත්තිමය කාරනා උල්ලංඝණය කරමින් වයස අවුරුදු 13 න පහළ ක්‍රීඩකයන් ජාතික තරගාවලියක් සදහා යොදා ගැනීම පිළිබදව පාසල් හොකී සංගමයට චෝදනා එල්ල වෙමින් ඇත.අවුරුදු 14 න් පහළ තරගාවලියක් ලෙස ‍ක්‍රියාත්මක මෙම තරගාවලියේ අවසාන තරග හෙට මහනුවරදී පැවත්වෙන අතර අවරුදු 14 න් පහළ ළමුන් ලෙස ප්‍රතිපත්තිමය කාරණා නොසළකා හරිමින් මෙම තරගාවලියේ දිගින් දිගටම අවුරුදු 13 න් පහළ ළමුන් ක්‍රීඩා කර තිබෙන බවට සුපිරි ක්‍රීඩා සතුව සාක්ෂි ඇත.අවුරුදු 11 න් පහළ සහ 13 න් පහළ වයස් ඛාණ්ඩ තරග නොපවත්වන ලෙස උපදෙස් දී තිබියදී අවුරුදු 14 න් පහළ ලේබලයට වහං වී මෙසේ කටයුතු කිරීම පිළිබදව ශාරිරික අධ්‍යාපන හ ක්‍රීඩා අධ්‍යක්ෂ රෝහණ කරුණාරත්න පවසන්නේ තමන්ට ද එවැනි තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිලිබදව ක්‍රියාමාර්ගයක් ගන්නා බවය.
එම කරුණු පැහැදිළි කර ගැනීමට අවශ්‍යය සාක්ෂි රැස් කර ඒ පිළිබදව සත්‍ය අසත්‍යතාවය විමසා බැලීමට කටයුතු කරන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.
එසේම තරගයේ ප්‍රමිතිය පිලිබදවද ගැටළු මතු වී ඇති අතර බී කාන්ඩයේ තරගාවලියක් වෙනුවට මෙම තරගාවලියට නවක පාසල් සියල්ලම ඇතුළත් කර ගැනීමෙන් තරගාවලියේ තත්ත්වය බාල වී ඇති බවට ද තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝ අය සුපිරික්‍රීඩා‍ වෙත පෙන්වා දෙයි.
www.supirikrida.com

හොරු බොරු එක්ක විරුවන් වෙනුවෙන් කිඹුල් කදුළු හෙළිම

Sri Lanka celebrates after defeating Pakistan in the ICC world Twenty20 semi-final at the R Premadasa Stadium, Colombo October 4, 2012. REUTERS/Philip Brownද ලංකාවට අතිශයින් වැදගත් දිනයක්.ඒ 20 / 20 ලෝක කුසලාන තරගාවලියේ සූරතාවය සම්බන්ධයෙන් තීරනාත්මක අවසාන තරගයට අද ලංකාව තරග වැදීමයි.අවසාන තරගයට ශ්‍රී ලංකාව සමග සහභාගි වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.මෙහි ප්‍රවේශපත් විකිණී අවසන් බව ක්‍රිකට් ආයතන නිල ප්‍රකාශ ඔස්සේ වාර්තා වුව ද මේ වන විටත් මාලිගාවත්ත ප්‍රදේහය ඇතුළු කොළඹ තැන තැන ප්‍රවේශපත්‍ර විකිණෙනවා.විශේෂයෙන් ක්‍රිකට් ආයතනය අවටත් මේ දේ සිදුවනවා.
මේ ප්‍රවේශපත්‍ර අලෙවි වන්නේ එහි නියමිත මිලට වඩා දස ගුණයක් විසි ගුණයක් පමණ වැඩි මිළකටයි.සමහර විට එය සිය ගුණයක් විය හැකි අවස්ථාද එමටයි.ඒ නිසා මෙය හොර කමක්.ජාතික වගකිම් පැවරුනු බොහෝ අයත් මේ පිටුපස සිටිය හැකියි.ඒ අය ඇතැම් කරුණු හෙළිදරව් කරන විට පෙන්වන ජාතිකානුරාගය දේශානුරාගය කෙතරම් ඉහළින් තිබුණත් මේ කෙරෙන හොර ජාවාරම් පසුපස ඔවුන් සිටින බව පැහැදිළි වන විට හැගෙන්නේ,ඔවුන් කෙතරම් දුරට බොරු කීමේ හා බොරු මවා පෑමේ දක්ෂයන්ද යන්න යි.
කෙසේ හෝ මේ බොරුකාර හොරුන්ගේ මඩිය පුරවන්න වෙහෙසවන පිරිස බවට රට වෙනුවෙන් පිටියට බසින ක්‍රීඩකයන් පත් වී තිබීම ඛේදවාචකයක්.හදවතින්ම සුභ පතන බොහෝ පිරිස් අතරේ මෙවැන්නන් සිය සට කපට කමින් රට ජාතියට අගෞරව කරන අවස්ථා අවම කර ගැනීමේ ක්‍රමවේදයක් තවම හදුනා ගෙන නැති වීම කණගාටුවට කරුණක්.මර්ධනය හෝ මැඩ පැවත්වීම පිණිස ප්‍රායෝගික නිතිමය භාවිතාවන් නැති වීමට   වත්මන් පොලිසීය නීතිය රකින හෝ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ව්‍යහුයෙන් අණ පිළිපදින හා අණ ක්‍රියාත්මක කරන ආයතනයක් බවට පරිවර්ථනය වෙමින් තිබීම ද බලපාන බව මෙවැනි කරුණු ඔස්සේ ද පැහැදිළි වෙනවා.
මේ කුමන තත්ත්වයක හෝ අද ශ්‍රී ලංකාව 20 / 20 කුසලානය දිනා ගැනීම පිළිබදව සැබෑවින්ම උද්දාමයට පත්වීම සදහා සූදානම් පිරිසක් ද සිටිනවා.ඒ හාදයාංගම බව සමහර විට හොර බොරු සහිත කපටියෙකුගේ සාක්කුව බර කරන්න හේතු වන්නත් පුළුවන්.ඒත් රටේ ක්‍රිකට් මෙන්ම සියල්ල නිවැරදි වූ සාධාරණ වූ ක්‍රමවේදයක් හරහා ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි.ඔබේ සාක්කුවේ ඇති මුදල අනවශ්‍යය ලෙස හොරෙකුව බොරුකාරයෙකු පෝෂනයට යෙදවීම වෙනුවට රටේ යහපත් වෙනුවෙන් එවැනි තැනකදී සත පහක් වැය නොකළ සේවය කළ හැකි අවස්ථාවන් ද තිබෙනවා.ඒ නිසා ඔබට වැඩි මුදලට විකුණන්න උත්සාහ කරන ටිකට් පත මිළ දී ගැනීමට පෙර අදාළ නීති අංශ දැනුවත් කරන්න.එවැනි අලෙවි කිරීම් සිදුවන ස්ථාන පිලිබදව නිති අංශ දැනුවත් කරන්න.නියම් වූ මිළට වඩා කිසිම දෙයකට වැඩි මිළක් නොගෙවීම ඔබ ඔබේ ප්‍රතිපත්තිය කර ගන්න උත්සාහ කරන්න.
www.supirikrida.com

හමුදාවේ අය පාසල් යන්න ගියොත් රස්සාවත් නැතිවෙයි

මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ මලල ක්‍රීඩා ඉසව් වලදී අවුරුදු 21 න් පහළ තරග වල දී ලබන ලකුණු ද,තරගාවලියේ සමස්ත සූරතාවය වෙනුවෙන් සළකා බැලීමට ගත් තීරණය සමග හමුදා සේවයට සම්බන්ධ පිරිස් මෙම තරගාවලිය නියෝජනය කරනු ඇතැයි තොරතුරු වාර්තා වීම පිළිබදව අදහස් දැක් වූ ශාරිරික අධ්‍යාපන සහ ක්‍රීඩා අධ්‍යක්ෂ රෝහණ කරුණාරත්න එවැනි දෙයකදී එම පුද්ගලයාට රැකියාව පවා අහිමි වී යා හැකි බව පෙන්වා දුන්නේය.
එවැනි කරුණක් ඔප්පු වුනොත් ජයග්‍රහණය අහිමි වීමෙන් නොනැවති ඔවුන්ට රැකියාව පවා අහිමි වී යා හැකි බව අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.එම ගැටළුව මතු විය හැකි බවට පළ වූ අදහස් සමග  ත්‍රිවිධ හමුදාපතිවරු සමග සාකච්ඡා කළ බව පවසන අධ්‍යක්ෂවරයා.එහිදී හමුදාපතිවරු එවැනි ක්‍රියාවල නියැලෙන පිරිස් සම්බන්ධයෙන් දැඩි තීරණ ගන්නා බව ප්‍රකාශ කළ බව ද,පෙන්වා දෙයි.
www.supirikrida.com

ශ්‍රී ලංකා කණිටු ක්‍රීඩිකාවෝ පළමු ජය වාර්තා කරති

තායිලන්තයේ පැවත්වෙන 16 වන ආසියානු කාන්තා කණිෂ්ඨ වොලිබෝල් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කරන ලද ප්‍රථම ජය කුවේට් වලට එරෙහිව වාර්තා විය.වට 3 - 0 ක් වූ එම ජයග්‍රහණයේදී ලකුණු තත්ත්වය 25 - 6 ,25 - 5 සහ 25 - 13 ක් ලෙස වාර්තා වූ අතර විනාඩි 46 ක් තුළ සමස්ත තරගය නිමා කිරිමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.ශ්‍රී ලංකාව තරග වදින කාණ්ඩයේ පැවති නවසීලන්ත හොංකොං තරගයේදී නවසීලන්තය ජය ගත් අතර එහි ලකුණු තත්ත්වය 25 - 19,25 -10 සහ 25 - 18 ක් විය.
ඊ කාණ්ඩයේදී ඉරානය කසකස්තානයට එරෙහිව වට 3 -1 ක් ලෙස ජයගත් අතර,තායිලන්තය ආසියාවේ අංක දෙකට ශ්‍රේණිගතව සිටින දකුණු කොරියාව 3 - 1 ක් ලෙස පරාජය කිරිම සිදු වූ විශාලතම පෙරළිය විය.එෆ් කාන්ඩයේදී ජපානය ඉදිරියේ ඉන්දියාව වට 3 - 0 ක් ලෙස පරාජයට පත් වූ අතර චීනය සහ චීන තායිපේ කණ්ඩායම් අතර තරගයෙන් චීනයට වට 3 - 0 ක ජයක් හිමි විය.එච් කාණ්ඩයේ තරග වල දී ටර්කිමනිස්තානය මොංගෝලියාව වට 3 - 0 කින් පරාජය කළ අතර වියට්නාමය වට 1 - 3 ක් ලෙස ඕස්ට්‍රේලියාවට හැකි විය.
ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ ශ්‍රේනිගත කිරීම් තරග වලට හෙට සිට මුහුණ දීමට සූදානම් අතර 13 වන ස්ථානයේ සිට 16 වන ස්ථානය දක්වා වූ වර්ගීකරණය පිණිස වන තරගයේ පළමු තරගයට හෙට ශ්‍රී ලංකාව මුහුණ දීමට සුදානම් ය.ඒ ටර්කිමනිස්තානය සමගය.
 www.supirikrida.com