Sep 21, 2012

නුගේගොඩ ශාන්ත ජෝන් ළමා ක්‍රීඩා උළෙල 22 දා

නුගේගොඩ ශාන්ත ජෝන් ආදි ශිෂ්‍ය සංගමයේ සංවිධානත්වයෙන් යුතුව පැවත්වෙන ළමා මලල ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 22 දා කළුබෝවිල පිහිටි නුගේගොඩ ශාන්ත ජෝන් ආදර්ශ කණිෂ්ඨ පාසලේ ක්‍රීඩා පිටියේදී පැවත්වීමට කටයුතු සූදානම් කර ඇත.මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍ය උපාලි කොඩිකාර සහභාගි වන අතර විශේෂ ආරාධිතයා ලෙස මලල ක්‍රීඩා සංගමයේ හිටපු ලේකම් ශාන්ත ජෝන් විද්‍යාලීය ආදි ශිෂ්‍ය ප්‍රේමා පින්නවල සහභාගි වීමට නියමිතය.
පළමු වසරේ සිට පහ වසර දක්වා වන දරුවන්ට විවාත මෙම තරගාවලියට වයස 7 න් පහළ මීටර් 50 සහ ටෙනිස් බෝල වීසි කිරීමේ ඉසව් ඇතුළත් වන අතර අවුරුදු 9 න පහළ මීටර් 40 සහ 60 ධාවන තරග සහ සිග් සැග් ධාවන තරග ද හිටි පිම්ම ඉසව් ඇතුළත් වේ.අවුරුදු 11 න් පහළ දරු දැරියනට මිටර් 60 ,හෙල්ල වීසි කිරීම සහ දුර පැනීම ඇතුළත් වේ.තරගාවලියේ මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු උප සභාපතිවරයෙකු වු සහ වර්ථමානයේ විධායක කමිටු සාමාජිකයෙකු වූ සුනිමල් රූපසිංහ අතින් සිදුවන අතර තරගාවලියට ඇතුළත් වීමට කැමති දූ දරුවන් සැප්තැම්බර් 22 දා තරගාවලිය ආරම්භ වීමට නියමිත පෙ.ව.9.00 ට පෙර ක්‍රීඩාංගණයට පැමිණිය යුතුය.
www.supirikrida.com

Sep 20, 2012

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ජය ගනියි

ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර පැවති තරගයත් ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරගයත් ඕස්ට්‍රේලියාවට සහ ඉන්දියාවට ජය ලබා දෙමින් නිමාවට පත් වුණා.තරගාවලියට පෙර සිටම අයර්ලන්තය පෙරලිකාර කණ්ඩායමක් ලෙස විචාරක අවධානයට ලක් වී සිටියත් ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගයේදී ඇෆ්ගනිස්තානය දැක් වූ දස්කම් අයර්ලන්තය අභිබවා යන මට්ටමක තිබුණා.
Suresh Raina made a quick 38ප්‍රචණ්ඩ පිතිකරණ ලැයිස්තුවක් සහිත ඉන්දීය කණ්ඩායම යම් පාලනයකට යටත් කර ගෙන පන්දු යැවූ ඇෆ්ගනිස්තානය ඉන්දීය කණ්ඩායමට පන්දු ඕවර් 20 තුළ ලකුණු 159 ක් ලබා දෙන අතරේ කඩුලු 5 ක් අහිමි කරන්නට ද සමත් වුණා.විශේෂයෙන්ම ගාම්බීර් සහ ෂෙවාග් පස්වන පන්දු ඕවරය වන විට ලකුණු 22 ක් ව තිබිය දී ක්‍රීඩා පිටියෙන් ඉවත් කරමින් ඇති කළ පීඩනය ඉන්දියානු පිතිකරුවන් යම් තරමක තිගැස්මකට ලක් කළා.නමුත් තරගයේ වීරයා වූ විරාට් කෝලි ගේ නිතර කතා කරන පිත්ත නිහඩ කිරීමට ඇෆ්ගනිස්තානයට ඉක්මණින් හැකි නොවුණු නිසා ඔහු සිය අර්ධ ශතකය පන්දු 38 කින් රැස් කර සිරවී තිබූ ඉන්දීය ලකුණු වේගය යථා තත්ත්වයට පත් කළා.අවසන් මොහේතේදී නායක දෝනි පන්දු 9 කින් ලබා ගත් ලකුණු 18 සහ කෝලි (50) සහ රයිනා (38) එක්ව පන්දු ඕවර් 5.3 දි ලබා දුන් ලකුණු 48 නිසාත් ඉන්දිය ඉණිමට අසීරුවෙන් වුව ලකුණු 150 සීමාව පසු කර යන්නට හැකි වුණා.
පිලිතුරු ඉණිම ඇරඹූ ඇ‍ෆ්ගනිස්තානය ගෞරවය රැක ගැනීම සදහා හොද සටනක් යන්න සිය තේමාව කර ගනු වෙනුවට නියත වශයෙන්ම ජය ගත හැකිය යන විශ්වාසයේ සිට පන්දුවට පහර දුන්නා.එහෙත් අත්දැකීම් මදකම නිසා විශාල කඩුලු සබදතාවයකට යාමට හැකියාවක් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන්ට නෙලැබුණු අතර ඒ නිසා ඔවුන්ගේ ජයග්‍රාහී විශ්වාසය පන්දු ඕවර් 19.3 දී ලකුණු 136 ක් බවට පත් වී ගෞරවනීය පරාජයකින් කෙළවර වුණා.තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය තෙරපීමෙන් පිවිසීමේ හැකියාව තිබෙනවා.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533274.html
Shane Watson pulls behind squareඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර තරගයේදි ෂේන් වොට්සන් දැක් වූ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් අයර්ලන්තයේ ශක්තිය නිවැරදිව ප්‍රදර්ශනය කිරිමට අවස්ථාවක් ලැබුණේ නැහැ.තරගයේ පළමු පන්දුවෙන්ම ෂේන් වොට්සන් අයර්ලන්ත නායක විලියම් පෝටර්ෆීල්ඩ් ගේ කඩුල්ල දවා ගනිමින් සහ ලකුණු 26 ට කඩුලු 3 ක් දවා ගනිමින් අයර්ලන්ත ඉනිම ලකුණු 123 ටසීමා කරන්නට පෙරමුණ ගත්තා.පිලිතුරු ඉණිම ඇරඹු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් යළිත් ක්‍රියාත්මක වූ වොට්සන් පන්දු 30 ලකුණු 51 ක් ලබමින් මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අර්ධ ශතකලාභියා වෙමින්අයර්ලන්ත පරාජය ඉක්මණින් කැදවා ගෙන ආවා.පන්දු ඕවර් 15.1 පන්දුවකින් ඕස්ට්‍රේලියාව තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණේ ඒ සදහා කඩුලු 3 ක් පමණක් වැය කරමින් වූ අතර පහත දැක්වෙන්නේ එම තරගයේ සමස්ත ලකුණු විස්තරයට පිවිසිය හැකි සබදතාවය යි.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533273.html
www.supirikrida.com

චීන ක්‍රීඩකයෝ ජපන් තරගාවලිය මග හරිති

මේ දිනවල ක්‍රියාත්මක යොනෙක්ස් ජපන් විවෘත බැඩ්මින්ටන් තරගාවලියෙන් ඉවත් වීමට චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තීරණය කර තිබෙන බව ජාත්‍යන්තර බැඩ්මින්ටන් සංමේලනයේ නියෝජිතයන් සනාත කරනවා.චීනය සහ ජපානය අතර දූපත් සමූහයක් සම්බන්ධයෙන් පවතින අර්බූදය හේතු කර ගෙන ඇති වී තිබෙන දේශපාලන වාතාවරණය හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව පිළිබදව සිතා මෙම තීරණය ගෙන තිබෙන බව ද එම වාර්තා සදහන් කරනවා.
ඇති වී තිබෙන තත්ත්වය නිසා දෙරටේම තානාපති කාර්යාල අසළ  දේශපාලන විරෝධතා මතු වි තිබෙන අතර මේ තත්ත්වය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැක උපදවන සුළු බව පෙන්වා දෙන චීනය තරගාවලිය වර්ජනය කිරීම හරහා ජපානය සම්බන්ධයෙන් ජගත් ජනමතය වෙනස් කිරීමේ සියුම් උත්සාහයක නියැලෙන අතරේම තරගාවලියේ සාර්ථකත්වය ද තර්ජනයට ලක් කරනවා.ඩොලර් ලක්ෂ දෙකක් පමණ වන තෑගි මුදල් පිරිනැමෙන මෙම තරගාවලිය සදහා පිරිමි කේවල,කාන්තා කේවල සහ පිරිමි යුගල යන කාණ්ඩ වලින් සහභාගි වීමට සිටි ප්‍රබලතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටියේ චීනයේ බැවින් ඔවුන් සහභාගි නොවීම හරහා තරගාවලියේ වැදගත්කම යම් තරමකින් පහතත වැටෙනවා
www.supirikrida.com

Sep 19, 2012

මෙණ්ඩිස් ලෝක වාර්තාව අලුත් කරයි

Ajantha Mendis recorded best ever T20I bowling figures20 /  20 ජාත්‍යන්තර තරගවලදී ඉණිමක හොදම පන්දු යැවීම ප්‍රදර්ශනය කර අජන්ත මෙණ්ඩිස් තබා තිබූ වාර්තාව සිම්බාබ්වේ ට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් තරගයේ ශ්‍රී ලංකා ජයග්‍රහණයට මුල් වෙමින් අජන්ත මෙණ්ඩිස් කළ පන්දු යැවීමෙන් යළිත් අලුත් විය.එහිදී ලකුණු 8 ට කඩුලු 6 ක් ලබා ගත් අජන්ත සිය නමට පෙර පැවති ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 16 ට කඩුලු හයක් ලබා ගැනීමේ වාර්තාව අලුත් කිරීමට සමත් විය.
ඉහළ ප්‍රහාරක වේගයක් රදවා ගෙන පිතිකරුවන් පිතිකරණයේ යෙදෙන තරගයක දී පන්දු යවන්නෙකුට හිමිවන පන්දු ඕවර් 4 තුළ කඩුලු හයක් ලබා ගැනීම ඕවරයකට කඩුලු 1 ට වැඩි සාමාන්‍යයක් පවත්වා ගත යුතු අතර අජන්ත එම දුෂ්කර කාර්යය දෙවන වරටද ඉටු කිරීම අපූරු අත්දැකීමක් විය.අජන්ත ගේ කඩුලු හයේ අවස්ථා දෙකෙන් පසුව කඩුලු 5 ලබා ගැනීම දැකිය හැක්කේ ද හය වතාවක් පමණ වන අතර උමාර් ගුල් එහිදී නවසීලන්තයට එරෙහිව ලකුණු 6 ට කඩුලු 5 ක් ලබා එහිදී ඉදිරියෙන් සිටින්නේය.

www.supirikrida.com

මෙණ්ඩිස්ලා සිම්බාබ්වේ අනාත කරති

මෙවර ලෝක කුසලාන 20 /  20 තරගාවලිය අරඹමින් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පවත්වන්නට යෙදුණ සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර තරගයේදි නව පන්දු යැවීමේ ලෝක වාර්තාවක් පිහිටුවමින් අජන්ත මෙන්ඩිස් පෑ දක්ෂතාවය මෙන්ම ජිවන් මෙණ්ඩිස් පන්දුවෙන් සහ පිත්තෙන් පෑ දස්කම් ද හේතු කර ගනිමින් ශ්‍රී ලංකාවට ලකුණු 82 ක පහසු ජයක් හිමි විය.හම්බන්තොට නව තණතීරුව සහ සුළග නිසා කාසියේ වාසිය දිනූ කණ්ඩායමක් පළමුව පන්දු රකිනු ඇතැයි ප්‍රවීනයන් පළ කළ අදහස ක්‍රියාවට නංවමින් කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලබා දුන්නේය.
Kumar Sangakkara and Jeevan Mendis run for overthrowsපළමුව පන්දුවට පහරදීම දුෂ්කර කාර්යයක් බව අවබෝධ කර ගනිමින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ලට ලකුණු 54 ක් ලබා දෙමින් සාර්ථක ආරම්භයක් ලබා දුන් අතර ඒ අතරින් පළමු වරට 20 / 20 අන්තර්ජාතික තරගයකට පහර දුන් ඩිල්ෂාන් මුණවිර ලකුණු 17 ට දුවද්දි දැවී ගියේය.දග පන්දු යවන්නන් වූ ප්‍රොස්පර් උත්සෙයා සහ ග්‍රීම් ක්‍රිමියර් ශ්‍රී ලංකා පිතිකරුවන්ට යම් පීඩනයක් එල්ල කරන්නට වීමෙන් ලකුණු ලබා ගැනීම පහසු වූයේ නැත.
නමුත් ජිවන් මෙණ්ඩිස් පිටියට පිවිසීමෙන් පසු සංගක්කාර සහ ඔහු අතර සිදු වූ අවබෝධාත්මක කඩුලු අතර දිවීම හේතුවෙන් ලකුණු ගලා ඒම වැඩි වන්නට වූ අතර කෙට ලකුණු එක දෙක අතරට දුර්වල පන්දුවලට පිටියෙන් ඉවතටත් හතරේ පහරවලුත් එල්ල වන්නට වූ අතර ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා ඉණිමේ 20 වන ඕවරයේ හතරවන පන්දුවේදී සංගක්කාර දැවි යන විට පන්දු ඔවර් 8ග1 දී ලකුණු 96 ක් රැස් කර තිබිණ.ඩිල්ෂාන් ලකුණු 39 ක් ද,සංගක්කාර ලකුණු 44 ක් ද එක් කළ අතර ජීවන් මෙණ්ඩිස් ලකුණු 43 ක් ලබා නොදැවී සිටියේය.
පිලිතුරු ඉණිම ඇරඹු සිම්බාබ්වේ කණ්ඩායම ක්‍රමයෙන් අභියෝගයට හැඩ ගැසෙමින් සිටිය දී   තරගයේ හයවන ඕවරය යැවීමට කැද වූ අජන්ත මෙණ්ඩිස් සියල්ල කණපිට හැරවීම ආරම්භ කළ අතර පළමු ඕවරයෙන්ම කඩුලු දෙකක් දවා ගත් අජන්ත සිය පන්දු ඕවර් 4 නිලකුණු ඕවර් 2 ක් ද සමග ලකුණු 8 ක් ලබා දී අවසන් කරන විට කඩුලු 6 ක් දවා ගෙන තිබිණි.සිම්බාබ්වේ ඉණිමේ වැඩිම ලකුණුලාභියා වූ හැමිල්ටන් මසකඩ්සා ලකුණු 20 ට දැවී ගිය අතර එල්ටන් චිගුම්බුරා ලකුණු 19 ක් ලැබූ අතර ජීවන් මෙණ්ඩිස් ලකුණු 24 ට කඩුලු 3 ක් ලබා ගනිමින් දස්කම් දැක්වීය.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය තෙරපීමෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533272.html
www.supirikrida.com

Sep 18, 2012

20/20 අද ඇරඹේ -පළමු තරගයට ශ්‍රී ලංකාව සමග සිම්බාබ්වේ

Mahela Jayawardene talks to the media        Brendan Taylor, the Zimbabwe captain, speaks to the pressමෙවර ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන 20 / 20 ලෝක කුසලාන තරගාවලිය අරඹමින් අද පස්වරු 7.30 ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඇරඹේ.ආරම්භක තරගයේදී සත්කාරක ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම තරග බිමට පිවිසෙන අතර කාණ්ඩ තුනක් යටතේ කණ්ඩායම් 12 ක් මෙවර තරගාවලියට සුදුසුකම් ලබා සිටින අතර ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ තරග‍ය සී කාණ්ඩයේ මූලික වටයේ තරගයක් ලෙස ගැනේ.සී කාණ්ඩයෙන් ශ්‍රී ලංකාවට සහ සිම්බාබ්වේට අමතරව  දකුණු අප්‍රිකාව තරග බිමට පිවිසෙන අතර, තරගාවලියේ ඒ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන්නේ එංගලන්තය,ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය යි.බී කොටසෙන් ඕසට්‍රේලියාව,බටහිර ඉන්දීය කොදෙව් සහ මෙවර තරගාවලියේ පෙරළියක් කළ හැකි කණ්ඩායමක් ලෙස අවධානය දිනා සිටින අයර්ලන්තය තරග බිමට පිවිසෙයි.ඩී කාණ්ඩයෙන් පකිස්තානය.නවසීලන්තය සහ බංගලාදේශය තරග බිමට පිවිසීමට නියමිතය.
අප වෙබ් අඩවියේ "LIVE බලමු " තුළින් තරගාවලිය නැරඹිමට හැකි අතර සජීවී ලකුණු විස්තරද ලබා ගැනීමට හැකියාව ඇත.
www.supirikrida.com

ක්‍රීඩා ඇමති වෙඩිල්ල පාසල දෙසට හරවයි

ජාත්‍යන්තර ජයග්‍රහණ රාහියක් ලබා ඇති වෙඩි තැබීමේ ක්‍රීඩාව මෑත කාලයේ දක්වන පසුබෑම පාසල තුලින්ම වෙඩි තැබීමේ ක්‍රීඩාව හදුන්වා දීම හරහා වෙනස් කිරීමේ පරමාර්ථය ඇතිව ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩා පාසල් පද්ධතියට වෙඩි තැබීමේ ක්‍රීඩාව හදුන්වාදීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.උපකරණ සහ භූමිය සම්බන්දයෙන් පැන නැගි ඇති ගැටළු පිළිබදව මේ වන විටත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අවසරය ඇතිව වායු රයිෆල් ඇතුළු ක්‍රීඩා උපකරණ ගෙන්වීමට ක්‍රීඩා අමාත්‍යවරයා අවසර ලබා තිබෙන බව ද එම ආරංචි මාර්ග පැහැදිළි කරයි.

මේ අතර ජර්මණියේ කාර්ල් වෝල්ටර් සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත චන්දන වන්නිආරච්චි විසින් මිලියන 1.1 ක වටිනාකමක් සහිත රයිෆල් තුනක් ක්‍රීඩා අමාත්‍යවරයාට භාර දෙන්නට යෙදුනු අතර චන්දන වන්නිආරච්චි විසින් එම රයිෆල් භාර දුන් අවස්ථාවට අමාත්‍යංශ ලේකම් අනුර ජයවික්‍රම,වෙඩි තැබීමේ සංගමයේ ලේකම් දුෂාන් විජේවික්‍රම යන අයද එක් විය
www.supirikrida.com