Aug 6, 2012

කාන්තා මීටර් 400 රන් පදක්කම ඇමෙරිකාවට පිරිමි අවසන් තරගයට ඇමෙරිකානුවන් නෑ

Sanya Richards-Ross of the United States crosses the line to win goldදින තුනක් තිස්සේ මලල ක්‍රීඩා රන් පදක්කමක් බලාපොරොත්තුවෙන් සිටි ඇමෙරිකාවේ බලාපොරොත්තුව මල්පල ගන්වන්නට සැන්යා රිචඩ්ස් සමත් වුණේ මීටර් 400 කාන්තා තරගයේ රන් පදක්කම ඇමෙරිකාවට දිනා දෙමින්.එහි ලෝකඩ පදක්කමත් ඇමෙරිකාවට දිනා දෙන්නට ඩිඩී ට්‍රොටර් සමත් වූ අතර දෙවන ස්ථානය බ්‍රිතාන්‍යයේ ක්‍රිස්ටින් ඔරොගු විසින් දිනා ගත්තා.ඉතා තියුනු මුහුණු වරක් ගත් මෙම අවසාන තරගයේදී ක්‍රීඩිකාවන් සිව් දෙනෙකුම තත්පර 50 ට මෙපිටින් තරගය නිම කිරීමට සමත් වුණා.
නමුත් ඇමෙරිකානු බූදලයක් ලෙස කලෙක සිට පවතින මීටර් 400 පිරිමි ඉසව්වේ අවසාන පූර්ව තරග වලින් කිසිදු ඇමෙරිකානුවෙකු එම අවසන් තරගයට සුදුසුකම් ලබා නොසිටීමත් කැපී පෙනෙනවා.ඇමෙරිකාවෙන් පමණක් නොව කෙටි දුර ධාවන පිටියේ අලුත්ම ප්‍රවනතාවය වන ජැමෙයිකාවෙන් ද කිසිදු ක්‍රීඩකයෙක් එම පිරිමි අවසාන තරගයට සුදුසුකම් ලබා නොතිබීම කැපී පෙණෙන කරුණක්.
www.supirikrida.com

ඔලිම්පික් කාන්තා මැරතන් ජය ඉතියෝපියාවේ ගෙලානා ට

Valeria Straneo of Italy leads the pack during the Women's Marathon
මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේ කාන්තා මැරතන් රන් පදක්කම ඉතියෝපියාවට දිනා දෙන්නට ටිකී ගෙලානා සමත් වුණා.මේ වසරේ කාන්තා මෙන්ම පිරිමි මැරතන් පිටියේද නිරන්තරයෙන් අසන්නට ලැබුණේ කෙන්යානු ජයග්‍රහණ වුව ද ඔලිම්පික් මැරතන් තරගයේදී කෙන්යාවට හිමි වූයේ රිදී පදක්කම පමණයි.එය ප්‍රිස්කා ජිප්ටෝ විසින් දිනා ගත්තා.ගෙලානා ඉතියෝපියාවට රන් පදක්කම නව ඔලිම්පික් වාර්තාවක් සමග ගෙන එද්දී තෙවන ස්ථානය දිනා ගනු ලැබුවේ සිය හොදම තරග නිමි කිරීමේ කාලය සමග රුසියාවේ පෙට්රෝවා ආකිපෝවා යි.
පැය 2:23:07 ට තරගය නිමා කළ ගෙලානා නව තරග වාර්තාවක් තැබූ අතර ඇය එඩ්මන්ටන් මැරතන් තරගය ජය ගනිමින් වාර්තා කළ කාලය වන පැය 2:18:58 ඇයගේ හොදම තරග නිමි කිරීමේ කාලය මෙන්ම ඉතියෝපියානු නව තරග වාර්තාව ද වෙනවා.ඇයගේ ජීවිතය සහ පවුල අතර මැරතන් සම්බන්ධ යම් බැදීමක් ද පෙනෙන්නට අතර 24 හැවිරිදි ගෙලානා ගේ ඥාති සොහොයුරෙකු වන ගෙෂන්ගි ඇබෙරා ද 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ මැරතන් ඉසව්ව ජය ගෙන තිබෙනවා.
www.supirikrida.com

Aug 5, 2012

ලංකාවේ ජයග්‍රහණය දුවද්දී දැවී යයි.

MS Dhoni completes the run out of Lahiru Thirimanneශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති පස්වන එක්දින තරගය ද ඉන්දියාවට ලකුණු 2ද ක ජයක් ලබා දෙමින් නිමාවට පත් වූයේ තරගාවලි ජයග්‍රහණය 4 - 1 ක් බවට පත් කරමින්ය.ඊයේ ඉන්දියාව විරේන්ද්‍ර ෂෙවාග් වෙනුවට අයිපීඑල් තරගාවලියේ දස්කම් දැක් වූ අයිජින්ක්යා රහ්නේ කැදවා තිබුණද ඔහුට සාර්ථක වන්නට අවස්ථාවක් ලැබණේ නැහැ.ශ්‍රී ලංකා කණ්ඩායමෙන්ද මහේල ජයවර්ධන සහ රංගන හේරත් ඉවත්වීම නිසා ඒ වන විටත් අහිමිව තිබූ සංගක්කාරගේ සහ කුලසේකරගේ සේවය ද අහිමි ව දෙවන පෙළ කණ්ඩායමක් ලෙස තරගයට පිවිස තිබුණා.
Virat Kohli was named the player of the seriesනමුත් නායකත්වයේ බරෙන් ඇති වූ පීඩනය දරා ලත නොහැකිව මෙන හොදින් පන්දුව දකිමින් සිටියදී ඇන්ජලෝ මැතිව්ස් අනවශ්‍යය ලකුණකට උත්සාහ කරමින් නිකරුනේ දුවද්දී දැවී ගියේ තරගය ශ්‍රී ලංකාව දෙසට හරවා ගැනීමට තිබුණු හැරවුම් ලක්ෂයක් මග හරවමින්.එහෙත් කලෙකට පසුව අපූරු පසුපෙළ සබදතාවයක් දියත් කළ ලහිරු තිරිමාන්න සහ ජීවන් මෙණ්ඩිස් හයවන කඩුල්ලට ලකුණු 102 ක සබදතාවයක් පැවත් වූවා.කුමාර සංගක්කාරගේ අඩුව පිරවීමේ වගකීම මැනවින් ඉටුකළ ලහිරු ඉතා දැඩි විශ්වාසයකින් ගොඩ නැගූ ඉනිමේ අවසාන භාගයේ ප්‍රවේගකාරී වෙමින් හයේ පහර තුනක්ද සහිතව ලකුණු 77 ක් ලබා සිටියදී කඩුලු අතර දිවීම නිසි අවබෝධයෙන් නොකළ නිසා දුවද්දී දැවී නොයන්නට ඉන්දියාවට එරෙහිව අනගි ජයක් ලැබීමේ අවශ්‍යයතාවය ශ්‍රී ලංකාවට හිමි වන්නට තිබුණා.
තරගාවලිය පුරා ලැබුණු අවස්ථාවන් හී විශිෂ්ඨ දක්ෂතා පෙන් වූ ජීවන් මෙණ්ඩිස් ලකුණු 72 ක් රැස් කළ අතර කෙතරම් අසාර්ථක වුව ද ඩොලර් මලු පුරවා ගැනීමේ භාග්‍යය ලබමින් සංචිත ගත වන්නට වාසනා ගුණයෙන් දිල්හාර ප්‍රනාන්දුට ද අභියෝග කළ හැකි තත්ත්වයට වර්ධනය වෙමින් සිටින චාමර කපුගෙදර කන්ඩායමේ ජ්‍යෙෂ්ටයන්ගේ සහ තේරීම් කමිටුවේ සෙනෙහස මිස මේ මොහොතේ තමන් දක්ෂතා අතර නැති බව යළිත් පසක් කරමින් ලකුණු නවයකට දැවී ගියා.
සචිත්‍ර සේනානායක දග පන්දු යවන්නෙකු ලෙස තමන්ට එක්දින කණ්ඩායමේ ස්ථානය තහවුරු විය යුතු බවට ඔප්පු කරන පන්දු යැවීමක නිරත වූ අතර නමුත් පිතිකරුවෙකු ලෙස තමන්ට ඇති හැකියාව නොතකා හැර නොසැළකිල්ලෙන් පන්දුවට පහර නොදෙන්නට තරගයේ ජය ශ්‍රී ලංකාවට ලබා දීමේ හැකියාව ඔහු සතුව තිබුණා.ඊයේත් දග පන්දු යැවීම සදහා නායක ඇන්ජලෝ මැතිව්ස් මහේල ජයවර්ධන සිද්ධාන්තයම ක්‍රියාවට නැං වූ අතර තිලකරත්න ඩිල්ෂාන් ගේ කඩුලු වැටෙන දග පන්දුව ඔහු ද අමතක කර දමා තිබුණා.වේග පන්දු යවන්නන් හරහා යැපෙන න්‍යායට මුල් තැන දෙමින් කටයුතු කළ මැතිව්ස් එම පන්දු යවන්නන් මගින් යොමු කළ පන්දු ඕවර් 35 තුළ ලකුණු 219 ක් ලබා දී තිබුණා.
ඉන්දීය පිතිකරුවන් අතරින් යළිත් ගාම්භිර් බිද වැටෙන්නට ගිය ඉන්දීය ඉණිම රැක ගනිමින් ලකුනු 88 ක් ලබා ගත් අතර මනෝජ් තිවාරි ලකුණු 68 ක් ලැබුවා.නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දු 38 දී ප්‍රහාරාත්මක ලකුණු 58 ක් ලබා ගත්තා.මාලිංග ලකුණු 64 ට කඩුලු 3 ක් ද,නුවන් ප්‍රදීප් 63 ට කඩුලු 2 ක් ද ලබා ගන්නට සමත් වුණා.ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය තහවුරු කළ ඉර්ෆාන් පතාන් ලකුණු 61 ට කඩුලු 5 ක් දවා ගනිමින් තරගයේ වීරයා බවට පත් වුණා.තරගාවලියේ දී ශතක දෙකක් සමග ලකුණු 337 ක් ලැබූ විරාට් කෝලි තරගාවලියේ වීරයා බවට පත් වුණා.
තරගයේ අවසාන ලකුණු සටහනට http://www.espncricinfo.com/sri-lanka-v-india-2012/engine/current/match/564785.html සබදතාවය හරහා පිවිසිය හැකි අතර http://www.espncricinfo.com/sri-lanka-v-india-2012/engine/series/564778.html?view=records සබදතාවය හරහා තරගාවලියේ සමස්ත ක්‍රීඩක දක්ෂතා වෙත පිවිසිය හැකියි.
www.supirikrida.com


.ගණිකා මඩම් වැසූ නමුත් සේවය පාරේ සිට

න්ඩන් නුවර ගණිකා ව්‍යාපාරය අනීතික ලෙස නොසැළකුණ ද,ජාත්‍යන්තර කීර්තිය වෙනුවෙන් පසුගිය මාස 18 පුරා ගණිකා මඩම් 80 ක් වසා දැමීමට බලධාරීන් කටයුතු කළත් මේ වන විට ඔලිම්පික් නැරඹීම සදහා ලන්ඩනයට පැමිණ සිටින පිරිසට ලිංගික සේවය ලබා දීම සදහා ගණිකාවන් විශාල වශයෙන් මාර්ග වීදී වල ඇති ආරක්ෂාවන් සහිත  ස්ථානවල වෙසෙන බව ලන්ඩනයෙන් වාර්තා වේ.මිලියන දෙකක් පමණ වන ආගන්තුකයන් ඩැහැ ගැනීම සදහා ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩාංගණය අවට ඇති වීදි වල ගණිකාවන් විශාල පිරිසක් දැකිය හැකි බව එම වාර්තා තව දුරටත් පැහැදිළි කරනවා.
ලන්ඩන් පොලිසිය තරගාවලියට පෙරාතුවම ගණිකාවන් විශාල පිරිසකට තරගාවලිය පැවත්වෙන ප්‍රදේශය තහනම් ප්‍රදේශයක් බවට පත් කළ අතර එයට හේතුව ලෙස පොලිසිය පෙන්වා දී තිබුණේ,ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ වූ ජාවාරම් කරුවන් සමග ඔවුන්ට ඇති සබදතා තහවුරු කර ගැනීමෙන් පසු එම තීරණය ට පිවිසි බවයි.මෙසේ තහනමට ලක් වූ පිරිස අතර වැඩිපුරම දකින්නට ලැබෙන්නේ අප්‍රිකානු සහ ආසියාතික රටවලට අයත් කාන්තාවන් බව ද එම වාර්තා හෙළිදරව් කරනවා.
නමුත් තවමත්ගණිකා ව්‍යපාරය,මත් ද්‍රව්‍ය ව්‍යාපාරය,මංකොල්ලකෑම් ආදිය ලන්ඩන් නුවරට කිලෝ මීටර් 7 ක් පමණ නුදුරින් සිදුවන බවට විදෙස් වාර්තා උදාහරණ සහිතව පෙන්වා දුන්නා.
www.supirikrida.com 

තහනම් දැලේ පැටලුණු ප්‍රමාණය හතරක් දක්වා ඉහළ යයි

මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙල ආශ්‍රිතව කරන ලද තහනම් උත්තේජන පරීක්ෂණ වල දී තහනම් උත්තේජන ගත් බවට ඔප්පු වූ  ප්‍රමාණය හතරක් දක්වා ඉහළ ගොස් ඇත.ඔවුන් සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂන වලදී ඒ බව තහවුරු වීම නිසා ඇතැමෙක්ට තරග වලට ඉදිරිපත් නොවීම ඉවත යන්නට සිදු වූ අවස්ථාද වාර්ථා වේ.
එ අනුව උස්බෙකිස්තානයේ ජිම්නාස්ටික් ක්‍රීඩිකා ලුයිසා ගැලුයිලිනා,ඇල්බේනියාවේ බර ඉසිලීම් ක්‍රීඩක හයිසෙන් පුලාකු,රැසියානු පාපැදි තරගකරු වික්ටෝරියා බරනෝවා සහ කොළොම්බියාවේ මීටර් 400 ධාවන සූර දීගෝ පැලෝමෙක් මේ වන විට තහනම් උත්තේජන ගත් බවට ඔප්පු වී ඇති සිව් දෙනායි.
www.supirikrida.com

අප්‍රිකානු අයිතිය බ්‍රිතාන්‍යයට


Mohamed Farah of Great Britain celebrates winning gold in the Men's 10,000m

"රැකවල් බැමි ලිහිණ ලේ සුවද හැමු විට
වැටවල් උඩින් පැන දිව ආමි තුරුළට
රටවල් සිය ගණන් පසු කර ලැබූ දිනුමට
මේ හාදුව තරම් වටිනා දෙයක් වේද පියෙකුට"
ප්‍රිකානු රටවල් සතුව පැවති මීටර් 10,000 ඉසව්ව  බ්‍රිතාන්‍ය නියෝජනය කළ මොහොමඩ් ෆාරා විසින් ජයග්‍රහණය කළා.තරගයේ මුල සිටම ඉතියෝපියානුවන් සහ කෙන්යානුවන් පෙරමුනේ ධාවනයේ යෙදුනද,මීටර් 9000 සීමාවට පිවිසෙන විට ක්‍රමයෙන් ෆාරා ඉදිරියෙන් ධාවනයේ යෙදෙන්නට පටන් ගත් අතර අවසන් මීටර් 400 තත්පර 53 කාලයකින් නිමා කරමින් ඔහු තරගය ජය ගනිද්දී දෙවන ස්ථානය ඇමෙරිකාවේ රප් ගැලන් වෙත හිමි වුනා.මීටර් 10000 ලෝක වාර්තාව මෙන්ම ඔලිම්පික් ජයග්‍රාහකයාද වන ඉතියෝපියාවේ කෙනනිසා බෙකලේ ට පදක්කමක් ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් නොලැබුණු අතර ඔහු සිව්වන ස්ථානය දිනා ගනිද්දී තෙවන ස්ථානය තරිකු බෙකලේ විසින් දිනා ගත්තා.
මොහොමඩ් ‍ෆාරා සෝමාලියාවේ උපත ලැබුවද ඔහු බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වන්නේ සිය පියා බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වීම නිසයි.1983 මාර්තු 23 සෝමාලියාවේ මොගඩිසු හී උපත ලබන 29 හැවිරිදි ෆාරා සිය පවුල සමග බෙහෙවින් ඇලුණු පුද්ගලයෙක්.සිය බිරිද ටානියා ට මෙන්ම දියණිය රිහානාට ද දැඩිව ආදරය කරන ෆාරා ගේ ජයග්‍රහණයත් සමග සිය දියණිය ආරක්ෂක වැට කඩුලු අතරින් ධාවන පථයට පැන සිය පියාව බදා ගත් අයුරු ඡායාරූපයේ දැක්වෙනවා.එසේම සිය දෙවන දරු උපත සදහා සූදානම් වෙමින් සිටින ටානියා ද ධාවන පථයට පිවිස ෆාරා සිප ගනිමින් සුභ පැතුවා.
සිය දියණිය දුටු සැනින් ඈ එන මගට පිවිසි ෆාරා ඇය දැඩිව ආදරයෙන් සිප ගත්තේ අන් කිසිවක් ඈ තරම් ඔහුට නොවටිනා බව කියන්නට මෙන්.ඡායාරූපයේ දැක්වෙන්නේ ෆාරා සහ රහීනා ඡායාරූප ශීල්පීන්ගේ කැමරා කාච වලට මැදි වූ අවස්ථාවක්.www.supirikrida.com


ෂෙලී ඇමෙරිකාව පෙරළා දැමීම අරඹයි

Olympics Day 8 - Athleticsබීජීං ඔලිම්පික් උළෙලේ දී චීනයට සමස්ත සූරතාවය දිනා ගැනීමට බෙහෙවින් ඉවහල් වූ ජැමෙයිකාව විසින් ඇමෙරිකානු කෙටි දුර ආධිපත්‍යය උදුරා ගැනීමට මෙවර ද ආරම්භය ලබා දුන් ජැමෙයිකාවේ ෂෙලී ඈන් ප්‍රෙෂර් බීජීං ඔලිම්පික් උළෙලෙ මීටර් 100 ඉසව්වෙන් දිනා ගත් රන් පදක්කමේ උරුමය තව දුරටත් රැක ගැනීමට සමත් වූවා ය.තරගයට පෙරාතුව සහ මැත කාලීන දක්ෂතා පිළිබදව විමසද්දී ද ෂෙලී ට වඩා ඉදිරියෙන් සිටි ඇමෙරිකාවේ කාමෙලිටා ජෙටර් මෙවර ඔලිම්පික් වේග කිරුළේ උරුමක්කාරිය වෙනු ඇතැයි  විශ්වාස කළ ද එය මිත්‍යාවක් බවට පෙරළා දැමූ ෂෙලී යළිත් කාන්තා කෙටි දුර ආධිපත්‍යය සිය නමට ලියවා ගත්තාය.
තරග ආරම්භයේ දි සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය ජාත්‍යන්තර අත්දැකීම් සමග මානසිකව තරගයට සම වැදී සිටින අයුරු පැහැදිළි කරමින් හොද ප්‍රතික්‍රියා වේගයක් දක්වා ඇති අතර තරගයේ පළමු වැනියා මෙන්ම කැමලීටා ජැටර් ද 0.153 ක ‍ප්‍රතික්‍රියා වේගයක් දක්වා ඇති අතර සියල්ලලෝම 0.200 ට අඩුවෙන් ප්‍රතික්‍රීයා දක්වා තිබීම මෙන්ම ක්‍රීඩිකාවන් හය දෙනෙකුම අවසන් තරගය තත්පර 11.00 අඩු කාලයකින් නිමි කිරීම හරහා පැහැදිළි වන්නේ ඔවුන්ගේ වෘත්තීය ස්වභාවය මෙන්ම තරගකාරී හැකියාවය.
තරගයේ තෙවන ස්ථානය ජැමෙයිකාවේම සුපිරි කෙටිදුර සූරී වෙරෝනිකා කැම්බල් ට හිමි විය.සමස්ත ප්‍රතිපල විස්තරය www.supiriikridada.com වෙතින් ලබා ලැනීමට ද හැකියාව ඇත.
www.supirikrida.com