කාසියේ වාසිය කලෙකට පසුව අත් කර ගත් නායක මැතිව්ස් ඉන්දිය කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර එම තීරණයේ නිවැරදි බව පසක් කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ වර්ෂාව තරගයට බාධා පමුණුවන විට ඉන්දීය ඉණිම පන්දු ඕවර් 29 දී කඩුලු 3 ට 119 සීමා කර තිබිණි.
එහෙත් ඇද වැටුණ වර්ෂාවෙන් පසුව තරගය පන්දු ඕවර් 26 ට සීමා වූ අතර ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ඉන්දියාව මුහුණ දුන් පන්දු ඕවර් ගණනට අඩු ගණනකදී ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීමට රැස් කළ යුතු ලකුණු ප්‍රමාණය 176 දක්වා ඉහළ ගියේය.ශ්‍රී ලංකාව අවසාන තරගයට ජයග්‍රාහීව පිවිසීමේ උවමනාවෙන් සහ අවසාන තරගයේ දී ඉන්දියාව හමු නොවී සිටීමේ උවමනාවෙන් හෝ වේගයෙන් ලකුණු රැස් කර ඉලක්කයට පිවිසීමට උත්සාහ කළ ද,අවසාන ප්‍රතිපලය වූයේ ශ්‍රී ලංකාවේ සියළුම ක්‍රීඩකයන් පන්දු ඕවර් 24.4 දී ලකුණු 96 ට දැවී යාමය.පන්දු යැවීමෙන් විහාලතම තර්ජනය එල්ල කළ බුවනේෂ්වර් කුමාර් ලකුණු 8 ට කඩුලු 4 ක් දවා ගනිමින් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා විය
ලකුණු විස්තරය සදහා පහත සබදතාවය තෙරපන්න.
http://www.espncricinfo.com/tri-nation-west-indies-2013/engine/match/597928.html
www.supirikrida.com
No comments:
Post a Comment