ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරගාවලි ජයක් සනාත කිරීම සදහා නේදන් මැකලම් ගත් උත්සාහය ව්‍යර්ථ කරමින් අදුර පැතීරී යන්නට වු බැවින් අයහපත් ආලෝක තත්ත්වය මත තරගය නොපැවත්විය හැකි බවට තරග විනිසුරුවන් ගත් තීරණයත් සමග ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 36 ක ජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.ඒ සමගම නවසීල්නතය ඉදිරියේ තරගාවලි පරාජයක් ලැබීමේ අවමානයෙන් ගැල වුණු ශ්‍රී ලංකාවට තරගාවලිය සම මට්ටමෙන් අවසාන කරන්නට හැකියාව උදා විණි.
කාසියේ වාසියෙන් පසුව නවසීලන්තය ශ්‍රී ලංකාවට පිතිකරණයට කළ ආරාධනය අනුව මහේල ජයවර්ධන ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට පණ පෙවූ අතර එහි වැදගත් කම මොනවට පසක් කළ මහේල පන්දු 46 දි ලකුණු 46 ක් එක් කළේ,ආරම්භක කඩුල්ල සදහා ඩිල්ෂාන් සමග ලකුණු 91 සබදතාවයක් පවත්වමින්ය.තරගාවලියේ සිටි දෙපිළේම විශිෂ්ඨයා තමන් බව සනාත කළ ඩිල්ෂාන් තරගාවලියේ වීරයා වූයේ පිට පිටම මේ තරගයේදී ද අගනා අර්ධ ශතකයකින් ශ්‍රී ලංකා ලකුණු පූවරුව පොහොසත් කරමින්ය.පන්දු 50 ක දී ගලා ආ එම ලකුණු 53 ශ්‍රි ලංකා ඉණිමේ පිතිකරුවෙක් ලැබූ වැඩිම ලකුණු ගණන විය.
කණ්ඩායමට එමින් නැවත වීසි වෙමින් නිශ්චිත ස්ථානයක් නොමැතිව සිටින සචිත්‍ර සේනානායක ඊයේ තරගයේදී සිය තුන් ඉරියව් හැකියාව කදිමට ප්‍රදර්ශනය කළේ පන්දු 14 න් ලකුණු 21 ක් ලබමින් සහ ලකුණු 14 ට කඩුලු 2 ක් දවා ගනිමින් ද,ප්‍රහාරාත්මක පිතිකරු ලුක් රොන්චි දවා ගැනීමට විශිෂ්ඨ අඩ පන්දුවක් ද රැක ගනිමින්ය.ඒ නිසාම ශ්‍රී ලංකාවේ ජයග්‍රාහණයේ නියමුවා ලෙස සළකා මෙම තරගයේ වීරයා සම්මානය සචිත්‍රට පිරිනැමිණ මීට පෙර තරගයේ අසාර්ථක රංගනයක යෙදි රංගන හේරත් ද මෙම තරගයේදී කඩුලු අතරට එමින් ලකුණු 25 ට කඩුලු 3 ක් දවාලු අතර පිත්තෙන්ද ලකුණු 17 ක් එක් කළේ පන්දු 7 ක් තුළ 4 පහර හතක් ද එල්ල කරමින්ය.
මෙම තරගයේ තීරණයටද විශාල බාධාවක් ඇති කරමින් ප්‍රවේගකාරීව හැසිරුණු නේදන් මැකලම් පන්දු 19 ක් තුළ නොදැවි ලකුණු 33 ක් ලැබූ අතර ඔහු ශ්‍රී ලංකාවට එරෙහි දරුණුම පීඩනය එල්ල කළ කිවි ක්‍රීඩකයා වෙමින් ලකුණු 13 ට කඩුලු 2 ක් දවා ගැනීමට ද සමත් විය.තරගය ආරම්භයේදී පන්දු ඕවර් 33 දී ලකුණු 216 ක් වී තිබු නවසීල්නත ඉලක්කයට පිවිසීමට විශාල අභියෝගයක් එල්ල කළ ලාංකේය පන්දු බල ඇණිය 19 වන ඕවරය වන විට නවසීලන්ත ලකුණු පූවරුව ලකුණු 63 ට කඩුලු 6 ක් බවට පත් කර තිබිණ.එතැන් සිට නොදැවී ලකුණු 42 ක් ලබා සිටි ජෙම්ස් නිශම් සමග පන්දු ඕවර් 6 ක් තුළ ලකුණු 63 ක් එක් කරමින් මැකලම් පීඩනය ශ්‍රී ලංකාව දෙසට හැරවීමට උත්සාහ ගත්තද ආලෝකය බැදි වැට ඉදිරියේ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය ලකුණු 36 න් සනාත විය.
No comments:
Post a Comment