ග්රේත් බර්ග් |
ඒ නිසාම තරගයේ වීරයා සම්මානයද ඔකීවා ට හිමි විය.
කාසියේ වාසිය ලැබ උගන්ඩාව පළමුවෙන් පන්දුවට පහර දීමට කළ ආරාධනයට අනුව ඉතාලිය ප්‍රහාරය ඇරඹූ අතර ඇමෙරිකාවට එරෙහි ජයග්‍රහණයට මූලිකත්වය ගත් ඉතාලි කණ්ඩායමේ ග්රේත් බර්ග් මෙම තරගයේදී ද ප්‍රවේගවත් ලකුණු 62 ක් එක් කළ අතර තරගයේ අවසාන භාගයේ දී ඉතාලි ලකුණු පූවරුව ලකුණු 148 දක්වා ඉහළ දැමීමට බල පෑ ප්‍රහාරයක් දියත් කළ ඉතාලි කණ්ඩායමේ ජෝයි පෙරේරා පන්දු නවයකදී ප්‍රවේගවත් ලකුණු 18 ක් එක් කරන්නට සමත් විය.මෙම තරගයේදී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙක්ම ඉතාලිය වෙනුවෙන් ක්‍රීඩා කළ අතර ඉතාලියට මෙම පරාජය නිසා 20/20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ භාග්‍යය බොහෝ දුරට අහිමි වීමට පුළුවන.තරගයේ ලකුණු විස්තරයට http://www.espncricinfo.com/icc-world-twenty20-qualifier-2013/engine/current/match/660133.html සබදතාවයෙන් පිවිසීමට හැකි අතර අද ඉතාලිය හා නැමීබියාව තරග වැදීමට නියමිතය.
එසේම ටෙස්ට් තත්ත්වය හිමි නැති රටවල් අතරින් 20 / 20 ලෝක කුසලානය නියෝජනය කරන රටවල් තෝරා ගැනීම සදහා පවත්වන මෙම තරගාවලිය නියෝජනය කරන කැනඩා කණ්ඩායම වෙනුවෙන් ඉණිම ආරම්භ කරන රවිදු ගුණසේකර මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් ආරම්භක පන්දු යවන්නන් ලෙස කටයුතු කරන සදීප් සිල්වා සහ මංජුල ගුරුගේ ද ලාංකිකයෝ වීම විෂේශත්වයකි.
www.supirikrida.com
No comments:
Post a Comment