තරගාවලියේ විශේෂ දක්ෂතා වෙනුවෙන් රුපියල් 15,000 බැගින් පිරිනැමුණු අතර නිරෝෂන් පුංචිහේවා දකෂතම ක්‍රීඩකයා ලෙසත් දක්ෂතම ප්‍රහාරකයා ලෙස ගෝල්ඩන් ලයන් කණ්ඩායමේම දම්පිය මහතන්තිලත්,දක්ෂතම පන්දු යවන්නා ලෙස එම කණ්ඩායමේ සංජීය ජයරත්නත් විශේෂ ත්‍යාග මුදල් සදහා හිමිකම් කියූ අතර දක්ෂතම පන්දු රකින්නා ලෙස බ්ලැක්හෝර්ස් කණ්ඩායමට හිමි වූ එකම විශේෂිත ත්‍යාගයට හිමි කම් කියන්නට දිලිප් කුමාර සමත් වුණා.හෝම් හිට් ප්‍රහාරයකට රුපියල් රුපියල් 5.000 බැගින් වෙන් කර තිබුණද කිසිම ක්‍රීඩකයෙකු මහින්ද රාජපක්ෂ බේස්බෝල් ක්‍රීඩාංගණයෙන් පිටතට පහරක් එල්ල කරන්නට අසමත් වීම කැපී පෙණුනා.
ලාකේය බේස්බෝල් පිටියේ සිටින දක්ෂයන් කණ්ඩායම් හයකට බෙදා දක්ෂයන් අතර තරගාවලියක් ලෙස පැවති මෙම තරගාවලියේ දී වර්ථමාන බේස්බෝල් පරිපාලන නායකත්වය ලාංකේය බේස්බෝල් පරිපාලනය තුළින් ක්‍රීඩාවට විය යුතු සේවය වෙනුවෙන් කැපවෙන පිරිස් විශාල වශයෙන් හදුනා ගන්නට ඇතැයි විශ්වාස කළ හැකියි.බලය වෙනුවෙන් සිය ප්‍රතිවාදීන්ට එරෙහිව වෙබ් අඩවි පවත්වා ගෙන ගිය බේස්බෝල් පරිපාලනයේ සිටින ඇතැම් පිරිස්ගේ ආහිර්වාදය ලත් තාවකාලිකව අටවා ගත් වෙබ් අඩවි මෙම තරගාවලිය වාර්තාකරනය උදෙසා පණ නොනැගීම කණ්ගාටුදායක තත්ත්වයක් වූවා.එම පිරිස් විසින් බේස්බෝල් ක්‍රීඩාවට සතුරු පිරිසක් ලෙස හදුන්වා දෙන්නට උත්සාහ කළ වෙබ් අඩවි තරගයෙන් තරගයට තරගාවලියේ දත්ත වාර්තා කරමින් ද,යම් මට්ටමකින් කෙටි පණිවිඩ සේවාවක් සක්‍රීය කරමින්ද කරන ලද සේවය පරිපාලනය වෙනුවෙන් ප්‍රතිවාදීන්ට මඩ ඉසින්නට භාවිතා කළ වෙබ් අඩවි වලට අමතක වීම කණ්ගාටුදායකයි.
විෂේශයෙන්ම මෙම තරගාවලිය වෙනුවෙන් අපරිමිත වෙහෙසක් සහ කාලයක් වැය කරමින් මැදිහත් වූ බේස්බෝල් පරිපාලනයට නායකත්වය දෙමින් සිටින කාලිංග ඉන්ද්‍රතිස්ස මෙන්ම තවත් ප්‍රකට නිතිවේදියෙකු වන සාගර කාරියවසම් ද මෙම තරගාවලිය සාර්ථකව පැවත්වීමට දැරූ උත්සාහයට සෙසු පිරිස් නිවැරදි සහයක් දැක් වූවේදැයි සැක සහිතයි.තරගාවලියට සුදුසු විය යුතු දක්ෂතම ක්‍රීඩකයන් ඉවත් කිරීමට ඇතැම් විට එම පිරිස් ක්‍රියා කළ අතර විනිසුරු කටයුතු සදහා සිටින සියළු සුදුස්සන්ට අවස්ථාව ලබා දීම පසෙකලා නිරන්තරයෙන්ම අවස්ථාව ලබා දෙන පිරිස් පමණක් පෝෂනය කිරීමට ගත් උත්සාහයෙන් විනිසුරු පරිපාලනයේ සිටින පිරිස් අතරම ගැටළුකාරි තත්ත්වයන් මතු වී තරගාවලියේ සුපිරි කීර්තියට යම් කළු පැල්ලමක් එකතු වෙනු දක්නිනට ලැබුණා.
විෂේශයෙන්ම විනිසුරුවන් ගෙ සංගමය නොපිලිගනිමින් එය විසුරුවා හැර කිහිප දෙනෙකුගේ අවශ්‍යයතාවය පරිදි විනිශ්චය කටයුතු මෙහෙයවීමට පවරා ගත් දිනයේ සිට මේ තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින අතර ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරුවෙකුගේ තත්ත්වයේ සිටින ලාංකිකයෙකු වන සුජීව විජයනායක ද මෙම තත්ත්වය කලෙක පටන් පෙන්වා දුන්නා.විනිසුරුවන් සදහා අවස්ථාව දීමේදි මෙන්ම විනිසුරු කටයුතු සිදුවන ආකාරයේද ගැටළුකාරී තත්ත්වයන් පවතින බව මෙම ලියුම්කරු සමගම ගොස් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරියට පවා දැණුම් දුන් හෙතෙම පසුව බේස්බෝල් පරිපාලනය විසින් ජාත්‍යන්තර සම්මේලන නියෝජනය කරන්නට දුන් අවස්ථාව මෙන්ම විනිසුරුවන් මෙහෙයවීමේ බලය නාමිකව පැවරිමෙන් පසු නිහඩ පිළිවෙතකට පිවිසියා.
පක්ෂග්‍රාහි වීමටත් වඩා නිහඩව සිටීම බරපතල අපරාධයක් බව අප සිතන අතර ඔවුන් දෙපාර්ශවයටම යොමු වූ මුව ඇතිව ක්‍රීඩාව වළදමින් වැඩෙනා පිරිස් බව අපි විශ්වාස කරන්නෙමු.අවාසනාවකට එසේ තීරණයක් නැති වැඩි පිරිසක් සිදුවන දෙය සමග එක් වෙමින් වැල යන අතට මැස්ස ගසමින් සිය පැවත්ම තහවුරු කර ගැනීමට කටයුතු කරන ආකාරය බේස්බොල් වට පිටාව තුළ දකින්නට ලැබීම එම ක්‍රීඩාවේ අභාග්‍යයට හේතු වී තිබෙන බව සුපිරික්‍රීඩා නිරීක්ෂනය වන්නෙමු.විෂේශයෙන් කාලිංග ඉන්ද්‍රතිස්ස,සාගර කාරියවසම් වැනි සමාජ දේශපාලන අත්දැකීම් ඇති පිරිසකගේ නායකත්වය ලැබෙන මොහොතක මෙම සම්ප්‍රදාය ආපසු හැරවීමේ ලක්ෂය සොයා ගැනීමට කටයුතු කරන්නේ නම් එය ලාංකේය බේස්බෝලයේ පැවත්ම පිණිස වනු ඇති බව අපේ විශ්වාසයය.සියළු පාර්ශව එක් කරවා එක හඩක් බවට පත් කිරීමේ න්‍යාය පත්‍රය ලාංකේය බේස්බෝල් වලට හදුන්වා දෙන්නේ නම් එය අනාගත බේස්බෝල් ක්‍රීඩාවේ ප්‍රගතිය පිණිස වන හොදම පියවර වන බව අපි විශ්වාස කරන්නෙමු.
ලංකාවේ විනිසුරුවන් ලෙස කටයුතු කළ හැකි කී දෙනෙකු සිටීද,ඒ කී දෙනෙකුට තරග විනිශ්චයන් සදහා අවස්ථාවන් හිමි වන්නේද,ක්‍රීඩකයන් තේරීමේදී වෙනත් කරුණු ඊට බල පා තිබේද,තේරීම් කමිටු සදහා පත් කර ඇති අයගේ සුදුසුකම් කවරේද?ඊට වඩා සුදුසු වූ අය සිටීද,තේරීම් සදහා පහළ සිට ඉහළට යන ආකාරයෙන් අවස්ථා කිහිපයක් ලබා දී තේරීම් වඩා නිවැරදි තැනකට ප්‍රවේශ කිරීමට ගත යුතු ක්‍රියා මාර්ග කවරේද යන්නද මෙහිදී විමසා බැලීම වටින්නේය.
කාර්ය බහුලත්වය තිබුණ ද,නිලතල ද අවශ්‍යය යැයි සිතන පිරිස් ස්විය කාර්යයන් පහසු කරගැනීම පිණිස ක්‍රීඩාවේ න්‍යාය පත්‍රයේ තමන්ට අයත් කොටස් මෙහෙයවීම වෙනත් අයට පවරා අනුන්ගේ න්‍යායපත්‍ර වල අවමනාවන්ට තමන්ගේ සීල් එක ගැසීම නව පරිපාලනය විසින් බොහෝ දුරට අඩු කර තිබෙන බව අප දන්නෙමු. ඒ සදහා ස්වීය පෞද්ගලික කාර්ය මණ්ඩලය පවා යොදවා ක්‍රීඩාව මෙහෙයවීම නිසා වත්මන් පරිපාලනයට සභාපතිවරයා යනු නාමික පෙනී සිටීමක් පමණක් යන්න අදාළ නොවන අතර එම ක්‍රියාකාරීත්වයේ ගති ස්වභාවයන් ඉදිරියේදී මේ දක්වා ස්පර්හ නොවුණ විනිසුරුවන් තේරිම සහ ක්‍රීඩකයන් තේරීම යන කාරනා සදහාත් ක්‍රීඩා සමාජවලට සමාන අවස්ථා සළසා දීම සදහාත් යොමු වන්නේනම් එය ක්‍රීඩාවේ හෙට දවස පැහැබර කිරීමට විහාල ශක්තියක් වනු ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment