![](https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-prn2/988246_640016739384126_978880326_n.jpg)
මේ සුසංයෝගය සමග දක්ෂතා අතින් වෙනදාට වඩා තරගකාරි තත්ත්වයකට පිවිස සිටින නිතිඥ ක්‍රිකට් කණ්ඩායම තර්ස්ටන් බී කණ්ඩායම පරාජයට පත් කළේ කඩුලු අටකින්ය.පළමුව පන්දුවට පහර දුන් තර්ස්ටන් බි කන්ඩායමට හිස රදයක් වූ නීතිඥ කණ්ඩායමේ දග පන්දු යවන්නන් වන යොහාන් ජිනසේන ලකුණු 6 ට කඩුලු 2 ක් සහ තුසිත රණතුංග ලකුණු 04 ට කඩුලු 3 ක දවා ගනිමින් තර්ස්ටන් කණ්ඩායම බිද දැමීමේ සංග්‍රාමයේ මූලිකත්වය ගනිද්දී එයට එරෙහිව සටනක් දිව හැකි ඉණිමක් ක්‍රීඩා කරන්නට තර්ස්ටන් කණ්ඩායම වෙනුවෙන් සමත් වුණේ ටී වික්‍රමසිංහ (30) පමණි.
ලකුණු 82 ක ඉලක්කයක් හඹා ගිය නීතිඥ කණ්ඩායම වෙනුවෙන් සුපුරුදු පරිදි හොද ආරම්භයක් ලබා දුන් උදිත රාජපක්ෂ (32) සහ එර්ෂාන් ආියරත්නම්(28) කල සේවය ඉහළ මට්ටමක පැවති අතර ඒ හේතුව නිසා අදාළ ලකුණු 83 ජයග්‍රාහී ඉලක්කයට නිතිඥ කන්ඩායම පන්දු ඕවර් 19.5 දී ප්‍රවේශ වූයේ කඩුලු දෙකක් පමණක් දැවෙමින්ය.
එසේම වාර්ශිකව පවත්වන නිතිඥ - වෛද්‍ය ක්‍රිකට් ගැටුමද පසුගියදා කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවති අතර එහිදී පිට පිටම පස්වන වතාවටත් සූරතාවය දිනා ගන්නට නීතිඥ ක්‍රිකට් කණ්ඩායමට හැකි විය.
www.supirikrida.com
No comments:
Post a Comment