![](https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-prn1/15356_214542218710767_155598077_n.jpg)
සිව්වන දිනයේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමි කර දෙන්නට සමත් වුණේ,වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයේ ඒඑච්එම්පී අබේරත්නයි.ඒ මීටර් 2000 බාධක දිවීම තරගය විනාඩි 7:41.89 කින් නිමාවට පත් කරමින් ඒ රන් පදක්කම දිනා දෙන්නට ඇය සමත් වුණා.මීට පෙර මීටර් 800 ඉසව්වෙන් රිදී පදක්කමක් සහ මීටර් 1500 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා සිටි අබේසිංහ මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනා දුන් තෙවන පදක්කම හැටියට මෙම රන් පදක්කම හැදින්විය හැකියි.ඊට අමතරව ඇය මීටර් 400 සහය දිවීමේ කණ්ඩායමට රිදී පදක්කම දිනා දීමට සහය දැක් වූයේ ඇයගේ සිව්වන පදක්කමට ද හිමිකම් කියමින්.එම සහය දිවීමේ පදක්කම සදහා ඇයට කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ආර්එම්ආර්කේ රත්නායක,සහ එම විද්‍යාලයේම පීකේසීඩී පල්ලෙවත්තත්,වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ එම්ඕ උදයංගනීත් සහය වුණා.එහිද රිදී පදක්කම වෙනුවෙන් ඔවුන් විනාඩි 3:55.72 ක කාලයක් වාර්තා කරන්නට යෙදුණා.
![](https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash3/602021_214445835387072_713527915_n.jpg)
ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ පළමු රන් පදක්කම දිනා දුන් වලල ඒ රත්නායක විද්‍යාලයේ ඩබ්ලිව්බීඑම් සමරවීර තවත් රිදී පදක්කමකට හිමිකම් කියමින් මීටර් 3000 බාධක දිවීමේ තරගය ජය ගන්නට සමත් වූ අතර ඔහු එහිදී විනාඩි 10:14.19 ක කාලයක් වාර්තා කළ අතර මීටර් 12.63 ක දක්ෂතාවයක් දක්වමින් බාලිකා තුන් පිම්ම ඉසව්වේදී එහි ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙන්නට මීගමුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයේ එච්ඩීවී ලක්ෂානි සමත් වුණා.කැගල්ල ශාන්ත මේරි විද්‍යාලයේ ආර්ඩි විදුශංක ආසියානු කණිෂ්ඨ මලලක්‍රීඩා සූරතවලියේ දිනූ ලෝකඩ පදක්කම යළිත් රැක ගනිමින් මීටර් 400 කඩුළු දිවීම ඉසව්වේ තෙවන ස්ථානය දිනා ගත්තේ තත්පර 55.17 ක කාලයක් වාර්තා කරමින්.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මීටර් 110 සහ 400 කඩුලු මතින් දිවීමේ තරග ජයග්‍රහණය කළ තානවුට් නන්චාන්ඇගයීමට ලක් වූ අතර බාලිකා දුර පැනීම සහ තුන් පිම්ම ඉසව් ජය ගත් මැලේසියාවේ නූර් සහිදතුන් නාඩියා මොහොමඩ් සුකී ඇගයීමට ලක් වූවා.
www.supirikrida.com
1 comment:
110m Asian Youth Silver medalist Akila Ravishanka me tharagawaliyata nogiye ai?
Post a Comment