ශ්‍රී ලංකාවට පහසු සහ විශ්වසණියත්වය වැඩි සිඩ්නි ක්‍රීඩාංගණයේ දී පැවති තරගය ජය ගැනීමට අවශ්‍යය මූලික පසුබිම සකස් කළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඕස්ට්‍රේලියාව ලකුණු 222 ට සීමා කළහ.යළිත් සුපිරි පන්දුයැවීමක් ප්‍රදර්ශණය කළ නුවන් කුලසේතර සිය හැකියාව අහම්බයක් නොවන බවට සාක්ෂි සපයමින් ලකුණු 30 ට කඩුලු 3 ක් ලබා ගත් අතර ඕසට්‍රේලියානු අවසනා කඩුල්ල ශ්‍රී ලංකාවට ලබා ගැනීමට නොදුන් මිචෙල් ස්ට්‍රැක් සහ ෂ්වියර් ඩොරති අවසාන කඩුල්ලට ලකුණු 40 ක් ලබා නොගන්න ඕසට්‍රේලියාවේ ඉරණම ලකුණු 200 ට අඩු ගණනක් වන්නට තිබිණ.
මිචෙල් අවසාන කඩුල්ල යැයි එය රැක ගැනීම වෙනුවෙන් ගත යුතු ක්‍රියා මාර්ගය ආරක්ෂාව ලෙස නොසැළකූ අතර ආක්රමණික ප්‍රහාරයක් දියත් කරමින් තරගයේ අවසාන භාගයේදී ඔහු විසින් පන්දු 37 ක් තුළ නොදැවී ලකුණු 52 ක් ලැබීය ආරම්භක පිතිකරු ඩේවිඩ් වොනර් ලබා ගත් ලකුණු 60 සහ ස්ට්‍රැක් ගේ ඉණිම් මත ගොඩ නැගුණු ඕසට්‍රේලියාවේ ලකුණු 222 හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දු ඕවර් 3.2 ක් තුළ ලකුණු 14 ක් ලබා කිසිවෙකු නොදැවී සිටියදී වර්ෂාවට තරගය අත හැරිය යුතු බවට විනිසුරුව් මෙන්ම තරග විනිසුරුවන් ද ගත් තීරණය නිසා ඕස්ට්‍රේලියාවේදී ලබන පළමු එක්දින තරගාවලිය සම්බන්ධ සිහිනය සැබෑ කර ගැනීමට තවත් දින කිහිපයක් ඉවසා සිටින්නට මහේල ඇතුළු පිරිවරට සිදු වේ.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573017.html
www.supirikrida.com
1 comment:
I was there at SCG. That decision was unbelievable...
Post a Comment