යොවුන් ආසියාතික කුසලාන
තරගාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක මලල ක්‍රීඩා සංචිතය නව අතුරු පාළක කමිටුව යටතේ ඊයේ
දියගම දී යළි නවාතැන් අතර එහිදී මීට පෙර නවාතැන් ගෙන සිටිය දී ආහාර ගැනීමට ලැබුණු
බුෆේ ක්‍රමය අහෝසි කර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පාර්සල් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට
පටන්ගෙන ඇති අතර එම තත්ත්වය එහි පැමිණි යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි දයා රත්නායකයන්ගේ
නියෝජිතයෙකු විසින් යළිත් නිවැරදි කරන්නට පොරොන්දු වී ඇති බව සුපිරික්‍රීඩා වෙත
වාර්තා වේ.මෙම යොවුන් තරගාවලිය වෙනුවෙන් පත් කළ කොමිටියේ සභාපති මෙන්ම මලල ක්‍රීඩා
සංගමයේ සභාපතිවරයා ලෙස ද පත් වීමට නියමිත දයා රත්නායකයන් ය.
යොවුන් ආසියානු මලල ක්‍රීඩා
සූරතාවලියේ ශ්‍රී ලංකා සංචිතය යළි ඊයේ ඇරඹි අතර ඒ සදහා තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්
14 දෙනෙකු එකතු වී සිටිනු දක්නට ලදී.ඔවුන් පුහුණුවීම් සදහා නවාතැන් ගෙන සිටි දියගම
ක්‍රීඩාං සංකීරණයට ගිය එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවාතැන් සමබන්ධයෙන් ගැටළුවක් ඇති
වී ඇති අතර ඒ තත්ත්වය නිසා ඔවුන් විශාල කාලයක් නේවාසිකාගාරවලට ඇතුළත් වීමට නොහැකිව
එළියේ ගත කර ඇත. මෙම තත්ත්වය පිළිබදව අමාත්‍යවරයාටද දැන ගන්නට ලැබී ඇති අතර කෙසේ
හෝ එම අවස්ථාවේ දී වහා මැදිහත් වී ඇති කර්නල් සුදත් මඩුගල්ල විසින් විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට
ඉක්මණින් නේවාසිකාගාර විවෘත කර දීමට මැදිහත් වී කටයුතු යොදා ඇත.
පහසුකම් වෙනස්වීමට ජෙනරාල්
පාලිත ප්‍රනාන්දු මූලිකත්වය ගත් මලල ක්‍රීඩා පරිපාලනයේ වෙනස්වීම විසින් බලපෑමක්
ඇති කර ඇති බව ක්‍රීඩා සංචිතයට සම්බන්ධ ආරංචි මාර්ග වලින් හෙළි වන අතර ඊට ප්‍රතිවිරුද්ධ පිරිස් වල අදහස වන්නේ ක්‍රීඩක
සංචිතය 54 සිට 81 දක්වා ඉහළ යාමෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවය.කෙසේ හෝ මෙම
කාරණයේදී තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවත්වෙන
බවත් එහි දී ශ්‍රී ලංකාවේ ගෞරවය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී ඇත්තේ මෙම ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට
බවත් ශ්‍රී ලාංකිකයන් විසින් තේරුම් ගැනීම වැදගත් ය.
No comments:
Post a Comment