![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJ8Hno2cL4eJ63xAGcY1zdYt0aFdzmLGuU-ub-mEo7ykjgVDv1Bk0VHsowNGUoJHOQ5N4e8vuRWEioGLflSMKYj0HmCCL0iUc8Z8n_WKZzxeBJ-cLhI1nUGQ8i4Tr9HMQY5HeJZRENZ10/s640/ancuta.jpg) |
ඇන්කියුටා |
පෝලන්තයේ ලෝඩ්ෂ් හී පැවති 18 වන ජගත් විශ්ව විද්‍යාල රට
හරහා දිවීමේ තරගාවලියේ පිරිමි සහ කාන්තා කණ්ඩායම් සූරතා දවිතවයම ජපානය විසින් දිනා
ගත්තා.රටවල් 23 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 70 ක් සහ ක්‍රීඩිකාවන් 60 ක් මෙම
තරගාවලිය නියෝජනය කළා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwOzfOzxsBRB0lYO3AQM5JTzGyzwdyc6rHWhlvU7ZZQ54ItjNb2JORlc3ZxAzmoE54a-Tbic8olFDzYWLZAHDzeNIAXMiiJaotr1IwbeqV41M9hePP41b1qr1YCPT-Kmw4Em4yaeY4DYA/s640/abdel.jpg) |
යුවා,අබ්දෙල් සහ ඩයිචි
මෙහි පිරිමි තරගයේ ජයග්‍රහණය ඇල්ජීරියාවේ අබ්දෙල්මජීඩ්
ටොයිල් විසින් දිනා ගත් අතර පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථාන ජපානයේ යුවා සිටාරා සහ
ඩයිචි මොටොමුරා විසින් දිනා ගනු ලැබුවා.රැමේනියාවේ අන්කියුටා බොබෝසෙල් මෙහි කාන්තා
තරගයේ ජයග්‍රාහිකාව වූ අතර දෙවන ස්ථානය පෘතුගාලයේ කාර්ලාසැල්මෝ රෝචා ද තෙවන ස්ථානය
රුමේනියාවේ රොක්සානා බිර්කා ද දිනා ගනු ලැබුවා.
|
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh0KjOsSEnc4l6p6FJ9jYCOEumwO7jF4-NrV6Lj1kcsqizVSY6xrX0Z58LgFdaCB6zuoqxOLUp2r_sQrjWAiwqbfksdwLpkeOwBCwXmJ3wiUfHwi55W8JkY3XTPOAtfm_DHZ2n7ALFWshU/s640/japan+team.jpg) |
ජයග්‍රාහී ජපන් කාන්තා කණ්ඩායම
කණ්ඩායම් තරග වල පිරිමි අංශයේ අනු සූරතාවය හිමි වුණේ
යුක්රේනයට වන අතර තෙවන ස්ථානය ඇල්ජීරියාව විසින් දිනා ගනු ලැබුවා.කාන්තා කණ්ඩායම්
අනු සූරතාවය හිමි වුණේ රුමේනියාවට වන අතර එහි තෙවන ස්ථානය පෝලන්තය විසින් දිනා
ගත්තා.මෙහි පිරිමි තරගය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම්පීඩීඒඑස් සෝමතිලක
සහභාගි වූ අතර ඔහු ට තරගය නිම කිරීමේ හැකියාවක් ලැබුණේ නැහැ.
|
No comments:
Post a Comment