Dec 22, 2012

ලංකාවේ පළමු බේස්බෝල් සජීවී විකාශය හෙට CSN වෙතින්

 කුණු ආසියාවේ පළමු බේස්බෝල් ක්‍රීඩාංගනය දියගම මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩා සංකීරණයේදී අද ජනාධිපති මහින්ද රාජපක්ෂයන් අතින් විවෘතවීම නිමිති කොට ,ශ්‍රී ලංකාව සහ ජපානයේ කනගාවා බේස්බෝල් ඇකඩමි තරුණ කණ්ඩායම අතර පැවත්වෙන තරගය සජීවී ව විකාශය කිරීමට CSN නාලිකාව කටයුකු යොදා ඇත.එය ශ්‍රී ලංකාවේ බේස්බෝල් තරගයක් සජීවී ව විකාශය කරන ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වන්නේය.
මෙහිදි මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමේ සිහිනයේ හිමිකාරත්වයේ සිට එය යථාර්ථයක් කිරීම දක්වා විශාල වෙහෙසක් දැරූ ශ්‍රී ලංකා පුහුණුකරු වටනබේ මෙම තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ ජාතික පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන අතර ඔහු සාමාජිකත්වය දැරූ කනගාවා බේස්බෝල් ඇකඩමි කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව තරග බිමට පිවිසෙයි.එසේම මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 80 ක පමණ මුදලක් සොයා දීම සදහා කැප වි ක්‍රියා කළ ශ්‍රී ලංකාවෙ සිටින එකම අන්තර්ජාතික බේස්බෝල් විනිසුරු වන සුජීව විජේනායක මෙහිදී මෙම තරගය විනිශ්චයට එක් වීමද විශේෂත්වයකි.
ජනාධිපතිවරයා අතින් විවෘත වන මෙම උත්සව අවස්ථාවට ජපාන තානාපතිවරයා ඇතුළු එරට නියෝජනය කරමින් මෙරට බේස්බෝල් දියුණුව අපේක්ෂාවෙන් ක්‍රියා කරන විශාල ප්‍රභූ පිරිසක් ද එක්වීමට නියමිත අතර ක්‍රීඩාංගණය විවෘත කිරීම සහ තරගය පිළිබද සජීවි අත්දැකීම පගවග 3 . 30 සිට CSN ඔස්සේ විද ගැනීමේ අවස්ථාව ඔබට හිමි වනවා ඇත.


පළමු ජාතික කඩු හරඹ සූරතාවය ස්ලිම්ලයින් ට

පානදුර මාස් යුනිචෙලා  භුමියේ ක්‍රියාත්මක වූ පළමු ජාතික කඩු හරඹ සූරතාවලියේ ජයග්‍රහණය ලබන්නට පන්නල මාස් ස්ලිම් ලයින් කණ්ඩායම සමත් වුණා.එහා දක්ෂතම ක්‍රීඩාකයා ලෙස FOIL ඉසව්ව ජයගත් පන්නල ස්ලිම් ලයින් හී ප්‍රදීප් ගීකියන්ග සමත් වුණා.නමුත් අවසාන තරගවලදී විශිෂ්ඨතම ජය වාර්තා කළ සිළුවේටා කණ්ඩායමේ ගයාන් බණ්ඩාර EPEE ඉසව්ව ලකුණු 15 / 7 ලෙස ජය ගත්තා.නමුත් ගයාන්ගේ ඉසව්වේ තරගකරුවෙක් සහභාගි නොවිම නිසා ඔහුට තරග හතකට පමණක් සහභාගි වන්නට සිදු වූ අතර එහිදී ඔහු ලකුණු 37 ක් ලබා සිටියා.නමුත් තරග 8 දී ලකුණු 40 ක් රැස් කර සිටි ප්‍රදීප් ගීකියන්ග පළමු ජාතික සූරතාවලියේ සූරයා වීමේ අවස්ථාව උදා කර ගත්තා.තරගාවලියේ අනු සූරතාවය හිමිකර ගැනීමට සමත් වුණේ පානදුර යුනිචෙලා කණ්ඩායමයි.
කේවල SABRE ඉසව්වේදී පානදුර යුනිචෙලා කණ්ඩායමේ සදේෂ් චන්දන ජය ගත්තා.කාන්තා FOIL ඉසව්ව ජය ගැනීමට සමත් වුණේ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ කාන්චනා සදලංකා යි.EPEE කාන්තා ඉසව්වේ ජයග්‍රහණය ජාතික තලයේ බොක්සිං ක්‍රීඩිකාවක වන නිරංජලා වීරරත්න විසින් හිමි කර ගත්තා.SABRE  ඉසව්වේ ජයග්‍රහණය හිමි වූයේ පානදුර යුනිචෙලා ක්‍රීඩා සමාජයේ කාන්චනා මධුභාසිණි ට යි.
තරගාවලිය සංවිධානය කිරීමේදී විදේශීය පුහුණුකරුවන් යටතේ පුහුණුව ලබා දීමට අමතරව තරගයේ තීරණ සම්බන්ධයෙන් අපක්ෂපාතීත්වය ආරක්ෂා කිරීම සදහා ජාත්‍යන්තර කඩු හරඹ සංගමයේ නිල විනිසුරුවන් දෙදෙනෙකුද සහිතව අත්දැකිම් සහිත විදේශ විනිසුරුවන් යොදා ගැනීමට කටයුතු කර තිබුණා.
තරගාවලිය සරල සහ එහෙත් ගාම්භීර පෙණුමකින් සහ විධිමත් භාවයකින් සංවිධානය කරන්නට සෑහෙන වෙහෙසක් දරා තිබුණා.
 මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ප්‍රධාන ආරාධිතයා මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා ද මෙම අවස්තාවට එක් ව සිටි අතර එහිදී තරගාවලියේ සාර්ථකත්වයට උර දුන් මාස් සමූහය වෙනුවෙන් ඩයන් ගෝමස් ප්‍රකාශ කර සිටියේ ඉදිරි දිනෙක හ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක සිහිනය සැබෑ කරන ඉසව්වක් බවට මෙම ඉසව්ව පත්වනු ඇති බවයි.
www.supirikrida.com

ඩිල්ෂාන් ටෙස්ට් පිටියට සමු දෙයි

ස්ට්‍රේලියානු සංචාරයෙන් පසුව ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙන බව තිලකරත්න ඩිල්ෂාන් පවසා ඇත.මේ සටහන තැබෙන විට ටෙස්ට් තරග 81 ට ක්‍රීඩා කර ඇති ඩිල්ෂාන්ගේ ටෙස්ට් දිවිය බොහෝ විට ඉතිරි ටෙස්ට් තරග දෙකද එකතු වූ පසු තරග 83 කින් නිමවන ටෙස්ට් තරග චාරිකාවක් වනු ඇත.කඩුලු රැකීම සහ පිතිකරණය යන කාරනා මුල් කර ගෙන ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ ඩිල්ෂාන් කණ්ඩායමේ මෙන්ම සිය ස්ථාවරත්වය පිණිසද දක්ෂ දග පන්දු යවන්නෙකු වු අතර පසු කලෙක ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි තුන් ඉරියව් දක්ෂතා සහිත ක්‍රීඩකයෙකු ලෙස ද සිය ක්‍රීඩා දායකත්වය ලබා දුන්නේය.
කළුකර විද්‍යාලයෙන්   ක්‍රීඩා පිටියට පිවිසි ඩිල්ෂාන්,ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නට තරම් පොහොසත් ක්‍රිඩකයෙකු වෙමින් පැමිණි සිය ‍දිරිමත් ක්‍රිකට් ගමණේ උපරිමයට පැමිණෙද්දී ලොව හොදම 20 - 20 ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස කිරුළු පැළදීමට සමත් විය.එසේම ඔහු විසින් ක්‍රිකට් ලෝකයට හදුන්වා දුන් ඩිල්ස්කූප් පහර අද ක්‍රිකට් පිටියේ ඉක්මන් ලකුණු හොයන ජනප්‍රියතම පහරක් වී ඇති අතර අද විශිෂ්ඨ පිතිකරුවන් වෙනම එම පහර හදාරන සහ පුහුණුවන තත්ත්වයට ක්‍රිකට් ලෝකය වර්ධනය වී ඇත.
www.supirikrida.com

කළුතර කළාප ගුරුවරු රාජ්‍ය සේවා බී කොටසේ දැල් පන්දු සූරතාවය ජය ගනියි

ටොරිංටන් හී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු පිටියේදී නිමාවට පත් වූ රාජ්‍ය සේවා දැල් පන්දු තරගාවලියේ බී කොටසේ දැල් පන්දු සූරතාවය දිනා ගැනීමට කළුතර කළාපීය ගුරුවරියන්ගේ කන්ඩායම සමත් වුණා.අවසාන තරගයේදී ඔවුන් අතින් විශේෂ කාර්ය බලකා කණ්ඩායම පරාජයට පත් වූ අතර අවසන් තරගයේ දක්ෂතම විදින්නිය ලෙස මනොරිකා සපුතන්ත්‍රි ද,දක්ෂතම මැද පෙළ ක්‍රීඩිකාව ලෙස මධුකා විජේකෝන් සහ දක්ෂතම ආරක්ෂක පෙළ ක්‍රීඩිකාව ලෙස සලෝජා පෙරේරා ද ඇගයීමට පත් වුණා.කණ්ඩායමට නායකත්වය දුන් නලිනි අල්විස් දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ජයග්‍රහණය වෙනුවෙන් කැප වී ක්‍රීඩා කළා.

ඡායග්‍රාහී කණ්ඩායම මේ සමග වන ඡායාරූපයේ දැක්වෙනවා 
 සිටගෙන වමේ සිට, නාලිනී අල්විස් (නායිකා ),යසන්ති තුෂාරිකා,සලොජා පෙරේරා,ජානකි 
ගුණසේකර (පුහුණුකාරිනි)අශෝක බියට්‍රිස් (කලාප ශාරීරික අධ්‍යක්ෂිකා )සීතා පතිරණ,
මනොරිකා සපුතන්ත්‍රී,සකුන්තලා පෙරේරා,ශිරාණි දේවිකා,චාන්දනී අනගියද්ද ,
වාඩි  වී  වමේ සිට, අනුෂා ලක්මිණි,රන්ජනී කුසුමලතා,මධුකා විජේකෝන් ,සචිත්‍රා තිලංකා,
www.supirikrida.com

වැඩ නොකළත් ඡන්දෙට වැඩ දාන්න ඇමතිගෙන් ඉඩ

දැනට පරිපාලන කමිටුවක් මගින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා දැල් පන්දු පරිපාලනයට සම්බන්ධව ක්‍රියාත්මක සංගම් 35 ක් අතරෙන් ක්‍රියාකාරී මට්ටමේ නැති සංගම්වලට ද ඡන්ද බලය ලබා දීමට අමාත්‍යවරයා තීරණය කර ඇත.දැල් පන්දුවේ අනාගතය පිළිබදව අවධානය යොමු කර ක්‍රියාකාරී පිරිස් සදහා මැදිහත්ව එම සංගම් නැවත පන ගන්වා ඡන්ද බලය දිනා ගැනීමට හැකි තත්ත්වයට පත් කර ‍ගන්නා තුරු එම සංගම් ඡන්දය සදහා කැදවීම නොකළ යුතු වුවත්,ක්‍රීඩා සංවර්ධනයේ නාමයෙන් පෙනී සිටිමින් අමාත්‍යවරයාව කැකිල්ලේ රජුට ඇන්දවීමේ උත්සාහයක නියැලෙන පිරිසක් විසින් දෙන ලද උපදේශයක් අනුව අමාත්‍යවරයා මෙම තීරණයට එලැඹ තිබෙන බව ද සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වේ.පසුගිය කාලයේ දැල්පන්දු පරිපාලන කමිටුවේ බොහෝ තීරණ නිසාද අමාත්‍යවරයා ගේ භූමිකාව කැකිල්ලේට සමාන වූ බව ද පැවසිය යුතුය.
අමාත්‍යවරයාගේ තීරණය සම්භන්ධයෙන් දැණුම් දෙන මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ දැල් පන්දුවේ අනාගතය පිළිබදව අවධානය යොමු කර දුර්වල සහ ක්‍රියාකාරී නොවූ සංගම් වලට ඡන්ද බලය පිරිනමන බවය.දුර්වල සහ ක්‍රියාකාරී නොවූ සංගම් වලට දැල් පන්දුවේ අනාගතය පිළිබදව අවධානය යොමු කරන්නේ නම් ඡන්ද බලය නොලැබිය යුතු නමුත් එම නිවේදයෙන් කෙරෙන ඊ ළග අනතුරු ඇගවීම වන්නේ එසේ ක්‍රියාකාරි නොවන සංගමයක නිද්‍රාශිලී අයෙකුට නිලවරණය පැවත්වෙන සභාපති,නියෝජ්‍ය සභාපති,ලේකම්,භාණ්ඩාගාරික,උප සභාපති තනතුරු පහක්,උප ලේකම්,උප භාණ්ඩාගාරික,තරග ලේකම්,උප තරග ලේකම් සහ සම්බන්ධිකරණ නිලධාරී තනතුරු සදහා ඉදිරිපත් වීමට ද අවස්ථාව හිමි වීමය.
නිලවරණය 24 දා පැවත්වෙන අතර ජනවාරි 04 දා මධ්‍යහන 12.00 ට පෙර නාම යෝජනා භාර දීම සිදු විය යුතුය.
www,supirikrida.com

Dec 21, 2012

හතුරු ට සහ සචිත්‍ර ට ඕස්ට්‍රේලියාවෙන් කැදවීම්

හතුරුසිංහ

ශ්‍රී ලංකාවෙන් එතරම් සැළකිල්ලක් නොදැක් වූ චන්දික හතුරුසිංහ ගේ පුහුණුකාරිත්වයට සහ සචිත්‍ර සේනානායකගේ ක්‍රීඩකත්වයට ඕස්ට්‍රේලියාවෙන් සැළකිලි ලැබි ඇත.ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සෙවනැලි පුහුණුකරු වූ උපුල් චන්දික හතුරුසිංහ 2010 දි එම තනතුරෙන් ඉවත් කිරීමෙන් පසු කැනඩාවෙන් කැදවීමක් ලැබූ අතර දැන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වසර දෙකක කාලයකට හතුරුසිංහ සිය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට තෝරා ගෙන ඇත.
කොළඹ වේළුවන විද්‍යාලයෙන් ක්‍රිකට් ජීවිතය ඇරඹූ හතුරුසිංහ පසුව කොළඹ ආනන්ද විද්‍යාලය නියෝජනය කළේය.සාමාන්‍ය රජයේ සේවයේ නියුතු දෙමව්පියන් යුවළකගේ දරු තිදෙනෙකුගෙන් යුත් පව්ලේ වැඩිමහල් දරුවා ලෙස සිය ක්‍රිකට් පිත්තේ ශක්‍යතාවය පදනම් කර ගෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා තෙක් පැමිණි හතුරුසිංහගේ ක්‍රිකට් දිවිය ද බොහෝ හැල හැප්පීම් මැදින් පෙරට ඇදුණු එකක් විය.ආරම්භක පිතිකරුවා මෙන්ම ආරම්භක පන්දු යවන්නා ලෙස ද විටෙක ක්‍රියා කරන්නට ලැබුණු හතුරුසිංහගේ ක්‍රිකට් දිවිය සනත් ජයසූරියගේ ආරම්භක පිතිකරු සම්ප්‍රාප්තියත් සමග නිමා වට පත් වූ අතර පසුකගෙක ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට සෙවනැලි පුහුනුකරු ලෙස සම්බන්ධ විය.
සචිත්‍ර
සචිත්‍ර ද කොළම ආනන්ද විද්‍යාලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක් වු විශාල ක්‍රීඩක ගොන්නේ සිටින චරිතයක් වන අතර තුන් ඉරියව්වේම හැකියාවක් ඇති ක්‍රීඩකයෙකි.ඔහු ද අතිශයින් සාමාන්‍ය පවුලකින් ක්‍රිකට් පිටියට පැමිණි අයෙකු වන අතර තවමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තමන්ට නිශ්චිත ස්ථානයක් නිර්මාණය කර ගැනීමට අවශ්‍යය පසුබිම සකස් නොවුණු අයෙකි.ලද අවස්ථාවන්හී ඔහු යමක් කළ හැකි අයෙකු සහ අභියෝග ඉදිරියේ නොසැලී ඊට මුහුණ දීමට අවශ්‍යය ශක්තිය ඇති අයෙකු ලෙස පෙන්වා ඇත.
එහෙත් මේ වන විට ශ්‍රී ලංකා සංචිතයේ දකින්නට නොලැබෙන සචිත්‍ර ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරයට එක් කර නොගත්ත ද,මේ දිනවල ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක බිග්බෑෂ් 20 -20 තරගාවලියේ දී සිඩ්නි සික්සි කණ්ඩායමේ සුනිල් නාරායන් ගේ ස්ථානයේ හිදැස පිරවීමට තෝරා ගෙන ඇත.
www.supirikrida.com

තිබාර් ඇකඩමියේ මේස පන්දු සූරතාවයේදී රසීඩ් සහ යහනි සූරයා සහ සූරිය වෙති

තිබාර් මේස පන්දු ඇකඩමියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර රත්මලාන සාම මන්දිරයේ පැවති තිබාර් අන්තර් මේස පන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කොළම රාජකීය විද්‍යාලය නියෝජනය කරන රෂිඩ් අෂීස් ඇගයීමට ලක් වූ අතර  දක්ෂතම ක්‍රීඩිකාව වූයේ ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ යහනි මෙණ්ඩිස් ය.තිබාර් මේස පන්දු ඇකඩමිය වෙනුවෙන් ජාතික තලයේ හිටපු මේස පන්දු ක්‍රීඩකයන් වන ඩබ්ඒ බුද්ධසිරි සහ නාමල් ගුනසේකර විසින් සංවිදානය කරන්නට යෙදුණ මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයන් ලෙස හිටපු ජාතික තලයේ මේස පන්දු ක්‍රීඩකයෙකු මෙන්ම වර්ථමානයේ තේරීම් කමිටු සාමාජිතයෙකු ද වන අනූජ රද්දැල්ල සහ ඔහුගේ බිරිද නිරෝෂණි රද්දැල්ල සහභාගි වුණා.
ඡායාරූපයේ දැක්වෙන්නේ තිබාර් ඇකඩමියේ තරගාවලියේ ජයග්‍රාහකයන් සමුහ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි.
www.supirikrida.com