Aug 4, 2012

පරාජය නොවී - පරාජය ගෞරවණීය කර ගන්න අවස්ථාවක්

න්දියාවට එරෙහිව මේ වන විටත් එක්දින තරගාවලිය  3 - 1 ක් ලෙස පරාජය වී සිටින ශ්‍රී ලංකාවට අද, ඉන්දියාවට එරෙහිව එක දිගට ලබන පරාජයෙන් වළකින්නටත් පරාජය ගෞරවනීය එකක් බවට පත් කර ගැනීමටත් අවස්ථාවක් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී උදා වන්නට නියමිතය.ශ්‍රී ලංකාවට වඩා යොවුන් සහ අත්දැකීම් අඩු කණ්ඩායමක් සමග තරගාවලියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ තාරුණ්‍යයේ වටිනාකම සහ ශක්තිය පිළිබදව ශ්‍රී ලංකාවට දෙවරක් සිතන්නට අවස්ථාව උදා කර දී ඇත.
එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට හේතු සාධක ලෙස ගත හැකි ආකාරයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින විශේෂඥ එක්දින පන්දු යවන්නෙකු වන නුවන් කුලසේකර පළමු තරගයේදීම ආබාධයට ලක්විය.මේ වන විට කුමාර සංගක්කාරට ද ආබාධ මත විවේකය ලබන්නට සිදු වී ඇත.මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකා තේරීම් කමිටුවෙන් යම් කොළ එළියක් ප්‍රසන්න ජයවර්ධන වෙත දැල් වී තිබෙන බවක් වාර්තා වුව ද කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් ඒ කෙරෙහි දැක් වූ නොකැමැත්ත මත ප්‍රසන්න ට ඒ අවස්ථාව අප්‍රසන්න ලෙස මග හරී ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් හේතු දක්වන පරිනත ක්‍රීඩකයෙකුට ප්‍රසන්න ගේ අවශ්‍යයතාවය පතුරු ගසමින් චන්දිමාල් වරදක් නොකළ බව පෙන්වමින් ඔහුගේ ක්‍රිකට් දැණුමේ පරිනත බව පෙන්වා දීමට හැකි වුව ද,ප්‍රසන්න කඩුල්ල පිටුපස සිටින විට සහ චන්දිමාල් සිටින විට එය පිතිකරුවා ගේ මානසිකත්වයට බලපාන ආකාරය දෙයාකාර බව නොදන්නා කමට හෝ අපි සිතන්නේමු.විශේෂයෙන් සිය පාද චලන ඉතා හොදින් නඩත්තු කරන කෝලි සහ රයිනා වැනි ක්‍රීඩකයන් ඉදිරියට ඇදී ඒමේදී ප්‍රසන්න සිටින විට සහ චන්දිමාල් සිටින විට දෙයාකාර මානසිකත්වයක් දරනු ඇත.එය පිතිකරුවා ගේ විශ්වසනීයත්වය ට සෘජුව බලපෑමක් කළ හැකි තත්ත්වයකි.
කෙසේ හෝ ශ්‍රී ලංකාවේ තරග වදින විට විදෙස් කණ්ඩායම් පවා වැඩිපුර දග පන්දු යවන්නන් ගැන සිතන තත්ත්වයක් තිබුණ ද,නායක මහේල කලෙක සිටිම ශ්‍රී ලංකා තණතිලි තුළ ත් වැඩි වේග පන්දු යවන්නන් පිරිසක් අත්හදා බැලීමට පෙළඹෙන තත්ත්වයක් දැක ගත හැකිය.පිතිකරනයේ වැඩි ප්‍රවනතාවක් දක්වන ක්‍රීඩකයන්ට අවස්ථා දෙමින් තුන් ඉරියව් ක්‍රීඩකයන් ප්‍රයෝජනයට ගැනීමද,මහේල අමතක කර දැමූ අයුරක් දකින්නට ඇති අතර විශේෂයෙන් ඩිල්ෂාන්ගෙන් නායකත්වය ලබා ගන්නා තුරු සංගක්කාර යටතේ ද මුරලි සිටිය දී පවා පන්දු යවන්නෙකු ලෙස කැපී පෙණුනු ඩිල්ෂාන් ගේ පන්දු යැවීමේ හැකියාව මහේල සහ මුලින්ම අමතක කර දමා තිබීම කණගාටුදායක තත්ත්වයකි.
කෙසේ හෝ මේ සියළු තත්ත්වයන්ට මුහුණ දෙමින් පරාජයේ විශාලත්වය අවම කර ගැනීමට අද ලැබෙන අවසාන අවස්ථාව මහේල ඇතුළු පිරිස ප්‍රයෝජනයට නොගෙන අත හරිනු ඇතැයි අපි නොසිතන්නෙමු.
www.supirikrida.com

පහලොස් හැවිරිදි කැතී ලොව හොදම දෙවන කාලය වාර්තා කරයි

පහළොස් හැවිරිදි කැතී ලෙඩෙකි ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර් 800 නිදහස් ආර කාන්තා තරගය ජය ගනිමින් ලෝකයේම අවධානය තමන් වෙත දිනා ගන්නට සමත් වී සිටිනවා.ඇමෙරිකාව වෙනුවෙන් අවුරුදු 15 දී ඔලිම්පික් තටාගයට පිවිසි මයිකල් පෙල්ප්ස් අද වන විට ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනා ගත් ක්‍රීඩකයා ලෙස රන් පදක්කම් 16 ක් සමග පදක්කම් 20 ක් දිනා ගැනීම උපුටා දක්වන ඇමෙරිකානු මාධය කැතී ගේ මෙම ජය ද තවත් පෙල්ප්ස් කොනෙකු බිහිවීමක් ලෙස හදුන්වා දෙන්නට උත්සාහ කරමින් සිටිනවා.ඊට වඩාත්ම සමීප හේතුව වන්නේ මේ 15 හැවිරිදි ඇමෙරිකානු කෙල්ල මීටර් 800 නිදහස් ආර ඉසව්ව සදහා වැය කළ කාලය ලොව හොදම දෙවැනි කාලය ලෙස වාර්තා පොත් අතරට එක් වීමයි.
www.supirikrida.com

ෆෙඩරර් ටෙනිස් තරගයට ටී - 20 ක්‍රිකට් තරගයක වේලාව ගනියි

LONDON, ENGLAND - AUGUST 03:  Roger Federer of Switzerland celebrates his 4-6, 7-6, 19-17 win over Juan Martin Del Potro of Argentina in the Semifinal of Men's Singles Tennis on Day 7 of the London 2012 Olympic Games at Wimbledon on August 3, 2012 in London, England.  (Photo by Clive Brunskill/Getty Images)ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා ලෙස පිළිගැනෙන රොජර් ෆෙඩරර් ට ඔලිම්පික් තරග බිමේ දී සිය කීර්තිය රැක ගැනීමට ආර්ජන්ටිනාවේ ජුවාන් මාටින් ඩෙල් පොට්රෝ ඉදිරියේ විශාල ප්‍රයත්නයක් දරන්නට සිදු වුණා.වට 2 - 1 ක් ලෙස ෆෙඩරර් මෙම තරගය ජය ගනිද්දී එය ඔලිම්පික් ඉතිහාසයේ තීරණයක් ලබා ගැනීම සදහා වැඩිම කාලයක් වැය කළ තරගය ලෙස පැය 4 ක් සහ මිනිත්තු 26 ක් ගත කර තිබුණා.
තරගයේ ප්‍රථම වටය ෆෙඩරර් ලකුණු 4 - 6 ලෙස පරාජයට පත් වන අතර නමුත් දෙවන වටයේදී දක්ෂතා අතරට පිවිසෙන ඔහු එම වටයේ ජය ලකුණු 7 - 5 ක් ලෙස සටහන් කර ගත්තා.තීරණාත්මක තෙවන වටය දැඩී තරගකාරීත්වයකින් සහ උණුසුමකින් ඉතිරී ගියා.තරගය නිමා වෙද්දී ෆෙඩරර් ට ජයග්‍රහණය සාක්සාත් කර ගැනීම සදහා ලකුණු 19 ක් එක් කර ගන්නට සිදු වුණා.ජුවාන් මාටින් ලකුනු 17 ක් ලබා ගෙන තිබුණා.
www.supirikrida.com

Aug 2, 2012

නිලූක ගේ ගමන නැවතුණේ ඉන්දියානු බැරියරයේ වැදීමෙන් පමණක්ද? අමාත්‍යවරයාගේ අවධානයට


ලිම්පික් ඉතිහාසයේ ලාකේය බැඩ්මින්ටන් ක්‍රීඩාවට ඉහළම අගයක් ලබා දුන් පුද්ගලයා ලෙස නිලූක කරුණාරත්න ඉතිහාසයට එක් විය.ඔලිම්පික් තරගාවලියක දි තරග වටයක් හෝ ජය ගෙන නොසිටි ලංකාවේ බැඩ්මින්ටන් ඉතිහාසය  නිලූක විසින් වෙනස් කළේ ලොව අට වැන්නා පරාජය කරමින්ය.ඒ ජපානයේ ටාගෝ කෙනචි ය.ලකුණූ 21 / 18 සහ 21 /16 ක් ලෙස කෙනචි පරාජය කළ නිලූක, ලොව 21 වැන්නා ට සිටින ඉන්දියාවේ පාරුපිල්ලෙයි කාශ්‍යප් වෙතින් පරාජය ලබන්නේ ලකුණු 14/21,21/15 සහ 9 /21 ක් ලෙස තරග වට 2 - 1 ක් ලෙසය.
කෙනචි සහ නිලූක අතර තරගයේදී නිලූක සි්‍ය උපරිමය විදහා දක්වන අතර එය නිලූක ගැන වැඩි අධ්‍යයනකින් තොර කෙනචිව අතරමං කර දැමීමට ප්‍රමාණවත් විය.කෙනචි නිලූක පිළිබදව වැඩි අධ්‍යයනයකින් තොරව සිටි අතර නමුත් නිලූක තමන් සිතා සිටි තරම් පහසු ක්‍රීඩකයෙකු නොවන බන කෙනචි තේරුම් ගන්නා විට මෙවර තරගාවලියේ ඉළම පෙරළිය සිදු වෙමින් කෙනචි තරගාවලියෙන් ඉවතට වීසි වී තිබිණ.
කාශ්‍යයප් සමග තරගය ඊට වඩා හාත්පස වෙනස් මුහුණුවරක් ගත්තේ මීට පෙර කාශ්‍යයප් සහ නිලූක මුණ ගැසී තිබුණු බැවින්ය.එ සැම අවස්ථාවකම පාහේ කාශ්‍යයප් ජය ගෙන තිබුණ ද ඒත් ඒ සෑම ජයග්‍රහණයක්ම ඉතා අපහසුවෙන් ලැබූ ජයග්‍රහණ විය.ඒ සෑම අවස්ථාවකම පාහේ නිලූකට කාශ්‍යයප් සහ තනිව තරග වදින්නට සිදුවීම ඒ පරාජයන්ට හේතුව බව නිලූකම පවසා තිබුණද ඔලිම්පික් තරගයේදී ද නිලූකට තරග වදින්නට සිදු වූයේ තනිවමය.මේ සදහා වගකිව යුත්තෝ කවුරුද?
බැඩ්මින්ටන් සංගමය මේ තරගාවලියට නිලූක සමග සිය නිලධාරීන් දෙදෙනෙකු පිටත් කර හරින්නට උනන්දු වුව ද,නිලූක තමා මේ තරගාවලිය දක්වා ඔසවා තැබීමට වෙහෙස වු සිය අනුග්‍රාහකයා සහ සිය පියා පුහුණුකරුවා ලෙස ළග සිටිය යුතු බව අවධාරණය කළේය.සැබවින්ම නිලූක ගේ ක්‍රීඩා දිවියේ වැඩි කාලයක් ඔහුගේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ද පියා බැවින් ඔහු ගේ තරග මානසිකත්වය යහපත්ව පාලනය කිරීමට ඔහුගේ ඉල්ලීම සැළකිල්ලට ගත යුතුව තිබිණ.
ඔලිමිපික් කමිටුවෙන් අවස්ථාව ලැබෙන්නේ එක් අයෙකුට බැවින් ඒ අවස්ථාව විශාල අරගලයකින් පසුව බැඩ්මින්ටන් පරිපාලනයේ අවසරය ඇතිව රොහාන් ස සිල්වා ට හිමි විය.සැබවින්ම රොහාන් ට එය හිමිවිය යුතු අතර නිලූක ගේ මේ ප්‍රවේශය ශක්තිමත් කිරීමට මූල්‍යමය දායකත්වය ලැබෙන්නේ ඔහුගෙන්ය.ක්‍රීඩා අමාත්‍යංශය නිලූක වෙනුවෙන් කෝටි ගණනක මුදලක් වැය කළ බව කීව ද,ඒවා අමාත්‍යවරයාට වැරදීමක් බව බැඩ්මින්ටන් පරිපාලන ප්‍රධානියා වන පරාක්‍රම බස්නායක පවසන්නේ 80 ක්ලබ් හී පැවති මාධ්‍ය හමුවකදී ය.
නමුත් අමාත්‍යවරයා නිලූක ට දුන් මුදල් කන්දරාව ගැන ප්‍රකාශ නිකුත් කරන්නේ බැඩ්මින්ටන් පරිපාලනය විසින්ම ලබා දුන් තොරතුරු පදනම් කර ගෙනය.ක්‍රීඩා අමාත්‍යංශයේ තොරතුරු අනාවරණය කරන්නේ ද නිලූකට එවැනි මුදලක් ලබා දීමට අනුමැතිය හිමි වී ඇති බවය.දැන්වත් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බොරුව ලිහා බැලිය යුතුය.ක්‍රීඩා අමාත්‍යංශයෙන් නිකුත් කළ මුදල් බැඩ්මින්ටන් පරිපාලනය විසින් කුමන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් වියදම් කර ඇද්ද යන්න වෙන වෙනම සොයා බැලිය යුතුව ඇත.
වැඩිම ජාත්‍යන්තර තරග අවස්ථා 2010 සිට ප්‍රදානය කර ඇත්තේ කාට ද?ඒ ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා පෞද්ගලිකව වියදම් කර ඇති මුදල් ප්‍රමාණයන් වෙන වෙනම කවරේද?ඒ මුදල් වියදම් කරද්දී ලංකාවේ ශ්‍රේනිගත කිරීම් සැළකිල්ලට ගෙන එම වියදම් දරා ඇද්ද සහ එසේනම් වැඩිම තරග ප්‍රමාණයක්ට සහභාගි වී ප්‍රසාද ලකුණු එකතු කර ගෙන ඔලිම්පික් වරප්‍රසාදය ලංකාවේ අංක 11 ක්‍රීඩිකාවට ලැබෙන්නේ කෙසේද යන ගැටළු ද මේ සමග නිරාකරණය කර ගැනීමට අවස්ථාව ඇත.
නමුත් ක්‍රීඩා අමාත්‍යවරයාට බැඩ්මින්ටන් සම්බන්ධයෙන් යොමු කරන විරෝධතා ඉන් මෙපිට නැවතෙන තත්ත්වයක් තිබෙන බවට ද බැඩිමින්ටන් කේෂ්ත්‍රයේ බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේය.බොහෝ අපහසුවෙන් අමාත්‍යවරයා හමු වූ විට අමාත්‍යවරයාට බැඩ්මින්ටන් ක්‍රියාකාරීත්වය පිළිබදව යොමු කර තිබෙන ලිපි ලැබී නොමැති බව දැන ගත් බොහෝ දෙනෙක් අමාත්‍යවරයාව මේ වන විටත් දැනුවත් කර ඇත.
කෙසේ වුව ඔලිම්පික් සදහා නිලූක වෙනුවෙන් සහභාගී වීමට ඔලිම්පික් කමිටුවෙන් අවසර ලැබුණේ රොහාන් ද සිල්වා ට පමණක් බව ක්‍රීඩා අමාත්‍යංශයම පිළිගන්නේ ඔලිම්පික් කමිටු ලේඛණ ද උපුටා දක්වමින්ය.එසේනම් බැඩ්මින්ටන් පරිපාලන ප්‍රධානියා නිලූක සමග තරග බිමේ සිටියේ කෙසේද යන්න පිලිබදව විමසා බැලිය යුතුය.එය ජාත්‍යන්තර බැඩ්මින්ටන් පරිපාලනය හරහා ලබා ගත් අවස්ථාවක් විය යුතුය.එය පරාක්‍රම බස්නායක නෙලා ගන්නේ සිය නිල බලය භාවිතා කරමින්ය.නමුත් එය රටක බැඩිමින්ටන් පරිපාලන ප්‍රධානියෙකුට හිමි විය යුතු අවස්ථාවක් නොවන බව වෙනත් රටවල එසේ නිලධාරීන් අසුන් නොගෙන සිටීමෙන්ම පැහැදිළිය.
එහෙත් එය රටක බැඩ්මින්ටන් පරිපාලනයේ අවසරය මත හිමිවිය යුතු අවස්ථාවක් විය හැකිය.ඒ අවස්ථාව තමන්ටම බෙදා ගන්නා පරාක්‍රම බස්නායක ඔලිම්පික් තරගයක ක්‍රීඩා බිමේ වාඩිවී සිටීමෙන් චූන් වෙමින් නිලූකට තුවාය දෙමින් සහ වතුර බෝතලය ලබා දෙමින් ස්වයංවින්දනයක් ලබද්දී රටකට ලැබිය හැකි තිබූ විශාල අවස්ථාවක් අහිමි කිරීමේ ජාතික අපරාධයට ඔහු කොටස් කරුවෙකු වී තිබිණ.ඒ අවස්ථාව නිලූක ගේ පියාට ලබා දුන්නේ නම් කාශ්‍යයප් ගේ තරගය ශ්‍රී ලංකාව දෙසට හැරෙන්නට මෙන්ම ඔලිම්පික් තරගයක් අවසන් අට දෙනා අතරට පිවිසීම ලෙස ලාංකේය බැඩිමින්ටන් පෞරශ්‍යයට විශාල වටිනාකමක් එක් වන්නට තිබිණ.
නමුත් පරාක්‍රම,මීට පෙර ද නවදිල්ලියේදී පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී නිලූක රට වෙනුවෙන් හෙලූ දහදිය ගැන මහත් අභිමානයෙන් හැගීම්බරව කතා කොට,අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණ එවකට පැවති පරිපාලනයේ අවශ්‍යයතාවය මත නිලූක ජාතික හැගීමෙන් කටයුතු නොකළ බවට ප්‍රකාශයක් ලබා දෙන්නට තරම් නිහීන තත්ත්වයේ වු බව අපි දනිමු.එවකට සිටි සභාපතිවරයා නිලූක ට තරග තහනමක් පනවමින් මේ ඔලිම්පික් ගමන නැවතෙන සේ තිරිසන් ආශ්වාදයක් ලබන්නට උත්සාහ දරද්දී ඒ වෙනුවෙන් දර දිය ඇද කාලකන්නි තෘප්තියක් ලද්දෙකු වූ පරාක්‍රමයන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිලුකට අහිමි වන්නට ගිය ඒ අවස්ථාව යළි ලබා දීම සදහා පියවර ගනිද්දී එම ක්‍රීඩාවේ පරිපාලකයා වීම‍ට අමතරව තමන් විසින් ඝාතනය කිරීම සදහා උපකාර ලබා දුන් ක්‍රීඩකයාගේ ක්‍රීඩා හැකියාව මත එල්ලී ලන්ඩන් යන්නට තරම් ලැජ්ජෘ නැති කමක් ද තිබිණ.
කෙසේ හෝ ඉතිහාසයේ ලැබෙන්නට තිබුණු අවස්ථාව අහිමි වී ගොස් අවසන්ය.කාශ්‍යයප් ගේ තරගය ඔහු ජය ගත්තේ ඔහු ගේ පුහුණු උපදේශකයන්ගෙන් ලැබුණු උපදෙස් මතය. නිලූකට ඒ සියල්ල තනිවම කර ගන්නට සිදු වු අතර නිලූක ඒ තැනට ගෙන ඒම සදහා බැඩිමින්ටන් පරිපාලනය වෙනුවෙන් අත්සන් ගැසීම පදනම් කරගෙන ඔලිම්පික් තරග බිමේ ඉදගැනීම සිය අයිතියක් බව සිතූ බස්නායකයන් කාලකන්නි ආශ්වාදයක් ලැබීය.
දැන් ක්‍රීඩා ඇමතිතුමාට ක්‍රීඩා බලධාරියා ලෙස ඉදිරියට හෝ වරදක් නොවන්නට පියවර කිහිපයක් ගත යුතුව ඇත.පළමුවැන්න අමාත්‍යවරයා නිලූකට ලබා දුන් බව කියන මුදල් ප්‍රමාණය වැරදිය.එසේ වැරදි දත්ත ලබා දීම පිළිබදව අමාත්‍යවරයා බැඩ්මින්ටන් පරිපාලනයෙන් දැන්වත් විමසීමක් කළ යුතුය.(80 ක්ලබ හී පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කරන ප්‍රදානයන් නිලූකට පමණක් කළ ප්‍රදානයන් නොව ඒවා සමස්ත බැඩ්මින්ටන් පරිපාලනයට පිරිනැමූ බවට බස්නායකයන් කළ ප්‍රකාශය අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශයේම හඩපට තුළ තැන්පත් ව ඇත)
එසේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මුදල් වියදම් වී ඇත්තේ කෙසේද යන්න ද වෙන වෙනම විමසා බැලිය යුතුව ඇත.පරාක්‍රම බස්නායක ඔලිම්පික් තරගබිමේ අසුන් ගත්තේ කෙසේද යන්න පිලීබදවත් ඒ සදහා පුහුණුකරුවෙකු නම් නොකොට තමා ඉදිරිපත් වීමෙන් කරන ලද ජාතික අපරාධය සම්බන්ධයෙන් පියවරක් ගැනීමත් අමාත්‍යවරයාගේ රාජකාරියකි.ඇතැම් නිලධාරීන්ගේ පුත්තු බලා ගැනීම සදහා ඔවුන්ගේ රියදුරන් කණ්ඩායම් කළමණාකරුවන් ලෙස සහභාගි කිරීමට අවසර දෙන පරාක්‍රම බස්නායක සභාපතිවරයා ශ්‍රී ලංකාවේ බිහි වූ විශිෂ්ඨතම බැඩ්මින්ටන් ක්‍රීඩකයාගේ පුහුනුකරුවෙකු ලෙස සැබවින්ම කටයුතු කරන ඔහුගේ පියාට ඒ අවස්ථාව ලබා දීම පිණිස කටයුතු නොකරන්නේ මන්ද යන්න විමසා බැලිය යුතුව ඇත.
සාමාන්‍යයෙන් කථනයේදී දැඩි පුද්ගලයෙකු ලෙස පෙණුනද ක්‍රීඩා සංගම් පරිපාලනවල නිදහසට ඇගිලි ගැසීමේදී පරිස්සම් වන අමාත්‍යවරයෙකු ලෙස ඉවසීමෙන කටයුතු කළ ද දැන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පරිපාලනය ඒ සීමාවන් අතික්‍රමණය කර ඇත.ඒ පිලිබදව ජනාධිපතිවරයා ද දැනුවත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයාට යොමුවන ලිපි ලේඛණ අතරමගදී ගිල දැමීමක් සිදුවන බවත් ඇතැමෙකුට ඒ සම්බන්ධ ලිපි ලේඛණ පිළිබද විමසා බැලීමක් කරන ලෙස කීවද එම ලිපි ලේඛණ අමාත්‍යවරයාගේ කාර්‍ය මණ්ඩලයේ අත් අඩංගුවෙන් නොමිදෙන බවත් මේ සටහන් කරු අත්දැකීමේන්ම දනිමු.
ඒ නිසා අමාත්‍යවරයා ප්‍රවේශම් විය යුතුය.මේ ලිපියේ සදහන් කරුණු අමාත්‍යවරයාගේ ඇස ගැටෙන්නේ නම් ඒ පිළිබදව කරුණු කාරනා සිදු වූයේ කෙසේද යන්න පියවරෙන් පියවර සොයා බැලිය යුතුව ඇත.එසේ සොයා බැලීමේදී පවසා තිබෙන කරුණු වල නිර්වද්‍යතාවයක් ඇතිනම් පමණක් ජාතික අපරාධකරුවන්ට තව දුරටත් කුමන හෝ පදනමක ජාතික සංගමයක ඉහළ පුටුවක වැජඹෙන්නට දෙන්නේ ද යන්න පිළිබදව අමාත්‍යවරයා තීරණයක් ගත යුතුව ඇත.www.supirikrida.com

උනන්දුවෙන් ක්‍රීඩා නොකළ අටක් ඉවතට


සිය තරග වල දී සුපුරුදු දකුෂතා ප්‍රදර්ශනය නොකරමින් ක්‍රීඩාවට අගෞරව වන අකාරයේ මන්දෝසාහීබවක් හිතා-මතා ප්‍රදර්ශනය කිරීම යන චෝදනාව යටතේ සුපිරි කාන්තා යුගල බැඩ්මින්ටන් ක්‍රීඩිකාවන් අට දෙනෙකු තරගාවලියෙන් නෙරපා දැමීමට ඔලිම්පික් තරග සංවිධ‍ානය පියවර ගෙන තිබෙනවා.ලොවඅංක එකේ කාන්තා යුගලය වන චීනයේ වැන්ග් ෂියොලි සහ යූ යැන්ග් ද මේ අතර විම විශේෂත්වයක්.
සෙසු ක්‍රීඩිකාවන් තිදෙනාද ලොව ප්‍රබලතම ක්‍රීඩිකාවන් වන අතර ඒ අතරට කොරියාවේ කාන්තා යුගලයන් දෙකක්ම අයත් වෙනවා.ජුන් කියුන්ග්-එවුන් සහ කිම් හා -නා ත් හා ජුන්ග් -එවුන් සහ කිම් මින් -ජුන්ග් යන දකුනු කොරියානු යුගල දෙකටම මේ අනුව තරගාවලිය අහිමි වෙනවා.ඉන්දුනීසියාවෙන් මේ චෝදනාව මත තරගාවලියේන ඉවත් කරන ලද ක්‍රීඩිකා යුගලය වන්නේ මෙලීන් ජවුහාරි සහ ග්‍රෙසියා පොලී යි.
මේ පිලිබදව තරගය අතරතුරදී ම තරග තීරකවරයෙකු විසින් චින ක්‍රීඩිකාවන් දෙදෙනාට සහ දකුනු කොරියාවේ ජුන් කියුන්ග්-එවුන් සහ කිම් හා -නා  දෙදෙනාට අවවාද කළ අවස්ථාවක් ඡායාරූපයේ දැක්වෙනවා.
www.supirikrida.com

නුවර පෙරට

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය ඉදිරිපත් කරන ඩයලොග් ප්‍රිමියර් තරගාවලියේ අටවන සතිය නිමා වන විට තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම ලෙස  පෙරට ඒමට මහනුවර කණ්ඩායමට හැකි වී තිබෙනවා.ඒ අනුව මෙවර තරගාවලියේ ලකුනු සටහනේ පළමු ස්ථානයට පළමු වරට මහනුවර කණ්ඩායම ප්‍රවේශව සිටින අතර හැව්ලොක් කණ්ඩායමට දෙවන ස්ථානයත්,තෙවන ස්ථානය නාවික හමුදා කණ්ඩායමටත් හිමිව තිබෙනවා.පහත දැක්වෙන්නේ සති අටක් නිමාවේ ප්‍රිමියර් රග්බි තරගාවලියේ ඒ ඒ කන්ඩායම් ලබා තිබෙන ස්ථාන පිළිබදව නිකුත් වූ නිල ලකුණු සටහනයි.
www.supirikrida.com

බස්නාහිර පළාත් සංගමයේ බැඩ්මින්ටන් තරග දින තුනක් දෙතැනක

ස්නාහිර පළාත් සංගම මෙහෙයවන ක්ලැසික් බැඩ්මින්ටන් තරගාවලිය අගෝස්තු 4 සිට 6 දක්වා මොරටුව   බිලූ ෆීචර්ස් ස්පෝර්ට් පාක් හී දී සහ මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලා‍ව කේන්ද්‍ර කර ගෙන පැවත්වෙන්නට නියමිතය.තරගාවලියේ සමස්ත සමාචාර උත්සවය හය වන දින පස්වරු 6.30 ට තරුණ ක්‍රිස්තියානි ශාලාවේදී පැවත්වීමට නියමිතය.
අවුරුදු 14 න් පහළ,19 න් පහළ,20 න් ඉහළ සහ 40 න් ඉහළ යන වයස් ඛාණ්ඩ වලින් තරගාවලිය ක්‍රියාත්මක වන අතර සෑම තරගයකදීම තරගය ඇරඹිමට විනාඩි තිහකට පෙර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය පැමිණීම සනාථ කිරීම අනිවාර්යය වේ.තරගාවලියේ නිල තරග කාල සටහන අප වෙබ් අඩවියෙන් දැක ගැනීමට ඉඩ සළසා ඇත.
www.supirikrida.com