Jun 28, 2012

තරිදු ගේ පිට දග පන්දුවේ ශක්තිය උරගා බැලීමේ අවසාන මොහොත හෙට


accමැලේසියාවේ පැවත්වෙන අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන පූර්ව තරගයට හෙට ශ්‍රී ලංකාව මුහුණ දීමට නියමිතය.ඉන්දියාව සමග පැවත්වෙන  එම අවසාන පූර්ව තරගය ජය ගතහොත් ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමට අද පැවත්වෙන පකිස්තානය සහ ඇෆගනිස්තානය අතර අවසාන තරගයේ ජයග්‍රාහකයන් සමග ජූලි 1 වන දා අවසාන තරගයට මුහුණ දීමට අවස්ථාව උදා වෙයි.
පැවති තරග තුනේදීම සාර්ථක වූ තරිදු කෞශාල් ගේ පිට දග පන්දුවට හෙට ඉන්දියාව අතර පැවත්වෙන තරගයේදී ත් විශාල කාර්ය භාරයක් පැවරෙනු නිසැකය.මේ වන විට තරගාවලියේ කැපී පෙනෙනම පන්දු යවන්නා බවට පත් වෙමින් ශ්‍රී ලංකාව ජය ගත් මූලික වටයේ තරග තුනේදීම කඩුලු ලබා ගන්නා අතරේම පිතිකරුවන්ගේ ලකුණු යන්ත්‍ර අක්‍රීය කිරීමට ද සමත් වූ තරිදු,රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ සිසුවෙකි.
එසේම තරගාවලිය අරඹමින් අගනා අර්ධ ශතකයක් රැස් කළ පබසර වඩුගේ ඉන් අනතුරුව කණ්ඩායමේ දකින්නට නොසිටි අතර ඉතිරි තරග දෙකේදී ම සාර්ථක වූ සදුන් වීරක්කොඩි ද හෙට තරගයේදී අනිවාර්යෙන් සාර්ථක විය යුතුය.තවමත් ලකුණු අතර නොමැති පිතිකරුවන් අවසාන පූර්ව තරගයේදී දැඩි සංයමයකින් ඉණිම් ගොඩ නැගීම කළ යුතු අතර එය එසේ වන්නේ නම් තරිදු කෞෂාල් ප්‍රමුඛ හ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණිය මේ දක්වා රැගෙන ආ සාර්ථකත්වය රැක ගනිමින් හ්‍රී ලංකාව අවසාන තරගයට ප්‍රවේශ කිරීමට අවශ්‍යය කාරිය කර දෙනු ඇත.  

Jun 27, 2012

සූරයන්ට පෙර අදුර වීදි බසියි

ක්  පැසි පන්දුවේ ගමන් මග නව දිශාවකට හැරවීම පිණිස ගත් ආරම්භයක් ලෙස හැදින්විය හැකි කොළම නවම් මාවතේ රිය නැවතුම් පොළ කේන්ද්‍ර කර ගනිමින් පැවති 3x3 පැසි පන්දු තරගාවලියේ සූරතාවයන් තීරණය කිරීමට රාත්‍රී අදුර බාධාවක් වූ බැවින් එක් ඉසව්වකදී හැරෙන්නට අනෙක් ඉසව් සියල්ලම නිමිාවට පත් වූයේ සම සූරතා හිමි වෙමින්ය. ඒ අනුව අවුරුදු 15 න් පහළ බාලක තරග අංශයේ දී පමණක් සූරයන් කවුද යන්න තීරණය වූ අතර එහිදී Colombo International School පරාජයට පත් කළ Asian International School එම සූරතාවය සදහා හිමි කම් කීවේය.
අවුරුදු  15 න් පහළ බාලිකා තරග  අංශයේ සම සූරියන් ලෙස Track masters සහ Pushpadana School Kandy තේරී පත් වූ අතර අවුරුදු 18 න් පහළ සම සූරයන් වූයේ Colombo International School සහ Gateway Collage කණ්ඩායම් ය.අවුරුදු 18 න් පහළ සූරියන් වූයේ Josephions සහ  St. Lawrence School කණ්ඩායම් වන අතර විවෘත අංශයේදී පිරිමි සම සූරතාවය සදහා Colombo Lakers සහ Nation Trust Bank යන කණ්ඩායම් හිමිකම් කීය.තරගාවලියේ සම සූරියන් වූයේ 4 for ever සහ Air Force යන කණ්ඩායම් ය.

ක්‍රීඩා සමාජයක උවමනාවක් වෙනුවෙන් ඇමති බිල්ලට දීමේ වෑයමක්


ලංකාවේ පළමු පෙළ තරගාවලිය ක්‍රියාත්මක වන ආකෘතිය වෙනස් කිරීම සදහා අමාත්‍යවරයා පොළමවා ගනිමින් එක්තරා ක්‍රීඩා සමාජයක වානිජමය වටිනාකම ආරක්ෂා කර දීමට ක්‍රීඩා විචාරකයෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකු සම්බන්ධ ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානින් කටයුතු කරගෙන යන බවත් එය එසේ වුවහොත් ක්‍රීඩා සමාජ විශාල ප්‍රමාණයක එකතුවක් අධිකරණ ක්‍රියා මාර්ගයකට පිවිසීමට සූදානම් බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.
ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය වඩාත් සුපිරි තත්ත්වයේ කණ්ඩායම් අතර පැවත්වීම වෙනුවෙන් කණ්ඩායම් ප්‍රමාණය අඩු කළ යුතුය යන මතය අනුව පළමු පෙළ කණ්ඩායම් සීමා සහිත කිරීම සමගම දක්ෂයන්ට අවස්ථාව සළසා දීම පිණිස දෙවන පෙළ සූරයන් පළමු පෙළට උසස් කිරීම සහ පළමු පෙළ අවසාන ස්ථානය දෙවන පෙළට ඇද දැමීම ක්‍රියා කළා.නව ප්‍රවනතාවයන් හමුවේ මේ ක්‍රියා කළාපය නිසා ක්‍රිකට් තරගකාරීත්වය ඉහළ යාම මෙන්ම අලුත් ක්‍රීඩකයන්ගේ මතු වීම පැරණි ක්‍රීඩා සමාජ පෙරලා දමමින් සිදු වුණා.
එසේ තාවකාලිකව ප්‍රවීන කණ්ඩායම් පහත වැටි විට එහි සිටි ප්‍රවීන ක්‍රීඩකයන් වෙනත් ක්‍රීඩා සමාජ වලට ආදේශ වී සිය ක්‍රීඩාව කර ගෙන යාම ද පසුගිය කාලයේ දක්නට ලැබුණා.නමුත් මෙවර ප්‍රවීන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම අයත් ක්‍රීඩා සමාජයකට පළමු පෙළ කාන්ඩයේ අවසාන ස්ථානය හිමිවීමත් සමග එම ක්‍රීඩා සමාජයේ කීර්තා නාමයට සහ වානිජමය වටිනාකමට හානි සිදු වේ යැයි යන බියෙන් ඒ ක්‍රීඩා සමාජය ඇතුළත් කර ගැනීමේ උවමනාවෙන් තවත ක්‍රීඩා සමාජ හතරක් ද පළමු පෙළට උසස් කර පළමු පෙළ තරගාවලියේ තත්ත්වය පහත හෙළිමට ක්‍රිකට් ආයතනය උත්සාහ කරමින් සිටිනවා. 
මේ සදහා ජාතික කණ්ඩායමේ සිටින ක්‍රීඩකයනට අසාධාරණයක් වන බව ද අමාත්‍යවරයාට පෙන්ව දීමට සූදානම් බව වාර්තා වුණත් ඊට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වන්නන් ප්‍රකාශ කර සිටින්නේ අජන්ත මෙණ්ඩිස්,සීකුගේ ප්‍රසන්න වැනි ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට පිවිසියේ දෙවන පෙළ තරග වලට සහභාගි වෙමින් බවයි.එසේම ජාතික කණ්ඩායමට ඇති තරග වල දී දක්ෂතා දක්වා ඔවුන්ට ජාතික කණ්ඩායමේ ස්ථානය රැක ගැනීමේ අවස්ථාව ඇති බව ද පෙන්වා දෙන එම පිරිස කණ්ඩායමක් දෙවන පෙළට වැටුණු පසු එම කණ්ඩායමට අයත් ජාතික තලයේ ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමෙන් ඉවත් කිරීමක් සිදු නොවන බවත් එම ක්‍රීඩකයන්  උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගෙන ඊ ළග වසරේ යළි පළමු පෙළට පිවිසීම සිය අරමුණ විය යුතු බවත් පෙන්වා දෙන එම පිරිස අදාළ ක්‍රීඩා සමාජයේ වානිජමය ආකර්ශනය රැක දීම පිණිස ක්‍රිකට් ආයතනය ජාතික ක්‍රිකට් ව්‍යහුයම වෙනස් කර  ක්‍රිකට් වලට කරන්නට යන හානිය වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් ප්‍රකාශ කර සිටිනවා.
එසේම ක්‍රීඩා අමාත්‍යවරයා මෙම සිදුවීමේදී කල්පනාවෙන් කටයුතු කළ යුතු බවත් ක්‍රීඩා සමාජවල කැමැත්ත අනුව ක්‍රිකට් පරිපාලනය තෝරා ගැනීම සදහා අවස්ථාව දුන් අයුරින්ම පත් වූ නිලධාරීන් ක්‍රිකට් සමාජවල බහුතර කැමැත්ත සාධාරණව සළකා බලා කටයුතු කරන්නේ ද යන්නත් සොයා බැලීමට පියවර ගනු ඇතැයි ද විශ්වාසය පළ කර සිටිනවා  

ආසියාවට මුහුණ දෙන්නට කණිෂ්ඨයන් තෝරයි

සියානු කණිෂ්ඨ වොලිබෝල් තරගාවලිය සදහා සුදුස්සන් තෝරා ගැනීමේ පරීක්ෂණ ජූලි 2,4,5 සහ 6 කොළඹ ටොරිංටන් හී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ක්‍රීඩා පිටියේ දී පැවත්වීමට කටයුතු යොදා ඇත.ජූලි 2 සහ 4 යන දෙදින තුළ කාන්තා කණ්ඩායම තෝරා ගැනීමේ පරීක්ෂණ සදහාත් ජූලි 5 සහ 6 දිනයන් හී පිරිමි කණ්ඩායම තෝරා ගැනීම සදහාත් පරීක්ෂණ පැවත්වෙන අතර ඒ සදහා සුදුසුකම් ලැබීමේ අපේක්ෂාවෙන් පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම පරීක්ෂණ සදහා යෝජිත දිනයන් හී  පෙ.ව.9.00 වන විට කොළම ටොරිංටන් පිටියේදී ජාතික තේරීම් කමිටු සභාපති වෙත වාර්තා කළ යුතුය.
කාන්තා කණ්ඩායමේ  තේරීමේ පරික්ෂණ්‍ය සදහා සුදුසු වන්නේ  1994 ජනවාරි 04 දා හෝ ඊට පසු උපන් අය වන අතර පිරිමි කණ්ඩායමේ තේරීම සදහා සුදුස්සන් වන්නේ 1993 ජනවාරි 1 දා හෝ ඊට පසු උපන් ක්‍රීඩකයෝය.

ලංකා ලයන්ස් දක්ෂයන්ට මෙවරත් ඉන්දියානු තරගාවලියක්


 දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ජූලි 7 සහ 8 යන දෙදින තුළ ක්‍රියාත්මක වීමට නියමිත ලංකා ලයන්ස් ක්‍රීඩා මලල ක්‍රීඩා උළෙලේ දී ඒ ඒ වයස් ඛාන්ඩයන්හී සහ විවෘත අංශයන් හී දක්ෂතම ක්‍රීඩක සම්මාන ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවනට ඉන්දියානු තරගාවලියක් සදහා සහයෝගය දැක්වීමට ලංකා ලයන්ස් ක්‍රීඩා සමාජය කටයුතු කරන බව එම ක්‍රීඩා සමාජ නියෝජිතයෙකු සුපිරි ක්‍රීඩා වෙත අණාවරණය කළේය.
වයස් අවුරුදු 12 පහළ ,14 පහළ,16 න් පහළ,18 න් පහළ සහ 20 න් පහළ ලෙස බාලක බාලිකාවන් සදහාත් විවෘත කාන්තා සහ පිරිමි ලෙසත් ක්‍රියාත්මක මෙම ක්‍රීඩා උළෙල සදහා අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය ජූනි 30 දා වේ. 

Jun 26, 2012

ලංකාවට සුවිශාල ජයක්


Azhar Ali walks off after being caught by Thilan Samaraweera
ගාල්ල මහජන ක්‍රීඩාංගනයේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා -පකිස්තාන් ප්‍රථම ටෙස්ට් තරගයෙන් ලකුණු 209 ක දැවැන්ත ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකාව සමත් විය.ප්‍රථම ඉණිමේ ලබාගත් ලකුණු 472 වාසිය රදවා ගැනීම සදහා ශ්‍රී ලංකා පන්දු යවන්නන් ප්‍රථම ඉණිමේ දී ලබා දුන් සහයෝගය මතින් තරගයට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පකිසතානු ඉණිම ලකුණු 100 ට සීමා කිරීම නිසා ඇති වූ ලකුණු පරතරය පියවා ගැනීම පකිස්තානයට ඉතා දුෂ්කර කාරියක් විය.
තරගයෙන් ජය ගැනීම සදහා ගාලු තණතිල්ලේ දින දෙකකට වැඩි කාලයක් තුළ ලකුණු 500 ක් ලබා ගැනීමේ ඉලක්කයට පිවිසෙන විටම පකිස්තානයට තරගයේ පරාජය අවම කර ගන්නේ කෙසේද යන්න පිලිබදව සිතීමත් පරාජය හැකි තරම් දුරට පමා කිරීමෙන් වර්ෂාව වැනි ස්වභාව ධර්මයේ ආශිර්වාදයක් හේතු කරගෙන පරාජය නොවී සිටීමට අවස්ථාවක් ලැබේදැයි සිතීමත් යන කරුණු දෙක පමණක් ඉතිරිව තිබිණි.නමුත් පකිස්තානු දෙවන ඉණිමේ ආරම්භයද කණගාටුදායක කිරීමට වග බලා ගත් නුවන් කුලසේකර සහ රංගන හේරත් ලකුණු පූවරුව 25 ක් වන විට කඩුලු තුනක් පකිස්තානයට අහිමි කර දැමූහ.ගොම්මන් පිතිකරු ලෙස පිටියට පිවිසි සහීඩ් අජ්මාල් ලකුණු පූවරුව 38 ක් වෙද්දී දැවී යාමෙන් පසුව පකිස්තානය බලාපොරොත්තු වූ ආකාරයේ සබදතාවයක් ගොඩ නැගෙන්නට විය.
පස්වන කඩුල්ල වෙනුවෙන් යුනිස් ඛාන් සහ අසාද් සෆීක් අතර ගොඩ නැගුණු ලකුණු 151 ක සබදතාවය සහ ඒ සදහා ගත කළ කාලය ශ්‍රී ලංකාව දැඩි අසීරුතාවයකට පත් කරන සුළු විය.යුනිස් ඛාන් ලකුණු 87 ක් ලබා ගැනීමට පැය 4 ක් සහ විනාඩි 26 ක් ගත කළ අතර සෆික් ලකුණු 80 ක් වෙනුවෙන් පැය 3 විනාඩි 33 ක් ගත කර තිබිණ. නමුත් ලකුණු 212 ක් වෙද්දී මෙම දෙදෙනාම ක්‍රීඩාගාරයට හරවා යවන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර එහිදී පකිස්තානු මැ‍ද පෙළ ශක්තිමත් කිරීමට අද්නන් අක්මාල් ගත් සුවිශේෂි උත්සාහය හුදෙකලා වූ අතර පකිස්තානු පසුපෙළින් සැළකිය යුතු සහයක් ඔහුට නොලැබෙමින් ලකුණු 300 දී පකිස්තානු දෙවන ඉණිම නිමාවන විට අක්මාල් ඉදිරියේ නොදැවී එකතු වී තිබූ ලකුණු ප්‍රමාණය 40 ක් විය.
ගාලු තණතිල්ලේ ස්වභාවය සමග නුවන් කුලසේකරගේ දායකත්වය යහපති වනු ඇතැයි ටෙස්ට් තරගයට පෙර සිටම සුපිරික්‍රීඩා පළ කළ අදහස සනාත කළ කුලසේකර ලකුණු 48 ට කඩුලු 3 ක් දවා ගනිමින් පකිස්තානු දෙවන ඉණිම අඩපණ කිරීමට පෙරමුණ ගත ලාංකේය පන්දු යවන්නා විය.සුරාජ් රන්දිව් ලකුණු 86 ට කඩුලු 3 ක් දවා ගත් අතර රංගන හේරත් ලකුණු 91 ට කඩුලු 2 ක් දවා ගත්තේය.
  ශ්‍රී ලංකා ජයග්‍රහණයේ අඩිතාලම ශක්තිමත් කළ ප්‍රථම ඉණිමේ කුමාර සංගක්කාර නොදැවී රැස් කළ අමිළ ලකුණු 199 හේතුවෙන් කුමාර සංගක්කාර  තරගයේ වීරයා ලෙස ඇගයීමට ලක් විය.පහත දැක්වෙන සබදතාවය ඔස්සේ තරගයේ සමස්ත ලකුනු සටහනට පිවිසීමට අවස්ථාව ඇත. http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2012/engine/current/match/562444.html

සිංගර් පාසල් රග්බි සූරතාවය ත්‍රිත්ව විදුහලට


මෙවර පාසල් රග්බි තරගාවලියේ වැඩි කාලයක් පෙරමුණ ගැනීමට සමත් වූ රාජකීයන් ට අවසාන මොහොතේදී පරාජයේ නීරස භුක්ති විදීමට සැළස් වූ මහනුවර ත්‍රිත්ව සහ කොළම ඉසිපතන විද්‍යාල පිළිවෙළින් ලකුණු සටහනේ ප්‍රථම සහ දෙවන ස්ථාන දිනා ගැනීමට සමත් විය.රාජකීය විද්‍යාලයට සිදු වූයේ තෙවන ස්ථානයෙන් සෑහෙන්නටය.ත්‍රිත්ව විද්‍යාලයේ මෑත කාලීන ක්‍රීඩා ප්‍රගතිය පැහැදිළි කරන ජයග්‍රහණයක් බවට මෙය පත්වන අතර ගෙවුණු පාසල් ක්‍රිකට් තරගාවලියේ සූරතාවය මෙන්ම ජාතික මට්ටමේ පාසල් මලල ක්‍රීඩාව තුළ ද කැපී පෙනෙන දක්ෂතාවයක් දක්වමින් සිටින මොහොතක මෙම ජයග්‍රහණය හිමිවීම කැපී පෙනෙයි.
එසේම දෙවන පෙළ පාසල් රග්බි සූරතාවය ද මෙවර මහනුවරටම හිමිවන අතර එහි ගෞරවය දිනා ගැනීමට මහනුවර ධර්මරාජය සමත් වෙද්දී දෙවන ස්ථානය කොළඹ වෙස්ලි විද්‍යාලයට හිමිවිය.පහත දැක්වෙන්නේ පාසල් රග්බි සම්මේලනය සති නවයක් පුරා ක්‍රියාත්මක වූ සිංගර් පාසල් රග්බි සූරතාවයේ අවසාන පෙළ ගැස්වීම පිළිබදව  නිකුත් කළ ලකුණු සටහනය.






9th   Week     -
  13TH to 25TH June        


           FINAL     POJNTS TABLE 2012






Division - 1A-
P
W
L
D
T
C
P
DG
PF
PA
BP
TP
AVE

1
Trinity College Kandy
09
  08
01
    00
55
27
13
01
374
130
4.00
45.00
5.00

2
Isipathana College Colombo
09
07
01
    01
61
35
10
00
405
137
4.50
43.00
4.78

3
 Royal College Colombo
09
07
02
00
41
23
08
00
275
203
3.00
40.00
4.44

4
St. Peter's College Colombo
09
06
03
00
49
37
11
00
352
189
3.00
36.00
4.00

5
Vidyartha College Kandy
09
05
03
    01
33
18
10
01
234
244
3.00
   32.50
3.72

6
Science College Mt. Lavinia
09
04
05
00
25
18
10
01
178
213
    1.50
26.50
2.92

7
Kingswood College Kandy
09
03
06
00
10
01
03
01
199
261
    4.00
25.00
2.78

8
St. Joseph’s College Colombo
09
03
06
00
44
21
05
01
280
287
3.50
24.50
2.72

9
St.Anthony's College Kandy
09
00
  08
    01
19
06
01
    00
110
335
    0.50
11.00
   1.22

10
D.S.Senanayake College Colombo
09
00
08
01
13
07
01
00
82
498
0.50
11.00
   1.22













Division – 1B-
P
W
L
D
T
C
P
DG
PF
PA
BP
TP
AVE

1
Dharma raja College Kandy
09
09
00
    00
88
57
07
01
578
76
4.50
49.00
5.50

2
Wesley College Colombo
09
08
01
    00
65
32
01
00
392
74
3.50
44.50
4.94

3
S. Thomas' College Mt.Lavinia
09
07
02
00
68
41
03
00
431
118
3.50
40.5
4.50

4
Thurstan College Colombo
09
05
04
00
30
15
05
00
195
193
2.00
31.00
3.44

5
Mahanama College Colombo
09
05
04
00
27
15
01
00
178
204
2.00
31.00
       3.44

6
 St.Sylvester's College Kandy
09
05
04
00
35
23
06
00
239
273
3.50
28.50
       3.17

7
 Nalanda College Colombo
09
04
05
00
18
07
03
00
113
207
    0.50
25.50
       2.83

8
C.W.W.Kannangara MMV Colombo
09
01
07
01
10
04
08
  00
178
204
3.00
16.00
1.78

9
Lumbini College Colombo
09
01
07
01
09
05
05
01
73
336
1.00
15.50
1.72

10
Carey College Colombo
09
00
09
00
07
01
09
00
64
449
1.50
10.50
1.17