ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වු
තවත් පිරිසක් පෙන්වා දුන්නේ ක්‍රීඩකයන් කොළම නගරය ආසන්නයට කැද වන්නේ නම් විශාල
පිරිසකට සිය නිවසේ සිට පුහුණුවිම් සදහා සහභාගි වීමට හැකියාව ලැබෙනු ඇති බවය.
May 25, 2012
කණිෂ්ඨ ක්‍රීඩකයෝ දියගමින් කොළඹට
මේස පන්දු සූරතාවය කොළඹ නගර සභාවට
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය
ගෘහස්ත ක්‍රීඩා සංකීරණයේදී ක්‍රියාත්මක වූ රාජ්‍ය සේවා මේස පන්දු සූරතාවලියේ
සූරතාවය රාජ්‍ය මුද්‍රණාලීය කණ්ඩායම පරාජයට පත් කළ කොළඹ නගර සභා කණ්ඩායම විසින්
දිනා ගත්තා.පිරිමි කණ්ඩායම් සූරතාවය දිනා ගැනීමේ දී ඔවුන් විසින් මුද්‍රණාල
කණ්ඩායම 3 – 1 ලෙස පරාජයට පත් කළා.
පිරිමි ඒකළ තරගයේදී රාජ්‍ය
මුද්‍රණාල කණ්ඩායමේ පීඩී ගජේන්ද්‍රසිරිව පරාජය කළ නුවන් සම්පත් යුගල
තරගයේදී ප්‍රභාත් සම්පත් සමග එක්ව රජයේ
මුද්‍රණාලයේ පීඑස් ඩී සිල්වා සහ ඉසුරුසිරි සම්පත් පරාජය කරමින් ද්විත්ව සූරතා සදහා
හිමිකම් කියනු ලැබුවා.කොළඹ නගරසභා කණ්ඩායම නියෝජනය කළ එස්යූබී දොලපිහිල්ල,චන්දන
පෙරේරා,ප්‍රභාත් නිමේෂ්,එන්එච් පියදාස,නුවන් සම්පත් (පසුපෙළ) යන ක්‍රීඩකයින් ජීජී
වීරක්කොඩි,නියෝජ්‍ය නගරාධිපති ටයිටස් පෙරේරා,නගරාධිපති ඒජේඑම් මුසම්මිල්,නාගරික
කොමසාරිස්වරිය භද්‍රානි ජයවර්ධන,ක්‍රීඩා අධ්‍යක්ෂ ජීඑම්ජේ අපොන්සෝ (ඉදිරිපෙළ) යන අය සමග ඡායාරූපයකට මුහුණ දුන්
අයුරු මේ සමග දැක්වේ.
May 24, 2012
ලෝක රෝද පුටු සූරතාවයේ දී ගාමිණි සහ උපාලි සී කොටසෙන් අංක එකට
මේ දිනවල කොරියාවේ සියොල්
නුවර ක්‍රියාත්මක ලෝක රෝද පුටු ටෙනිස් කණ්ඩායම් තරගාවලියේ දී පිරිමි අංශයේ සී
කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකාව එහිදී එම කොටසේ සූරතාවය දිනා ගන්නට ඊයේ සමත්
වුණා.ඊයේ පැවති තරග වලදී ශ්‍රී ලංකාව නියෝජනය කරන උපාලි රාජකරුණා සහ ගාමිණි
දිසානායක ඉතාලිය 2 – 1 ලෙස පරාජය කිරීමෙන් පසුව මෙම ෙඔතිහාසික ජයග්‍රාහී අවස්ථාව
උදා වුණා.
එහි පළමු තරගය ගාමිණි
දිසානායක සහ ඉතාලියේ අයිවන් ලියොන් අතර පැවති අතර එහිදී ගාමිණි පහසුවෙන්ම ලියොන්
පරාජය කරමින් වට 2 -0 ක ජයක් ලබා ගත්තා.නමුත් ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩක සහ
ජගත් ශ්‍රේණිගත කිරීම් වල අංක 69 දරණ උපාලි රාජකරුණා ඉතාලියේ අංක එකේ ක්‍රීඩක සහ
ජගත් ශ්‍රේණිගත කිරීම් වල අංක 27 දරණ ෆේබියන් මැසී ඉදිරියේ වට 2 – 0 ලෙස පරාජය
වීමත් සමග යුගල තරගය තීරණාත්මක වූ අතර එහිදී උපාලි සහ ගාමිණි ෆේබියන්ට සහ ලුකා
ස්පැනෝ ට එරෙහිව 6-3,7-5. සහ 6 -4 ලෙස
තියුණු ජයක් ලබා ගනිමින් සී කොටසේ සූරයන්
බවට ශ්‍රී ලංකාව පත් කළා.මංගල ගේ තුවක්කුවට පුස් වෙඩිල්ලක්
බුබ්කා ගේ ලේකම් ට තහනමක්
යුක්රේන ඔලිම්පික් කමිටු ලේකම් ව්ලැඩ්මිර්
ගෙරාස්ච්හෙන්කෝ ගේ බලය හකුලා දැමීමට වහාම ක්‍රියාත්මක වන පරිදි පියවර ගත් බව
බීබීසි ය මගින් ඔහු ඔලිමිපික් ටිකට් වංචනික ලෙස අලෙවි කළ බවට කළ හෙළිදරව්වත් සමග
පියවර ගත් බව යුක්රේන ඔලිම්පික් කමිටු සභාපති සර්ජි බුබ්කා මාධ්‍යයට ප්‍රකාශ කරයි.
බීබීසි ය මගින් කරන ලද මෙම හෙළිදරව්වත් සමග වහාම ක්‍රියාත්මක
වූ මේ වන විටත් ජගත් රිටි පැනීමේ වාර්තාවට හිමි කම් කියන බුබ්කා වහාම ක්‍රියාත්මක
වන පරිදි 1997 පටන් යුක්රේන ඔලිම්පික්
කමිටුවේ ප්‍රබලයෙක් වන ව්ලැඩ්මීර් ගේ සේවය අත් හිටුවීමට මෙන්ම ඒ සම්බන්ධයෙන්
පරීක්ෂණයක් පැවත්වීමටත් පියවර ගන්නා බව ප්‍රකාශ කර ඇත.
පල්ලේකැලේ,හම්බන්තොට සහ ඛෙත්තාරාමයේ පිහිනන්න අවස්ථාවක්
පාර්ලිමේන්තුවේ දී සජිත් ප්‍රේමදාස
මංත්‍රීවරයා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මේ බව අවධාරණය කළ ක්‍රීඩා අමාත්‍යවරයා දයාසිරි
ජයසේකර මංත්‍රීවරයා ඇසූ පැනයකට පිලිතුරු දෙමින් පැවත්වීමට නියමිත ආසියානු කණිෂ්ඨ
ක්‍රීඩා උළෙල අත්හිටවීම සදහා ආසියානු සම්මේලනයට බලපෑම් කළ සහ අසත්‍ය තොරතුරු සැපයූ
හිටපු මලල ක්‍රීඩා පරිපාලන නිලිධාරීන් දෙදෙනාට එරෙහිව පරීක්ෂණයක් පවත්වා දස වසරක්
ක්‍රීඩා පරිපාලනයට කොයි ආකාරයකින්වත් සම්බන්ධ වීමට නොහැකි ලෙස තහනමක් පනවන බවත්
පැවසීයදැනටමත් වෛද්‍ය මායියා ගුණසේකර ප්‍රමුඛව මේ සදහා පරීක්ෂණ කටයුතු සිදු කරන
බවත් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මෙහිදී තව දුරටත් අවධාරණය කළේය.
බාකු සහ දෝහා හැලේ
මෙසේ 2020 ඔලිම්පික් සහ පැරා
ඔලිම්පික් පවත්වන නගර සම්බන්ධයෙන් තීරණය ගැනීම සදහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ
විධායක සහ තාක්ෂණ ඇගයීම්තා කමිටු තීරණ අනුව දෝහා සහ බාකු නගර වලට අවස්ථාව අහිමිව
ගිය බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සම්බන්ධ මාධ්‍ය වාර්තා ඔස්සේ හෙළිදරව් වෙයි.
Subscribe to:
Posts (Atom)

