Feb 18, 2012

තරගාවලියේ විශිෂ්ඨම ජය ශ්‍රී ලංකාවෙන්

තිසර පෙරේරා

කොමන්වෙල්ත් බැංකු තුන් කොන් තරගාවලියේ මේ දක්වා පැවති තරග වලදී ලද විශිෂ්ඨම ජය ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.මේ දක්වා පැවති සියළු තරග තියුණු තරගයන් බවට පත් වුව ද ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට යටත් කළ වර්ෂාව විසින් ශ්‍රී ලංකාවට ඕවර් 41 දී පැවරූ ඉලක්කය ඕවර් 25 වන පන්දු ඕවරයේ ප්‍රථම පන්දුවේදීම පසුකර ගිය ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ ජයග්‍රහණය සදහා වරප්‍රසාද ලකුණු ද දිනා ගනිමින්ය.ඒ අනුව ශ්‍රී ලංකාව තරගාවලියේ ලද පළමු ජයග්‍රහණයෙන්ම ලකුණු 5ක් ලබන්නට සමත් වූ අතර මේ වන විට තරගයක් ජයගෙන සහ සම වී ලකුණු 7 ක් ලබා ගන්නට සමත් වී සිටියි.
මයිකල් ක්ලාක් ගේ ආබාධය නිසා ඊයේ තරගයේ නායකත්වය පැවරුණු රිකී පොන්ටින්,කාසියේ වාසිය ලබා පන්දුවට පහර දීමට තීරණය කළ ද එම තීරණය නිවැරදි එකක් නොවන තත්ත්වයට පත් කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.විහේෂයෙන්ම ඊයේ කලෙකට පසුව කණ්ඩායමට එක් වූ ෆර්විස් මහරූෆ් ඕස්ට්‍රේලියානු පිත්කරුවන්ට ලකුණු ලබා ගැනීමට එරෙහි මහා ප්‍රාකාරයක් වෙමින් පන්දු යැවූ අතර ඔහු පන්දු ඕවර් 8 ක් තුළලකුණු 18 ක් පමණක් ලබා දෙමින් කඩුලු 2 ක් ලබා ගත්තේය.මෙම තරගාවලිය පුරාම ශ්‍රී ලංකාවේ පන්දු රැකීම කැපී පෙණුන අතර ඊයේ ඒ අතරින් තිසර පෙරේරා දැක් වූ ප්‍රදර්ශනාත්මක පන්දු රැකීම ඔහු තරගයේ වීරයා කිරීමට ඇවැසි ‍ප්‍රධාන හේතු පාඨයක් විය.දුවද්දී දැවී යාම් දෙකකට හවුල්වෙමින් සහ ලකුණු 29 ට කඩුලු 2 ක් දවා ගනිමින් ද ඔහු පෑ මෙම දක්ෂතාවය තුළ දී, මැතිව් වේඩ් දුවද්දි දවා ගැනීමට කළ පන්දු රැකීම අති විශිෂ්ඨ එකක් විය.
තරගාවලිය ඩක්වර්ත් ලුවිස් න්‍යයායට යටත් කළ වර්ෂාව පැමිණෙන විටත් ඕස්ට්‍රේලියාව අසරණව සිටි අතර ඒ වන විට ලකුණු පූවරුව දැක් වුණේ,කඩුලු 6 ට ලකුණු 88 ක් ලෙසය.අසරණ වූ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අතරින් හුදෙකලා සටනක නිරත වූ ඩේවිඩ් හසී,මිචෙල් ස්ට්‍රැක් ගේ ද සහය ඇතිව නව වන කඩුල්ල‍ට එක් කළ ලකුණු 49 ක සබදතාවය සමග එක් කළ ලකුණු 58 නොවන්නට ඕස්ට්‍රේලියාව ලකුණු 120 ට අඩු ලකුණු ප්‍රමාණයකට සීමා වන්නට තිබිණ.තව දුරටත් කණ්ඩායම ශක්තිමත් කර ගැනීමට ඊයේ කණ්ඩායමට සචිත්‍ර සේනානායක ද ඇතුළත් වන්නට තිබුණු අතර පසුගිය කාලය පුරාම එක්දින තරග වල පන්දු යවන්නෙකු ලෙස හ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නියැලි තිලකරත්න ඩිල්ෂාන් ගේ පන්දු යැවීමේ හැකියාව දෙස එතරම් උවමනාවකින් සැළකිල්ලක් දැක්වීමට මහේල ජයවර්ධන සූදානම් නැති බව පෙනීම මේ තරගාවලිය පුරාම දකින්නට ලැබිණ.රංගනට හේරත්ට වඩා සචිත්‍ර කණ්ඩායම තුළ රැදෙන්නේ නම් අංක 10 තෙක්ම වඩා විශ්වසනීය පිතිකරු නාමාවලියක පෙළ ගැස්ම සමග තරග කිරීමට හ්‍රී ලංකාවට අවස්ථාව ලැබෙන අතර ඒ තුළින් අනාගතයට වැදගත් කමක් ඇති ක්‍රීඩකයෙකුට අත්දැකීම් වලින් පරිණත වන්නටද අවස්ථාව සැළසෙනවා ඇත.
කෙසේ හෝ පන්දු ඕවර් 40.5 ක් තුළ ඕසට්‍රේලියාවේ සියල්ලම දැවී ගියේ ලකුණු පූවරුව ලකුණු 158 රදවමින්ය.පිලිතුරු ඉනිම සදහා ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් උපුල් තරංගට කණ්ඩායමේ දොර වැසී තිබුණු අතර ඒ අවස්ථාව ලබා ගෙන සිටි මහේල ජයවර්ධන එම තීරණයේ නිවැරදි බව පසක් කරමින් පළමු කඩුල්ලේ සබදතාවය ඕවර් 11.4 ක් තුළ ලකුණු 74 ක් තරම් වන දැවැන්ත ප්‍රහාරක වේගයක රදවන්නට සමත් විය.වේගවත් ලකුණු 45 ක් රැස් කළ තිලකරත්න ඩිල්ෂාන දැවී ගිය පසු පිටියට පිවිසි කුමාර් සංගක්කාර ද ප්‍රවේගකාරී ඉණිමක් ක්‍රීඩා කළ අතර ඔහු ලකුණු 11 ක් ලබා ගනිද්දී එක්දින තරග පිටියේ ලකුණු 10,000 ක් රැස් කළ තෙවන ලාංකික පිතිකරුවා බවට පත් වන්නට සංගක්කාරට හැකි විය.
සංගක්කාර ලකුණු 30 ට දැවී ගිය අතර ක්‍රියාත්මක වෙමින් තිබුණේ 22 වන පන්දු ඕවරය වූ අතර ලකුණු ප්‍රමාණය 133 ක් විය.එතැන් සිට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සදහා අවශ්‍ය වූ ලකුණු 19 සදහා පන්දු 18 ක් පමණක් වැය කළ මහේල සහ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ මේ දක්වා වාර්තා වූ ඉහළම ජයග්‍රහණය ලබා දුන්නේ තරගාවලියේ හොදම ලකුණු ලබා ගැනීමේ වේගයේ ගෞරවයද ශ්‍රී ලංකාව ට හිමි කර දෙමින්ය.
තරගයේ ලකුණු විස්තරයට පිවිසෙන සබදතාවය පහත දැක්වේ. http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/engine/current/match/518961.html

ගිනස් වාර්තාවකට වෛද්‍ය පරීක්ෂණයක් අත්‍යවශ්‍යයි මහාචාර්ය අර්ජුන ද සිල්වා


ගිනස් වාර්තාවක් තැබීමට පෙර ඔහු හොද සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන්නේදැයි පරික්ෂා කිරීම ඉතාමත් වැදගත් බව මහාචාර්ය අර්ජුන ද සිල්වා පැවසීය.ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානියා වන මහාචාර්යවරයා මේ බව පැවසුවේ සනත් බණ්ඩාර වැඩිම ටී ෂර්ට් ප්‍රමානයක් ඇද ගිනස් වාර්තාවක් පිහිටුවීම සම්බන්ධයෙන් පැවති මාධය සාකච්ඡාවකට සහභාගි වෙමින්ය.
ගිනස් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ සිටින බවත් ඔවුන් බොහෝ දෙනෙකු දිනපතාම තමන් සොයා ක්‍රීඩා වෛද්‍ය ආයතනයට පැමිණෙන බවත් පැවසූ මහාචාර්යවරයා ක්‍රීඩා වෛද්‍ය ආයනය යනු ගිනස් වාර්තා සම්බන්ධයෙන් කටයුතු කළ හැකි ආයනයක් ලෙස යම් යම් හේතු නිසා ඇති වී තිබෙන ජනතා මතය වැරදි එකක් බව පැහැදිළි කළේය.ආසියාවේම එවැනි ගිනස් නියෝජිතයෙකු ඇත්තේ ජපානයේ පමණක් බව පැහැදිළි කළ මහාචාර්යවරයා ලංකාවේ ගිනස් වාර්තා තැබීම සම්බන්ධයෙන් විවිධ සහතික නිකුත් වී ඇති බව පැහැදිළි කළ අතර ඒ කිසිවක් නියම ඒවා නොවන බව කී මහාචාර්යවරයා එසේ වාර්තා තැබූ නිවැරදි පිරිස කවුරුන්ද යන්න ද හෙළිදරව් කරන අතරේම වාර්තාලාභී සනත් බණ්ඩාරගේ සහතිකය ජනමාධ්‍යයෙන් ප්‍රදර්ශනය කරන ලෙස විශේෂ ඉල්ලීමක් කළේය.
ක්‍රීඩා වෛද්‍ය ආයතනයට ගිනස් වාර්තා තැබීම සම්බන්ධයෙන් පැමිණෙන පිරිසට උපකාර කිරීමට එම ආයතනයේ වගකීමක් නැති බව යළිත් පෙන්වා දුන් මහාචාර්යවරයා ශරීර සෞඛ්‍යය යහපත්ද යන්න විමසා බැලීම එවැනි  කරුණක් සදහා වෙනත් ප්‍රදේශයක වාර්තාව තැබෙන්නේ නම් වෛද්‍ය පහසුකම් ලබා දීමට එම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ සේවය ලබා දීම වැනි කරුණු සම්බන්ධයෙන් මැදිහත්වීම වැනි කාරණා වලට පමණක් යම් සහය දීමක් දිය හැකි බව ප්‍රකාශ කළේය.දැනට පැමිණෙන පිරිස මේ සදහා උපදෙස් ලබා ගැනීමට වාර්තාව නිවැරදි ආකාරයෙන් ලියා පදංචි වෙමින් සහ අවශ්‍යය කාරණා පියවරෙන් පියවර නිවැරදි ආකාරයෙන් ඉටුකළ සනත් බන්ඩාරට සහ ඔහු සමග මේ වාර්තාව තැබීම පිටුපස සිටි සහ විනිශ්චයට සහභාගි වූ  නිශ්මං රණසිංහ වෙත යොමු කරන බවත් මහාචාර්යවරයා මෙහිදී අවධාරණය කළේය.
සනත් බණ්ඩාර ප්‍රකාශ කර සිටියේ ගිනස් වාර්තා සිහිනය තමා බොහෝ කලෙක සිට සැබෑ කරන්නට බලා සිටි එකක් බවය.පැය 24 ක් මාර්ගයේ ධාවනයේ යෙදෙමින් තමා පළමුවරට පිහිට වූ වාර්තාව ජාත්‍යන්තර ගිනස් ආයතනය විසින් නිවැරදි ආකාරයෙන් තබා නොමැති බව කියමින් ප්‍රතික්ෂේප කළ බවත් මෙහිද බණ්ඩාර විසින් පෙන්වා දුන්නේය.ඒ අවස්ථාවේදී ගිනස් වාර්තා තැබීම සම්බන්ධයෙන් ඒ වන විට ලංකාවේ ක්‍රියාත්මක ක්‍රියාවලිය මිත්‍යාවක් බව තමාට හැගුණු බවත් මේ මිත්‍යාව පරදා කෙසේ හෝ ලාංකිකයෙකු ලෙස ගිනස් වාර්තා පොතට සිය නම ඇතුළත් කර ගැනීමට උවමනාවක් පැමිණි බවත් අවස්ථ කිහිපයකදී ඒ සදහා ජාත්‍යන්තර ගිනස් ආයතනයේ ලියාපදිංචි වෙමින් ගත් උත්සාහයන් කිහිපයක්ම ව්‍යර්ථ වූ බවත් බණ්ඩාර පැහැදිළි කළේය.ඒ සෑම අවස්ථාවකදීම නාවික හමුදා සෙබළෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව තමන්ට ලබා දුන් සහය අති මහත් බව ප්‍රකාශ කළ සනත් බණ්ඩාර ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් අනුග්‍රහය ලබාදුන් මෙම වාර්තාව පිහිටුවීම දක්වාම නාවික හමුදාව සිය අරමුණ ඉටු කර ගැනීම දක්වා සෙවනැල්ලක් මෙන් තමා පිටුපස සිටි බව ද අවධාරණය කළේය.
තමා ගේ මෙම සිහිනය සැබෑ කර ගැනීමට දැරූ ගමනේදී දිගින් දිගටම  නාවික හමුදාව,උතුරුමැද පළාත් සභාව,ඇතුළුව විශාල පිරිසක් සහය දුන් බව පෙන්වා දුන් සනත් බණ්ඩාර,ක්‍රීඩා වෛද්‍ය ආයනයේ වෛද්‍ය ලාල් ඒකනායක සහ මාධ්‍යවේදී නිශ්මං රණසිංහ දැක් වූ සහයත් මෙම වාර්තාව විනිශ්චයට සහය වෙමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ කාලඝණක නිලධාරීන් වන සේන සිරිමාන්න සහ උපාලි පෙරේරා ද මහත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරන බන පැවසීය.

ක්‍රීඩා ඇමති හරහා මහජන බැංකුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත මිලියන 600 ක්


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මෙම මස දක්වා වන සියළුම හිග වැටුප් ගෙවීම සදහා මහජන බැංකුවෙන් මිලියන 600 ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා මහජන බැංකුවේ අධයක්ෂ මණ්ඩලය සමග කරන ලද සාකච්ඡාවක ප්‍රතිපලයක් ලෙස හැකි වී ඇත.ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශය මෙම මස වැටුපද ‍මෙම 28 වන දාට පෙර ක්‍රිඩකයනට ගෙවීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දන්වා ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ තොරතුරු මාර්ග අනාවරණය කරයි.
එසේම ක්‍රිකට් ආයතනයේ යළි මූල්‍ය අර්බූදයක් ඇති නොවනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය විශ්වාසය පළ කරන අතර 2012 – 2019 වන කාලය තුළ ඇති ක්‍රිකට් සංචාර හරහා ලැබීමට ඇති ඩොලර් මිලියන 139 ක මුදල නිසා එවැනි විශ්වාසයක් ගොඩ නැගි තිබෙන බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Feb 17, 2012

සිංගප්පූරු සුපර් ලීග් දැල් පන්දු තරගාවලිය ඇරඹෙයි



සිංගප්පූරු සුපර් ලීග් දැල් පන්දු තරගාවලිය පෙබරවාරි 25 දා ඇරඹී අප්‍රේල් 28 දා නිමාවට පත් වන සිංගප්පූරු දැල් පන්දු සම්මේලනය පවසනවා.සිංගප්පුරූවේ ප්‍රබලතම දැල් පන්දු කණ්ඩායම් සියල්ලම පාහේ නියෝජනය කරන මෙම දැල් පන්දු තරගාවලියට විදෙස් ක්‍රීඩිකාවන් ද වෘත්තීය මට්ටමෙන් එක්වන අතර මෙම අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් තාවකාලිකව ඉවත් වී සිටින අකිලා නිම්නි ජයවර්ධනට  ද හිමි වි තිබෙනවා.ඒ අනුව ඇය මෙම තරගාවලියේදී සූරතාවය පිළිබදව බලාපොරොත්තු තැබිය හැකි ප්‍රබල කණ්ඩායමක් වන බ්ලේස් ඩොල්ෆින් කණ්ඩායමට ක්‍රීඩා කරනවා.
මේ වන විට ආසියාවේ ජගත් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින කණ්ඩායම හැටියට හදුන්වන සිංගප්පූරු ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් මෙන්ම ජගත් දැල් පන්දු පිටියේ තවත් කැපී පෙනෙන ක්‍රීඩිකාවන් රැසක් ද මෙම තරගාවලියට සහභාගිවන බැවින් තරගාවලියේ ප්‍රමිතිය ඉතා ඉහළ මට්ටමක පවතිනවා.ශ්‍රී ලංකාවේ දැල් පන්දු ක්‍රීඩාව ද ආසියාවේ ප්‍රබල මට්ටමක පවතින අතර ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා සිංගප්පූරුව සමග විශාල සම්බන්ධතා ඇති බව කීව ද මෙම තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පිරිසක් වෘත්තීය මට්ටමෙන් සහභාගි කරවීමට අපොහොසත් වී තිබෙනවා.
අකිලා ආසියානු මට්ටමෙන් දක්වන ලද දක්ෂතා සහ මේ වන විට සිංගප්පූරුවේ උසස් අධ්‍යාපනය ලැබීම යන කාරණා පදනම් කරගෙන ‍ඇයට මෙම අවස්ථාව හිමි වී තිබෙනවා.ඡායාරුපයේ වමේ සිට හත්වන තැන සිටින්නේ අකිලා වන අතර මේ, ඇය බ්ලේස් ඩොල්ෆින් කණ්ඩායම වෙනුවෙන් තරගයකට සහභාගිවන අවස්ථාවක දි ගත් ඡායාරූපයකි.
පහත දැක්වෙන්නේ තරගාවලියේ තරග කාල සටහන පිළිබදව සිංගප්පුරු දැල්පන්දු නිල  වෙබ් අඩවියෙන් උපුටා ගත් සටහනයි.

DateTimeMatchTeamVenue
25 Feb
Sat
1.45pmOpening CeremonyToa Payoh Sports Hall
3.00pm1Nike MarlinsvSneakers Stingrays
5.00pm2Mighty MannasvM1 Starfish
7.00pm3Bedok Kings VipersvBlaze Dolphins
3 Mar
Sat
3.00pm4M1 StarfishvBedok Kings VipersToa Payoh Sports Hall
5.00pm5Blaze DolphinsvSneakers Stingrays
7.00pm6Mighty MannasvNike Marlins
10 Mar
Sat
3.00pm7M1 StarfishvNike MarlinsToa Payoh Sports Hall
5.00pm8Bedok Kings VipersvSneakers Stingrays
7.00pm9Blaze DolphinsvMighty Mannas
17 Mar
Sat
3.00pm10Nike MarlinsvBedok Kings VipersBedok Sports Hall
5.00pm11Sneakers StingraysvMighty Mannas
7.00pm12M1 StarfishvBlaze Dolphins
24 Mar
Sat
3.00pm13Nike MarlinsvBlaze DolphinsToa Payoh Sports Hall
5.00pm14Bedok Kings VipersvMighty Mannas
7.00pm15Sneakers StingraysvM1 Starfish
Start of Round 2
25 Mar
Sun
1.00pm16Blaze DolphinsvBedok Kings VipersToa Payoh Sports Hall
3.00pm17Mighty MannasvM1 Starfish
5.00pm18Nike MarlinsvSneakers Stingrays
31 Mar
Sat
3.00pm19Blaze DolphinsvSneakers StingraysToa Payoh Sports Hall
5.00pm20Mighty MannasvNike Marlins
7.00pm21Bedok Kings VipersvM1 Starfish
1 Apr
Sun
1.00pm22Blaze DolphinsvMighty MannasToa Payoh Sports Hall
3.00pm23M1 StarfishvNike Marlins
5.00pm24Sneakers StingraysvBedok Kings Vipers
14 Apr
Sat
3.00pm25Sneakers StingraysvMighty MannasJurong East Sports Hall
5.00pm26Bedok Kings VipersvNike Marlins
7.00pm27M1 StarfishvBlaze Dolphins
15 Apr
Sun
1.00pm28Bedok Kings VipersvMighty MannasJurong East Sports Hall
3.00pm29Nike MarlinsvBlaze Dolphins
5.00pm30Sneakers StingraysvM1 Starfish
21 Apr
Sat
3.00pmSemi 13rdv4thToa Payoh Sports Hall
5.00pmSemi 21stv2nd
22 Apr
Sun
1.00pmPlayoff5thv6thToa Payoh Sports Hall
3.00pmPFLoser Semi 2vWinner Semi 1
28 Apr
Sat
3.00pmGFWinner Semi 2vWinner PFToa Payoh Sports Hall
4.30pmClosing Ceremony
www.supirikrida.com

අද ලංකාවට එරෙහිව සුක්කානම දැරීම පොන්ටින්ට අද ලංකාවට එරෙහිව සුක්කානම දැරීම පොන්ටින්ට

Ricky Ponting stands arms aloft after completing his 40th Test hundred
ගෙවුණු ලෝක කුසලාන තරගාවලියෙන් පසුව නායකත්වයෙන් ඉවත් වූ රිකී පොන්ටින් කොමන්වෙල්ත් බැංකු තරගාවලියේ හයවන තරගය ලෙස අද ක්‍රියාත්මක වීමට නියමිත ශ්‍රී ලංකාවට එරෙහි තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය දෙන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.මයිකල් කලාක් ගේ කලවා ප්‍රදේශයේ ඇති වී තිබෙන ආබාධිත තත්ත්වයක් නිසා අද තරගයට සහභාගි නොවන අතර ඒ නිසා නායකත්වයේ වගකීම රිකී පොන්ටින්ට පැවරීමට තීරණය වී ඇත.
මේ තරගාවලියේ තවමත් එකදු ජයග්‍රහණයක් හෝ අත් කර ගැනීමට අපොහොසත් වූ කණ්ඩායම බවට පත් වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම පිතිකරුවන් ලෙස ගැනෙන තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග,කුමාර සංගක්කාර හෝ නායක මහේල ජයවර්ධන ගෙවුණු තරග 5 තුළම අර්ධ ශතකයක් හෝ අත් කර ගෙන නැති අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන්නට  නම් මේ අය අතරින් එක් අයෙකු හෝ දීර්ඝ ඉණිමක් ක්‍රීඩා කළ යුතුව ඇති බව ජාත්‍යන්තර විචාරකයන්ගේ මතය වී ඇත.දිනේෂ් චන්දිමාල් මේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ සාර්ථකම පිතිකරුවා බවට පත් වී සිටින අතර ඔහු ට අනෙක් අන්තයේ පිතිකරුවන්ගෙන් සැළකිය යුතු සහයෝගයක් නොලැබීම ද මෙහිදී කැපී පෙණින.
ශ්‍රී ලංකාව තවමත් තුන් ඉරියව් ක්‍රීඩකයන් සහ පිතිකරුවන් සදහා කණ්ඩායම් සංයුතියේ වැඩි ඉඩක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කර නැති අතර විශේෂයෙන් සචිත්‍ර ඇලෙක්සැන්ඩර් තාවකාලික නවාතැන්කරුවෙකු ලෙස කණ්ඩායමේ අස්ථාවර කිරීම නවතා ඔහුට හොද ස්ථාවරයකින් කටයුතු කිරීමේ  මානසික ස්ථාවරයක් ඇති කළ යුතුව ඇත.

Feb 16, 2012

සනත් බණ්ඩාරගේ ගිනස් වාර්තාව පිළිගනියි


ඩුම වේලාවකින් වැඩිම ටී ෂර්ට් ප්‍රමාණයක් ඇද නාවික හමුදා සෙබළෙකු වන සනත් බණ්ඩර විසින් පිහිටුවන්නට යෙදුණු ගිනස් වාර්තාව ජාත්‍යන්තර ගිනස් ආයතනය විසින් පිළිගෙන ඇත.ඒ සදහා පිරිනමන ගිනස් සහතිකය ද මේ වන විට සනත් ට හිමි වී ඇති අතර ඒ පිළිබදව ජනමාධ්‍යය දැනුවත් කිරීමේ අවස්ථාවක් ක්‍රීඩා වෛද්‍යායතනයේදී පැවත්වේ.
මීට පෙර ක්‍රීඩා වෛද්‍ය ආයතනය මැදිහත් වන බවක් පෙන්වමින් ගිනස් වාර්තා තබන්නට උනන්දු වූ විශාල පිරිසකගේ විශාල ධනයක් අපතේ යවමින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරු නොමග යවමින් කූට ව්‍යාපාරයක් ගෙන ගිය අතර නව අමාත්‍යවරයා විසින් එම පරිපාලන ක්‍රමවේදය වෙනස් කිරීමෙන් පසුව උත්සාහ කළ පළමු වාර්තාවම මෙසේ පල දැරීම පැවති බොරුවේ ප්‍රමාණය පැහැදිළි කිරීමකි.වාර්තාව පිහිට වූ සනත් ජාත්‍යන්තර ගිනස් ආයතනයේ අවශ්‍යය ලියාපදිංචියෙන් අනතුරුව එහි උපදෙස් වලට අනුව විනිසුරුවන් තෝරා ගනිමින් මේ කටයුත්තට පිවිසුණා.
ඒ අනුව ජනමාධ්‍යයකට සම්බන්ධ කතුවරයෙක්ට ලැබෙන අවස්ථාව www.supirikrida.com හී සංස්කාරක නිශ්මං රණසිංහ ට ලැබුණ අතර මෙහි අධීක්ෂණ නිලධාරියා වශයෙන් ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානි මහාචාර්ය අර්ජුන ද සිල්වා සහභාගි විය.කාලඝනක නිලධාරීන් ලෙස ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ප්‍රමිතීන්ට අනුව සුදුසුකමු ලත් සේන සිරිමාන්න සහ උපාලි පෙරේරා කටයුතු කළේය.සේන සිරිමාන්න සුදුසුකම් ලත් ප්‍රධාන විනිසුරුවෙකු ලෙස ාමහිදී ප්‍රධාන කාලඝනක නිලධාරී ලෙස කටයුතු කළ අතර උපාලි පෙරේරා සහය කාලඝනක නිලධාරි ලෙස මෙයට සහභාගි විය.
සනත් බණ්ඩාරගේ මෙම උත්සාහයට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අනුග්‍රාහකත්වයෙන් දායකත්වය දැක්වීය.

ඇගාසි බිරිද ගේ නිරුවත් පිංතූරයක් ආධාරයට විකුණයි

කුත් මස තායිවානයේ ප්‍රදර්ශන ටෙනිස් තරගාවලියකට සහභාගි වීමට පැමිණි ඇන්ඩෘ අගාසි, එහි පැවති පුන්‍යාධාර වෙන්දේසියක දී ඊට ආධාර පිණිස සිය බිරිද වන ස්ටෙෆී ග්‍රාෆ් ගේ නිරුවත් පිංතූරයක් වෙන්දේසි කොට ඩොලර් 4.000 ක් ලබා දී ඇත.60 හැවිරිදි ප්‍රාන්ස් චෙන්ස් නැමැති වා්‍යාපාරිකයා මෙම නිරුවත් පිංතූරය වෙන්දේසියෙන් මිළට ගෙන ඇති අතර සිය ජංගම දුරකථනයෙන් ග්‍රාෆ් සිටින එම පිංතූරය ව්‍යාපාරිකයාට පෙන්වමින් එහි ග්‍රාෆ් ගේ පිංතූරයක් තිබෙන බවට සහතික කිරීමට ද අගාසි ක්‍රියා කර ඇත.
සීඑන්එන් පුවත් සේවය ගෙවුණු වැලන්ටයින් දිනයේදී අගාසි සහ ස්ටෙෆී ග්‍රාෆ් යන හිටපු ග්‍රෑන්ඩ් ස්ලෑම් ජගත් සුරයා සහ සූරිය ගේ ප්‍රේමය ටෙනිස් වංශ කතාවේ සුපිරිතම ප්‍රේම වෘතාන්ත අතර රදවමින් ඊට ප්‍රසිද්ධියක් ලබා දුන් අතර අගාසි මීට පෙර විවාහ වී සිටියේ රංගන ශිල්පිණියක සහ මෝස්තර නිරූපිකාවක ලෙස ප්‍රකට බෲක් ෂීල්ඩ් සමගය.
1999 දී හදුනා ගෙන 2001 දී විවාහප්ප්‍රාප්ත වන අගාසි සහ ග්‍රා‍ෆ් මේ වන විට දෙ'දරැ මව්පිය යුවළක් ලෙස සතුටින් කල් ගෙවති.මෙහි වීඩියෝ පටයෙන් අගාසි ස්ටෙෆී ග්‍රාෆ් ගේ නිරුවත් පිංතූරය වෙන්දේසි කර අවස්ථාව දැක්වෙන අතර ඔවුන් දෙදෙනාගේ ප්‍රේම වෘතාන්තය පිළිබදව පළකරමින් සීඑන්එන් පළ කළ ඡායාරූපය ද මේ සමග පළ වන්නේය.
www.supirikrida.com