Dec 1, 2013

ලෝකෙට සැර දමන්නට ගොස් චොර වීම

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වෙනස් කිරීමට අමාත්‍යවරුන්ට නොහැකි වන්නේ ස්වීය උවමනාව වෙනුවෙන් යහපත් මග පෙන්වීමක් නොලැබීම නිසාය.මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා අමාත්‍ය ධූරයට පත්වන විට ගාය ඇති ඇමති කෙනෙක් ලෙස විහාල වෙනස්කමක් කළ හැකි බවට විශ්වාසයක් ඉපදුණු අය අතර අප ද සිටියෙමු.විශේෂයෙන් අමාත්‍යවරයා ගැන ඉතා පැහැදීමෙන් ප්‍රකාශයක් කළ ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යවරයාට හැකි සෑම සහයක්ම ලබා දීමට මැදිහත් වන්නැයි මාධ්‍යයෙන්ද ඉල්ලා සිටියේය.
මේ සබැදියාව එතරම් යහපත් එකක් නොවනු ඇති බව ක්‍රීඩාව සිය න්‍යාය පත්‍ර තුළ ක්‍රියාත්මක කිරීමට බලා සිටින පිරිසට මෙන්ම අමාත්‍ය මණ්ඩල නිලධාරීන් ලෙස වැජඹෙන්නට කැමති චරිත වලට ද වැටහිණ.ප්‍රතිපලය වූයේ ජාතික ඔලිම්පික් කමිටුව පාලනය කළ හැකි සීමාවන් සහ ඊට අන්තර්ජාතික වශයෙන් ඇති බැදීම් සමග ක්‍රීඩා අමාත්‍යංශ විෂය පථයට හසු නොවන සේ ඇති ස්වාධිනත්වය වසන් කරමින් ඔලිම්පික් කමිටුව අමාත්‍යංශයේ වහල් සේවය සදහා යොදා ගැනීමට අමාත්‍යවරයාගේ මනසට විෂ පෙවීමය.ශ්‍රී ලංකාවේ සිටින අති දැවැන්ත පරිපාලන මෙහෙයුම් සමග සුපිරි දේශපාලන සබදතා සහ අන්තර්ජාතික සම්බන්ධතා ඇති හේමසිරි ක්‍රීඩා අමාත්‍යංශයේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ගැනීමට යාම ගැටළුවක් ඇති වීමක් බව මේ පිරිස් දැන සිටි අතර ඔලිම්පික් කමිටුවේ ස්වාධිනත්වය හෝ ස්වීය ස්වාධිනත්වය අමාත්‍යවරයාට උගස් කරන මට්ටක නැති ඉතිහාසයක් හේමසිරි සතුව පැවතීම නිසා මේ සදහා පෙළඹවූ සිගාල මානසිකත්වයක් ඇති පිරිස සිංහ - කොටි ගැටුමෙන් තමන්ට භුක්ති විදින්නට ලැබෙන වරප්‍රසාද මූලික කොට ඊ ළග පියවරට අවශ්‍යය න්‍යාය පත්‍ර ලහි - ලහියේ සකස් කරන්නට විණ.
වර්ථමාන ක්‍රීඩාවේ දේශපාලන නායකත්වය සහ ඊට සම්බන්ධ වට පිටාව ක්‍රමයෙන් ජරාජීර්ණත්වයට පත් වෙමින් ලාංකේය ක්‍රීඩාවන්ට අන්තර්ජාතික තලයට ප්‍රවේශ විමට ඇති ද්වාර වැසී යාමේ අවධානමක් මතු වෙමින් පැවතීම දක්වා තල්ලු වී යන්නේ මේ තත්ත්වයය.ක්‍රීඩාවක් යනු ලෝකයටම පොදු නීතිමය සාධක මත ජයග්‍රහණය හෝ පරාජය තීරණය වන්නකි.ඒ නිසා අදාළ ක්‍රීඩාවන් හී පැවැත්ම තීරණය කරන සාධකය වන්නේද,ඒ - ඒ ක්‍රීඩාවන් හී අන්තර්ජාතික දේහයන් වල ක්‍රියාකාරිත්වයයි.අපේ ඇගේ හැටියට ක්‍රීඩාව වෙනස් කරන්න යාමෙන් වෙන්නෙ අපිට පොඩි ස්වයං වින්දනයක් විදින්න ලැබීම පමණක් වන අතර ලෝකයට එය තුට්ටුවකට නොවටිනා ක්‍රියාවක් බවට පත් වෙනවා.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හරහා පසුගියදා ඒ විදිහට අපේ ස්වයාං වින්දන හීනොත්මාදය නවතා දමන බලපෑමක් ඇති කරමින් ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය කල් දැමීම සිද්ධ කරන්නෙ ඒ පරිසරය මතයි.
ක්‍රීඩාවකට ජාත්‍යන්තර මෙහෙයුම් දේහයක් පනතින බව සැබෑවක්.ක්‍රීඩාව ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න පිළිබදව තීරණ ගැනීමේ බලය පවතින්නේ මේ අන්තර්ජාතික දේහයටයි.එම රාමුවෙන් පිට වැඩ කරන්න ක්‍රීඩා අමාත්‍යවරයාට තබා එම රටේ දේශපාලන නායකයාටවත් හැකියාවක් නැහැ.නමුත් ඇමතිවරු ප්‍රභුවරු සමග ඡායාරූපයකට පෙනී සිටිමත් ජීවිතයේ ලද මහත් වු භාග්‍යයක් ලෙස සළකන පිරිස් ඇමතිවරුන්ට මේ තත්ත්වය මතක් කර ‍දීමේ දැණුමෙන් පහළ අඩියක සිටින්නෝ බැවින්,ස්ර්ට උඩින් මේ ස්පෝර්ට්ස් ෆීල්ඩ් එකේ මැස්සෙක්ටවත් යන්න බෑ කියන නලාව ගහමින්  ඇතැම් විට මාධ්‍යවලටද ක්‍රීඩාව උගන්නන්න හදන අවස්ථා උදා වෙනවා.
ක්‍රීඩා අමාත්‍යංශය ලෝකයත් එක්ක පාහන්න ඕනි තැන් මේ සිස්ටම් එක ඇතුලෙ බිදි යන අතර රටේ ක්‍රීඩාවට ලෝකය ඉදිරියේ අප්‍රසන්න අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා.ඉකුත් වසරේ මලල ක්‍රීඩා නිලවරණය පැවත්වුණේ එය වෙනස් විය යුතු බවට විශාල මතවාදයක් පැතිරී තිබුණු මොහොතකයි.එහෙත් ඒ වෙනස් වීම චණ්ඩියෙක් විදිහට කරන්න යාම නිසා ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයට වේවැල අතට ගන්නට සිද්ධ වුණා.මේ ගමණ ඡන්දය වෙලාවෙ ගියවර වේවැල අතට අරං අපේ සෙල්ලම් අපිට ඕනි විදිහට කියල චණ්ඩි පාට් දාපු අමාත්‍යංශයට සහ දෙපාර්තමේන්තුවට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය ඉදිරියෙ හ්ම් කියන්නවත් චාන්ස් එකක් ලැබුණෙ නැහැ.බොහොම කීකරු විදිහට හැසිරෙන්නට සිද්ධ වුණා.
ඒ අත්දැකීම විදින අතරේ ක්‍රීඩා පනත පාවිච්චි කරමින් පොතේ හැටියට වැඩේ දීල ඔලිම්පික් ආයතනය ක්‍රීඩා අමාතයංශයට නැතිනම් දේශපාලන අධිකාරියට සම්පූර්ණයෙන් යටත් ආයතනයක් කරන්නට පිඹුරුපත් සකස් කරන්නට වුණා.ඒකට පත් කළ කමිටුවට අනුව ක්‍රීඩාවේ සර්වබලධාරියා වුණේ ක්‍රීඩා අමාත්‍යවරයා.ඔහු වැඩ සිටින අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු දෙවොලට විත් යාතිකා කර ආශිර්වාද ලබා නොගෙන යමක් කළ නොහැකි තත්ත්වයට වෙන වෙන රූප රාමු මවමින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලය සම්පූර්ණයෙන් ක්‍රීඩා පිටිය මත පතිත කරන්නට වුණා.මේ ක්‍රීඩා සංගම් අතරින් ඔලිම්පික් ක්‍රීඩා ලෙස පිළිගත් ක්‍රීඩා පරිපාලනයන් හී මුල් පුටු වෙනස් වීමෙන් ඔලිම්පික් ආයතනයේ බලය තීරණය කරන නිලවරණයේ දි පවතින පරිපාලනය වෙනස් කළ හැකි මට්ටමට ඊට එරෙහි ඔළු ගණන සංඛ්‍යාත්මකව ඉහළ නංවා ගැනීමේ ක්‍රියාවලියක් දියත් වන්නට ගන්නවා.
නීති පණත් සංශෝධන ගෙනා පිරිස් නංගි පෙන්නා අක්කා දීමේ ස්වභාවයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇති මැදිහත් වීමේ හැකියාවන් අවම කරන බව පෙන්වමින් වෙනත් ආකාරයකට අමාත්‍යවරයාගේ සහ ඔහුට අවනත කර ගත හැකි අමාත්‍යංශයේ බලපෑමේ පරිමාව විශාල කරන්නට වුණා.ඒත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සවිස්තරාත්මකව විමසා බැලීමේදී ඒ ඒ ජත්‍යන්තර  ක්‍රීඩා පරිපාලන ඒකකයන්හී මූලික හර පද්ධතීන් මෙම ක්‍රීඩා පණත තුළ යම් අවස්ථාවන්හී ක්‍රියාත්මක නොවන බව උල්ලංඝනය වන බව පෙන්වා දීමෙන් ඉනික්බිති කන්දක් තරමට විලි රුදා පෙනවා වදන්නට හැදූ අලුත් ඔලිම්පික් පරිපාලනයේ සිහිනය ගබ්සාවට ලක් වෙනවා. දැන් නිලවරණය හැකිලෙනවා.අමාත්‍යංශය සමග ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කළ සාකච්ඡාවේදී රටේ ක්‍රීඩකයන්ට සිංහ ධජය අතැතිව ජාත්‍යන්තර උළෙල සදහා සහභාගි වීමට ඇති අවස්ථාව පවා අහිමි කිරීමට ඔවුන්ට ඇති හැකියාව පැහැදිළි කළ විට ක්‍රිඩා පණතෙන් ක්‍රීඩා පරිපාලන ස්වාධිනත්වයට බලපෑම් කරන වදන් ඉවත් කර ගැනීමට එකග වන්නට සිදු වෙනවා.
මේ එකගතාවය ඇති කර ගැනීම තුළ පැහැදිළි වන යථාර්තයක් තියෙනවා.අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ක්‍රීඩා පනත අවධිමත් එකක් බව මෙන්ම  එය අන්තර්ජාතික මට්ටමේ වටිනාකම් හදුනා නොගත් එකක් බව එයින් ප්‍රධානයි.72 ඇති වූ පණත එසේ වූවා යැයි සිතමු.නමුත් එය මෑත දි වෙනස් වීමේ දී වෙනස් වී නැති බවත් මේ එකගතාවයෙන් පැහැදිළි වෙනවා.ජගත් ක්‍රීඩා පරිපාලන ඒකක හදුනා ගෙන, ඊට සාපේක්ෂව ක්‍රීඩා පණතේ සංශෝධන සිදු වී නැති බව පැහැදිළි කරන මේ සිදුවීම හරහා අදාළ සංශෝධනයන් ක්‍රීඩාවේ ස්වාධිනත්වය ඇති කිරීම වෙනුවට එය තව දුරටත් යටහත් පහත්ව ක්‍රියා කිරීම සදහා යොදා ගැනීමක් සිදු කර තිබෙන බවත් පැහැදිළි කරනවා.
ක්‍රීඩා පනත සංශෝධනය කිරීමේදී ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වල අණ පනත් අධ්‍යයනය කළේ නම් මෙවැන්නක් සිදු විය නොහැකියි.එහි ප්‍රතිපලය වූයේ බෘස්ලිට පොල් අඩි කාරයෙක් සරම උස්සා ගෙන පාට් දමන්නට ගියහොත් වන ආනිශංසයට ලංකාවේ ක්‍රීඩා පණත පත්වීමයි.ක්‍රීඩා පණත සංශෝධනය කිරීමට අදහස් ලබා ගැනීමට පිරිස රැස් කරද්දීත් මුණිවත රකින සහ අමාත්‍යවරයාට හෝ රජයට එදිරිව නොයන පිරිස් ලෙස තෝරාගත් පිරිසක් රැගෙන එන්නට කටයුතු කරන්නට අමාත්‍යවරයා වට කරන සිටින කේවට්ට නිලධාරීන් උනන්දු වුණා.එහෙත් මේ සංශෝධනය ගැන කන්දක් වදන විලි රුදා පෙන්වමින් කෙදිරි ගෑ නීතිඥ පණ්ඩුක කීර්තිනන්දට මේ ලියුම්කරුම පළමු ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ ජාතික පදනම රැස් වූ අවස්ථාවේදී ප්‍රසිද්ධියේ කරුණු ඉදිරිපත් කළා.එය පසුව කතා කළ යුතු වැදගත් දේ බව ප්‍රකාශ කර සාකච්ඡා කිරීමට එකග වූ නිතිඥවරයා සභාවේ වැඩ කටයුතු නිමා වීමටත් ප්‍රථම සැලියුට් එකක් දමා පිටව ගියා.
ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වල මූලික හැඩයට මෙන්ම ඇතැම් සටන් ක්‍රීඩා ආදියට රටේ පොදු නීතිය ක්‍රියාත්මක කරන ආකාරයේද යම් යම් සංශෝදන විය යුතු බව පේනවා දුන්නත් ඒවා මරු යැයි කීවා හැරෙන්නට අඩුම තරමේ සාකච්ඡාවට හෝ උත්සාහ නොකළ නීතිඥවරයා තවමත් ක්‍රීඩා අමාත්‍යංශයේ නීති කටයුතු වල ප්‍රධානියා ලෙසම කටයුතු කරනවා.ඉතාම ආසන්න අවස්ථාවක ක්‍රීඩා පණත සංශෝධනය කිරීමේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ උදහසට ලක්විය හැකි කරුනු එම පණතේ ඇත්දැයි යන්න නොදැන ක්‍රියා කර ඇති බව ක්‍රීඩා පණතේ ඇතැම් කොටස් සංශෝධනය කිරීමට එකග වීම තුළ පැහැදිළි වෙනවා.එය නොසළකා හැරීමක් ලෙස නොසළකා තව දුරටත් ඔහුම සේවයට යොදවා ගැනීමට තරම් ලංකාවේ නීති කේෂ්ත්‍ර තුළ දැණුමත්තන්ගේ හිගයක් පවතීද යන්න  කල්පනා කළ යුතුව තිබෙනවා.
එවැනි අතපසුවීම් හෝ පැහැර හැරීම් කරන  චරිතම තව දුරටත් ඒ සංශෝධන කිරීම සදහා ද යොදා ගන්නවාද,නොගන්නවාද යන්න ක්‍රීඩා අමාත්‍යවරයා මේ මොහොතේ සිතිය යුතුව තිබෙනවා.බැටළුවන්ට සිංහ හම් පොරවා සිංහයන් කළ නොහැකිය යන්න සත්‍යයක් බව අප අමතක නොකළ යුතු අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අභියස සිදු වූයේද සිංහ හම් පොරවා ගත් බැටළුවන් කේසර නාදය නගන්නට ගොස් හත් පොලේ ගා ගැනීම බව අප අමතක නොකළ යුතුව තිබෙනවා.ඊ ළගට මතුවන ගැටළුව මාධ්‍ය විසින් මේ සිදුවීම් වාර්තා කළ යුතු ආකාරය පිලිබදව ක්‍රීඩා අමාතයංශයේ මාධ්‍ය අංශයේ උපදෙස් අනුව සිදුවිය යුතුය යන්න ඔබ විසින් සිතීමය.මාධ්‍ය අංශය එසේ සිතුවද බොහෝ විට අමාත්‍යවරයා ඊට වඩා සුභදායී හැගීමෙන් මාධ්‍ය සමග  කටයුතු කළ අතර දැන් එය ද විපර්යාසයකට භාජනය වෙමින් තිබෙන බවක් දැනෙන්නට ඇත.එම සිංහ වේශය ද ඉදිරි පැවැත්මට සුදුසු එකක් නොවන අතර ඇතැම් විට එහි ප්‍රතිපලය සිංහ හම ගැලවී ගොස් බැටළු හමට වඩා අජූව  සත්ව රූපයක් මතු වී ප්‍රදර්ශනය විමක් විය හැකිය යන්න ක්‍රීඩා අමාත්‍යවරයා සිහියේ තබා ගත යුතු වෙනවා.  

බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාවෙන් හොද ආරම්භයක්

ටහිර ආසියානු බේස්බෝල් තරගාවලිය 11 වන වරටත් පකිස්තානයේ පන්ජාබ් ක්‍රීඩාංගණයේදි ආරම්භ කරමින් නේපාලයට එරෙහිව තරග බිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 18 - 0 ක ජයක් ලබා ගැනීමට සමත් වුණා.ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායමක් හැටියට පෙන් වූ දක්ෂතාවය ඉහළ මට්ටමක පැවති බව වාර්තා වන අතර ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සනාථ කිරීම සදහා දම්පිය මහතන්තිල ලකුණු 4 කින් දායකත්වය ලබා දුන් අතර නෙලංක කරුණාරත්න සහ සමීර රත්නායක ලකුණු 3 බැගින් කණ්ඩායමට එක් කරනු ලැබුවා..මෙම තරගය මෙන්ම පකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තරගයද වට පහ බැගින් ක්‍රියාත්මක වූ අතර එම තරගයේදී පකිස්තානය ලකුණු 31 -0 ක ් ලෙස ඇෆ්ගනිස්තානය පරාජය කළා
තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය අද එරට වේලාවෙන් පස්වරු 2.00 ට ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවත්වෙනවා.තරගාවලියේ නිමාව සටහන් කරමින් හෙට ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරගය එරට වේලාවෙන් පස්වරු 2.00 ට පන්ජාබ් ක්‍රීඩාංගනයේදි පැවත්වීමට නියමිතව තිබෙනවා.එසේම තරගාවලියේ ආරම්භක දිනයේදී පකිස්තානය සහ නේපාලය අතර තරගයේ ප්‍රධාන විනිසුරු ලෙස සුජීව විජේනායක කටයුතු කිරීම මෙන්ම එම තරගයේ පළමු බේසයේ විනසුරු ලෙස තරංග සම්පත් කටයුතු කිරීමත් ශ්‍රී ලංකාව ලැබූ ජයක් ලෙස හැදින්විය හැකියි.
එසේම  අලුත් ප්‍රවර්ධන ක්‍රියාවලියක් හරහා ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාව ඉහළ තැනකට රැගෙන යාමට වත්මන් සභාපති කාලිංග ඉන්ද්‍රතිස්සයන් දරණ වෑයම අගය කරමින් පරිපාලනයේ සිටින සම්ප්‍රදායික බේස්බෝල් ක්‍රියාකාරීන් ‍පිරිසක් සිය අවශ්‍යයතා වෙනුවෙන් කාලිංගව සෙමින් යොදවා ගැනීමක් සිදුවන බව ද මේ තරගාවලියට කණ්ඩායම තෝරා ගැනීමේ සිට වුව ද වටහා ගැනීමේ හැකියාව තිබෙනවා.උදාහරණයකට ලංකාවේ ක්‍රියාත්මක වූ ඉහළ මට්ටමේ දේශිය තරගාවලියේදී කිසිදු කණ්ඩායමකට තෝරා නොගත් නෙලංක කරුණාරත්න මේ සංචාරයට තෝරා ගැනීමෙන් පසුව පැවති පළමු තරගයේදීම දක්ෂතා අතරට පිවිසෙමින් දේශිය තරගාවලිය අහිමි කිරීමේ අසාධාරණය පැහැදිළි කර පෙන්වා දී තිබෙන අතර තරගාවලිය අතරතුර විනිසුරු තීරණයන්ට පිටු පා කණ්ඩායම තරගයෙන් ඉවත් කර පුහුණුකරුටම මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම පුහුණු කිරීම භාර දීමටත් කටයුතු කර තිබෙන බව දකින්නට ලැබෙනවා.
කරුණු අනාවරනය කර ගැනීමෙන් පසුව නිරහංකාරව සිය ස්ථාවරයේ වැරදි අඩු-පාඩු සකස් කර ගැනීමට ඉදිරිපත් වීමේ දුර්ලභ ගුණයක් කාලිංග සතුව තිබෙන බවට මෙම සටහන් කරුට ක්‍රීඩා කේෂ්ත්‍රය සම්බන්ධයෙන්ම අත්දැකීම් තිබෙනවා.වරක් ජාතික නෙට්බෝල් සංගමය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි සීබී රත්නායක ඉදිරියේ කාලිංග සහ මා මතවාද දෙකක් දරමින් පෙනී සිටි අතර මා ඉදිරිපත් කළ කරුණු අමාත්‍යවරයා ඉදිරියේදීම දුරකථන ඇමතුම් මගින් තහවුරු කර ගත් කාලිංග සිය ස්ථාවරය වෙනස් කරමින් පැවති නෙට්බෝල් පරිපාලනය වෙනස් කළ යුතු බවට මා ඉදිරිපත් කළ කරුණු අනුව කටයුතු කිරීමට අමාත්‍යවරයා ඉදිරියේ එකගත්වය පළ කළා.ඒ කරුණු සිහියේ තබා ගෙන මෙම සටහන් හි සත්‍යයද අවබෝධ කර ගැනීමට කටයුතු කරන්නේ නම් කාලිංග ඉන්ද්‍රතිස්ස ලාංකේය බේස්බෝල් ක්‍රීඩාව තුළ අලුත් පැහැබර පරිච්ඡේදයක් ලෙස ඉතිහාසයට එක් වීම නොවැළක්විය හැකි බව සුපිරික්‍රීඩා අදහසයි.
www.supirikrida.com

Nov 25, 2013

කළු සුද්දෝ අතපත්තුට එරෙහි වෙති

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු තනතුරට විදේශිකයෙක්ම අවශ්‍යය බවට තර්ක කරන පිරිසක් වර්ථමාන ජාතික පුහුණුකරු තනතුරට ඉදිරිපත් වූ පිරිස අතරින් වැඩි සුදුසුකම් සපුරා තිබෙන මාවන් අතපත්තුට එම තනතුර ලැබීමට එරෙහි වෙමින් සිටින බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.එංගලන්තයේ සසෙක්ස් පුහුණුකරු වන මාක් ඩේවිස් සහ මාවන් අතරින් වඩා සුදුසුකම් ඇත්තේ මාවන්ට වන අතර වර්ථමාන පුහුණුකරු ග්‍රෙහැම් ෆෝර්ඩ් ද එම මතයම දරන බව වාර්තා වන අතර එවැනි තත්ත්වයක මාවන් පුහුණුකරු තනතුරට පත් වීම වළකන්නට උත්සාහ කරන පිරිස මාවන් සමග ක්‍රීඩා කළ පිරිස් තවමත් කණ්ඩායමේ සිටීම ද උදාහරණ ලෙස දක්වයි.
ලෝක මට්ටමෙන් මෙවැනි උදාහරණ කොතෙකුත් දැකිය හැකි අතර ක්‍රීඩාවෙන් සමුගත් පසු ජාතික කණ්ඩායමේ සිය සමකාලීනයන් සිටියදි පුහුණුකරු බවට පත්වන්නෝ බොහෝ සිටිති.එසේම වර්ථමාන කණ්ඩායමේ ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කළ සනත් ජයසූරිය තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ නම් මාවන්ට ද,පුහුණුකරු තනතුරට පත් වීමට අවහිරයක් තිබෙන්නට නොහැකිය.
හැකියාවන් සළකා බලද්දී මාවන්ට වඩා දක්ෂයෙක් සිටීනම් ඔහුගේ හමේ වර්ණය මුල් කර ගනිමින් මාවන් වෙනුවෙන් පෙනී සිටීමට ග්‍රෝත්‍රික මානසිකත්වයක් අප තුළ නැති අතර එබැවින් යටත්විජිත මානසිකත්වයෙන් නොමිදී මාවන් දෙවැනි කොට සුදු හම වෙනුවෙන් පෙනී සිටින පිරිස මාවන් ප්‍රතික්ෂේප කිරීමට ගෙන එන මතය අප දැඩි ලෙස හෙළා දකින්නෙමු.
www.supirikrida.com

Nov 24, 2013

තිළිණ සහ එරන්දි බස්නාහිරෙන් මුලට එති

ස්නාහිර පළාතේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර 2013 වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ තිළිණ කරුණාරත්නත්,දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කොළම සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ඉෂානි එරන්දිකා සේනානායකත් සම්මාන ලැබීමට නියමිතයි.අද (24) පෙරවරු 9.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී,බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානාගේ ප්‍රදානත්වයෙන් පැවත්වෙන මෙම වර්ණ ප්‍රදානෝත්සවයේදී උස පැනීමේ ඉසව්වෙන් ඉහළ දස්කම් දක්වමින් සිටින තිළිණ සහ පිහිණුම් ඉසව්වෙන් කැපී පෙණෙන එරන්දි එම සම්මාන ලබා ගැනීමට නියමිතව ඇත
බස්නාහිර පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් මෙම වර්ණ ප්‍රදානෝත්සවයේදී නැගී එන ක්‍රීඩක සම්මානයට සුදුසුකම් ලබා සිටින්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ චිරන්ත ද සිල්වා වන අතර ඔහු පිහිණුම් ඉසව්වෙන් දක්වා තිබෙන දක්ෂතා ඒ සදහා හේතු වී තිබෙනවා.දුර පැනීමේදී මෙන්ම කෙටි දුර ධාවන සූරියක ලෙස ද පසුගිය කාලයේ ජාත්‍යන්තර වශයෙන් ලංකාවට කීර්තිය ගෙන ඒමට මුල් වූ පානදුර සුමංගල බාලිකා විද්‍යාලයේ සාරංගි ද සිල්වා නැගී එන ක්‍රීඩිකාවගේ සම්මානයට සුදුසුකම් ලබා තිබෙනවා.
බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු පළාත් අමාත්‍යවරු මෙන්ම,ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මංත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු මධ්‍යම ආණ්ඩුවේ මැති ඇමතිවරු පිරිසක්ද මෙම වර්ණ ප්‍රදානෝත්සවයට සහභාගි වීමට නියමිතව ඇතැයි බස්නාහිර පළාත් උධයාපන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සුපිරික්‍රීඩා වෙත පවසා සිටියා.
www.supirikrida.com

Nov 23, 2013

නේෂන් කුසලානය විනිශ්චයට හතක්

සිංගප්පූරු දැල් පන්දු සම්මේලනය සංවිධානය කරන නේෂන් කුසලාන දැල් පන්දු තරගාවලියේ විනිශ්චය කටයුතු සදහා සත් දෙනෙකුගෙන් යුත් ජාත්‍යන්තර මට්ටමේ විනිශ්චය මඩුල්ලක් යොදා ගැනීමට නියමිත බව සිංගප්පූරු දැල් පන්දු සම්මේලනය ප්‍රකාශ කරනවා.මෙම සත් සාමිජික විනිශ්චය කමිටුවට යූ බී ලින්ග්,ජෝන් යානි අබ්දුල්ලාහ්,එරික් ලී සහ නයිජල් වේන් සිංගප්පූරුවෙන්ද,ඇන්ඩ්‍රියා බූත්,බ්රෝන්වෙන් ඇඩම්ස් සහ එමා ඩේවි ඕස්ට්‍රේලියාවෙන්ද ඇතුළත් වෙනවා.
රටවල් හයක සහභාගීත්වය ඇතුව අට වන වරට සංවිධානය වන මෙම තරගාවලියේ ඉහළ මට්ටම සුරුක ගැනීමට විනිශ්චය කටයුතුවන ඇති පාරදෘශ්‍ය භාවය සහ විශ්වසනීය්තවය ඉතා වැදගත් බැවින් තරගාවලිය සදහා පිළිගත් ජාත්‍යන්තර විනිසුරු මඩුල්ලක සේවය ලබා ගැනීමට තීරණය කළ බව සිංගප්පූරු දැල්පන්දු සම්මේලනය පවසනවා.
මෙවර තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් අතර ජගත් ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන්ම සිටින්නේ පැපුවා නව්ගිනියාව වන අතර ඔවුන් 17 වන ස්ථානයේත්,ඇමෙරිකා එක්සත් ජනපදය 19 වන ස්ථානයේත් සහ සත්කාරක සිංගප්පූරුව 21 වන ස්ථානයේත් පසු වෙනවා.ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට 23 වන ස්ථානයේ රැදී සිටින අතර අයර්ලන්තය සිටින්නේ 28 වන ස්ථානයේ අතර මෙවර තරගාවලියට මෙතෙක් ජගත් ශ්‍රේණිගත කිරීම් හී ස්ථාන ගත කිරීම් වලට ඇතුළත් නොවුණු උගන්ඩාවද තරගාවලියට සහභාගි වෙනවා.
www.supirikrida.com

Nov 22, 2013

ඩිල්ෂාන්ගේ අර්ධ ශතක පෙරහැරේ සිව්වැනි රැගුම පල්ලෙකැලේදී

Tillakaratne Dilshan raises the bat after reaching his fiftyටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගෙන ඉදිරි කාල සීමාවේ සීමිත පන්දු ඕවර තරග සහ 20 /20 තරග සදහා පමණක් සහභාගි වන්නට තීරණය කළ,ටීඑම් ඩිල්ෂාන් එම තීරණයෙන් පසුව මුහුණ දුන් පළමු සීමිත පන්දුවාර තරග තුනේදීම අර්ද ශතක ලැබූ අතර ඊයේ මුහුණ දුන් පළමු 20/20 තරගයේදී ද අර්ධ ශතකයක් ලබමින් නවසීල්නතයට එරෙහිව මුහුණ දුන් තරග හතරේදීම අර්ධ ශතක ලබා ගන්නට සමත් වුණා.වර්ෂාවේ බාධා නිසා අතහැර දැමූ පළමු 20/20 තරගයෙන් පසුව දෙවන තරගය පල්ලෙත‍කැලේ දි පැවත් වු අතර එහිදී කඩුලු අටක ජයග්‍රහණයක් කරා පිවිසෙන්නට ශ්‍රී ලංකාවට ඩිල්ෂාන්ගේ ඉණිම විශාල හේතුවක් වූවා.
කාසියේ වාසිය දිනු හ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පන්දු යැවීමට ගත් තීරණයට පළමුව සාධාරණය ඉටු කළ නුවන් කුලසේකර,තරගයේ දෙවන ඕවරයේ පළමු  පන්දුවෙන්ම හමීෂ් රදර්ෆඩ් දවා ගන්නට සමත් වුණා.විශේෂයෙන් ඊයේ 20/20 ජත්‍යන්තර තරග සදහා බෞතිස්ම ලැබූ රමිත රඹුක්වැල්ල සිය ප්‍රවේශය සදහා ඉහළ සමාජ සබදතා වලට වඩා වැඩි පදනමක් තිබෙන බව පැහැදිළි කරමින් සාර්ථක පන්දු යැවීමක නිරත වූ අතර ඔහු සිය පන්දු ඕවර් 4 තුළ ලකුණු 19 ට කඩුලු 4 ක් දවා ගත්තා.එසේම ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් අඩුම ලකුණු සාමාන්‍යයක් තබා ගැනීමට සමත් වූ පන්දු යවන්නාද රමිත් වූවා.
කෙසේ නමුත් ඇන්ටන් ඩෙව්සික්,ලුක් පොන්චි සහ නේදන් මැකලම් සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවට යම් පීඩනයක් ඇති කරන්නට සමත් වූ අතර එහිදී ඔවුන් පිළිවෙලින් ලකුණු 30,නොදැවි 34 සහ ලකුණු 26 ක් ලෙස නවසීල්නත ලකුණු පූවරුව පොහොසත් කරන්නට වූ දායකත්වය හේතුවෙන් නවසීලන්ත ඉණිම කඩුලු 7 ට ලකුණු 142 දක්වා ඉදිරියට ගියා.
කඩුලු ලැබීමේදී මාලිංග,කුලසේකර,මැතිව්ස්,රඹුක්වැල්ල,තිසර සහ මැතිව්ස් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.පිලිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මහේල ජයවර්ධන තරගයේ දෙවන ඕවරයේදී ලකුණු 3 ට දැවී යාමෙන් පසු ඩිල්ෂාන්ට එක් වූ ජනිත් ප්‍රවේගකාරී ඉණිමක් ක්‍රීඩා කළේ ජයග්‍රහණය කරා අවශ්‍යය මාවත එලි පෙහෙළි කරමින්.නවසීලන්ත පන්දු රකින්නන් ද ඒ සදහා ආශිර්වාදය ලබා දුන් අතර ලකුණු 6 සහ 39 ක් ලබා සිටියදී ඔවුන් විසින් අතහැර දැමූ ජනිත්ගේ උඩ පන්දු දෙක නිසා නවසීලන්ත පරාජයට බෙහෙවින්ම හේතු වූ ලකුණු 57 ක් ජනිතගේ පිත්තෙන් ගලා ආවේ පන්දු 37 ක් තුළයි.එහි අවසාන ප්‍රතිපලය වූයේ ශ්‍රි ලංකාව පන්දු ඕවර් 17.5 ක් තුළ ලකුණු 143 ක් ලබා ගනිම්න් කඩුලු 8 ක ජයග්‍රහණයකට පිවිසීම වූ අතර ඊට හේතු වූ ප්‍රවේගකාරී ඉණිම වෙනුවෙන් ජනිත් කුසල් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.
www.supirikrida.com


ලෝක කුසලානයට ගණිකාවෝ ඉංග්‍රිසි පන්ති යති

ළැඹෙන 2014 වසරේ බ්‍රසීලයේ පැවත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් සිය ගණු-දෙනු කරුවන් සමග සබදතාවය වඩාත් ශක්තිමත් කර ගැනීම පිණිස බ්‍රසීල ගණිකාවන් ඉංග්‍රිසි හැදෑරීමට පටන් ගෙන ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.දැනටමත් බ්‍රසීල ගණිකාවන් 2014 පැවත්වෙන ලෝක කුසලානය වෙනුවෙන්පැමිණෙන විදේශිකයන් දැලේ දා ගැනීම සදහා සංවිධානාත්මක සූදානමක් පෙන්වන බව පැහැදිළි කරන එම වාර්තා ගණිකා නිවාස පවා ඒ වෙනුවෙන් අලුත් වැඩියා කටයුතු කරන බව සදහන් කරනවා.ඒ අනුව බ්‍රසීල ජාතිකයන් තුළ ජාත්‍යන්තර ප්‍රජාව සමග සුහදතාවය වර්ධනය කර ගැනීමේ අඩුවක්ව පවතින ඉංග්‍රිසි දැණුම වර්ධනය කිරීමට ගණිකාවන් වෙනුවෙන් ඇතැම් සංවිධාන නොමිළේ ඉංග්‍රිසි ඉගැන්වීමට පංති පවත්වන බව ද එම ප්‍රවෘත්ති වාර්තා හී පෙන්වා දෙනවා.
ජනාධිපති සීඩා වියේරා ගණිකාවන් ගැන සදහන් නොකළ ද,පාපන්දු ලෝක කුසලානය සදහා පැමිණෙන විදේශිකයන් සමග ගණුදෙනු කිරීමෙන් හොද ප්‍රතිලාභ ලබා ගැනීමට මෙන්ම,රට ගැන හොද මිත්‍රශීලී චින්තනයක් ඇති කිරීමටද ඉංග්‍රිසි ඉතාමත් වැදගත් වනු ඇති බව පෙන්වා දී ඇති අතර ඒ නිසා ඉංග්‍රිසි දැණුම වර්ධනය කර ගැනීමට උනන්දුවන ලෙස ද ඉල්ලා තිබෙනවා.බ්‍රසීලයේ නගර 17 ක් ලෝක කුසලානයට කේන්ද්‍ර වන අතර ඒ නිසා 2016 ඔලිම්පික් උළෙලටත් වඩා රට තුළ විදේශිකයන් විසිරී යන බැවින් මුළු රටේම අවධානය සහ ආකර්ශනය මේ තරගාවලිය සම්බන්ධයෙන් වන කරුණු කෙරෙහි යොමු වී පවතින බවත් එම වාර්තා පැහැදිළි කරනවා.
www.supirikrida.com